Shaving Tips රැව්ල කැපීමේදී මේ ගැනත් සිතන්න

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Shaving Tips රැව්ල කැපීමේදී මේ ගැනත් සිතන්න

    රැවුල තියන උන් ඇතුල් වෙයව්.නැති උනුත් වැවෙනකල් නොඉඳ ඇතුල් වෙයව්​

    ජංජාලේ කැරකෙනකොට දැක්ක බ්ලොග් පොස්ට් එකක් වැදගත් කියලා හිතුන නිසා ගෙඩි පිටින් උස්සා පල කරන ලදී

    rby-manscaping-shaving-de.jpg


    රැවුල කැපීම අප සැමදා සිදු කළත් සමහර දෙනා එය නිවැරදිව කරන පිළිවල නොදනී.එනිසා මුහුණේ සමේ නොයෙකුත් ප්‍රශ්න ඇතිවන අතර දීර්ඝ කාලීන බලපෑම් පවා ඇති විය හැක​.එනිසා පහත කරුණු ඔබ පිලිපදිනවා දැයි බලන්න​.​

    රැවුල බෑමට වඩාත් සුදුසු වන්නේ සම තෙත්වත්,මෘදුවත් ඇති අවස්ථාවකි.රැවුල් ගස් 30% පමණ ජලය උරා ගන්නා අතර එමගින් රැවුල් ගස් විශාල වීම සිදු වේ.එමගින් රැවුල් ගස් කැපී යාම පහසුවටත් තියුණුවත් සිදු වෙයි.එනිසා විශේෂයෙන්ම නෑමෙන් පසු ඒ සඳහා වඩාත් සුදුසුය​නෑම අපහසු නම් රැවුල කැපීමට පෙර නෑමට අපහසු නම් රැවුල කැපීමට පෙර ජලයෙන් මුහුණ තෙත් කොට මිනිත්තු කිහිපයක් තබා ගැනීම සුදුසුය​.​​


    රැවුල කැපීමට Shaving Cream/foam වර්ගයක් භාවිතා කිරීම සුදුසුය​.එමගින් රේසරය හොඳින් හැසිරවීම පහසු වන අතර වඩාත් සුමුදු කැපීමක් ලබා දෙයි.ආලේප කිරීමට shaving brush පාවිච්චි කළ හැකි නම් වඩාත් සුදුසුය​.එමගින් රැවුල් ගස් කෙළින් කර ලීම සිදු කරන අතර වඩාත් සමීප කැපීමක් ලබා දෙයි.Shaving cream ආලේප කළ යුත්තේ මුහුණේ පහළ සිට උඩු අතටය​.එමගින් රැවුල් ගස් හොඳින් කෙලින් වීම සිදු වී රැවුල බෑම පහසු වෙයි.​

    හොඳ තත්වයේ තියුණු තලයක් සහිත රේසරයක් භාවිතා කරන්න​.සැබැවින්ම රැවුල කැපීමේදී රැවුල් ගස් කැපී යනවා පමණක් නොව මුහුණේ සමේ මතුපිට ස්ථරය ඉවත් වීමද සිදුවෙයි.මොට තලයක් මගින් මුහුණේ සමට හානි වීම සිදු වේ.
    එමෙන්ම මොට තලයක්/blade මගින් රැවුල කැපීම නිසි ලෙස සිදු නොවන අතරම කැපීම් හා සීරීම් ඇතිවීමේ සම්භාවිතාවයද වැඩි වේ.​

    nfm08402_11_sensitive_range.jpg


    රේසර තලය මාරු කළ යුතු කාලය තීරණය වන්නේ ඔබේ රැවුලේ ඝණකම මතය​.සාමාන්‍යයයෙන් කැපීම් 3ත් 10ත් අතර කාල සීමවකදී රේසර තලය මාරු කළ යුතුය​.අවම වශයෙන් සති දෙකකින් පසු රේසරය හෝ තලය මාරු කළ යුතුය​.ඊට පෙර තලය මොට වී ඇති බව දැනුන හොත් තලය මාරු කිරීම සුදුසුය​.​

    රැවුල කැපීම සුදුසු වන්නේ රැවුල් ගස් වැවෙන දිශාවටමය​.ඊට විරුද්ධ දිශාවට කැපීමෙන් කැපීම්,සීරීම් ඇතිවීම වැඩිවන අතර සමටද හානි සිදු වෙයි.මුහුණේ දෙපසින් අරඹා අවසානයේ නිකට හා ගෙළ පෙදෙසට පැමිණීම සුදුසුය​.එමගින් රැවුල කැපීම වඩාත් අපහසු ප්‍රදේශ වලට තෙතමනය උරා ගැනීමට වැඩි කාලයක් ලැබෙන අතර කැපීම පහසු වෙයි.

    කැපීම් කිහිපයකින් පසු රේසරය සෝදා ගැනීමට අමතක නොකරන්න​.රැවුල කැපීම අවසාන වීමෙන් පසු රේසරය සෝදා තබන්න​.එය පිස දැමීමෙන් වළකින්න​.එමගින් රේසරය ඉක්මනින් මොට වීම සිදු වෙයි.​

    රැවුල කැපීමේදී මුහුණේ මතු පිට ස්ථරය ඉවත් වන අතර සම සංවේදී වෙයි.එනිසා moisturizer/ after shave lotion වර්ගයක් ආලේප කිරීම සුදුසුය​.එමගින් සමේ යහ තත්වය හොඳින් පවත්වා ගත හැක​.​

    ඔන්න ඔහොමයි සිංහලු රැවුල කපන තොරණේ විස්තරේ ;)දැන් ඉතින් රැවුල තියන උන් මේක වැදගත් කියල හිතෙනවනම් බම්පියක් දාල රෙපක් දීල එහෙම යන්න ඕන :cool::eek::baffled:

    ගෙඩි පිටින් ඉස්සුවේ මෙතනින්
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    රේසර තලය මාරු කළ යුතු කාලය තීරණය වන්නේ ඔබේ රැවුලේ ඝණකම මතය​.සාමාන්‍යයයෙන් කැපීම් 3ත් 10ත් අතර කාල සීමවකදී රේසර තලය මාරු කළ යුතුය​.අවම වශයෙන් සති දෙකකින් පසු රේසරය හෝ තලය මාරු කළ යුතුය​.ඊට පෙර තලය මොට වී ඇති බව දැනුන හොත් තලය මාරු කිරීම සුදුසුය​.

    dan blade daala kapana razor nehe. dan thiyenne disposable razor
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    :cool:

    Magenam muna kela wela thiyenne ban hamadama kapala. Dan wath piliwelakata raula kapanna one.

    හැමදාම කපන්න එපා බන්.මුණ ගොරෝසු වෙනවා.දවස් 3-4 ට සැරයක් වගේ කපන්න.
    පොඩ්ඩක් රැවුල තියෙන්නත් ඕන කොල්ලෙක්ගේ මුණක :cool:

    රේසර තලය මාරු කළ යුතු කාලය තීරණය වන්නේ ඔබේ රැවුලේ ඝණකම මතය​.සාමාන්‍යයයෙන් කැපීම් 3ත් 10ත් අතර කාල සීමවකදී රේසර තලය මාරු කළ යුතුය​.අවම වශයෙන් සති දෙකකින් පසු රේසරය හෝ තලය මාරු කළ යුතුය​.ඊට පෙර තලය මොට වී ඇති බව දැනුන හොත් තලය මාරු කිරීම සුදුසුය​.

    dan blade daala kapana razor nehe. dan thiyenne disposable razor

    ඔව් තලය වෙනුවට රෙසරේම මාරු කරානම් හරි ;)




    එල :cool:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    racer use karanne na sinhalu mama
    shaver ekakin kapanne

    එල එල

    raula wawenne nane ban hariyata :P

    වැවේන්නෙම නැත්තන් රේසරයක් අරගෙන රැවුල එන්න ඕන හරියවල් වල විතරක් කපපන්(මේ මේකේ එන්න ඕන හරියවල් කියලා වචනයක් තියනවා හොඳේ :lol: නැත්තන් හැමතැනම කපලා වඳුරන්ගේ වගේ මුණ පුරා මයිල් වැවුනම මාව අල්ලගන්න එපා :dull:මම දන්නා එකේ නහය ළඟ රේසරෙන් කපලා උගේ එතනත් රැවුල එනවා :shocked:)හැමදාම කපන්නත් එපා ඉක්මනට වැවෙන්න කියලා:no:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ