Shelton Payagala, obata niwan suwa

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
ෂෙල්ටන් පයාගල 1944දී හැටන් ප්‍රදේශයේ උපත ලැබූ අති දක්ෂ කළා කරුවෙකි, චිත්‍රපට අධ්‍යක්ශනයේ මා හැඟි උසස්තම පුද්ගලෙකි. ඊට අමතරව මාර්ටින් වික්‍රමසිංහ, ජී බී සේනානායක ආභාශයක් ඇති උසස් ලේඛකයෙකි.

DSC_4225.jpg

[ෂෙල්ටන් පයාගල මහතා සම්මානයක් ලබා ගත් මොහොතක්. (රූපයේ දකුනේ)]


1970 සහ 80 දශක වල දී ශ්‍රී ලාංකීය කළාවට මහඟු සේවයක් කල වානිජ්‍යමය නොවූ විරළ ගනයේ ශ්‍රේෂ්ඨ මිනිසෙකි. මෑත කාලයක් වන තුරුම පිලියන්දල සුබෝධි මානව සංවර්ධන මධ්‍යස්ථානයේ සේවය කළ මෙතුමා 2009 ජුනි 22 දින වසර 65ක් ආයු වළඳා අපි අතරෙන් සමුගත්තේය.

මලට නො එන බඹරු (1982), සහ ගොළු මුහුදේ කුනාටුව (1991) මෙතුමා අධ්‍යක්ෂනය කල අති විශිෂ්ඨ චිත්‍රපට ලෙස මම සළකමි. විසි වන සියවසේ විශ්මය, චාර්ලි චැප්ලින් ග්‍රන්ථය ද මෙතුමාගේ විශිෂ්ඨ කෘතියක් ලෙස මම සලකමි. මීට අමතරව වේදිකා නාට්‍ය සහ කවි නිර්මාණ රාශියක් කර ඇති ෂෙල්ටන් පයාගල මහතා, මර්ක්ස්වාදී දේශපාලනීක මතයක් දැරුවෙකි.

අද ශ්‍රී ලාංකීය චිත්‍රපට සහ වේදිකා නාට්‍ය කළාවේදීන් රාශියක් මෙතුමාගෙන් කළාව හැදෑරූ බව මම දනිමි. මිය යන විට රඹුක්කන ප්‍රදේශයේ ඉතා සරළ දිවියක් ගත කල මෙතුමා ගැන දන්නා මිනිසුන්ට වඩා නොදන්නා මිනිසුන් වැඩි බවත් මම දනිමි. ඊට ප්‍රධානම හේතුවක් ලෙස මෙතුමා කළාව වානිජ්‍යමය නොකර මෙතුමාගේ රසාස්වාදය පිණිස නිර්මාණ කල බව දැක්විය හැක. මෙම හේතුව නිසාම දැඩි මූල්‍ය අපහසුතාවයන් මධ්‍යයේ මෙතුමා ගෙන ගිය දිවිය සැබවින්ම සුන්දරය. පොලොන්නරුවේ මහා කනදරා වැව ඉස්මත්තේදීත්, අම්පාරේදීත්, පිලියන්දලදීත් මෙතුමා කළාවට සාධාරණයක් ඉටු කරනු වස් සැදී පැහැදී සිටියේය.


කළු සමක් සහිතව උපත ලද්දත් සුදු යුරෝපීයයෙකු ලෙස මිය ගිය මයිකල් ජැක්සන්ලා ට කඳුලු දෝරේ ගලා හඬනා ශ්‍රී ලාංකීය කලු සුද්දන් එකෙකුවත් ෂෙල්ටන් පයාගල වැනි සැබෑ මිනිසුන් වෙනුවෙන් නොහඬනා බව පිලිකුලට කරුණක්ද ශ්‍රී ලාංකිකයන් සේ ලැජ්ජා විය යුතු කරුණක්ද කියා මට නොහැඟේ. නමුත් යථාර්තය මෙයයි; මිය යන තුරුම විවාහයක් හෝ නොකර, කළාව වෙනුවෙන් සැදී පැහැදී සිටි මිනිසෙක් වෙනුවෙන් යම් කෙනෙක් හෝ රාජතන්ත්‍රය හෝ කුමක් හෝ කරන්නට කාලය මෙය යි.


අඩු තරමින්, කළාව විකුනන්නේ නැතුව කළා නිර්මාණ කරන මිනිසුන්ට රජයෙන් වත් සහයක් හෝ අනුග්‍රාහයක් ලැබෙන්නේ නම් ශ්‍රී ලාංකීය කළාවේ අදිරි අනාගතය සුභදායී හා සුරක්ෂිත වනු ඇත.

මහ පොළොවේ පය ගසා ජීවත් වූ ෂෙල්ටන් පයාගල සහෘදයාණෙනි, ඔබට නිවන් සුව.

- ධනුෂ්ක ද සිල්වා.


=-=-=-=-=-=-=-=-=-=--=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=--=-=-=-=

For non unicoders:

shirleyk.jpg
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    May he attain nirvana.

    කළු සමක් සහිතව උපත ලද්දත් සුදු යුරෝපීයයෙකු ලෙස මිය ගිය මයිකල් ජැක්සන්ලා ට කඳුලු දෝරේ ගලා හඬනා ශ්‍රී ලාංකීය කලු සුද්දන් එකෙකුවත් ෂෙල්ටන් පයාගල වැනි සැබෑ මිනිසුන් වෙනුවෙන් නොහඬනා බව පිලිකුලට කරුණක්ද ශ්‍රී ලාංකිකයන් සේ ලැජ්ජා විය යුතු කරුණක්ද කියා මට නොහැඟේ. නමුත් යථාර්තය මෙයයි; මිය යන තුරුම විවාහයක් හෝ නොකර, කළාව වෙනුවෙන් සැදී පැහැදී සිටි මිනිසෙක් වෙනුවෙන් යම් කෙනෙක් හෝ රාජතන්ත්‍රය හෝ කුමක් හෝ කරන්නට කාලය මෙය යි.
    So damn true!!
    :yes:
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    mawella said:
    maxxaaaaaaaaaaaaaaaa :X:X:x

    :lol: uba hama ekatama mehema kiyawanne nathuwada reply karanne?

    Adu gaane topic eka wath baluwada?

    Minihek marunama maxxaa kiyanne mona rate minissuda bung?
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    jayanthah said:
    RIP..........

    If I'm not mistaken, this is your uncle right?

    My deepest sympathies brother;

    huh :baffled: ?

    No Jay bro. He wasn't a relation of mine.

    Just a very close friend of me and my dad :)
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    jayanthah said:
    Uh....oh......I remember it as your uncle, any way,

    Priyayangen wenweema Dukak..................

    You must be referring to Desmond I think...

    Anyway :) ya... Sad only because I couldn't see him again and never will.