Silent Bike
ඔයාල කව්රුවත් හිතල තියේනවාද කිසිම සද්දයක් නැති එන්ජිමක් තියන සයිලන්සරයෙන් වත් සද්දයක් පිටවෙන්න නැති බයික් එකක් ගැන? එහම නැතිනම් එහෙම බයික් එකක් පදින්න කැමතිද? උත්තරය සරලයි. සද්දේ නැති බයික් එකක්..? එක හරියට පරිප්පු නැති හෝටලයක් වගේ නේද. නමුත් මේ නිසාම තමයි ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තුමේන්තුව (LAPD – Los Angeles Police Department), මේ මොටර් බයික් එක අරගන්න කල්පනා කරල තියෙන්නෙ.
එයාලගෙ රහසිගත මෙහෙයුම් (stealth operations) වලට මෙ ඉලෙක්ට්‍රික් බයික් එක යොදා ගැනීමට තියෙන හැකියාව පිලිබඳ අවබෝද කරගන්න තමයි එයල මේක අරන් තියෙන්නෙ.කිසිම දුමක් පිටනොවෙන (Zero emission) සහ නිශ්ෂබ්ද (Silent) මේ බයික් එක ඉදිරියේදි පොලිස් දෙපාර්තුමේන්තු වල භාවිතය ඉහල යනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරන්වා.
මෙම බයික් එක තමයි “Zero MMX” කොහොම උනත් මේක සාමන්‍ය ජනතාවට මිලදී ගැනීමට හැකියාවක් නෑ. මක් නිසාද යත් මෙය විශේෂ බලකායන්ට සහ පොලිස් දෙපාර්තුමේන්තු වලට පමණක් විශේෂයෙන් නිපදවුවක්.මෙය අඩි 3 ක් ගැඹුරු ජලයේ ගමන් කිරිමට හැකියාව දක්වනවා. ඒ වගේම මෙය පැයට සැතපුම් 60 ක වේගයක් ලබා ගැනීමට තත්පර 5 ට අඩු කාලයක් තමයි ගත කරන්නේ. (0-60 mph/0-100kmph under 5 seconds). මෙහි උපරිම වේගය පැයට සැතපුම් 88 වෙනවා.මෙහි අඩුපාඩුවක් ලෙස දකින්නේ උපරිම පැය 2 ක ධාවන කාලයක් තිබිමයි.ඒ කියන්නේ අපරාධකාරුවෙක් ෆුල් ටෑන්ක් ගහල ගියොත් නම් මේ බයික් එකට ඒ පස්සෙ ගිහින් අල්ල ගන්න ටිකක් අමාරු වෙයි.
From http://www.autoguide.lk/

bump