රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා නෙත් අවදියෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී
අපේ ආදරේ උණුහුම ලබමින් ඒ සිත් සැනසේවී
පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි
වෙරල දිගේ ඟං ඉවුරු දිගේ අවිදපු හැටි මට මතකයි
යෞවනියක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ
සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමිහිරි යාමේ...