Singapore job ලගදි ගිය අය නැද්ද

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,395
    4,026
    113
    මචං, විසිටි නොයා ලංකාවෙ ඉදන්ම interview කරල, සෙට් වෙලා ගිය අය ඉන්නවා නම් විස්තරයක් දාපන්කෝ
     
    • Like
    Reactions: SK29 and RottenCOLT

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචං, විසිටි නොයා ලංකාවෙ ඉදන්ම interview කරල, සෙට් වෙලා ගිය අය ඉන්නවා නම් විස්තරයක් දාපන්කෝ
    අමාරුයි..
    සිම්.එකක් ගෙන්න ගනින් එහේ එකෙක් ගෙන්..
    ඒක roaming දාලා තියා ගනින්..
    ඔහොම කරපු උන් කීප දෙනෙක් මේකේ දාලා තිබ්බා කාලේකට කලින්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    මචං, විසිටි නොයා ලංකාවෙ ඉදන්ම interview කරල, සෙට් වෙලා ගිය අය ඉන්නවා නම් විස්තරයක් දාපන්කෝ
    Umba honda qualification tiyenawnam visit yanna ona ne. remote interview karala onam last HR ekata wage enna kiyanawa.

    linkedin profile eka hondata hadaganin.
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මචං, විසිටි නොයා ලංකාවෙ ඉදන්ම interview කරල, සෙට් වෙලා ගිය අය ඉන්නවා නම් විස්තරයක් දාපන්කෝ
    මම ලංකාවෙ ඉඳන් ඇප්ලයි කරේ බං. එතකොටත් මම ලංකාවෙ ජොබ් එක කර කර හිටියෙ. මම ඇප්ලයි කරේ ජොබ් ස්ට්‍රීට් කියන ඇප් එක හරහා. හැබැයි මෙහෙමයි මචං මම ඇප්ලයි කරපු කම්පැනියෙම කලින් අවුරුදු 7ක් විතර එක දිගට වැඩ කරල තිබුණ.
    මට ඉන්ටර්වීව් දෙකක් තිබුණ. පළවෙනි ඉන්ටර්වීව් එක තිබිල දවස් කීපයකින් දෙවැනි ඉන්ටර්වීව් එක. සතියක් වගේ ඇතුලත මට ඇග්‍රිමන්ට් එක ආව. ඒක අත්සන් කරල යැව්වට පස්සෙ මට මුන් වෙනම ඇප්ලිකේෂන් සෙට් එකක් එවුව සිංගප්පූරුවේ "S පාස්" එකට ඇප්ලයි කරන්න ඕනි. අවශ්‍ය කරන ඔක්කොම ඩොකියුමන්ට් ටික යැව්වම මට සති තුනක් වගේ ඇතුලත මෙහෙන් හැමදේම ඕකේ වෙලා ආව.

    (ප.ලි. මේක සෙට් වෙන්න කලින් ලංකාවෙ මගේ අවසාන අවුරුදු 03ක් වැඩ කරේ මම වෙනත් ආයතනයකට. ඒකයි මෙයාල මාව ඉන්ටර්වීව් කරල සුදුසුකම් හැමදේම ආයෙත් චෙක් කරේ.)
     
    • Like
    Reactions: KandyMalli and SK29