කන්න අමාරුයි
ඇම්ඩන් : මට පානුයි පරිප්පුයි ගේන්න.
වේටර් : සර්.... පාන් ගෙඩිය දෙකට කපන්නද? හතරට කපන්නද ?
ඇම්ඩන් : දෙකට කපනවා.... මට කෑලි හතරක් කන්න අමාරුයි.
ගොල්ෆ් ක්‍රීඩකයා
ඉතා වයස්ගත පුද්ගලයෙක් සහ තරුණ පුද්ගලයෙක් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියේය. වයස් ගත තැනැත්තා තරුණයා අභිබවමින් ඉක්මනින් ක්‍රීඩා කලේය.
තරුණයා - "මේ මහත්තයා කොහොමද මෙච්චර ඉක්මනට සෙල්ලම් කරන්නේ ?"
වයස්ගත තැනැත්තා - "ඕව මොනවද, මම මේ ළමයගේ වයසේදී මීටත් වඩා ඉක්මනින් සෙල්ලම් කරනවා... ඔය ළමයට පුළුවන්ද මේ ඉස්සරහ තියෙන ෆයිනස් ගහ උඩින් බොලේ යන්න ගහන්න. ඒ කාලේ මට ඒක සුළු දෙයක්"
තරුණයා - "අම්මේ ............ ඒකේ උස.... ඔයානම් මාරයි"
වයස්ගත තැනැත්තා - "මාර නෑ.. මාර නෑ.... එතකොට ඔය ගහ අඩි තුන හතරකට වැඩිය උස නෑ.... ළමයෝ..."
ජීවිතය
"අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ"
දොස්තර - "එතකොට අරක්කු එහෙම"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
"අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
දොස්තර - "එහෙනම් මොන ............ද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"
දරුවා ලැබීම
හස්බන් : අපේ පැටිය ලස්සනයි නේද ? සාත්තර කාරය කියපු විදිහට අපි ගේ මාරු කළා විතරයි අපිට දරුවෙක් ලැබුණා. මම කිව්වේ අල්ලපු ගෙදර මිනිහ තමයි අපට හූනියම් කරලා තියෙන්නේ.
වයිෆ් : ඔය ඔය ආයිත් කේන්ති ගන්නවා. මෙහෙදි වගේ අපි එහෙදිත් අල්ලපු ගෙදර එක්ක ඇයි හොඳයිකම් පැවැත්වුවනම් එහෙදිත් දරුවො හැදෙන්ඩ තිබුන.
ආගිය අතක් නැති තම සැමියා පිළිබඳව වාර්තා කිරීමට කාන්තාවක් පොලිස් ස්ථානයට ගියාය.
කාන්තාව : මට මගේ සැමියා නැතිවුණා.
පොලිස් පරීක්ෂක : ඔහුගේ උස කීයද?
කාන්තාව : මට කවදාවත් ඒ ගැන ගාණක් තිබුනේ නැහැ.
පොලිස් පරීක්ෂක : කෙසඟද? නිරෝගීද?
කාන්තාව : කෙසඟ නැහැ. නිරෝගී වෙන්න පුළුවන්.
පොලිස් පරීක්ෂක : ඇස්වල පාට?
කාන්තාව : කවදාවත් ඒ ගැන කල්පනාවක් ආවෙ නැහැ. දුඹුරු වෙන්න පුළුවන්.
පොලිස් පරීක්ෂක : කොණ්ඩෙ පාට?
කාන්තාව : කළු විය යුතුයි.
පොලිස් පරීක්ෂක : ඔහු හැඳ සිටියේ මොනවාද?
කාන්තාව : මට හරියටම මතක නැහැ.
පොලිස් පරීක්ෂක : වෙන කව්රු හරි එයත් එක්ක හිටියද???
කාත්තාව : ඔව්... මගේ ලැබ්රඩෝ බල්ලා (රෝමියෝ). රත්තරං දම්වැලකින් එයාව බැඳල තිබුණා. උස අඟල් 30 යි. නිරෝගීයි. ඇස් නිල් පාටයි. කළුපාටට හුරු දුඹුරු මයිල්. එයාගේ වම් පාදයේ මාපටැඟිල්ලේ නියපොත්ත ටිකක් කැඩිලා. එයා කවදාවත් බුරන්නේ නැහැ. නිල් පාට බෝල ඇල්ලූ රත්තරං බෙල්ට් එකක් එයා ඇඳගෙන ඉන්නවා. එයා එළවළු කන්නේ නැහැ. මස් මාළු කන්න විතරයි කැමති. අපි කන්නේ එකටයි. අපි ව්යායාමයට දුවන්නේ එකටයි. කාන්තාව අඬන්නට පටන් ගත්තාය.
පොලිස් පරීක්ෂක : අපි ඉස්සෙල්ලාම බල්ලාව හොයමු ! ! ! ! !
ප්ලේන් එක දැම්ම නැහැ
දේශණ වාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයාට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.
පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා “ඒ...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා... .”
පෙම් හසුන්
ආච්චි අම්මා - "මට මතකයි මම තරුණ කාලේ මාත් පෙම් හසුන් ලියනවා එතකොට මට අවුරුදු විස්සක් විතර ඇති. එතකොට මගේ පෙම්වතා යුද්දෙට ගිහින්. එයාත් මට හැමදාම ලියුම් ලියනවා. මාත් ලියනවා"
මිණිබිරී - "හානේ...... ඒ කියන්නේ ආච්චියි ආතයිත් හොඳ ආදර වන්තයෝ... යුද්දේ ඉවර වෙලාද ආච්චී කසාද බැන්දේ ? "
ආච්චි අම්මා - " නෑ බං..... අන්තිමට හැමදාම ලියුම් බෙදන්න එන ලියුම් කාරයත් එක්ක මම පැනල ගියා. එයා තමයි දැන් උඹේ ආතා."
රාජකාරිය
නගරසභාවේ සේවකයන් දෙදෙනෙක් ඉතා මහන්සියෙන් පාර අයිනේ වැඩක යෙදෙමින් සිටී. එක් අයෙක් ගැඹුරු වලක් කපා ඉවත්ව යනතුරු සිට අනෙකා එම වල වසා දමයි. අනෙකා නැවත වලක් හෑරූ විගස අනෙකා නැවත වල වසා දමයි. අසල කාර්යාලයක ජනේලයෙන් මේ දෙස බලා සිටි පුද්ගලයෙක්......
"මේ ඔහේල දෙන්න දිහා මම සෑහෙන වෙලාවක ඉඳන් බලාගෙන හිටියේ... තමුසෙල දෙන්න පුදුම උනන්දුවක් තියෙන අවංකව වැඩ කරන මිනිස්සු දෙන්නෙක්. ඒ... එත් මට තේරෙන්නේ නැහ තමුසේ වලවල් කපන්නේ ඇයි ? අනෙකා ඒවා වහන්නේ ඇයි කියලා...."
සේවකයා - "අයියෝ... ස..ර්. ඒකවත් තේරෙන්නේ නැද්ද? අපි මේ පැල හිටෝනවා."
පැල හිටෝනවා! කෝ අයිසේ පැල ?
සේවකයා - පැල හිටෝන එක්කෙනා අද නිවාඩු. ඉතිං අපි අපේ අපේ රාජකාරිය කරනවා