Sinhala shops near me

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ආයුබෝවන් සියළුම දෙනාට!

    අන්තර්ජාලයේ සමූහ බොහේමයක, බොහෝ දෙනෙක් ඉල්ලා තිබුණ App එකක් තමයි තමන් අවට තිබෙන හොදම වෙළඳසැල් සොයා ගැනීමට App එකක් අවශ්‍යයි කියලා තිබුණ එක. ඒ සඳහා නිර්මාණය කළ මේ app එකේ නම go2go Sri Lanka.

    Sinhala Stickers for Whatsapp යෙදුම නිර්මාණය කළ NebuloApps අපි බොහෝ කාලයක ඉඳන් e-city mobile app එකක් නිර්මාණය කරමින් සිටියා. ඒ නිසාම මෙම App එක අපි release කළා.

    මේ App එකෙන් ඔබට ලබා දෙන පහසුකම් පිළිබඳව.

    1. ඔබේ දුරකතනයේ location on කර ඇති විට ඔබ අවට ඇති සියළුම සිංහල වෙළඳසැල් (ඔබ සිටින තැනට ඇති දුර ප්‍රමාණයද සමගින්) ඔබට පෙන්නුම් කරනවා.

    2. බොහෝ දෙනෙක්ට ඇති ප්‍රශ්නයක් නාගරික පෙදෙසක අදාල වෙළඳ සැල පහසුවෙන් හඳුනාගත නොහැකි වීම. go2go මගින් ඒ ගැටළුව ඇති වන්නේ නෑ. ඔබේ දුරකතනයේ කැමරාව තුළින් ඔබට AR (Augmented Reality) තාක්ෂණය හරහා අදාල වෙළඳ සැල තිබෙන ස්ථානය ඉතා නිවැරදිව පෙන්නුම් කරනවා.

    3. ඔබට ඔබගේ Google ගිණුම හරහා ඉතා පහසුවෙන් මෙම App එකට log වෙන්න පුළුවන්. (Form fill කරමින් නව ගිණුම් නිර්මාණ කිරීම අවශ්‍ය වන්නේ නෑ)

    4. තමා අවට ඇති සියළුව වෙළඳ සැල් සිතියමක් මගින් දර්ශනය කරන අතර ඊට යාමට ඇති කෙටිම මාර්ගයද සිතියම මත ඔබට දැක ගැනීමට හැකියි. අවශ්‍ය නම් Google maps navigation හරහා ඔබට එම ස්ථානයට යන ආකාරය පිළිබඳ පියවරෙන් පියවරට විස්තර කිරීම ලබා ගැනීමට පුළුවන්.

    5. ඔබ දන්නා සියලුම විශ්වාසනීය වෙළඳ සැල් පිළිබඳ විස්තර ඔබටම මෙයට ඇතුලත් කළ හැකියි (ඔබ ව්‍යාපාරයේ හිමිකරු විය යුතු නෑ) පසුව අදාල තොරතුරු වල නිරවද්‍යතාවය සලකා ලබා අප විසින් ඒවාට අනුමැතිය ලබා දීම සිදු කරනු ලබනවා.

    6. සියළුම වෙළඳසැල් වර්ගීකරණය කර ඇති නිසා ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය කාණ්ඩයේ වෙළඳ සැල් සොයා ගැනීමේ හැකියාව පවතිනවා. (උදා : Restaurants, Grocery shops)

    7. ඔබ දකින වෙළඳ සැල පිළිබඳ විශ්වාසයක් නැද්ද? go2go මගින් සියළුම වෙළඳ සැල් එහි පරිශීලකයින්ට තරු මත පදනම් වූ අගය (review and rating) කිරීමක් ලබා දීමට හැකි නිසා වෙළඳ සැලට පිවිසීමට පෙර ඒ පිළිබඳ අදහසක් ලබා ගැනීමට හැකි වනවා.

    8. ඕනෑම වෙළඳසැලක පිටත සහ ඇතුලත ඔබ ගන්නා ඡායාරූප ඔබට මෙම app එකට ඇතුලත් කිරීමෙන් අන් අයට සහය වීමට පුළුවන්.

    9. යම්කිසි වැරදි තොරතුරක් හෝ අදාල නොවන තොරතුරක් ඇත්නම් ඒවා වාර්තා කිරීමටද මේ තුළ හැකියාව තිබෙනවා.

    මේ app එක ප්‍රයෝජනවත් වෙන්න නම් අනිවාර්යයෙන් එහි තොරතුරු තිබිය යුතුයි. මේ app එක download කරන ඔබ ලාංකික ව්‍යාපාරිකයෙක් නම් ඔබ ඔබේ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු app එකට ඇතුලත් කරන්න. එවිට පරිශීලකයින්ට පහසුවෙන් ඔබේ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු දැක බලාගත හැකි වේවි.

    ඔබ පරිශිලකයෙක් ලෙස මෙම app එක භාවිතා කරනවානම් ඔබේ නගරයේ ඔබ දන්නා සියළුම වෙළඳසැල් පිළිබඳ හැකි පමණ තොරතුරු ඇතුලත් කරන්න. එය ඔබේ නගරයට පැමිණෙන ඔබේ නගරය පිළිබඳ නොදන්නා අයට හොදම වෙළඳ සැල් සොයා ගැනීමට ඉතා පහසුවක් වේවි.

    ඊට අමතරව අපේ කණ්ඩායම විසින් මෙහි තොරතුරු පිළිබඳ නිරන්තර සුපරීක්ෂණයෙන් පසු වෙනවා. යම් කිසි අයෙක් ඔබ ප්‍රදේශයේ නොමැති , වැරදි වෙළඳ සැලක් පිළිබඳ තොරතුරු ඇතුලත් කර ඇත්නම් කරුණාකර report option එක හරහා එය අපට දැනුම් දෙන්න. එවිට එය අපගේ app එකෙන් ඉවත් කිරීමට අප කටයුතු සිදු කරනවා.

    මේ වන විට අපි මේ app එකේ Beta සංස්කරණයක් නිකුත් කර තිබෙනවා. දැඩි ඉල්ලුම මත ඉක්මණින් අවසන් කළ නිසා යම් යම් සුළු දෝෂ තිබිය හැකියි. (බොහෝ විට Login වීමේදී location off කර තිබිමේදි පැමිණෙන දෝෂය.) කෙසේ නමුත් ඒ හැරුණු විට app එක හොඳින් ක්‍රියා කරන බව මෙය භාවිතා කර බැලූ බොහෝ දෙනාගේ අදහස වුණා. ඒ අනුව ඉතා ඉක්මණින් ඉතිරිව ඇති දෝෂ නිවැරදි කිරීමට අප කටයුතු කරමින් සිටිනවා.

    Google Play Store හි go2go ලෙස search කිරීමෙන් හෝ පහත ලින්ක් එකෙන් ඔබට go2go Sri Lanka app එක download කරගත හැකියි.

    ‍මෙම ව්‍යාපෘතිය 100% ක් ලාංකික පුරවැසියන් වන ඔබ අපගේ දායකත්වය ( Contribution ) මත වැඩි දියුණු කරගෙන යා හැකිය. අද දින සිට ඔබට මේ සදහා හැකි අයුරින් දායක විය හැකිය. ජය.

    App link: https://play.google.com/store/apps/details?id=com.nebulo.gotogo

    Share karapng whtsapp facebook