Sinhala Teledrama වල_මතකද? මේ අයව?

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    THARINDU-WIJESINGHE-.jpg

    Moo "rosa patikki" film eke jinki jika ekakata innawa threewheel ekak athule :baffled:
     

    pol some2

    Junior member
  • Oct 13, 2017
    44
    24
    8
    ඉඳහිට දවසක අතින් අත කෑලි වලට කැඩි කැඩී බෙදි බෙදී ගිය වඩයක් එක්ක, බෙදාගෙන බීපු ප්ලේන්ටියක් එක්ක ගෙවුණු රාත්‍රී මතකයක් අදටත් ඉඳ හිටක උඩට එනව. ඒක දහ දොලොස් දෙනෙක් ටීවී එකක් දිහා කට ඇරගෙන ඇස් අලෝගෙන දැහැන්ගත වෙලා ඉන්න පුරුදු වෙලා හිටපු මහ පුදුමාකාර කාලයක්. හැමදාම රෑ අටහමාර වෙද්දි තමන්ගෙ ගෙදර හිටියේ නැත්නම් කවුරු කවුරුත් ඉන්නේ අනුන්ගේ ගේක සාලෙක බිම ඈඳි අරගෙන. සූරසේනලා, සුදු සීයලා, කර්තේලිස්ලා, වෙද හාමිනේලා ටීවී එකයි අපේ සාලෙයි අතර දුර තරණය කරලා අපේ ජීවිත වලට සැරටම ගොඩවදිමින් හිටපු කාලෙ ඒ. ඒ අය තමන්ගෙ චරිතය නිම කරලා වේදිකාවෙන් බැහැල යන කාලෙ ඇරඹෙද්දි මාලි නන්දනීල, ශාන්ති නන්දල වේදිකාවට ගොඩ වුණා. ඊටත් පස්සෙ තවත් කට්ටිය ආව. අපිත් අනුන්ගෙ සාල වලින් සමු අරගෙන අපේ ගෙවල් වල, අපේම ටෙලිවිෂන් පෙට්ටි ඉස්සරහ ටැග් ගැහෙන්න පටන් ගත්තා. පැය බාගේ පැය දෙක තුනට දිගෑදෙන්න පටන් ගනිද්දි, එකා දෙන්නා හිටපු පවුල් වලත් රිමෝට් එකට පොරබැදුම් සිද්ධ වුණා… කාලෙ බොහොම ඉක්මනට ගෙවීගෙන යන්න පටන් ගත්තා…

    දැන් මේ දෙදාස් දාහතේ දවසක ඔයා ඔයාගෙ ස්මාට් ෆෝන් එකෙන් හෝ කොම්පියුටර් තිරයෙන් මේ ලිපිය කියවන මොහොත වෙනකොට ඔයාගෙ ගෙදර සාලේ කොණක, එහෙමත් නැත්නම් ගබඩා කාමරේ මුල්ලක ටීවී එකක් දුහුවිලි බැඳෙමින් තියනවා වෙන්න පුළුවන් (කූඹි කරදරයක් එහෙම නැත්නම්). අපිට අනුව නම් ටෙලිවිෂනයේ දුහුවිලි ගසල දාන්න තවම ඉක්මන් වැඩියි. ඒ වෙනුවට අපි මේ හදන්නේ මතකයේ දුහුවිලි ගසා බසා දාල අතීත ස්මරණයන් අවුස්සන්න. රෝස් පාන්, වඩේ සහ ප්ලේන්ටී රැගත් අතීත මතකයන් ඔස්සේ අපේ ජීවිත වලට ගොඩ වැදුණු, ටෙලි රඟ මඩලෙන් විතරක් නෙමෙයි ජීවිත රඟ මඩලෙනුත් නික්ම ගිය ආදරණීය ශිල්පීන් ශිල්පිණියන් කිහිප දෙනෙක් ගැන ඔබේ මතකය අවුස්සන්න.



    1. එච්. ඒ. පෙරේරා

    Sweet-Memories-of-Long-Gone-Stars-aniwa-01.jpg



    එච්. ඒ. පෙරේරා නම මතක් කරද්දි අපේ මතකයට මුලින්ම එන්නේ දූ දරුවෝ එකේ ඩයස් මහත්තයා. ඒත් එක්කම එයාගෙ කබල් ජීප් එක. එච්. ඒ පෙරේරාගේ රංගන ජීවිතය ටෙලිනාට්‍යයට විතරක් සීමා වෙන්නේ නැහැ. වේදිකාවෙන් පටන් අරගෙන සිනමාව දක්වා ඔහුගේ රංගන ජීවිතය විහිදෙනව. ඕනෑම සමාජ මට්ටමකට අයත් චරිතයකට ආවේශ වෙන්න තරම් එච්. ඒ පෙරේරාගේ රංගන කුසලතාවය සහ පෞරුෂය ප්‍රබලයි. කම්කරුවෙක්ගේ චරිතයක් වේවා, ධනවත් හාමු මහත්තයෙක්ගේ චරිතයක් වේවා, මුඩුක්කු වැසියෙක්ගෙ චරිතයක් වේවා එච්. ඒ. පෙරේරා වෙනසක් නොදැනෙන්න රඟදක්වන්න සමත්වෙනවා. එච්. ඒ පෙරේරා 2010 අවුරුද්දේදි අපෙන් සදහටම සමුගෙන යනවා. ඒ වෙද්දි ඔහු 58 වියැතියි.



    2. අශෝක පීරිස්

    Sweet-Memories-of-Long-Gone-Stars-aniwa-02.jpg



    අශෝක පීරිස් අපි හමුවට ආපු ටෙලිනාට්‍ය චරිත දිහා හැරිලා බලද්දි අවධානයට ලක්වෙන ප්‍රධාන කරුණක් තමයි තමන් රඟපාපු හැම චරිතයකටම විශේෂී වුණ අනන්‍යතාවයක් හදන්න ඔහුට තිබුණ දක්ෂතාවය. ඒ ඒ චරිත වලටම විශේෂ වුණු ඉරියවු පවා අශෝක පීරිස්ගෙ රංගනය හරහා බොහොම ස්වභාවික ආකාරයට එළියට එනව. අශෝක පීරිස් රංගන ශිල්පියාව පොඩි ළමයි හැටියට අපි මුලින්ම දැකගන්නෙ අඹ යහලුවෝ හරහා. ඉන් පස්සේ ටෙලි නාට්‍ය රැසක් හරහා අශෝක පීරිස්ව අපිට දැකගන්න ලැබුණත්, ඔහුගේ රංගන ප්‍රතිභාව අපිට තේරුම් යන්න ගන්නේ වැඩිමල් වයසට පත්වෙලා පැරණි නාට්‍ය නැවත නරඹන්න පටන් ගැනීමත් එක්ක තමයි. පස්සෙ කාලෙකදී බොහෝ විට හාමු මහත්තයා චරිත වලටම අශෝක පීරිස්ව කොටු වුණා කියලා අපිට හිතෙනවා. දුර්වල පිටපත් සහ රංගනයන් තිබුණ ඒ සමහරක් නාට්‍ය වලදී වුණත් අශෝක පීරිස් රංගන පාසැලක් වගේ නොසැලී තමන්ගේ රංගනය සිදු කරනවා අපි දැකල තියනවා. මේ වෙද්දි අශෝක පීරිස් අපෙන් සමුගෙන ගිහින් දශකයකුත් ගතවෙන්න ආසන්නයි.


    3. ග්‍රැන්විල් රොඩ්රිගෝ

    Sweet-Memories-of-Long-Gone-Stars-aniwa-03.jpg



    “ඔටා දමඤ්ඤං මර මර ඔටා දමඤ්ඤං…”​

    ග්‍රැන්විල් රොඩ්රිගෝ රංගන ශිල්පියා ගැන මතක් කරද්දි ඒ මතකයට පසුබිම් ගායනයක් වෙලා මේ ගීතය අපේ හිතේ වාදනය වෙන එක වළක්වගන්න බැහැ. ඒක බොහොම විනෝදය මුසු වෙච්ච මතකයක්. ග්‍රැන්විල් කියන්නේ රංගනයට විතරක් නෙමෙයි ගායනයටත් උපන් හපන් හාදයෙක්. ඔහුගේ ජීවිත කතාවත් හරිම රසමුසු තැන් ගෑවිලා තියන එකක්. ජීවිතේට මත්පැන් දුම්වැටි භාවිතා කරල නැති ග්‍රැන්විල් ටෙලි තිරයේදී ඒ චරිත බොහොම අපූරුවට රඟ දක්වන්න තරම් දක්ෂයෙක්. 1999 අවුරුද්දේ ග්‍රැන්විල් හදිසි අණතුරකින් ජීවිතයෙන් සමු ගනිද්දි ඔහු කරපු කලා කටයුතු වලින් ඔහුට ලැබිය යුතුව තිබුණ මුදල ලක්ෂ ගණනක් බවයි පැවසෙන්නේ. සමුගන්නා මොහොත වෙන විටත් ග්‍රැන්විල් නෝනාවරුනි මහත්වරුනි ටෙලියේ නිහාල් චරිතය හරහා අපි හමුවට එමිනුයි හිටියේ. සීරියස් චරිත, දුෂ්ට චරිත වගේම හාස්‍ය උත්පාදක චරිත හරහාත් ග්‍රැන්විල් සබයට ආවට ග්‍රැන්විල් ගැන අපිට තියෙන්නේ බොහොම විනෝදබර ජීවිතයක් ගැන මතකයක්. අදටත් ග්‍රැන්විල් ගැන මතක් කරද්දි ඔටා දමඥ්ඤං, මායාවෝ අකල්මකෝ වගේ ගීත අපේ ඔලුවේ වාදනය වෙන්නේ ඒ නිසා වෙන්න ඇති.



    4. ගුණරත්න රංහොටි

    Sweet-Memories-of-Long-Gone-Stars-aniwa-04.gif


    ගුණරත්න රංහොටි කිවුවට ඔබේ මතකයට මුහුණක් නොඑන්න පුලුවන්. ඒ වුණත් කාලගුණේ කියපු ගමන් නම් ඔබට පුද්ගලයෙක් මතක් වෙයි. ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය ඉතිහාසයේ නොමැකෙන නමක් සනිටුහන් කරපු කන්දේ ගෙදර ටෙලියේ තමයි රංහොටි මේ කාලගුණේ චරිතය රඟපෑවෙ. කන්දේගෙදර ජනප්‍රියත්වයට මේ කාලගුණේ චරිතයත් බෙහෙවින්ම ඉවහල් වුණා. දක්ෂ වේදිකා රංගන ශිල්පියෙක්ද වන රංහොටි අසල්වැසියෝ ඇතුළු තවත් ටෙලි නාට්‍ය කීපයකම රංගනයන් හරහා අපිට දකින්න ලැබුණා. පසු කලෙකදී සිදුවූ අවාසනාවන්ත හදිසි අණතුරකට මුහුණ දීම හේතුවෙන් රංහොටි මහතාට රංගනයෙන් ඉවත් වෙන්නට සිද්ධ වුණා. ඔත්පලව දුෂ්කර ජීවිතයක් ගත කල ඔහු 2005 වසරේදී අපෙන් සමුගත්තා.



    5. දෙනවක හාමිනේ

    Sweet-Memories-of-Long-Gone-Stars-aniwa-05.jpg


    දෙනවක හාමිනේ රංගන ක්ෂේත්‍රයට ඇතුළු වෙද්දී ඇගේ වයස අවුරුදු හැටක් පමණ වන බවටයි සඳහන් වෙන්නේ. පමා වී රංගන ශිල්පිණියක් වුණත් සිනමාවේ වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ඇතුළෙත් තමන්ගේ සටහන් තියන්න දෙනවක හාමිනේ සමත් වෙනවා. අහිංසක ගැමි චරිත විතරක් නොවෙයි, නපුරු සැරපරුෂ චරිත වුවත් ඇය නිර්භීතව භාරගන්නවා. ටෙලි නාට්‍ය කලාව පසෙකින් තිබ්බත් සිනමාවේදී ඇය විසින් නිරූපණය කරන ලද චරිත වලට ලැබිය යුතු නිසි ඇගයීම නොලැබුණ බවයි අපේ මතය. දෙනවක හාමිනේ ගැන අපේ ටෙලිවිෂන් මතකයේ ප්‍රබලම සටහන තමයි කෝපි කඩේ හාමිනේ වශයෙන් ඇය සිදු කරපු රඟපෑම. ඊට අමතරව ලාහිරු දහසක් ටෙලිනාට්‍යයේ ඇගේ චරිතයත් අපිට මතක හිටින චරිතයක්.



    6. ජේ. එච්. ජයවර්ධන

    Sweet-Memories-of-Long-Gone-Stars-aniwa-06.jpg

    ගුණරත්න රංහොටීව කාලගුණේ හැටියට අමතනවා වගේම ජේ. එච්. ජයවර්ධන රංගන ශිල්පියාව වැඩි දෙනෙක් හැඳින්වුවෙ ලොක්කෙ මාමා නමින්. ලොක්කෙ මාමාට අමතරව ඒ දවස්වල රූපවාහිනියෙ විකාශය වෙච්ච ඉඳි ආප්ප කතාව හෙවත් හිරුට මුවාවෙන් නාට්‍යයේ ලොකු අප්පච්චි චරිතය හරහාත් ජේ. එච්. ජයවර්ධනයන් අපි අතරේ ප්‍රසිද්ධ වුණා. රංගන ජීවිතය ඇතුළේ විවිධාකාර වූ චරිත රඟපාන්නට ලැබීම ජේ. එච්. ජයවර්ධනයන් ලද භාග්‍යයක් හැටියටයි අපි දකින්නේ. ජීවිතයේ සැඳෑ සමයේදී ග්ලූකෝමා රෝගී තත්ත්වය නිසා අන්ධභාවයට පත්වන්නට ජේ. එච් ජයවර්ධනයන්ට සිද්ධ වුණා. 2015 වසරේදි ජීවිත රඟ මඩලෙන් බසිද්දී ඔහු 94 වන වියේ පසුවුණා.



    7. මාටින් ගුණදාස


    Sweet-Memories-of-Long-Gone-Stars-aniwa-07.jpg


    90 දශකයේ අපි කාගේත් දුෂ්ටයෙක් වුණ පොලී මුදලාලි චරිතය නම් තවමත් ඔබට අමතක වෙලා නැතිව ඇති. පොලී මුදලාලි කියලා කිවුවට පොලී මුදලාලිටත් නමක් තිබ්බා කියලා ඒ කාලෙ ටෙලිවිෂන් රසිකයන්ට මතක ඇති. ඒ නම තමයි ජුවානිස්. මේ චරිතය දැනෙන විදිහට රඟපෑවේ දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පියෙක් වුණු මාටින් ගුණදාස මහතායි. පොලී මුදලාලි කියන්නේ මුදලට කෑදර දුෂ්ට රළු පරළු චරිතයක්. ළමා කාලෙ පොලී මුදලාලිගෙ දුෂ්ට කම් ලබන පරාජයන් හමුවේ සතුටු වෙච්ච අපි අද වෙද්දි පොලී මුදලාලි චරිතය මතකයට නගන්නේ ආදරය මුසු වුණ හැඟීමකින්.


    8. මානෙල් ජයසේන

    Sweet-Memories-of-Long-Gone-Stars-aniwa-08.jpg


    සුදු සීයා හෙවත් හෙන්රි ජයසේනයන්ව අපි මේ ලැයිස්තුවට ඇතුළත් නොකරන්නේ, නිතර අපේ ඇස ගැටෙන මතකයේ රැඳෙන නිර්මාණ හරහා ඔහු ගැන අපේ මතකය අදටත් ආවර්ජනය වන නිසාවෙනුයි. හෙන්රි ජයසේන කළාකරුවාගේ ප්‍රිය බිරිඳ වූ මානෙල් ජයසේන මහත්මියව අපි ඒ වෙනුවට ඔබේ මතකයට කැන්දනවා. හෙන්රි ජයසේනයන්ගේ ජීවිතයට සෙවනැල්ල බඳුවූ මානෙල් මහත්මිය ලාංකික වේදිකාව මත තබා ඇති සටහන අපිට කිසිසේත්ම සුළු කොට තකන්න බැහැ. 90 දශකය පමණ වෙද්දි ටෙලි නාට්‍ය හරහාත් අපි නිතර දකින චරිතයක් බවට මානෙල් ජයසේන මහත්මිය පත්වෙනවා. එකගෙයි කුරුල්ලෝ, සත්පුර වැසියෝ, හිරු කුමාරි ආදී ජනප්‍රිය ටෙලි නාට්‍ය හරහා ඇය අපි හමුවට එනවා. අසරණ මවගේ චරිතය වගේම, නපුරු ලොකු නෝනාගේ චරිතයත් ඇය විසින් අපිට දැනෙන විදිහට තිරයට ගේනවා. 2004 වර්ෂයේදී තමයි මානෙල් ජයසේන මහත්මිය අභාවප්‍රාප්ත වන්නේ. ඒ වන විට ඇය 68 වන වියේ පසුවුණා.



    9. සුනිල් හෙට්ටිආරච්චි

    Sweet-Memories-of-Long-Gone-Stars-aniwa-09.jpg


    සුනිල් හෙට්ටිආරච්චි රංගන ශිල්පියා ගැන වටින් ගොඩින් ඇහෙන කතාවලින් කියවෙන්නේ ඔහු සැබෑ ජීවිතේත් සැහැල්ලුව විනෝදයට බර පුද්ගලයෙක් හැටියටයි. ටෙලිනාට්‍ය හරහාත් සුනිල් හෙට්ටිආරච්චි තම රංගන හැකියාව වැඩි වශයෙන්ම මුසු කලේ ඒ වැනිම වූ චරිත වලට තමයි. කීටයා, බෝඩිම, හිරු තනිවෙලා වගේ නාට්‍ය හරහා ඔහු මතු කරපු හාස්‍ය රසය ඒ ටෙලි නාට්‍ය වල ජනප්‍රියතාවයට බොහොමයක්ම ඉවහල් වුණා. ඇඟට පතට නොදැනී හාස්‍ය මතු කරන්න සුනිල් හෙට්ටිආරච්චිට තිබ්බේ උපන් හපන්කමක්. සුනිල් හෙට්ටිආරච්චි රඟපාපු ටෙලිනාට්‍ය හැම එකකම වගේ ඔහුගේ බිරිඳ හැටියට රංගනය දැක්වුවේ රත්නා සුමනපාල ශිල්පිනිය නිසා ඒ කාලයේ සමහරු මේ දෙන්නා සැබෑ ජීවිතයේත් විවාහ වෙලාය කියලා රැවටිලයි හිටියේ. 2015 වසරේදී සුනිල් සිය ජීවන රඟ මඩලට සමුදෙනවා.



    10. රාජා සුමනපාල

    Sweet-Memories-of-Long-Gone-Stars-aniwa-10.jpg


    අපි කලින් සඳහන් කරපු රත්නා සුමනපාල ශිල්පිනියගේ සැබෑ ජීවිතයේ සැමියා තමයි රාජා සුමනපාල රංගන ශිල්පියා. රාජා සුමනපාල මුලින්ම අපිට කෝපි කඩේ අලි ජේමිස් චරිතය හරහා තමයි මතක හිටින විදිහට හමුවෙන්නේ. ඊට පස්සේ ඉඳි ආප්ප කතාවේ අහිංසක තාත්තාගේ චරිතය හරහාත් රාජා සුමනපාල අපේ ටෙලිවිෂනයට ගොඩ වැදුණා. පසු කාලෙක විකාශනය කරපු “හතේ වසම” ටෙලිනාට්‍යය රාජා සුමනපාලගේ හොඳම රංගනයක් අපි දැකපු ටෙලියක් හැටියට මතකයේ තියනවා.



    11. බන්දුල විතානගේ


    Sweet-Memories-of-Long-Gone-Stars-aniwa-11.jpg


    බන්දුල විතානගේ ගැන කතා කරද්දි ඔහුගේ දක්ෂතාවයන් ගැන වැඩිමනක්ම සඳහන් කරන්න තිබෙන්නේ වේදිකා නාට්‍යයට ඔහු කරපු සේවය සම්බන්ධයෙන් තමයි. හැබැයි එහෙම වුණා කියලා බන්දුල විතානගේ කියන්නෙ ටෙලි තිරයටත් නුහුරු වී තිබුණු දසුනක් නොවෙයි. කලින් කලට ටෙලි නාට්‍ය රැසක් තුළින් බන්දුල විතානගේ අපි හමුවට ආවා. ලංකාවේ ජනප්‍රියම ප්‍රහසන ටෙලියක් වන අසල්වැසියෝ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වන්නෙත් බන්දුල විතානගේයි. ඒ වගේම සුමිත්‍රා රාහුබද්ධගේ බුමුතුරුණු නවකතාව ඇසුරින් බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කරන ලද බුමුතුරුණු ටෙලි නාට්‍යයත් ඔහුගේ ටෙලිනාට්‍ය ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්.



    12. සීතා කුමාරි


    Sweet-Memories-of-Long-Gone-Stars-aniwa-12.jpg


    සීතා කුමාරි රඟපාපු ටෙලි නාට්‍ය චරිත අතරින් අපේ මතකයේ තදින්ම රැඳිලා තියන චරිතය තමයි රම්‍ය සුරම්‍ය ටෙලිනාට්‍යයේ කන් ඇහීම දුර්වල අත්තම්මාගේ චරිතය. ඒ කාලෙ ඒ චරිතය බොහොම අපූරු හාස්‍යයක් නාට්‍යය පුරා තවරන්නට සමත් වුණා. බොහෝ විට අත්තම්මාගේ චරිත වලට කොටු වුණත් චරිතාංග රංගන ශිල්පිණියක් හැටියට කැපී පෙනෙන දස්කම් දක්වන්නට ඇය සමත්වුණා. එකල ජනප්‍රියත්වයට පාත්‍ර වුණ නන්නාදුනන්නී ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම සහය නිලිය හැටියට සුමති සම්මාන ලබන්නටත් සීතා කුමාරි සමත්වුණා. 2013 වසරේදී තමයි ඇය අපෙන් සදහටම සමු ගත්තේ.



    13. එඩ්වඩ් ගුණවර්ධන

    Sweet-Memories-of-Long-Gone-Stars-aniwa-13.jpg


    එඩ්වඩ් ගුණවර්ධන අපිට ටෙලි නාට්‍යයක් තුළින් මුලින්ම හමුවන්නේ සිංහල ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නිර්මාණයක් වූ වෙද හාමිනේ ටෙලියේ වෙද මහත්තයාගේ චරිතයෙන්. කිසිදු ආධුනිකත්වයක් නොපෙන්වමින් ඔහු එදා වෙදහාමිනේ ටෙලියේ නිරූපණය කල චරිතය ඔහුගේ ජීවිතයේ හොඳම රඟපෑම බවයි අපගේ මතය. ආයාසයකින් තොරව හාස්‍යය මතු කිරීමේ සහජ දක්ෂතාවයක්ද තිබුණ නලුවෙක් හැටියට අපිට එඩ්වඩ් ගුණවර්ධනව හඳුන්වන්න පුලුවන්. විශේෂයෙන්ම ජනප්‍රිය “තට්ටු ගෙවල්” ටෙලි නාට්‍යයේ මුදලාලි චරිතය හරහා ඔහුගේ මේ හැකියාව කැපී පෙණුනා. එඩ්වඩ්ගේ රංගන හැකියාව හුවා දක්වන්නට හැකි ආකාරයේ නිර්මාණ එතරම් ඔහුට නොලැබුණාය කියලයි අපි හිතන්නේ. 2008 වර්ෂයේදී තමයි එඩ්වඩ් ගුණවර්ධන රංගන ශිල්පියා අපෙන් සමුගන්නේ.



    14. සේනක පෙරේරා


    Sweet-Memories-of-Long-Gone-Stars-aniwa-14.jpg


    මතකයේ රැඳෙන චරිත කිහිපයකින්ම පැරණි ටෙලිනාට්‍ය වල කැපී පෙනුන සේනක පෙරේරාත් බොහෝ විට ඔබගේ මතකයෙන් ඈත් වෙමින් යන රංගන ශිල්පියෙක් වන්නට පුළුවන්. එහෙම වුණත් 90 ගණන් වල ටෙලි නාට්‍ය මතකය අවුස්සලා බැලුවොත් ඔබට ඉන්ගම්මාරුව සහ ඉසිවර අසපුව වගේ ටෙලිනාට්‍ය වල සේනක පෙරේරාගේ රංගනයන් අමතක වන්නට විදිහක් නැහැ. සේනක පෙර්රා ශිල්පියාගේ ආදරණිය බිරිඳ වූයේ යමුනා මාලිනී කිවිඳියයි. 2003 වසරේදී සේනක පෙරේරා රංගන ශිල්පියා අප අතරින් වියෝවුණා.



    15. සිරිල් ධර්මවර්ධන

    Sweet-Memories-of-Long-Gone-Stars-aniwa-15.jpg


    හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයේ ප්‍රීති මාලිගේ නාහෙට නාහන අයියාගේ චරිතය තමයි සිරිල් ධර්මවර්ධනගේ ටෙලිනාට්‍ය මතකයන් සිහිපත් කරද්දී මුලින්ම සිහියට නැගෙන්නෙ. ඉන් පස්සේ බෝඩිම ටෙලි නාට්‍යයේ ගුස්ති කාරයෙක්ගේ හාස්‍ය මුසුවෙච්ච චරිතයෙනුත් සිරිල් අපි හමුවට ආවා මතකයි. ගංගා සහ නිශ්ශංක, ඉරබටු තරුවක්, සමන්තැන්න, එක් මෘගාංගනාවියක් වැනි ටෙලි නාට්‍ය හරහාත් ප්‍රේක්ෂක මතකයේ රැඳෙන චරිත නිරූපණය කරන්න සිරිල් ධර්මවර්ධන සමත්වුණා. 2013 වසරේදී මේ රංගන ශිල්පියාගේ දිවි සැරිය නිමාවට පත්වුණා. ඒ දිගු කලක් පීඩා විඳි පෙනහළු රෝගය හේතුවෙන්.





    supiri post eka
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,100
    113

    පබිලියා ගොනා උනාට, අරච්චියට කරන්නෙම රෙද්දෙ රෙවෙන වැඩනේ.
    අරච්චිය හොර ගෑනිගේ ගෙට රින්ගලා වතුර ටිකක් දීපන්කෝ කිව්වම,ඒකිලවා පඩික්කමකට වතුර ගෙන්නෝලා චොර කෙරෙව්වා
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    කෝපි කඩේ රගපාපු දැනට අපි අතර නැති නළු නිලියෝ ඔක්කොම කියන්න පුලුවන්ද ?
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මරුසිරා;22435711 said:
    ලාංකීය ටෙලිකලාවේ ස්වර්ණමය යුගය නියෝජනේ කල අති දක්ෂ රංගන ශිල්පින් :love::love::love:

    :yes:
     

    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,980
    1
    1,184
    113
    කෝපි කඩේ රගපාපු දැනට අපි අතර නැති නළු නිලියෝ ඔක්කොම කියන්න පුලුවන්ද ?

    ලොකුහාමිනේ (දෙනවක හාමිනේ) - රත්නෙ ළමයා (ලාල් සේනාධීර) - එන්සිනා (සුසිලා කූරගම) - පොලී මුදලාලි (මාටින් ගුණදාස) - අබිලිං (චන්ද්‍රසිරි කොඩිතුවක්කු) - ඇසිලින් (දමිතා සලුවඩන) - සාමෙල් (විමල් වික්‍රමාරච්චි)-සොමිනෝනා (චිත්‍රා වාකිෂ්ට) ප්‍රේමදාස විතානගේ සහ එල්සන් දිවිතුරුගම
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කීටයා නම් ආයෙත් බලන්න ආසයි...CitiHitz එකේ වත් දාන්නේ නෑනේ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බෝඩ්ම..... තව අවුරුදු 1000ක් ගියත් හොඳට ඉළ ඇට කඩාගෙන හිනා වෙවී බලන්න පුලුවන් නාට්‍යක් තමයි...... දැන් තියෙන ඒවා වගේ කුචි කවාගෙන හිනාවෙන්න ඕන ඒවා නෙමෙයි.....

    දැන් තියෙන නාට්‍ය 10ක් ගත්තොත් 1යි නැත්තන් 2යි බලන්න පුලුවන් හොඳ ඒවා තියෙන්නෙ. ඒකට ඉස්සර නාට්‍ය 10ක් ගත්තොත් 9ක්ම බලන්න පුලුවන් හොඳ තේරුමක් තියෙන නාට්‍ය....

    බෝඩිම නම් අමතක වෙන්නේ නෑ.