sinhala unicode lyrics {සින්දු}

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
    මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා..
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
    සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා..
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..

    ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා..
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා..
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සෙනෙහෙ කෙතරම් තිබුනත් මහදේ
    මගෙ වැරදි සොයාලා ඔබ වෙන්වූයේ
    කිමදැයි මා නොදනිම් එලෙස සිදුවූයේ

    මාලී සඳමාලි. . . මාලී සඳමාලි . . .
    මාලී සඳමාලි . . . ඔබ මගේ සිහිනේ . . . .

    මසිත බිඳදා බැඳිලා ඔහු හා
    ඈතින් ඔබ ඈතින් ඇති බව ඇසුණා
    පතිනිය වී වෙන්වී ගියත් ඔබ ළඳුනේ

    මාලී සඳමාලි. . . මාලී සඳමාලි . . .
    මාලී සඳමාලි . . . ඔබ මගේ සිහිනේ . . . .

    දරු පෙම් විඳිනා ඔබ දැන් සතුටින්
    මා නම් තනිවීලා ඔබ ගැන සිතමින්
    සියළු දේ කැපකලා මා ඔබ වෙනුවෙන්

    මාලී සඳමාලි. . . මාලී සඳමාලි . . .
    මාලී සඳමාලි . . . ඔබ මගේ සිහිනේ . . . .
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මා සනසා..
    මා නළවා..
    සුරංගනාවක් හෙමින් ඇවිල්ලා..
    හදේ ලැගුම් අයැදියි..

    විතක් මධු පෙරා ගෙනැල්ලා සුරන් රවටලා..
    ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කලා..
    හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා..
    සිහින ළොවක පාවේ..
    සඳුන් සිහිල යාවී..

    රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා..
    යලිත් එනතුරා සුරංගී හිඳිමි මග බලා..
    හෙටත් සඳ උදාවේ රැයත් පැමිනිලා..
    සිහින ළොවට යාවී..
    සුරඹ මා සොයාවී..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    එක වසන්තයක එක රාත්‍රියක
    දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවද
    එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට
    දැනුනා.... විතරක් මතකයි...
    හද ලුහුබැද ඉව කරනා
    පෙර සසරක සුපුරුදු සුවද...
    ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
    ඔබමද ඒ සොදුර

    මේ වසන්තයේ හමුවෙන සුලග සමග
    සසැදී පැහෙන්නට හිතයි මට....
    ඔබෙ සුවද සමග මුසු වනු පිණිස
    මගෙ සුසුමක් තියන්නද......
    සිහිවනු පිණිස...... සොදුර....

    මේ වසන්තයෙම ගතවී යන්නට පෙර
    තුරුලේ ඇහිරෙන්නට පතමි මම.....
    ඔබෙ සිතැගි වලට මුසු වනු පිණිස
    මගෙ හැගුමක් තියන්නද...
    ගිවිසනු පිණිස.... සොදුර
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    කවුළු පියන් පත් වහන්න
    සදලු තලාවේ.........
    නුඹ දුරයි නෙතට මා සිටිනා
    ළවැලි තලාවේ........

    විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
    ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැබුරුයි
    මල් සුවද උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි

    සදුලුතලාවට පැල්පත දුරනම් බෝමැයි

    මුදු සිනා සලන සදවත අහසේම රැදුනාවේ
    ඉහිමරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
    සිත ඈත අරන් යන විමනේ සදලුතලාවේ
    කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ
    විදගන්න ඒ සිසිල ම සිත්සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වහි අරන්
    සද මිතුරි සිත මිහිරි කල මැනවි
    බිදු කදුලු පිනි පොකුරු කල මැනවි...

    මට මම ම වී ඉන්න ලොකෙන් බිදක් නොදෙන
    ඈතට වෙලා අපි අපිම වී ඉතින්
    නව ලොවට මුල් අනු දෙන්න
    මිල නොවන පෙම් කවිය පබදන්න
    පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
    ආදරය දලු ලන්න මිහිකත මතින්
    සිහිනෙ සරනා..සිහිනෙන් දැවෙනා..

    ඉගිලෙන්න ඔබ එක්ක...

    ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක් නොදෙන
    ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්
    ප්‍රේමයට ප්‍රේමය වෙන්න
    නිල නොවන ජිවිතය පුබුදන්න
    පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
    ආදරය දලුලන්න මිහිකත මතින්
    සිහිනේ සරනා කිරණින් දැවෙනා..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි
    පියාපත් කොහේ කොතැනින්
    කොයින්දෝ ගෙනෙන්නේ
    කියාපන් කුරුල්ලෝ

    නෙළුම් මල් නෙලාලා ගෙලේ මං පළන්දා
    කිණ්ණරාවි රූපෙන් බලන් ඉන්නවා දැං
    හීන් බණ්ඩි ගොයමේ ගිරා නිල්රටාවී

    ඉහල ගම් දිහාවේ ඇඹූල් පේර මාදං
    පොකුරු බරවෙලා දැං බලන් ඉන්නවාලු
    සිංදු ගීත වන්නම් ඔහේ කිය කියා යං

    කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි
    පියාපත් කොහේ කොතැනින්
    කොයින්දෝ ගෙනෙන්නේ
    කියාපන් කුරුල්ලෝ....
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මා නුවන් පුරා නිල් අහස වසා
    මා ළවන් පුරා මල් සුවද සදා
    මල් හීන වැසි වැටෙනා විල් තෙරේ
    උණ පදුරු සෙවනේ
    රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ
    ආකාස කුසුම් යහනාවේ
    මට දැනෙනවා ආදරේ.....
    මට හැගෙනවා ආදරේ.....

    නිල් අහස තරම් ආදරේ අරන්
    ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා
    ඇසි පිය නොසලන් සිපගන්න හෙමින්
    සද වතුර සද දිගේ ගලනවා
    මට ආදරේ හැගෙනවා....
    මට ආදරේ හැගෙනවා....

    මල් සුවද තරම් ආදරේ අරන්
    මගෙ සිත ලග නතර වෙලා
    පෙම් බඹර තුඩින් මුව රද සැනෙහින්
    විල් තෙරේ මල් සුවද ගලනවා
    මට ආදරේ දැනෙනවා....
    මට ආදරේ දැනෙනවා....
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
    මට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළු
    ඒ වැටෙන කඳුළු මං නිසාද මගෙ සුදු ළන්දු
    ඒ නුඹේ කඳුළු මට දීපන් මගෙ සුදු ළන්දු

    මගෙ ආදර ළන්දු . . .

    කෝල කතා දිග හැරපන්, ඔමරි සිනා තව හෙළපන්
    වෙනදා මෙන් තුරුළු වෙයන්, රත්තරනේ මට සමාවෙයන්
    මම නුඹේ ළඟම ගැවසීලා නුඹ සනසන්නම්
    ඒ නුඹේ ඇසින් වැටෙන කඳුළු පිසදාලන්නම්

    මගෙ ආදර ළන්දු . . .

    නුඹෙ සෙනෙහෙන් දෝරෙ ගලන්, ගිය කඳුලින් මට ලියපන්
    නුඹෙ සිතුම් දිග හැරපන්, නුඹෙ සුසුම් මට දීපන්
    මම හිරුට හොරෙන් ඇවිදින් නුඹ කැන්දන් යන්නම්
    නුඹ සඳුට හොරෙන් තරු අතරින් එක්කන් යන්නම්
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඔබ දන්නවනම් එක කඳූළු බිඳක්
    හිතයටට වෙලා දුක්විඳීන තරම්
    ඒ කඳූල වුණත් නෙතු අගට ඇවිත්
    යළි ඔබේ පයට පෑගෙනවා නම්

    එක මලක් තනන්නට රුවට රුවින්
    ගහ වැල දුක් ගින්දර විඳීන තරම්
    ඒ පිපෙන මලක් කළු දෙබරු ඇවිත්
    විෂ තුඩින් පෙළා රිදවනවා නම්

    දස මසට වඩා පුරනා පෙරුමන්
    ලොව හදන වඩන මව්වරුනි උතුම්
    මට කියාදෙන්න ලොව ඇතිද ඉතින්
    වෙන අරුතක් මේ ජීවිතය තරම්......
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    නෙතට උළෙලක් විය එදා ඔබ
    කඳුළු බිඳුවක් වුව මෙදා
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුනිද මංදා

    ඔබේ රුව රසඳුනක් වූවත්
    කමක් නෑ මට තවත් ඇසකට
    නමුදු ඒ රුව තවත් කෙනෙකුට
    අයිතිවෙනු බෑ දරාගන්නට
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මියුරු කල්පනා නෙතක දැල්වුනා

    අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා

    ‍වරෙක නැලවුනා වරෙක ලතැවුනා

    නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා


    හිමගිර මට වැලි අහුරකි

    මහ සමුදුර දිය රැල්ලකි

    කටු අකුලෙන් මල් පුබුදමි

    ඔබ සැනසේ නම්


    පිණි බිඳකින් මුතු අමුනමි

    දිනිසුරු ගෙන් සීතල දෙමි

    කඩු තුඩු මත සැතපෙන්නෙමි

    ඔබ සැනසේ නම්
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මා ඔබත් එක්ක සුහද කතාවක්
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්
    තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
    සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා
    කියල කියනවා

    මා ඔබත් එක්ක දිගට කතාවක්
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

    රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා
    ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
    යමුද අහනවා

    සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
    තරු මාත් එක්ක ප්‍රේම කතාවක්
    වරදක් නැහැ කියනා
    කවුරුත් නොම එයි සිතෙනා
    සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
    එන්න අහනවා

    මා ඔබත් එක්ක සුහද කතාවක්
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
    නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි

    කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
    කරනු බැරි තහනම්

    හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම්
    පුදුම වෙයි නුඹනම්
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඇසට අසුවන මායිමේ
    බමර සැණකෙළි මල් විලේ
    ළසෝ ළැව් ගිනි ඇවිළුණා සිත
    ඔබ මගෙන් වෙන්වූ දිනේ

    සියපතක් මත විසුළ පිනිකැට
    සැඩ සුළං වැද සර සරින් හෙත
    මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
    ඔබේ වත මට නැඟේ සිහියට

    සතර අත පෙති විහිද විකසිත
    මලේ මල් මී මමනයුරු දැක
    ඔබේ ලවනත සැදුණු මී විත
    මත්කළා මතකයි මගේ සිත
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    කඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ..
    සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ..
    කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ..
    එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ..

    මැද නුවරින් මං එනකොට නැගගෙන මහ කන්ද දිගේ..
    ඉස්සරනම් නුඹ උන්නා උඩුදුම්බර හිච්චි නඟේ..
    දැන් නොදකින හේතුව මට අදවත් පවසන්න හොඳේ..
    මගේ හිතත් සැලෙන්නෙ නෑ හුන්නස්ගිරි කන්ද වගේ..

    කන්ද බැහැලා මහියංගන වෙහෙර වඳිමු අපි දෙන්නා..
    කියූ වදන් ගොළු කරගෙන දුම්බර උත්පලවන්නා..
    වාන් දමන්නට කලියෙන් බැම්ම උඩින් හිත පන්නා..
    අලු නොගැසුනු මගේ හිතත් කුළු ගඟටම දන් දුන්නා..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඔබ තෙමෙයි කියා බයයි
    වැසි වසියි සුළං තදයි
    කුඩයට ඔරොත්තු නොදෙයි
    සාරිය පිට මඩ ඉහෙයි

    මුහුණට හිරිකඩ වැදෙයි
    සුදු මුදු මඳහස මැකෙයි
    මිරිවැඩි තුළ දිය පිරෙයි
    පය ලිස්සා බිම වැටෙයි

    සළු පිළි සිරුරට ඇලෙයි
    පිට මිනිස්සුන්ට පෙනෙයි
    සඟවන්නෙමි ඔබ මගෙයි
    දිව එන්නට මට හිතෙයි
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
    මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

    ස‍ඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
    නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

    සිරියහනේ ලණු ඉහිරී..

    යහන තලා සැප හිඳිනා කලහී නැතුවා පෙර පිං
    මාල වළලු නොතිබ් අයට අප අමතක වෙලා ගිහින්
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

    සිරියහනේ ලණු ඉහිරී..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ..
    ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

    වැටෙන මල් පෙති පාවුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ..
    යළිත් ගහකොළ පාළු නෑනේ රිකිළි නංවා ලියැලැවේ..
    ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

    කොහෙද සීතල ජලාශයක රැළි ගැටී ගැටී එයි සුළං වැදී..
    අපේම සිරුරේ අපේම දහදිය නිවී නිවී යයි සුළං වැදී..
    ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

    ගලා බසී දිය පහර සෙමින් වැලිතලා සදා සමතලා බිමේ..
    හැපී ගලක යළි සලා වැටුම් දී නගා නගා හඬ දිවේ දිවේ..
    ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ..
    මලේ සුවද ජලය දන්නෙ නෑ..
    සිතේ අරුම නගා දන්නෙ නෑ..
    නගේ නුඹට බොරු කියන්නෙ නෑ...


    ආදරෙයි... මං ආදරෙයි....
    සිතේ පිරුන සෙනේ තරම කියා යන්න එන්නම්...
    ආදරෙයි...මං ආදරෙයි.... //


    නැන්ද මාමා මට බනීවිදෝ...
    දූව දෙන්න බෑ කියාවිදෝ...
    මැවූ සිහින සුන්ව යාවිදෝ...
    නුඹවත් මට බහක් දේවිදෝ... //


    ආදරෙයි... මං ආදරෙයි....
    සිතේ පිරුන සෙනේ තරම කියා යන්න එන්නම්...
    ආදරෙයි...මං ආදරෙයි....
    ආදරෙයි...මං ආදරෙයි.... ////