sinhala unicode lyrics {සින්දු}

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්..
    නොසඟවා පවසන්නම්..
    ඔබට ආදරෙයි මං..
    නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්..
    කුමක් කරන්නද මං..
    ඔබට ආදරෙයි නම්..

    විලේ නෙළුම් මල් කොපමන තිබුනත්..
    එක මලකට පෙම්කරමි සිතින්..
    නෙළන්න ආසයි දෝතින් ඒ මල..
    මගේම වන්නට හැමදාමත්..

    පාළුව තනිකම මට වද දෙන විට..
    කෙලෙසද මා එය ඉවසන්නේ..
    ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්..
    ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    බොල්පිණී වෑහෙන වෙලාවේ
    ඔබගෙන් සමුගෙන යායුතුවේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මා නොකියා යන්නේ

    ගැලපිට නැගලා ඈත ගම්බලා
    පියමන් කරවන්නේ
    තවත් නිවහනෙක ගිමන් නිවනතුරු

    ඔබ සිහියට එන්නේ
    ඔබගෙන් සමුගෙන මා යන්නේ
    ඔබ අවදිව මා සොයනු එපා
    ඈතයි මා ඉන්නේ
    තවලම් කරුවෝ කවරදාක හෝ
    එකම තැනක උන්නේ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න
    සවුම්‍ය සඳ සේ මා වත රූසිරි බෝමා
    සන්සුන් ගමනේ රූසිරි බෝමා
    ආදරේ නොකියා ‍ඉන්නේ කොහොමා
    මගෙ රන්කඳට මම ආදරෙයි

    ‍ඔබ නොදැක බැරුවා
    ඔබ නැතිව බැරුවා
    මග සොය‍ සොයා මුව සල සලා
    සත්තකයි මං ඔබ එතැයි සිතුවා

    මම පෙරුම් පිරුවා
    ඔබ එතැයි සිතුවා
    මග බල බලා නෙතු දව දවා
    රත්තරන් මං මග බලා සිටියා
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඔබ ඉන්නෙ කොහෙද කියා
    මම සොයනවා ලෝකෙ පුරා
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා ආදරේ සොයා...

    සිත සැනසුම දෙන්න සදා
    තනිකම නොදැනෙන්න කියා
    මහ බඹු මට මැව්ව එයා
    හමුවෙන තුරු ඉන්නෙ බලා...

    ඔබ ඉන්නේ කොහෙද කියා
    මම සොයනවා ලොකෙ පුරා
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා ආදරේ සොයා...

    ලස්සන ලෝකයේමට හිමි ආදරේ
    සොයමි ජීවිතේ පාලු මකා
    මල් මල් මාවතේආදර රන්ළඳේ
    ඔබ ලැබෙනා තුරා
    මා ඉන්නම්.....

    දුර ඈතද ඉන්නෙ ඔයා
    මේ ලඟමද ඉන්නෙ බලා
    මා ගයනා ගීය අසා
    ඔබ එයිදෝ මාව සොයා...
    ඔබ ඉන්නෙ කොහෙද කියා
    මම සොයනව ලොකෙ පුරා
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා අදරේ සොයා...

    ලස්සන ලොකයේ
    මට හිමි ආදරේ
    සොයමි ජීවිතේ පාලු මකා
    මල් මල් මාවතේ ආදර රන් ළඳේ
    ඔබ ලැබෙනා තුරා
    මා ඉන්නම්...
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඔය දෑස කී කතා..
    මා මතකෙ යාවෙලා..
    නොකීවාට කම් නෑ ළඳේ..
    මුවගින් ඔබේ ආදරේ..

    පැතූ දේ සිතූ දේ මගේ..
    කියන්නේ කෙසේදෝ ළඳේ..
    ගඟුලේ......
    හඬගා කියන් ළඳේ..
    ඈ මට ආදරෙදෝ..

    සදාකල් කිසිත් නෑ ලොවේ..
    මගේ මේ සෙනේහේ වගේ..
    ගඟුලේ......
    හඬගා කියන් ළඳේ..
    ඈ මට ආදරෙදෝ..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඔබ කැමතිනම් මට කියන්න..
    මගෙ දුක ටිකක් හරි නිවෙන්න..
    ඔබ ඇයි ගියේ කියලා..
    හදවත මගේ බිඳලා..

    ඔබම තමයි පෙරදා මා වෙත ආවේ..
    ඔබම තමයි ආදරේ ගැන මට කීවේ..
    ඔබම තමයි මගෙ ජීවිතෙ එළිය කලේ..
    ඔබම තමයි අද මගෙ ලොව අඳුරු කලේ..

    ළඟ ඉන්නම් සැමදා ඔබමයි කීවේ..
    පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ..
    මගෙ තුරුලෙ උණුසුම ඔබමයි පැතුවේ..
    අද යන්න ගියේ මට නොකියම ඇයි කෙල්ලේ..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    පෙනෙනා නිසා අඳූරේ පවා
    සිහිනේ වටී පැතුමට වඩා
    මුළු ලෝකයේ සැරිසරා
    ආදරේ දුක දරා
    පරමාදරේ දුක දරා
    විඳීන තුරා
    පෙනෙනා නිසා අඳූරේ පවා

    මුරකාවල් හැදී අන්ධකාරේ දුක් විඳී
    සිහිනේ යවුල පාවී සම්ප්‍රදායේ ගෙල සිඳී
    දුක නොතැකු ආදරේ.. ඇතී
    දෛවයෝගේ කඳූළු ගෑ ත්‍යාගකී

    සිහිනේ වටී පැතුමට වඩා
    මුළු ලෝකයේ සැරිසරා
    ආදරේ දුක දරා
    පරමාදරේ දුක දරා
    විඳීන තුරා
    පෙනෙනා නිසා අඳූරේ පවා

    දසුනේ පහසකී මන්දහාසේ මංපෙතේ
    සප්නේ රැයක සුන්වේ පෙම නිමාවූ ජීවිතේ
    තනියහනේ විසිතුරූ හතුරුවී
    ශුන්‍යතාවේ නිරතුරා ඉතිරිවේ

    පෙනෙනා නිසා අඳූරේ පවා
    සිහිනේ වටී පැතුමට වඩා
    මුළු ලෝකයේ සැරිසරා
    ආදරේ දුක දරා
    පරමාදරේ දුක දරා...
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    නෙතු සැලුනා කඳුලින් දැස තෙමී..
    ඔබ සිටියා කවුළුව ළඟටම වී..
    මඟතොටදී නොදුටුව විලස ඇදී..
    තරහ වෙලා මට පෙම් බැඳි කුමරී..

    හුම්මානේ අප හමුවී..
    සන්තානේ තව රිදුනි..
    පෙරමඟ මා අද නැවතී..
    යලි එය සිහිකරමී

    මුවැත්තියක් ගුරුගෙට ආවා..
    හන්තානත් ඉඟිඹිඟි පෑවා..
    මල්පාරත් මට අත වැනුවා..
    සුන්දරවූ සැන්දැ ගෙවුනා..

    දුක සංකා නිවුනී..
    අප දෑතම බැඳුනී..
    මා ආදරේ ඔබටමයි..

    වස්සානේ මහවැසි වැටුණා..
    දෙසුම්හලේ පාලුව දනුනා..
    මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා..
    සඳ නැතිවම සැන්දෑ ගෙවුණා..

    මැයි මල් පිපෙන තුරා..
    මහවැලි ගලන තුරා..
    මා නෙත් පියෙන තුරා..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඔය රූ සෝභා හදෙහි මාගේ,
    ඇඳුනා ළඳුනේ ඇඳුනා..
    නෙත් යාවීලා නොකියා කීදේ,
    දැනුනා ළඳුනේ දැනුනා..

    රෑ තුන් යාමේ මා නිදි නෑ නිදි නෑ..
    ඒ රුව දෑසේ පාවෙයි නෑ තනි නෑ..
    ඇයගේ සෙනෙහේ සුවඳේ රැළිලා..
    දිවා රෑ ළතැවේ සහනේ පතලා..

    මා සිත වාගේ ඈ සිත මා ගැනදෝ..
    ජීවිත කාලේ ඈ යළි හමුවෙයිදෝ..
    කඳුලේ සුසුමේ උරුමේ ගෙනදී..
    සැඟවී වෙන්වී යයිදෝ මගදී..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    කදුලින්ම ගැයූ පෙම්ගීතේ
    ඇසුවා ඔයා සිනාසී.... සිනාසී....
    ඒ මා හද ගිනිජාලාවෝ
    ඔබ හිනහුනි මා හැඩුවේලේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    මේ දුක ඔබටත් නොදැනේදෝ.....

    ඔබ ගිය දවසේ හිරු සදු නිවුනා
    මට මගෙ ලෝකේ අදුරුයි දැනුනා
    සීත සමීරේ ගිනියම්වූවා
    ඒදැක මිහිරේ ඔබනම් සිනසේ
    එදිනේ පටන් කුමාරී
    හද ගීයමගේ හඩවී හඩවී
    ඒ මා හද ගිනිජාලාවෝ
    ඔබ හිනහුනි මා හැඩුවේලේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    මේ දුක ඔබටත් නොදැනේදෝ.....

    රෑ දුටු සිහිනේ ඔබ රගදුන්නා
    ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා
    ආදර ලෝකේ ඔබ මට පෙන්නා
    දවසක රහසේ ඔබ කොහි ගියේදෝ
    එදිනේ පටන් කුමාරී....
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    තරුද නිදන මහ රෑ...
    නිදමි මහද නිදි නෑ...
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ...

    පිණි විසිරෙන විට වටහා ගනු මැන
    දෙනෙතින් කඳුළැලි ගළන තරම්...
    රෑහි හඬන විට හඳුනා ගනු මැන
    රෑ තුන් යාමේ හඬන හැඩුම්...

    සුළඟ නොවේ මේ පාවී එන්නේ
    කුටියක සිරවී හෙලන සුසුම්...
    අතු අග පරවී බිමට වැටෙන්නේ
    සමනල යුගයක පිපුණු කුසුම්...
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    රත්තරන් දුවේ - අපේ රත්තරන් දුවේ
    ඔබයි දිවිය අර්ථවත් කලේ
    ගියදා පටන් ඉහිල - කුරුළු කුඩුවෙන්
    සංතෝෂයක් නෑ හිතේ

    ඉගිලිලා ගියේ - සමුගෙන අපේ කුඩුවෙන්
    ඔබත් කුඩුවක් තනන්නනේ
    ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන්
    නැවත එන්න පියඹලා දුවේ

    හනික එන්න පියඹලා දුවේ ..........//
    ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන්
    ඈවිත් යන්න එන්න සුදු දුවේ .....
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මුලු නුවරම නිදිගත් මේ මොහොතේ
    ඔබ පමනක් අවදිව ඇත යහනේ
    එකම හඳක් එක තරුවක් යට
    එකම හඳක් එක තරුවක් යට
    ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

    වන උයන් පුරා මල් සමය උදාවී
    දියදම් දිනිතිය යොවුන් වියේ
    අප මධුර මිලනයේ තිවු ගීරාවේ
    ප්‍රාර්ථනා කරන්නේ
    කවදාද අප හමුවන්නේ
    කවදාද අප හමුවන්නේ
    ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මේ සිරමැදුරෙන් පැනයන්නට ඇත්නම්..
    මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්..
    පවුරු වළල්ලෙන් එහා රටේ..
    අප දෙදෙනා වෙනුවෙන්..
    මල් පිපේවි ආදරේ නමින්..//

    ගැරහුම් අසමින් හද ගිනි දළු ලියලයි..
    දඬුවම් ලද යුතු අප නොව යෞවනයයි..
    විස කටු පඳුරුය අප යන එන මග..
    ස්නේහයට ඇයි මේ අමිහිරි අවමන්..

    ඇසට උරුම ඇස උනන කඳුල පමනයි..
    හදට උරුම හද දවන සුසුම පමනයි..
    මුළු ලොව සතුරුය අද අප අභිමුව..
    ස්නේහයට ඇයි මේ විසකුරු සරදම්..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    පිපුණු මලේ රුව එ මල දනී දෝ
    මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා
    නැති බැරි කම මුතු මාල හතක් වී
    කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා
    කටු මැටි බිත්තිය හැඩකර අඳිනා

    රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
    නොතළන් හිත මා ආදර දියණියනේ
    පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
    වීදුරු කැඩපත බිම දැම්මේ

    ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
    එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
    නොතළන් හිත මා ආදර දියණියනේ
    පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
    වීදුරු කැඩපත බිම දැම්මේ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මුතු කුඩ ඉහලන මල් ‍වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලේනී
    එබී බලා....
    රිය කවුලු දොරින්
    යටගිය දවසේ
    දෑස ගි‍යා ඉගිලී

    අදුරු ලලා සෙණ්කඩ ගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු ‍වැස්සේ
    ගිය දෙදෙනා අද යන‍වා දෙමන් තලේ

    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රියසක මඩ වතුරේ
    නෑ සිත රිදුනේ
    අදත් එදා සිහිවී
    ‍අපේ සබදකම් ‍නෑ රිය සක දන්නේ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    අම්මාවරුනේ…
    අම්මාවරුනේ…
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කඳුළු දකින දා
    සුර ලොව සිට අත පා……
    ඒ කඳුළැලි පිසිනා

    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ

    අම්මාවරුනේ… අම්මාවරුනේ…
    සෙනෙහස වැඩි දා
    සිතද බොළද වේ
    ලොවම ආදරේ කියා සිතී
    මායාවක්වී එහි තනිවූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මා පමණයි ළඟ ඉන්නේ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
    දැවටී රන්දැලේ හද පුරා සැනසිලා

    ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
    නොසරා මල් කැලේ රොන් සොයාලා //

    බඹර තුඩු ගා නැතී කුමුදු මලකින් පෙතී
    ගෙනෙමි දුර ඈත විලකින් බලා
    ඒ මැද ඔබෙ යහන සාදන්නෙ නාදල්ලෙනී
    සුවඳ උලා

    අරුණ පිනි බිංදුවයි පියුමෙ මකරන්දයයි
    පොවමි මේකුළක කලතා නිවා
    ඉන් මතු කිසිදාක යන්නෙහිද
    හද රන් ලෙනේ පහන නිවා
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මිහිරි සිහිනයක දැවටුනු,
    මිහිරි ගීතයක් වාගේ..
    ඔබ මට මතකයි..//

    අඳුර මැදින් ලසඳ ලෙසින්,
    ඔබ ආ හැටි මතකයි..
    කඳුළු මැදින් සුසුම් මැදින්,
    ඔබ ගිය හැටි මතකයි..

    වැසුනු විමන් විවර වුනේ,
    ඔබ වෙනුවෙන් පමනයි..
    කැකුළු පිපී පරව ගියා,
    සුවඳ අදත් මතකයි..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    පබසර රන් පබළු මිණිමුතු කැන් ඔපලූ..

    රජ කිරුළු අගය නැතේ..

    ඔබෙ හද මල් උයනේ නැළවෙන මල් පවනේ..

    දිළිඳු පැලේ එළිය ඇතේ..


    ගඟ බැස එයි සයුර බලා..

    හිරු හිනැහේ නෙළුම නෙලා..

    නෙත සිත හා එකතු වෙලා..

    ඔබ දැකුමෙන් උමතු වෙලා..


    කළුවර රෑ රළු අහසේ..

    තරුවැල හා අඩ සඳ සේ..

    නොපිරුණු මේ සිතට මගේ..

    ඔබ ගෙන එයි සතුට අගේ..