sinhala unicode lyrics {සින්දු}

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සැදෑ කාලය ඉතින්
ගෙවන්නට සිදු වුනේ
මහළු මඩමයි මගේ
නවාතැන් පළ වුනේ
සිත ලඟින් තනි රැකපු
...දයාවිය නික්‌මුනේ
දරු පැටවු මහ බරක්‌
ලෙසට මා සැලකුවේ
උංගේ සිත නොරිදවා
මෙලෙස මා තනි උනේ
හැදුවත් ළමයි අපි
සෙනෙහසින් ආදරෙන්
සෙනෙහසක්‌ ඇත්තෙ නෑ
අපි වයසට ගිහින්....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඉරට අකීකරු සඳට අකීකරු
රෝස කැලේ රතු කැකුලී..

එකමත් එක රටකින් ඔහු ඒවී
ඔබ ගෙන ඈතට යන්නට යාවී..
...කඳුලැලි ගඟ ළඟ ඉකිබිඳ නාඩන්..//
රෝස කැලේ රතු කැකුලී..

දෙතොලේ පොපියන ගීය ගයන්නට
දෑසේ නලියන කඳුළු සලන්නට..
ලස්සන දවසක් හෙට හමුවේවා..//
රෝස කැලේ රතු කැකුලී..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අඹ මල් රේණුවක් තරම් මා ගැන සෙනේ තිබුනානම්...
අද මේ විලස මට දුකක් නුඹ මට දෙයිද රත්තරන්...//

පුන් සද තරම් නැති උවත්...
අටවක සද තරම් වත්...
...නුබ මට එළිය උනානම්....//

අඹ මල් රේණුවක් තරම් මා ගැන සෙනේ තිබුනානම්...
අද මේ විලස මට දුකක් නුඹ මට දෙයිද රත්තරන්...//

සාගරේ තරම් නැති උවත්..
තණ අග පිණි බිදුව තරම් වත්..
නුබ මට සිසිල උනානම්...
නුබ මට සිසිල උනානම්..

අඹ මල් රේණුවක් තරම් මා,,,,,,,,
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm


මගෙ ජීවිතේ අලුත් පිටුවක් පුරා
ලියැවෙන්නෙ ඔබදෝ ගීයක් වෙලා
පහනක් පැතූ මා සඳ හමුවෙලා
හිනැහේවි සසරේ පුරා

...තරුවක් සොයා ගියෙමි පෙම් ලෝකයේ
ගීයක් උනා ඔබව හමුවු දිනේ
මට හිමි උනා ඔබගෙ නිකැලැල් සෙනේ
අලුතින් ලොවක් හදමු අපි ජීවිතේ

සුසුමක් නැගේවි ඔබගේ හදේ
හසරැල් නැගේවි ඔබගේ මුවේ
රැජිනක් වෙලා ඉන්න සැමදා සෙනේ
කුමරා මමයි ඔබගෙ පෙම් ලෝකයේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කවිය ඔබ
තුන්තිස් පැයක්
නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන්
...තවම නොලියූ
කවිය ඔබ කවිය ඔබ...

පද එකින් එක ලියවා
සිත කුරුටුගා මැකුවා
ඔබ ලියු කවි කියවා
මං අසරණව උන්නා
යෞවනේ තනිකමක්
දැනෙනා මොහොතක
සිත ඉකිගසා හැඩුවා....

හොර ඇහෙන් ඉගිකරලා
සද මගෙන් සමුගත්තා
කවි පොතම පොඩිකරදා
නිදියන්න මට හිතුනා
යෞවනේ...අත ලගින්
හිදිනා මොහොතක
දුර ඈත බව දැනුනා...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
උසාවි බිම අප දෙදෙනා දෙපැත්තට කලා....
ඹබෙ අහන්කාර කුලුදුල් සිත මට දුක් දුන්නා....
ඹබෙ දෙමවුපියන් ඹබ අරගෙන ඈත දුර ගියා....
ලෝකෙම මට වැරදි කියා චෝදනා කලා.....//

...මේ ගමේ තියන සුන්දර තැන්ම....
ඹබ හට පෙන්නුවෙ ආදරෙ තරම....
.මා තනි කලාට මගෙ රත්තරන...
ඹබෙ සුවද තියේ හැම තැනම....

ඡීවිතයම ඹබ හට පුද කලද..
එය පිළිගත්තේ නෑ ඹබ කිසිදා...
ඹබ මගෙ කියා සිතුවත් සැමදා...
අපි අපේ වෙන්න පින් කර නැතුවා..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හවසට පායා අරුණේ සැගවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියල් මගෙ ලොවේ ඇතේ

...රැයකදි ඇය මා අසල නැතේ
හවසට එන්නත් වරම් නැතේ
ඇගෙ නොලැබිමද මගෙ නොලැබිමද
තවමත් මට වැටහිලා නැතේ

හවසට පායා......

සුලු මොහොතකි මුලු දවසින් ඒ
ඇය ඇසුරේ මා පසු වෙන්නේ
ඒ සීමාවෙන් ඉවත පනින්නට
මනසට පමනක් වරම් ඇතේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හිම රේණු වැටෙනා සීතලේ-නෙත ගාව රදවා ආදරේ
සුදු සේළ සුළගේ පා කලේ-ඔබ නේද මාගේ බිසෝ

රන් තෝඩු සැළෙනා රාවයේ-සිත ගාව බැන්දු මාළිගේ
රතු රෝස යහනා සැදුවේ-මට නේද මගෙ මල් සරෝ
...
මදු පානයක් සේ වැහිලා
යනවාද දෙතොලේ ගෑවිලා
මනමාලයන්ගේ චේතනා
නොකියාම පාලා සිනා

හිම රේණු....
රන් තෝඩු....

මුතු මාළයක් සේ යා වුනේ
අපි ආත්ම ගනනේ පෑ සෙනේ
මනමාළියන් ගේ චේතනා
පවසා වි දෑසේ ලතා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
වරදක්‌ කරත් හිතකින් නෙවේ රිදවන්න පලි ගන්නෙ ඇයි..
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස්‌ දෙක වගේ..//

ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා අප එක්‌ වෙලා කුමටදෝ//
වෙනසක්‌ නොවී මගෙ හිස්‌ අතින් පිසලන්නෙ කොයි කදුලුදෝ...
...
වරදක්‌ කරත් හිතකින් නෙවේ රිදවන්න පලි ගන්නෙ ඇයි.. ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස්‌ දෙක වගේ..

අසරණ ඔබයි තනි වුන ඇයයි මට සාප කර යාවිදෝ//
..ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන් සමු ගන්න සිදු වේවිදෝ..

වරදක්‌ කරත් හිතකින් නෙවේ රිදවන්න පලි ගන්නෙ ඇයි.. ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස්‌ දෙක වගේ//.
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේ
ජිවන විජිතේ ආදර දෙවගන හිනහෙන්නේ
ලස්සන හදවත් ඔඅමණයි ආලය හදුනන්නේ
මේ ආදරයට යා හැකිදුර නෑ මා දන්නේ

...කාගේ වේවා ලේ එක වාගේ දිස්වන්නේ
අහසයි මුහුදයි ලංවී දෙනුවන් රවටන්නේ
ආලය මායා සිහිනය මේදෝ නැහැ දන්නේ
කාලය විසදුම් දෙනතුරු ඉන්නද සිදුවන්නේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා...ගෙවූ කාලය සිහිනයක්

මගේ දුක දැක ඔබේ දෙනයන
...උපන් කඳුලෙන් සේදිලා...//
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා...

එදා ලඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ...//
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙසද පෙම් කරන්නේ...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
එදා රෑ ගුවන් තොටු පලේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ....//

නෑසිය මිතුරන් පැමිණීලා...
ආසිරි සුභ පැතුම් පැතුවා....
ඹබ නාවෙ ඇයි මිහිරියේ....
...
එදා රෑ ගුවන් තොටු පලේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ....

මේවන තුරැ රහසක් වීලා මාසිතේ ...යම් දෙයක් තිබුනා එය කීමටයි ලතැවුනේ....

එදා රෑ ගුවන් තොටු පලේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ....//
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
බ ඉන්නේ කොහද කියා
මම සොයනවා ලෙැකේ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා....

...ලස්සන ලෝකයේ
මට හිමි ආදරේ
සොයම් ජිවිතේ
පාඑ මකා....

මල් මල් මාවතේ
ආදරයයි ලදේ
ඔබ ලැබේනා තුරා
මා ඉන්නම්.....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අහස නුඹ මෙතරම් සැඬ යැයි
දැනුනෙ මහ වැසි වැටුණාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැගුනේ නියඟය ආවාමයි..

...රෑට තරු ඉසිනා අහසට
අඳුරු සිත් ලැබුණේ කොහොමද
නේක මල් සදනා පොළොවට
නපුරු සිත් කොයිබින් ලැබුණිද..

නීල ඉඳුවර පෑ අහසට
කඳුළු වැසි දුන්නේ කවුරුද
පළා පැහැ ඉසිලූ මිහි මත
නියං ඇතිරූයේ කවුරුද..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ගෙදර ටවුමේ හන්දි ගානේ රවුම් ගහන සැප
ගන්නට බැහැ මෙහෙ ආවොත් ආතල් හැමවිට
ජීවිතෙ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
හිතල බලල එන්න ඇත්ත කිව්වා හනිකට

...උලුප්පලා බොරු සෝබන කියනව මේ අය
ආවම දැනගන්න ලැබෙයි විඳිනා මර දුක
දිනුමට හැර විපාකයට යන්න එපා රට
රැවටෙන්නෙ එපා රට ඈයෝ කියන බයිලවට

පිටරට විස්තර මෙව්වා.. අහගෙන ඉන්න ඔයාලා
දෙවරක් හිතලා බලලා.. යන්නලා හිතලා ඔහෙලා..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
දුක්‌බරව කවියක්‌ ලියා
එහි පද පෙලක්‌ අඩුවෙන් තියා
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඔහු ගියා...........
...
ශෝකාන්තය එන තුරා එහි
රැඳෙන්නට සිත් ඇති නියා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඔහු ගියා............

ඇරඹුමම කඳුළක්‌ වෙලා
මා බලා ඉද්දි ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඔහු ගියා .............
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්මී යන්න
ලියු දහසක් කවි වලින් මට
එකම කවියක් වත් දෙන්න

...නිදා නොනිදා පහන් කළ රෑ
කෙතරම්ද මේ අහස යට
කියා ගන්නට බැරිව හිටි දුක්
දන්නෙ කවුරුද ඔබම මිස

එපා වෙන්නට.........

මලානිකවු මලක් ආයෙත්
පිපේවිද කොයි කවර ලෙස
පිපේ නම් ඒ ඔබට මයි
කාට අයිනිද ඔබට මිස
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මියුරු කල්පනා නෙතක දැල්වුනා
අම්යුරු රස හසකැන් මැද
සිතක් හිනැහුනා
වරෙක නැළවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද
...සිතක් මැලවුනා

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රෑල්ලකි
කටු අකුලෙන් මල් පුබුඩ්ජමි
ඔබ සැනසේ නම්

පිණි බිඳකින් මුති අමුණමි
දිති සුරුගෙන් සිතලදෙමි
කඩුතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නැ මා ඇයිද පෙම් කලේ
සද රාජිනි නුබයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ

...රෑ දොළොස් පැයේ ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ
චන්චලයි වගේ ඔබේ හිත කොයිද පා උනේ
අදහන්න බෑ කඳුලක්ද ආදරේ
නුබ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

තරුකවියන් ගොතාලා මාගේ අම්බරේ
ඇයිද හැන්ගුනේ පෙලා මා අන්දකාරයේ
අදහන්න බෑ කඳුලක්ද ආදරේ
නුබ දන්නේ නෑ සුන්දරයි . .
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී.
.ඒ පෙති එක්කර මලක් සොයන බොලඳි..
සරදම් නොකරමි ආදරයෙන් කියමි..
විසිරුණු පෙති යළි මලක් නොවේ නැගෙනී........

...වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ.
.බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහස දෙකෙලවර නුඹට දකිනු හැකිදෝ..

බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ..
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් පිණි බොල් අහසම නොවෙදෝ..