sinhala unicode lyrics {සින්දු}

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    අම්මා නැති මට කිරි අම්මා වී
    කරුවල ගෙදරට මිණි පහණක් වී
    දැනගත් දා සිට පෙරුම් පිරූවේ
    අක්කේ මම මතු සක්විති වෙයි සිතලා දෝ

    පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
    උදේට ලිප ළඟ කඩයප්පන් ගොඩවේ
    දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
    පණමට දී මගෙ නැණ නෙත් පෑදූයේ

    මෝරා හද ගැබ පෙම්මල් නැහැ පිපුණේ
    ඉහිලා හඳවට ගෝමර ලතැවෙන්නේ
    බාල යොවුන් හඳ වැහැරී ගේ ඇතුලේ
    මා ලද ශිල්ප ද නුඹ හා එක මුල්ලේ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සිලිලාර සිත න‍යනා හෘදේ සිඹිනා
    කෝල නීල වදනා සවන පිනනා
    මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා
    සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා

    හද අරවින්දේ මතු දවසක පිපුණාවේ
    ගිනිගත් ඒ නගරේ අතැර නොයනු මා ප්‍රේමියේ

    සිලිලාර සිත න‍යනා . . .

    මුදු රාත්‍රියේ පිණි ඇතිරුණු යහනාවේ
    දුක් ගිනි වියැකේවී සොඳුරු නොවෙද මා ප්‍රේමියේ

    සිලිලාර සිත න‍යනා . . .

    සින්දු ඔක්කොම ගත්තෙ මෙතනින්
    click here
     
    Last edited:

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    එපා වෙන්නට පෙර ඔබට
    මට අවසරයි නික්මී යන්න
    ලියු දහසක් කවි වලින් මට
    එකම කවියක් වත් දෙන්න

    ...නිදා නොනිදා පහන් කළ රෑ
    කෙතරම්ද මේ අහස යට
    කියා ගන්නට බැරිව හිටි දුක්
    දන්නෙ කවුරුද ඔබම මිස

    එපා වෙන්නට.........

    මලානිකවු මලක් ආයෙත්
    පිපේවිද කොයි කවර ලෙස
    පිපේ නම් ඒ ඔබට මයි
    කාට අයිනිද ඔබට මිස
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මියුරු කල්පනා නෙතක දැල්වුනා
    අම්යුරු රස හසකැන් මැද
    සිතක් හිනැහුනා
    වරෙක නැළවුනා වරෙක ලතැවුනා
    නුපුරුදු ගිනි දහසක් මැද
    ...සිතක් මැලවුනා

    හිමගිර මට වැලි අහුරකි
    මහ සමුදුර දිය රෑල්ලකි
    කටු අකුලෙන් මල් පුබුඩ්ජමි
    ඔබ සැනසේ නම්

    පිණි බිඳකින් මුති අමුණමි
    දිති සුරුගෙන් සිතලදෙමි
    කඩුතුඩු මත සැතපෙන්නෙමි
    ඔබ සැනසේ නම්
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී..
    ඒ පෙති එක්කර මලක් සොයන බොලඳි..
    සරදම් නොකරමි ආදරයෙන් කියමි..
    විසිරුණු පෙති යළි මලක් නොවේ නැගෙනී........

    ...වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
    වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ..
    බඳට පියාපත් යුවලක් ලැබුනත්
    අහස දෙකෙලවර නුඹට දකිනු හැකිදෝ.

    .බඹරුන් පසුපස මල් දිව නොගියත්
    අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ..
    මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
    නුඹේ සුසුම් පිණි බොල් අහසම නොවෙදෝ..
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඇසට කඳුළු හරි බරයි
    හිතට කඳුළු හරි දුකයි
    කඳුළු වලට මං බයයි
    කඳුළු දෙන්නෙ ඔබමමයි

    ...සඳ පුරන අහසමයි
    යලි සඳ ගිලගන්නේ
    එ සඳේ එළියමයි
    යලි අහස ලබන්නේ

    රෑ හීන සුන්දරයි
    ඔබ ඉන්න හින්දමයි
    මා ඉන්නෙ ඔබ ලඟයි
    ඔබ නම් මගෙන් දුරයි
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඔබ ලග නැති මේ සසරේ
    තනි කම දැනුනා අදුරේ
    පැතුවා ඔබේ සිසිලස උනුසුම් කතරේ
    ඔබ මා ලග නැති අතරේ

    ...රන් දේදුනු පැවුදා
    ඔබ හා මා එක්වු දා
    මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
    පොද වැස්සට අපි දෙන්නා

    විලද පොරි ඉහලා
    අපට සුබ පැතුවා
    අසිරි හඩ දිලා
    මංගලම් කිවා
    සුවදින් පිරි හසරැල් ඔබේ
    මගේ මුවගට ලං වුවා
    රැය පහන්කලා දෙදෙනා
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    වස්සානයේ කඳුළු වියලි යාවි
    නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි
    අළුත් ඉරක් හෙට පායා ඒවී

    හිනා මල් ලඟ මං නවතින්නෑ
    ...ස්නේහ මිදුමේ මං දැවටෙන්නෑ
    ආදරේ මට අවැසි වෙන්නෑ

    මං දැන් නිර්වාණයේ

    බොඳ සිහිනවල ආයිත් ගිලෙන්නෑ
    අරුත් සුන් පද ආයිත් ගොතන්නෑ
    පැතුම් කඳු මං ආයිත් හඩන්නෑ

    නුඹේ උණුහුම මට හීතල නෑ
    නුඹේ හාදුවැල් මට උණුහුම් නෑ
    හිරුට පිපුණු කොඳ සඳු රවටනු බෑ
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    පුදසුනක නිසල බව
    ලද පෙමට තිබුනි නම්
    හදවතට නොවේ මේ තරම් සුසුම්
    මට කියනවාද..//
    බැදි ආදරයට ඇයි දුන්නේ රිදුම්....//
    ...
    මල් විලක එලා තිබු
    මුදු සුවද නෙලාගෙන
    සැනසිල්ල ලගින්
    හිනහෙන්න ගිහින්
    දුක හඩන හැඩුම්
    ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්..‍‍‍..

    පුදසුනක නිසල බව....

    පෙම් සදක ප්‍රභා ඇති
    පෙම් වරම උතුම් ලෙස
    පුද දුන්නු බැතින්
    පණ ගැහෙන තරම්
    ලෙන්ගතු සිතකින්
    මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්.....
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක්‌ සේ...
    මගේ ලොව වෙත ඔබයි ගෙන අවේ...
    සිනාසී ඔබයි ගෙන ආවේ...
    වසන්තය මලක්‌ සේ...

    ...නිබඳ සුවඳයි ඔබ නිසා මට...
    ගම මැදින් හමනා පවන සිහිලැල්...
    ගම් දොරින් පිටමන් නොවේවා...
    නැවුම් සිහුඹුල් යෞවනේ හසරෙල්...

    නිසල සිතුවිලි සසල තුරුලිය...
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්...
    අහස සමුදුර වැළඳ සැනසෙමි...
    තැනක සඟවමි හද සෙනේ සුසුමින්...
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ගීතයක්‌ සේ මතුවෙයන් නොසිතූ වෙලාවක...
    හීනයක්‌ සේ පෑදියන් තනිවූ විරාමෙක...
    මා හැරදමා ගිය මියුලැසී...

    හෙට දිනත් පෙර මගක්‌ අරමුණක්‌ නැති ගෙවෙන දිවියේ...
    ...ඉසිඹුවක්‌ ලෙස හෝ....
    ගෙවුනු රසබර මතක මතුකර හිනැහියන්...
    මා හැරදමා ගිය මියුලැසී...

    හිනැහෙමින් වැළපෙමින් දුටු සිතින් පෙම් පිරූ සමයේ...
    සළකුණක්‌ ලෙස හෝ...
    පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්...
    මා හැරදමා ගිය මියුලැසී...
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මිරිඟුවක්‌ සොයා ගිහින්...
    සිත ගිලන් වුනා තමයි...
    හිමි නැතත් ඔයා ඉතින්...
    මම තවත් ඔබේ ළඟයි...

    ...ඔය හිතින් පිදූ පෙමින්...
    ඇත දහස්‌ ගනන් පැතුම්...
    ඔබ ගියත් මගෙ ලඟින්...
    මගෙ හිතත් යන්න අරන්...

    ඔය සුසුම් පවන් වැදී...
    නෙතු පියන් සැලේ රිදේ...
    ඔබ ගොළුයි සිතත් නිදි...
    ඔබව තාම මටද හිමි...
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සුළග වගේ දග කරන
    එති එති ලග රැදෙන
    ඔයා වගේ හිත නිවන
    භාවනාවක් කොහෙද

    ...විටෙක ඇවිත් සිත නිවන
    ආයෙමත් දුර දුවන
    හෙමින් හෙමින් කිති කවන
    ඔයා මගෙ ඕම් කවිය

    සුළග වගේ.......

    වෙලා ඇවිත් සුළි සුළග
    පාරවයි සිත සුව්ස්ඳ
    තරහ නෑ මං තවම
    හෙටත් ඔඅයා මගෙ මැණික
     
    ඔබ ලැබගන්නට මගෙ හද නිරතුරු,
    පෙරුම් පුරයි ළඳුනේ..
    ඔබෙ දිවි ගමනේ අත්වැල වන්නට,
    පැතුම් පතයි ළඳුනේ..//

    සති අග එනතුරු ඔබ දැකගන්නට,
    නෙත් යුග වෙහෙසෙනවා..
    මගෙ ඇසුරින් ඔබ වෙන්වී යනවිට,
    ඒ නෙත් බොඳවෙනවා..

    මගෙ සෙනෙහස ගැන ඔබට කියන්නට,
    මා අද ළතැවෙනවා..
    ඔබ වෙන කෙනෙකුට බහ දී ඇත්දැයි,
    සිත මගෙ විමසනවා..//
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    දුර එත රටක තනිවි
    සිහිවෙන හෙම මොහොතක්‌ ගනේ
    නෙතගට කදුලු පිරේ
    එන්න හිතයි පියබා ඔබේකුටියට
    මගේ කිරිල්ලියේ
    ...
    සෙහෙයක්‌ දෙනුන ඔබ ගෙන
    දුරස්‌ව ඉන්නා ටික කලයෙදි
    නිවදුවක්‌ ලද විගසම එන්නම්
    ඔබ හ ගොද මලු වෙන්නට රහසින්

    දුර කත නෙන් ඔබ අම්තන විට දීහි
    තට දෙනුනෙ අපමන සටුටක්‌
    ඉවසිල්ලක්‌ නේ ඔබ වේත එන්නට
    දිවිය පුරවට මගේ කර ගන්නට..
     
    වස්සානයේ කඳුළු වියලි යාවි
    නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි
    අළුත් ඉරක් හෙට පායා ඒවී

    හිනා මල් ලඟ මං නවතින්නෑ
    ...ස්නේහ මිදුමේ මං දැවටෙන්නෑ
    ආදරේ මට අවැසි වෙන්නෑ

    මං දැන් නිර්වාණයේ

    බොඳ සිහිනවල ආයිත් ගිලෙන්නෑ
    අරුත් සුන් පද ආයිත් ගොතන්නෑ
    පැතුම් කඳු මං ආයිත් හඩන්නෑ

    නුඹේ උණුහුම මට හීතල නෑ
    නුඹේ හාදුවැල් මට උණුහුම් නෑ
    හිරුට පිපුණු කොඳ සඳු රවටනු බෑ
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මේ අදුර හොද‍‍‍යි මට
    ආලෝකයෙ රැස් වැඩි හින්දා...
    මේ තනිය හොදයි මට
    ආදරයේ දුක් වැඩි හින්දා....
    ...
    අදුරේ සැගවුනු මා විමසන්නට
    එපා එපා රැස් ඉරේ හදේ...
    මා තතු විමසා කාට කියන්නද
    කවුරැ අසන්නද මෙලෝ තලේ...

    තනියේ කිමිදුනු මා මුදවන්නට
    එපා එපා බස් සිනහ මුවේ
    මා සිත වටලා ආල කතන්දර
    පවුරු බදින්නද මගේ ලොවේ.....