sinhala unicode lyrics {සින්දු}

සදවී හදේ පායන් ඉතින් රන්තරුකා මල් වැල් අරන්
මුදු සිත වැල් අතරින් ඇවිත් දෝතින් බදා සිප ගන් සෙමෙන්
කදුලෙන් උපන් සෙනෙහේ නමින් දිවි ඇතිතුරා හැරදා නොයන්......

මේ රාත්‍රියේ දැනෙන තනිකම් ලගින්
...ඔබෙ ආදරේ සුවද ගෙන දෙ හෙමින්
සංසාරයේ පැතුව පැතුමක්‌ ලෙසින්
ඔබ ලන් උනේ හදට සුලගක්‌ ලෙසින්
පිදු ප්‍රේමයේ සොදුරු පිරිසිදු හදින්.........
 
ඇසට කඳුළු හරි බරයි
හිතට කඳුළු හරි දුකයි
කඳුළු වලට මං බයයි
කඳුළු දෙන්නෙ ඔබමමයි

...සඳ පුරන අහසමයි
යලි සඳ ගිලගන්නේ
එ සඳේ එළියමයි
යලි අහස ලබන්නේ

රෑ හීන සුන්දරයි
ඔබ ඉන්න හින්දමයි
මා ඉන්නෙ ඔබ ලඟයි
ඔබ නම් මගෙන් දුරයි
 
ඔබ ලග නැති මේ සසරේ
තනි කම දැනුනා අදුරේ
පැතුවා ඔබේ සිසිලස උනුසුම් කතරේ
ඔබ මා ලග නැති අතරේ

...රන් දේදුනු පැවුදා
ඔබ හා මා එක්වු දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සට අපි දෙන්නා

විලද පොරි ඉහලා
අපට සුබ පැතුවා
අසිරි හඩ දිලා
මංගලම් කිවා
සුවදින් පිරි හසරැල් ඔබේ
මගේ මුවගට ලං වුවා
රැය පහන්කලා දෙදෙනා
 
වස්සානයේ කඳුළු වියලි යාවි
නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි
අළුත් ඉරක් හෙට පායා ඒවී

හිනා මල් ලඟ මං නවතින්නෑ
...ස්නේහ මිදුමේ මං දැවටෙන්නෑ
ආදරේ මට අවැසි වෙන්නෑ

මං දැන් නිර්වාණයේ

බොඳ සිහිනවල ආයිත් ගිලෙන්නෑ
අරුත් සුන් පද ආයිත් ගොතන්නෑ
පැතුම් කඳු මං ආයිත් හඩන්නෑ

නුඹේ උණුහුම මට හීතල නෑ
නුඹේ හාදුවැල් මට උණුහුම් නෑ
හිරුට පිපුණු කොඳ සඳු රවටනු බෑ
 
පුදසුනක නිසල බව
ලද පෙමට තිබුනි නම්
හදවතට නොවේ මේ තරම් සුසුම්
මට කියනවාද..//
බැදි ආදරයට ඇයි දුන්නේ රිදුම්....//
...
මල් විලක එලා තිබු
මුදු සුවද නෙලාගෙන
සැනසිල්ල ලගින්
හිනහෙන්න ගිහින්
දුක හඩන හැඩුම්
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්..‍‍‍..

පුදසුනක නිසල බව....

පෙම් සදක ප්‍රභා ඇති
පෙම් වරම උතුම් ලෙස
පුද දුන්නු බැතින්
පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්
මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්.....

පුදසුනක නිසල බව.....
 
සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක්‌ සේ...
මගේ ලොව වෙත ඔබයි ගෙන අවේ...
සිනාසී ඔබයි ගෙන ආවේ...
වසන්තය මලක්‌ සේ...

...නිබඳ සුවඳයි ඔබ නිසා මට...
ගම මැදින් හමනා පවන සිහිලැල්...
ගම් දොරින් පිටමන් නොවේවා...
නැවුම් සිහුඹුල් යෞවනේ හසරෙල්...

නිසල සිතුවිලි සසල තුරුලිය...
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්...
අහස සමුදුර වැළඳ සැනසෙමි...
තැනක සඟවමි හද සෙනේ සුසුමින්...
 
ගීතයක්‌ සේ මතුවෙයන් නොසිතූ වෙලාවක...
හීනයක්‌ සේ පෑදියන් තනිවූ විරාමෙක...
මා හැරදමා ගිය මියුලැසී...

හෙට දිනත් පෙර මගක්‌ අරමුණක්‌ නැති ගෙවෙන දිවියේ...
...ඉසිඹුවක්‌ ලෙස හෝ....
ගෙවුනු රසබර මතක මතුකර හිනැහියන්...
මා හැරදමා ගිය මියුලැසී...

හිනැහෙමින් වැළපෙමින් දුටු සිතින් පෙම් පිරූ සමයේ...
සළකුණක්‌ ලෙස හෝ...
පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්...
මා හැරදමා ගිය මියුලැසී...
 
මිරිඟුවක්‌ සොයා ගිහින්...
සිත ගිලන් වුනා තමයි...
හිමි නැතත් ඔයා ඉතින්...
මම තවත් ඔබේ ළඟයි...

...ඔය හිතින් පිදූ පෙමින්...
ඇත දහස්‌ ගනන් පැතුම්...
ඔබ ගියත් මගෙ ලඟින්...
මගෙ හිතත් යන්න අරන්...

ඔය සුසුම් පවන් වැදී...
නෙතු පියන් සැලේ රිදේ...
ඔබ ගොළුයි සිතත් නිදි...
ඔබව තාම මටද හිමි...

ඔබව තාම මටද හිමි...
 
සිතුවේ හද ඔබ ගැන විතරයි...ඒ හින්දා වෙන්වෙන්න දුකයි...
සෙනෙහස දෙන්නට ලංවී ඉන්නට...මට නම් ඉන්නේ ඔබ විතරයි...

පැතුවේ හද ඔබවම විතරයි...ඒ හින්දා සමුගන්න දුකයි...
නිදි නැති මුළු රෑ ඔබ ගැන සිහිවී...කඳුලැලි සැලුවේ මම දුකටයි...
...
එක දවසක්‌ මට ඉස්‌සර වාගේ...ඔබ ලඟ ඉන්නට ඉද දෙන්න...
තව එක දවසක්‌ හදවත මාගේ...ඔබගේ සුවඳින් සරසන්න...

එක දවසක්‌ මට ඉස්‌සර වාගේ...ඔබ ලඟ ඉන්නට ඉද දෙන්න...
 
මල් මුතුලැල් නිල් තිරු වැල්
සකුණ විජිතයේ
මා සඟවා තබයි ඔබේ රාජධානියේ
මා සිතගාවමයි ඔබේ තාරකාවියේ

...නිල් නුගවිල් පුන් සඳ රැල් ඉතිරෙනා වෙලේ
මේ හසකැන් දේදුණුවන් තාරකා දිලේ
රන් රසුදැල් මල් හසරැල් සැසලෙනා හදේ
මේ නිකැලැල් ජිවන මල් මාලතී පිපේ
ජිවිතයෙන් ජිවිතේ වාසනා රැදේ

මල් මුතුලැල්........
 
සුළග වගේ දග කරන
එති එති ලග රැදෙන
ඔයා වගේ හිත නිවන
භාවනාවක් කොහෙද

...විටෙක ඇවිත් සිත නිවන
ආයෙමත් දුර දුවන
හෙමින් හෙමින් කිති කවන
ඔයා මගෙ ඕම් කවිය

සුළග වගේ.......

වෙලා ඇවිත් සුළි සුළග
පාරවයි සිත සුව්ස්ඳ
තරහ නෑ මං තවම
හෙටත් ඔඅයා මගෙ මැණික

සුළග වගේ.......
 
දුර එත රටක තනිවි
සිහිවෙන හෙම මොහොතක්‌ ගනේ
නෙතගට කදුලු පිරේ
එන්න හිතයි පියබා ඔබේකුටියට
මගේ කිරිල්ලියේ
...
සෙහෙයක්‌ දෙනුන ඔබ ගෙන
දුරස්‌ව ඉන්නා ටික කලයෙදි
නිවදුවක්‌ ලද විගසම එන්නම්
ඔබ හ ගොද මලු වෙන්නට රහසින්

දුර කත නෙන් ඔබ අම්තන විට දීහි
තට දෙනුනෙ අපමන සටුටක්‌
ඉවසිල්ලක්‌ නේ ඔබ වේත එන්නට
දිවිය පුරවට මගේ කර ගන්නට..
 
මාහ පොලොවදකි හඳ හරිම හැඩයි
ඒ ලාස්සන නොදකින්නෙත්
ලස්සන හඳම තමායි
ඔබෙ ලස්සන ඔබ හට නොපෙනෙයි
මට පෙනෙනව වගෙයි
...ජිවිතේ හැටි හඳ අපිට කියනාහැටී
ආදරේ නිති හඳ පනෙ දිලෙනා හැටි

මදසුලඟ සුවයි සියෝලගට දැනෙයි
ඒ සිසිලස නොද්නින්නෙත් සිහිලැල් සුලග තමයි
ඔබේ සිහිලස ඔබ හට නොදැනෙයි
මට දැනෙනව වගේයි
ජිවිතේ හැටි මදසුලග ගෙනෙනා හැටි
ආදරේ නිති සුලගෙම රැදෙනාහැටි
 
මේ අදුර හොද‍‍‍යි මට
ආලෝකයෙ රැස් වැඩි හින්දා...
මේ තනිය හොදයි මට
ආදරයේ දුක් වැඩි හින්දා....
...
අදුරේ සැගවුනු මා විමසන්නට
එපා එපා රැස් ඉරේ හදේ...
මා තතු විමසා කාට කියන්නද
කවුරැ අසන්නද මෙලෝ තලේ...

තනියේ කිමිදුනු මා මුදවන්නට
එපා එපා බස් සිනහ මුවේ
මා සිත වටලා ආල කතන්දර
පවුරු බදින්නද මගේ ලොවේ.....
 
සුදු එදුමින් සෙරි මුව හස රෙල්ලේ
අරලිය ගහ යට සුවි සුව නිල්ලේ
තනි වන විට මා සමගින්
ඉගි කර අදි මදි කරමින් තනි
වේමු සොදුරියේ අපි සෙන සිල්ලේ..
...
රන් තරු වට කර පයන සද
වේනිසෙවනෙලි සිටුවම් රේ
සිහිනේන් ඔබඑන විට මා පිබිදෙන් නේ
හදවන් මුහු දෙනෙටින් ඔබ බෙල්ලු කල
මගෙ හිත ඉවසුම් නේ
කුමරියේ අයි ඔබ තනිවම සුසුමන් පේ
කුමරියේ ඔබ අද මා ලග නේ...
 
සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹ්යි

නාමලක් වගේ සිතුම් සෙනෙහසින් පිරේ
...ආදරෙන් අරන් ඇවිත් තුරුළු වන්නෙමි
සදපාන ඔබ වැනී නිල් අහසේ නැළැවුණි
මගෙ නෙත් පුරා ගැලු අනන්ත සතුට නිම්නැති

සංසාර සිහිනයේ....

මා ඔබෙන් පැතු පැතුම් ආදරෙන් ගෙනා
රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා
මනමාල සිත පුරා දගකාරකම තිය
ඔබ මා ළගින්ම නතරවෙන්න ආදරෙයි කියා
 
සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ
මතක අපේ සිහිකරන්නදෝ
ලොවම කථාවේ අප බිදුණු සෙනේහේ
සිතට ඔබේ සිහි නොව්වන්නෙදෝ

...හදට ළං වෙලා ඔබ කියු පෙම් කථා
සුළං රොදේ වෙලී පාවෙලා
නැගෙන වේදනා හද විරහ කල්පනා
සුසුම් කියයි නොවී චෝදනා

බිඳුණු ජිවිතේ අද තනිව ආදරේ
දෙනෙත මැවු සිහිනයක්ම දෝ
සසර මාවතේ මා සිටිමි පාළුවේ
සෙනෙහෙ සිතින් හමු නොවන්නෙ දෝ
 
ඈතින් ඉඳන් මා ඔබ දෙස බලන්නම්...
පාළුයි සිතින් මා තනිවී හිඳින්නම්...
හිරු පායලා ඇත අහසේ...
මගේ ලොවේ හිරු තව ආවෙ නෑ...

...රැය ලංවෙලා ඇත සඳ මෙන් ඔබේ මුව...
තරු පිරිවරා ඇත මා තනිවෙලා...
බෑ ශෝක වන්නට එය මගේ දෛවය...
සඳු හිරු තිබෙන තුරු ඉමු තනිවෙලා...

දිවා රෑ ගෙවී යයි දිවි ගඟ ගලා යයි...
දින දින ඔබේ රුව යයි සැඟවිලා...
බෑ ශෝක වන්නට එය මගේ දෛවය...
සඳු හිරු තිබෙන තුරු ඉමු තනි වෙලා...
 
ආදරේ පිනි පොද වැස්‌සේ...
පෙම්වතුන් ගේ රිද්මයට...
ආදරේ පියවර තියන්නට...
ඔබත් එක්‌ක තුරුළු වෙලා තෙමෙන්න...
සිහිල් සුලන් රැල් මට විඳින්න...
...
හිත පුරා ඔබව දකින්න...
හිත පුරා ඔබව විඳින්න...
නිදන තුරා ඔබව නලවන්න...
ආදරේ කුළුඳුල් රාත්‍රියේ...

සුළඟට මුසු කළ හාදු දෙතොල්...
සිහිවටනය කරගන්න...
රිද්මය නැති ජීවිතයට පණ පොවන්න...
ළයට තුරුලු කරගෙන ආදරේ කොඳුරන්න...

ඔබෙන් එක මොහොතක්‌ මට දෙන්න...
 
වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මා

...සයුරක් ව්වගේ කිරි දුන් කෙනෙක්
වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මා

කඳුළක් වෙලා දුක් වු කෙනෙක්
දියඹක් වෙලා තුටු වු කෙනෙක්
ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක්
වෙ නම් ලොවේ නුඹයි අපෙ අම්මා