sinhala unicode lyrics {සින්දු}

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Mena!
    40151311.jpg
     

    udana89

    Junior member
  • Jan 30, 2009
    656
    14
    18
    Sri Lanka
    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන් වත් නොදකින කුමරා //

    කලුවර රෑ සඳක් වගේ
    ...අහසේ නුඹ ඉන්නව නම්
    ආසයි මම නොකී කවිය
    ඔබට කියන්න
    තරහක් නෑ නුඹ බැස යන්න

    මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරිසරනව නම්
    ආසයි මං කවුළු පියන්
    ඇරල තියන්න
    තරහක් නෑ නෑවිත් ඉන්න...
    meka fatta.:yes::yes::yes:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    දෙනෝදාහක් නුවන් අතරේ
    කවු‍රුදෝ මා තනි‍කලේ තනිකලේ
    පාසැල් බිමේ

    සිනා කෙලිලොල් තෙපුල් රහසේ දෙඩූ තැන්
    ...අද ගොළු වෙලා
    සොදුරු පාසැල් පියස කදුලින් බොදවෙලා
    කැදැල්ලෙන් ඔබ වෙන්වෙලා

    නිබද ඔබ මා ඇවිද ගිය තැන්
    සෙවන දුන් ගහ කොළ පුරා
    බිමට බරවුනු කැකුලු අතු ඉති මැලවිලා
    දුකින් හදවත ගොළු වෙලා
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සිතක් කෙලෙසද මේ තරම්
    වේදනාවන් විදින්නේ
    නෙතක් කෙලෙසද මේ තරම්
    දුකට කදුළැලි සළන්නේ

    ... ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද
    කල්පයක් වී දැනේ නම්
    ඔබෙන් තොර හෙට දිනක් ගැන මා
    සිතා ගන්නේ කෙලෙසදෝ

    සුසුම් කදුළැල් සිහින පමණක්
    උරුමයන් වී සදාකල්
    සතුට මොහොතක මිරිගුවක් වී
    බිදී යන්නේ ඇයි මෙසේ...
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සොවින් පිරි මගේ හදවත
    තුලින් මතු වෙවි පිටවන
    හැගුම් කැටි ගැසී ගෙන එන
    හිතට වේදනා................
    සුවෙන් මා එදා සැතපුන
    ...යහන් මත මහත් විස කටු
    පිපෙන්නා වු ලෙසට දැනේ
    ගතට වේදනා...............

    ගතත් වේදනවෙන් පිරි
    සිතත් සෝ දුකින් බ
    රවීදෙනෙත් අද නොවී තිබුනත්
    ඉනුත් නැහැ සුවේ..............

    කනත් බිහිරි වී නැති මුත්
    අමුත්තක් වෙල නෑ කිසි
    එහෙත් ඉන් හොදක් මිහිරක්
    මෙතෙක් නැහැ ඇසී.........
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    හීනයකි මට ආදරේ
    හැඟෙනව මට ජීවිතේ
    හිනයට ළඟ ජිවිතේ
    හැඟෙනවා මගෙ ආදරේ

    ...වැටෙනකොට කඳුළු ඇවිලිලා
    සුවඳ මල් පෙති පරවෙලා
    සුවඳ මල් පෙති පරවෙලා
    වස්සාන සිහිනේ ඇවිලිලා

    සුසුමේ තවරා සැඟවු සිහිනේ
    ආදරණීය වස්සානේ
    ආ....ආ....ආ....ආදරණීය වස්සානේ
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ප්‍රේමය පුදදී අවසානයි
    ඔහු සතුවී කාලය බෝමයි
    නොලැබෙන මා නොපතන්න
    තහනම් සෙවනෙන් යන්න
    පරාජයේ දුක මට පුරුයි
    ...සැනසුම නුඹ වාගෙම ඇතයි
    තහනම් සෙවනෙ ඉන්න
    තව මොහොතක් ඉඩ දෙන්න

    එක වදන්ක් පවසන්නම්
    එය හදවත හඩවයි නම්
    මා වෙනුවෙන් නොහඩන්න
    ජිවිතයට ඉඩ දෙන්න
    ඔය කීලෙස මතු ඉන්න
    දිවුරුම් නම් බෑ දෙන්න

    ආදරයක් තියෙනවා නම්
    දෙනෙතින් පිලිතුරු දෙන්නම්
    මට නොපෙනී පිටවෙන්න
    ගත ගෙනයන්නම් දුරක
    සිත නම් බෑ ගෙනයන්න
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    පිපී පර වූ සුවද මල් මිටක්‌ අරගෙන
    සිදි බිදි රැලි මියැදුන පාලු වෙරලක
    නිවි සැනහී හමන පවනක
    හමු වූ මන්...හමු නොවු නා නම්
    කදුලු නැ අද මගෙ හිත යට
    ...හමන පවනක වැටෙන පිනි කැට...

    දුරක ගිය නුබෙ සුවද අරගෙන
    සදක්‌ වේ මට සිහිල ගෙන එන
    හිතත් නොසිතුව එකම දවසක
    හමු වූ මන්...හමු නොවුනා නම්
    කදුලු නැ අද මගෙ හිත යට
    දිලෙන සදකින් වැටෙන තරු කැට..
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ..
    කෑලි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ..

    කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී..
    ...දැන් ඔබ ලඟ සිටී රුවක් විලස නොසෙල්ලී..
    යොදුන් ගනන් ඔබමැ සොයා ආ සියුමැල්ලී..
    පිළිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී..

    ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ..
    කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ..
    ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ..
    ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ..