sinhala unicode lyrics {සින්දු}

Nov 24, 2008
14,813
575
0
78
ahaka yana nai age daaganne nathuwa palayan yanna:oo:
ubawa dan meke chater wela nisa wena wedakuth naane karanna:P
bite wenna epa ban palayan:D
චානේ බන් උබ ගැරඩි වැඩ නේ කරන්නෙ:lol:
ඇයි දැන් මම මෙතන උඹව කුජීත කල මදිද.. අපෝ මීට පස්සෙ ලෙරික්ස් කොපි පේස්ට් කරන බ්ලොග් එකේ ලින්ක් එක දාපන්. :lol: වැඩ්ඩෝ lmao
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
චානේ බන් උබ ගැරඩි වැඩ නේ කරන්නෙ:lol:
ඇයි දැන් මම මෙතන උඹව කුජීත කල මදිද.. අපෝ මීට පස්සෙ ලෙරික්ස් කොපි පේස්ට් කරන බ්ලොග් එකේ ලින්ක් එක දාපන්. :lol: වැඩ්ඩෝ lmao
ubama kiyala ubama thaniyama hinaa weyan paw ne onna mamath hina unaa:lol:
sigithi athal ganne nathuwa palayan:P
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හීනයකි මට ආදරේ
හැඟෙනව මට ජීවිතේ
හිනයට ළඟ ජිවිතේ
හැඟෙනවා මගෙ ආදරේ

...වැටෙනකොට කඳුළු ඇවිලිලා
සුවඳ මල් පෙති පරවෙලා
සුවඳ මල් පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිලිලා

සුසුමේ තවරා සැඟවු සිහිනේ
ආදරණීය වස්සානේ
ආ....ආ....ආ....ආදරණීය වස්සානේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න
පරාජයේ දුක මට පුරුයි
...සැනසුම නුඹ වාගෙම ඇතයි
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

එක වදන්ක් පවසන්නම්
එය හදවත හඩවයි නම්
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න
ඔය කීලෙස මතු ඉන්න
දිවුරුම් නම් බෑ දෙන්න

ආදරයක් තියෙනවා නම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්
මට නොපෙනී පිටවෙන්න
ගත ගෙනයන්නම් දුරක
සිත නම් බෑ ගෙනයන්න
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හවසට පායා අරුණේ සැගවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියල් මගෙ ලොවේ ඇතේ

...රැයකදි ඇය මා අසල නැතේ
හවසට එන්නත් වරම් නැතේ
ඇගෙ නොලැබිමද මගෙ නොලැබිමද
තවමත් මට වැටහිලා නැතේ

හවසට පායා......

සුලු මොහොතකි මුලු දවසින් ඒ
ඇය ඇසුරේ මා පසු වෙන්නේ
ඒ සීමාවෙන් ඉවත පනින්නට
මනසට පමනක් වරම් ඇතේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
වරදක්‌ කරත් හිතකින් නෙවේ රිදවන්න පලි ගන්නෙ ඇයි.. ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස්‌ දෙක වගේ..//

ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා අප එක්‌ වෙලා කුමටදෝ//
වෙනසක්‌ නොවී මගෙ හිස්‌ අතින් පිසලන්නෙ කොයි කදුලුදෝ...

...වරදක්‌ කරත් හිතකින් නෙවේ රිදවන්න පලි ගන්නෙ ඇයි.. ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස්‌ දෙක වගේ..
අසරණ ඔබයි තනි වුන ඇයයි මට සාප කර යාවිදෝ//
..ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන් සමු ගන්න සිදු වේවිදෝ..

වරදක්‌ කරත් හිතකින් නෙවේ රිදවන්න පලි ගන්නෙ ඇයි.. ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස්‌ දෙක වගේ..
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//

යාය පුරා නෙ‍ක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//

සිලි සිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//
 

Dasun.amadoru

Member
Feb 14, 2011
129
60
0
Somewhere In Ragama!
මීවිත පිරුණා මැදියම රෑ ...

මීවිත පිරුණා මැදියම රෑ
ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ ..
නෙතු ළඟ සීතල මැවුනා
කඳුළක් තාලෙට හැලුනා
මා හද හැඞුවා ඔබ දන්නෑ ...

සියොළඟ තෙමුනා තුරුලට වී
සඳ ගිනි ගත්තා උණුසුම් වී
මතකය පමණි ඈ මියැදී
මේ තනි යහනේ මා තනි වී ...
නෙතු ළඟ සීතල මැවුනා
කඳුළක් තාලෙට හැලුනා
මා හද හැඞුවා ඔබ දන්නෑ ...

මීවිත පිරුණා මැදියම රෑ

වාවනු බෑ හිත ගිනි ගද්දී
මට උණුසුම් විතරයි ඔබ ඉද්දී
සුදු පාටින් ඇයි ඔබ සැරසී
ඔය නිල්නෙතු නිහාඞයි අද දියවී ..
නෙතු ළඟ සීතල මැවුනා
කඳුළක් තාලෙට හැලුනා
මා හද හැඞුවා ඔබ දන්නෑ ...

මීවිත පිරුණා මැදියම රෑ .....




! D@sun !




\(o_O)/
 

Dasun.amadoru

Member
Feb 14, 2011
129
60
0
Somewhere In Ragama!
කෙහෙරැල් වගේ ..... - Ranidhu

කෙහෙරැල් වගේ කදුළැල් ගලා නෙතින්
සුළඟක් වෙලා සුසුමන් බිදේ සෙමෙන් ..//
ආදරේ සෙමෙන් මෙසේ ලියයි හදේ
සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ ...

සඳ තනි වෙලා කලුවර රැයේ
මා හුදකලා වී මේ රැයේ
මුලු රැය පුරා තනි සයනයේ
ඝණදුර පවා මට එළිය වේ ....

කවි පන්තියේ එලි වැට අසයි මගෙන්
ඔබ ගොඩ ගලයි කිරි සයුර සේ ඉතිං ..//
ආදරේ සෙමෙන් මෙසේ ලියයි හදේ
සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ ...

සඳ තනි වෙලා කලුවර රැයේ
මා හුදකලා වී මේ රැයේ
මුලු රැය පුරා තනි සයනයේ
ඝණදුර පවා මට එළිය වේ ....

ආදරේ සෙමෙන් මෙසේ ලියයි හදේ
සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ ...

සඳ තනි වෙලා කලුවර රැයේ
මා හුදකලා වී මේ රැයේ
මුලු රැය පුරා තනි සයනයේ
ඝණදුර පවා මට එළිය වේ .......




! D@sun !




\(o_O)/
 

Dasun.amadoru

Member
Feb 14, 2011
129
60
0
Somewhere In Ragama!
සඳ රෑ මගෙ දෑස මානේ පායා .... - BNS

සඳ රෑ මගෙ දෑස මානේ පායා
දැනුනා ඔය නීල දෑසේ සේයා
මතකේ ඇත ප්‍රේම හීනේ ඡායා
සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
උතුරා සඳ රේණු පාවී ආවා
දැනෙනා හැඟෙනා විඳිනා මේ හීනේ සේයා ...

පායලා ... බාලයේ ... ආදරේ ගාව
තේරුණා ආකහේ පාවෙනා සේමා
ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලං වෙලා //

සඳ රෑ මගෙ ...

මා පැතු ... මා සිතු ... ආදරේ වින්දා
මට සිහිවෙනා රෑ පවා ඈගෙ රූ ඡායා
ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලං වෙලා //

සඳ රෑ මගෙ ...


316472_294152163934472_100000190738771_1393425_1835793522_n.jpg




! D@sun !


\(o_O)/
 

Tharaka1220

Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    දිගු දෑස දුටුවාම..
    දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
    බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
    මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...//

    රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
    තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
    හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
    ම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ...

    දිගු දෑස දුටුවාම..//

    පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
    විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ
    දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ
    කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ...

    දිගු දෑස දුටුවාම...//

    ::::මෙන්න අහන්න::::
    ගායනය : රොමේෂ් සුගතපාල
    පද රචනය : නන්දන වික්‍රමගේ
    සංගීතය : රොමේෂ් සුගතපාල
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඔබ ලග නැති මේ සසරේ
    තනි කම දැනුනා අදුරේ
    පැතුවා ඔබේ සිසිලස උනුසුම් කතරේ
    ඔබ මා ලග නැති අතරේ
    ...

    රන් දේදුනු පැවුදා
    ඔබ හා මා එක්වු දා
    මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
    පොද වැස්සට අපි දෙන්නා
    ...

    විලද පොරි ඉහලා
    අපට සුබ පැතුවා
    අසිරි හඩ දිලා
    මංගලම් කිවා
    සුවදින් පිරි හසරැල් ඔබේ


    මගේ මුවගට ලං වුවා
    රැය පහන්කලා දෙදෙනා


    9.gif


     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ~පෙරුම් පුරාගෙන ආ සංසාරේ~

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ
    දුම්රිට මොහොතක් නතර වුනේ.............

    මලක් වගේ රොන් සුවඳ වගේ

    ජිවතය සුව අපමන වේ ..........//
    දොලක් වගේ දිය දොක වගේ
    ජිවතයේ අම සිසල දැනේ........

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ........


    වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ

    සිතට දරාගනු බැරි දුක් වීදෝ...............//
    දිවිය මොන තරම් සුන්දරදෝ
    දුකම කොයි තරම් සතුටක්දෝ...................

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ........