Sinopharm ප‍්‍රතිශක්තිය මදි.. Pfizer තමයි හොද..- විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්…

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    එන්නත් නිසිලෙස කළමනාකරණයෙන් මරණ සංඛ්‍යාව සහ දැඩි ලෙස රෝගී වීම අඩු කිරීමේ අවශ්‍යතාවය

    හම්බන්තොට ප්‍රදේශයේ වයස 20 ත් 30 ත් අතර පුද්ගලයන් සඳහා Pfizer එන්නත ලබාදීමට යෝජනා කර ඇති, සැප්තැම්බර් දෙවැනි දින නිකුත් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපිය සම්බන්ධවයි.

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස මේ අවස්ථාවේදී එන්නත්කරණ ක්‍රියාවලියේ පහත සඳහන් කරුණු පිළිබඳව බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු ඛව අපි තරයේ විශ්වාස කරමු.


    1. එන්නත්කරණ ක්‍රියාවලියේ දී ප්‍රමුඛතාවය දිය යුත්තේ ජීවිත අහිමි වීම වැළැක්වීම සහ දැඩි ලෙස රෝගාතුර වීම මගින් සිදුවන රෝහල් ගතවීම් අවම කිරීමයි. මේ සඳහා අප විසින් කළ යුතු වන්නේ වෛරසයට ගොදුරුවී සංකූලතා ඇති වීමේ වැඩි හැකියාවක් ඇති අය, එනම් වයස අවුරුදු 60 ට වැඩි අය සහ අනෙකුත් බෝනොවන රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් සඳහා එන්නත්කරණයේදී ප්‍රමුඛස්ථානය ලබා දීමයි. එන්නත්කරණ ක්‍රියාවලිය මුලදීම මෙය අප විසින් යෝජනා කර තිබුණද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා අපි දැනට මුහුණ පා ඇති ව්‍යසනයට ලක් වී සිටිමු. කෙසේ වුවද වයස අවුරුදු 60 ට වැඩි අයට ප්‍රමුඛස්ථානය දීමට ප්‍රමාද වී හෝ ගත් පියවර අපි අගය කරමු. එසේ වුවද එන්නත්කරණය සම්පූර්ණ කර ඇති පුද්ගලයන්ගෙන් යම් කොටසක් තවදුරටත් රෝගයට ගොදුරු වන අතර මෙමගින් රෝහල්වල සාමාන්‍ය ඇඳන් පිරෙන අතරම තවමත් දැඩි සත්කාර ඒකක වල ඇඳන් අවශ්‍යතාවයේද අඩුවක් දක්නට නැත.

    2. අප මෙහිදී තවදුරටත් අවධාරණය කළයුතු කරුණක් වන්නේ එන්නත්කරණය කිරීම විද්‍යාත්මක ලෙස කිරීම ඉතා වැදගත් වන බවයි. එහිදී නිසි ක්‍රියාමාර්ගය වන්නේ එන්නත් නොලබා සිටින, රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සහ ඉන්පසුව දැනට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති එහෙත් තවමත් අනිකුත් ආබාධ නිසා රෝගයට ගොදුරුවීමට වැඩි හැකියාවක් ඇති අය සඳහා තුන්වන මාත්‍රාවක් ලබා දීමයි. මෙහිදී බහරේන්හි කර ඇති පර්යේෂණ දත්ත සහ මහාචාර්ය මලවිගේ මහත්මියගේ පර්යේෂණ කණ්ඩායමේ දත්ත වලින්ද සනාථ වී ඇත්තේ sinopharm එන්නත ලබා ගත් අයගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වයස අවුරුදු 60 ට අඩු අයගේ හොඳින් සිදුවන නමුත් වයස අවුරුදු 60ට වැඩි අයගෙන් සුළුතරයක් එහි යම්කිසි අඩු අගයක් පෙන්නුම් කරන බවයි. මේ නිසා එම කණ්ඩායම රෝගී බවට පත්වීම, රෝහල් ගත වීම සහ මරණයට පත්වීම සඳහා වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරති. මෙම ප්‍රවණතාව sinopharm එන්නත ලබාගත් අය සඳහා වැඩි බවත් Pfizer, moderna හෝ astra Zeneca එන්නත් සඳහා එය මද ලෙසකින් හෝ අඩු ප්‍රවණතාවක් ඇති බවත් ඉහත දත්ත කාණ්ඩ දෙක මගින්ම පෙන්වා දී ඇත. මෙහිදී තවත් වැදගත් කරුණක් ලෙස අප දකින්නේ අනෙකුත් අතුරු ආබාධ වලින් පෙළෙන රෝගීන් එනම් වකුගඩු බද්ධ කිරීම, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබමින් සිටින අය සහ තවත් එවැනි තම ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ දුර්වලකම් ඇති අයවලුන්ගේ sinopharm එන්නත් මාත්‍රා 2 මගින් තමන්ට අවශ්‍ය නිසි ප්‍රතිශක්තිකරණය සම්පූර්ණයෙන් නොලැබෙන බවයි. මෙම කණ්ඩායම් සඳහා Pfizer, astra zeneca හෝ moderna එන්නත් තෙවන මාත්‍රාව ලෙස ලබා දීම අත්‍යවශ්‍ය බව අපි යෝජනා කරමු.

    3. අපට ලැබී ඇති Astra Zeneca සහ mRNA එන්නත් ප්‍රමාණය ඉතා සීමාසහිතය. මෙම තත්ත්වය ‍යටතේ සාමාන්‍ය සෞඛ්‍යයෙන් හෙබි, Sinopharm එන්නත මගින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන, වයස අවුරුදු විස්සත් තිහත් අතර කණ්ඩායමට Pfizer එන්නත ලබාදීම ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් ලෙස සැලකිය හැක.

    එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපදෙස් ඒ සඳහා දැනුම් සම්භාරයක් ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව මගින් ලබා දිය යුතු අතර, එම ලබා දුන් උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා වයස 60ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දැනට වැඩි වී ඇති අතර මෙයට හේතු පාදක වූයේ වයස අවුරුදු 60ට වැඩි අයට එන්නත ලබා දීමට ප්‍රමුඛතාව නොදී එය වයස අවුරුදු 30ත් 60ත් අතර කණ්ඩායමට ලබාදීම මගින් අවදානම් වැඩි අයට එන්නත ලැබීම ප්‍රමාද වීමයි. ප්‍රමාදවී වුවද අප බලාපොරොත්තු වන්නේ ඉදිරියේ දී හෝ එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා නිසි ලෙස සහ විද්‍යාත්මක ලෙස ක්‍රියාත්මක වනු ඇති බවයි.

    මෙහිදී අප විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ලෙස නැවතත් අවධාරණය කරන්නේ එන්නත් කරන ක්‍රියාවලිය වෙනුවෙන් තීරණ ගන්නන් විසින් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ඇතිව ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාව පිළිපැදීම ඉතා අත්‍යවශ්‍ය බවයි.


    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
    https://lankacnews.com/sinopharm-ප‍්‍රතිශක්තිය-මදි-pfizer-තමය/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දොස්තරල එකේක වෙලාවට එකේක බයිල කියනව, 60 වැඩි අයට දෙන්ඩ පයිසර් තියෙන්ඩ එපැයි , තියෙන එක නොදි පයිසර් කොම්පැනියට ගහල ගන්ඩ කියනවද දන්නෙ නැ..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දොස්තරල එකේක වෙලාවට එකේක බයිල කියනව, 60 වැඩි අයට දෙන්ඩ පයිසර් තියෙන්ඩ එපැයි , තියෙන එක නොදි පයිසර් කොම්පැනියට ගහල ගන්ඩ කියනවද දන්නෙ නැ..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    දොස්තරල එකේක වෙලාවට එකේක බයිල කියනව, 60 වැඩි අයට දෙන්ඩ පයිසර් තියෙන්ඩ එපැයි , තියෙන එක නොදි පයිසර් කොම්පැනියට ගහල ගන්ඩ කියනවද දන්නෙ නැ..
    උඹට මාසෙකට කීයක් හම්බෙනවාද ආණ්ඩුවට කඩේ යනවට
    මටත් සෙට්කරපන්කො
    Pm එකක් දාපන්
     
    • Haha
    Reactions: Roxxy2K

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    240901030_680380016697880_7800721485108734148_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දොස්තරල එකේක වෙලාවට එකේක බයිල කියනව, 60 වැඩි අයට දෙන්ඩ පයිසර් තියෙන්ඩ එපැයි , තියෙන එක නොදි පයිසර් කොම්පැනියට ගහල ගන්ඩ කියනවද දන්නෙ නැ..
    එතකොට තියන ටික තමන්ගෙ චන්ද දායකයන්ට දුන්නම හරිද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අපේ රටේ මොකක් හරි වැඩක් සාර්ථකව කරගෙන යද්දි ඒක කඩාකප්පල් කරන්න ඔය වගේ විශේෂඥයෝ පෙරමුණට එනවා. ඒක සාමාන්‍ය දෙයක්. යුද්දේ අවසාන හරියෙත් ඕක උනා. ඒ කාලේ යුධ විශේෂඥයෝ වැහි වැහැලා හිටියා. කිලිනොච්චියෙන් එහාට යන්න බෑ කිව්වානේ හමුදාවට
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අපේ රටේ මොකක් හරි වැඩක් සාර්ථකව කරගෙන යද්දි ඒක කඩාකප්පල් කරන්න ඔය වගේ විශේෂඥයෝ පෙරමුණට එනවා. ඒක සාමාන්‍ය දෙයක්. යුද්දේ අවසාන හරියෙත් ඕක උනා. ඒ කාලේ යුධ විශේෂඥයෝ වැහි වැහැලා හිටියා. කිලිනොච්චියෙන් එහාට යන්න බෑ කිව්වානේ හමුදාවට
     
    • Haha
    Reactions: shenat and ElaBaba