ඒ පැත්තෙන් යනවා නම් පාරවල් දෙකක් තියෙනවා.
1. කුරුවිට - එරත්න පාර
2.රත්නපුර - පලාබද්දල පාර.
කොළඹ ඉඳන් පරණ පාරේ යන රත්නපුර, ඇඹිලිපිටිය, බලංගොඩ, රක්වාන, බදුල්ල, මොනරාගල, අම්පාර, හම්බන්තොට ඔය ඕන බස් එකක කුරුවිටට සහ රත්නපුරයට යන්න පුළුවනි.
කුරුවිට පැත්තෙන් යනවා නම් ඔය මම උඩින් කීව බස් එකක ගිහින් කුරුවිටින් බහින්න.
කුරුවිටින් බැහැලා එතන ඉඳන් එරත්න/අඩවිකන්ද බස් එකේ එරත්නට යන්න පුළුවන්. (සිරිපාගම කියලා බස් එකක් තියෙනවා. සමහර අය වැරදිලා ඒකේ නගිනවා. ඒක යන්නෙ රත්නපුර සිරිපාගමට. ඒකේ එහෙම නගින්න එපා. පට්ට රවුමක්.)
සමහර බස් සීසන් කාලෙට අඩවිකන්දටම යනවා. එහෙම එකක ගියොත් නගින්න පටන් ගන්න තැනටම යන්න පුළුවන්. එහෙම නැත්තම් බස් එක ඉවර වෙන්නේ එරත්න ඉස්පිරිතාලේ ගාවින්. එතන ඉඳං ත්‍රීවිල් එකක් රු.200-250ක් වගේ ගන්නේ උඩහට ගිහින් දාන්න.
පලාබද්දලින් යනවා නම් ඔය උඩ කීව බස් වලින් එකක ගිහින් රත්නපුරෙන් බහින්න.
රත්නපුරෙන් බැහැලා එතනින් සිරිපාගම බස් එකේ සිරිපාගමට යන්න. බස් එක ඉවර වෙන තැන ඉඳන් පොඩ්ඩක් උඩහට කඩ ටික මැද්දෙන් ගියාම නගින්න පටන්ගන්න තැන තියෙනවා.
ඔන්න ඔහොමයි ගමන් මාර්ගය. උඹලා යන්න ඉන්න වෙලාව අවුල්. කොළඹින් හවස 03 කියන්නේ පාරේ ට්‍රැෆික් සෙට් වෙන ටයිම් එක නේ. කුරුවිටට පැය දෙකහාමාරක්වත් යාවි යන්න. රත්නපුරේට පැය 3කට වඩා ලොවෙත් යනවා. එතකොට අඩුම ගානේ 6 වත් වේවි. ඊට පස්සේ එරත්නට සහ සිරිපාගමට යන්න බස් ප්‍රශ්ණයක් වෙනවා උඹලට. 6න් වගේ පස්සේ බස් නෑ මචං. අන්තිම බස් එක ගියොත් බොලාට අබ සරණයි. ස්ටෑන්ඩ් එකේ නිදියන්න වෙන්නේ. ඒ නිසා මම නම් කියන්නේ උදේ යන්න කියලා. එහෙම නැත්තම් ටුක් එකක තමා යන්න වෙන්නේ. බර ගානක් ගනී.
පාරවල් දෙකින් එරත්න පාරේ පඩි අඩුයි. තැන්න තියෙනවා. සෙනඟ අඩුයි. පට්ට ලස්සනයි. සිතගඟුල ලඟ සෑහෙන්න ඉඩ තියෙනවා. හිතේ හැටියට දිය බුං ගහ ගහ නාන්න පුළුවන්. කඩත් අඩුයි. අම්බලන් තැනින් තැන තියෙනවා. ලයිට් තිබුනට එලිය අඩුයි. ටෝර්ච් එකක් ගෙනියන්නම වෙනවා.
පලාබද්දල පාර ගත්තොත් පටන් ගත්තු වෙලේ ඉඳන් පඩි තියෙන්නේ. සෙනඟ ටිකක් ඉන්නවා. ලයිට් හොඳට තියෙනවා. එච්චර ලස්සන නෑ. සිත ගඟුල ගාව ඉඩ නෑ ගොඩක් නාන්න. නඩ තුනක් සෙට් වෙච්චි ගමන් ෆුල්. කඩ තියෙනවා ඕන හැටියේ.
මම නම් යන්නේ පුරුද්දක් විදියට එරත්න පාරෙන්. ඒ පාරට මම ආසයි. පට්ට ලස්සනයි.
කපුරු පැකට් ටිකක්, දෙහි ගෙඩියක් සහ උඩ මලුවට පූජා කරන්න මල් ගෙදරින් අරගෙන පලයං. ගොඩක් උන් සිරිපාදේ යන්නේ ට්‍රිප් එකක්. ඒක ට්‍රිප් එකක් නෙමෙයි. වන්දනා ගමනක්. ඒ නිසා පූජා කරන්න මල් ටිකක් අරගෙන පලයං. මල් සල්ලි දීලා ගන්නවා නම් උඹලාට සෙට් වෙන අන්තිම කඩය, ඒ කියන්නේ උඩමලුවට ඔන්න මෙන්න තියෙනා ඇහැල කණුව ආපන ශාලාව සෙට් වෙනවා. එතන තියෙනවා මල්. අර බෙර ඕලු කියන ජාතිය. ඒවා එතන කඩේ විකුණන්න තියෙනවා. ඒත් මම නම් කියන්නේ කොළඹින් පිච්ච මල් අරගෙන පලයං කෙහෙල් කොලේ ඔතලා. තව උඹලා දෙන්නම කෝඩු නිසා ගෙත්තම් සෙට් දෙකක් පහල කඩේකින් අරගනින්. උඹලා නගින්න පටන් ගන්න තැන කඩවල ගෙත්තම් සෙට් තියෙනවා. තව පඬුරක් ගැටගහන්න රෙදි කෑලි දෙකක් අරගෙන පලයං. ලයිටරයක් ගෙනියපං. සිතලට ජර්සි ගෙනිච්චට කමක් නෑ. ඒත් අනිවා සුදු ශර්ට් හරි ටී ශර්ට් එකක් හරි ගෙනියපං.
නගින්න පටන් ගන්නකොටම කොයි පැත්තෙන් නැග්ගත් සමන් දෙයිහාමුදුරුවන්ගේ පින්තූර තියෙන තැන් තියෙනවා. මිනිස්සු පහන් පත්තු කරපු. පඬුරු ගැටගහපු. ඒ තැනකට කපුරු පත්තු කරලා වැඳලා දෙයියන්ගෙන් ඉල්ලපං කරදරයක් නැතුව පද්මේ වැඳගෙන එන්න ලැබෙන්න කියලා. ඊට පස්සේ කට ප්‍රවේසම් කරගෙන නැගපං. සිත ගඟුල සෙට් වෙනකන්. සිත ගඟුල සෙට් උනාම අර ගෙනාපු දෙහි ගෙඩිය ඔලුවේ ගාලා නාපල්ලා. ඊට පස්සේ පිරිසිදු වෙලා ජර්සි එකක් අඳිනවා නම් ජර්සි එක ඇඳගෙන ඊට උඩින් අනිවා සුදු ශර්ට් එකක් හරි ටී ශර්ට් එකක් හරි ඇඳගන්න. සීත ගගුල ගාව තියෙනවා සමන් දෙයිහාමුදුරුවන්ගේ පින්තුරයක්. දෙපැත්තෙම තියෙනවා. එතනට පඬුරක් ගැටගන්න රෙදි කෑල්ලක. කිසි කරදරයක් නැතුව වැඳලා බහින්න ලැබෙන්න කියලා. බැස්සට පස්සේ පහලින් පඬුරක් දාගෙන යනවා කියලා භාරයක් වෙන්න. එතනටත් කපුරු පත්තු කරන්න. ඊට පස්සේ උඩට කරුණාකරනකොට ගෙත්තම් පාන සෙට් වෙනවා. ගෙත්තම් සෙට් එකේ තියෙන හඳුන්කූරු එක එතනට පත්තු කරලා ඒ සෙට් එකේ තියෙන ඉඳිකටුවට නූල අමුනලා දිගට ඇදගෙන යන්න. ඊට පස්සේ උඩට කරුණාකරන්න තියෙන්නේ. පද්මේ වැඳගෙන ඉර සේවේ බලනවා නම් ඒකත් බලලා හැටන් පැත්තෙන් පහලට කරුණාකරන්න. පහල මකර තොරණ ගාවින් පඬුරක් දාලා සිත ගඟුල ගාවදී වෙච්චි භාරය ඔප්පු කරන්න.
උඹලට කරදරයක් නැතුව ගිහින් එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.