SL music story....ලංකාවෙ සංගීත කතාව.
මේක ටිකක් විතර දිගයි.හෙමිහිට කියවලා බලන්න
සංගීත ලෝකය බැළුවම මහා සාගරය වගේ තමයි.විශාලත්වය අතින් වගේම කාලෙන් කාලෙට එන රැලි දිහා බැළුවම වුනත් හිතෙන්නෙ එහෙම.මට හිතුණා අපේ සංගීත සයුරෙ ආපු එක එක රැලි ගැන පොඩ්ඩක් මතකය අවදි කරවන්න.මට මේ රැලි ස්පර්ශ වුනෙ 90 දශකයෙ මුල වගේ ඉඳන් හින්දා මට කතා කරන්න පුළුවන් එතනින් මෙහාට විතරයි.මේ ලියන ඔක්කොම ලියන්නෙ මගෙ මතක පොත් ඇසුරින් පමණක්ම හින්දා පොඩි පොඩි වෙනස්වීම් තියෙන්නත් පුළුවන් ඒත් මගෙ මතක පොත මට නම් උපරිමයෙන් විශ්වාසයි.
90 දශකය ආරම්භ වෙනකොට ලංකාවෙ තිබුණු පරණම සංගීත කණ්ඩායම ෆෝචූන්ස් වෙන්න ඕනා.ඒකෙ නායකත්වය දැරුවෙ ස්ටැන්ලි පීරිස්. ඒ කණ්ඩායමෙන් බිඳිල ආපු ඩයිනමයිට්,සුපර් ෆෝචූන්ස් වගේ කණ්ඩායමුත් එතකොට ක්ෂේත්රයේ හිටියා.ජිප්සීස් කණ්ඩායමත් 70 අග පටන් අරගෙන ඒ වෙනකොට හිටියෙ ජන්ප්‍රියම තලයේ.ඊට අමතරව 80 දශකයෙ ඇරඹුනු සන්ෆ්ලවර්,මේරියන්ස්,සන්ෂයින් වගේ කණ්ඩායම් 90 වෙනකොට ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කරල තිබුනේ.
90 ඇරඹුමත් එක්ක කැසට් පටි ක්ෂේත්රයේ නම් වැඩිම අලෙවිය තිබුනෙ සන්ෆ්ලවර් කණ්ඩායමේ සලාදේ කැසට් පට මාලාවට.ඒ දවස් වල කොහේ ගියත් අහන්න තිබුණෙ සලාදේ තමයි.සලාදේ කැසට් පට මාලාව ගොඩක් දුර ගියා.එහි මුල් අදියර තුන,හතර අති ජනප්‍රිය වුණා.ඒ දවස්වල සංයුක්ත තැටි නිෂ්පාදයක් නොතිබීම නිසා කැසට් පටි තමයි නිෂ්පාදය වුනේ.
අපේ කාලයේ බිහිවුණු සුවිශේශම ගායකයෙක් වුණු රූකාන්ත ගුණතිලක තමන්ගෙ මුල්ම ගීත එකතුව ලෙස බඹර පහස නිකුත් කරන්නෙත් 90 මුලම වගේ.තනි මට්ටමෙන් ජනප්‍රිය වුණු ගායකයින් අතරෙ ඔය දවස් වල ඉදිරියෙන්ම සිටියේ නාමල් උඩුගම සහ ප්‍රින්ස් උදය ප්‍රියන්ත.
90 දශකය ඇරඹීලා ටික කලක් යනකොට අපේ ගුවන් විදුලි ඉතිහාසයේ අළුත් පිටුවක් පෙරලමින් එෆ් එම් තරංග ඔස්සේ අපේ රටේ රේඩියෝ විකාශනය ඇරඹෙනවා.අපේ මුල්ම එෆ් එම් නාලිකාව ලෙස නිල වශයෙන් ආරම්ඹ වෙන්නෙ සිටි එෆ් එම් නාලිකාව.ඒ 93 දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියෙ සිට.නමුත් ඒ වෙනවිට සිරස එෆ් එම් පර්යේශන විකාශය ඇරඹිලා තිබුනේ.ඊට ප්‍රතිචාර ලෙස තමයි ගුවන් විදුලි සංස්ථාව සිටි එෆ් එම් අරඹන්නේ.ඊට මාස තුනකට පස්සෙ ඒ කියන්නෙ 94 මාර්තු 2 නිල වශයෙන් සිරස එෆ් එම් විකාශනය අරඹනවා.ඒක අපේ ගුවන් විදුලි ඉතිහාසයට වගේම සංගීත ලෝකයටත් සුවිශේශී සංධිස්ථානයක්.
අපේ සංගීත ලෝකයේ ඊළඟ මහා පෙරලිය වෙන්නෙ 90 දශකය මැද.ඒ තමයි විශාරද ගුණදාස කපුගේ සන්ෆල්වර් සමඟ ගීත එකතුවක් නිකුත් කිරීම.ඒ ආසන්නයේ පැවති රස සම්මාන උළෙලේ ජනප්‍රියම ගායකයා බවට පත් වුනේ කපුගේ.ඒ හින්දා එම ගීත එකතුවෙ තේමාව ලෙසට යොදා ගෙන තිබුනේ 'වසරෙ ජනප්‍රියම ගායක ගුණදාස කපුගේ සන්ෆ්ලවර් සංගීතයට' කියන එක.මේ වෙදිදි සන්ෆ්ලවර් කණ්ඩායමෙත් වෙනස් කම් කිහිපයක් වෙලා තිබුනා.සලාදේ දි ඔවුන්ම හැඳින්වූ විදිහට වලියට බර මහින්ද හෙවත් මහින්ද සිල්වා,ඇඟ පොඩි වැඩ ලොකු අතුල අධිකාරී වගේම අර්නි පිරිස් වගේ මුහුණු වෙනුවට අළුත් මුහුණු එකතු වෙලා තිබුනා.ඩ්‍රම්ස් පෑඩ් බේස් ගිටාර් වගේ සංගීත භාණ්ඩ සංගීත ප්‍රසංග වලදි යොදා ගත්තට ඒව ගීත එකතුවක් නිකුත් කිරීමේදි යොදා ගත්තෙ නෑ.ඒ වෙනස මුලින්ම ඇති කලේ කපුගේ සන්ෆ්ලවර් ගීත එකතුවෙන්. ඒ වගේම ගීත වල රිද්මය පොඩ්ඩක් එහෙට මෙහෙට වීමත් සිදු වෙල තිබුනා.
ඒ වෙනස මේ රටේ සංගීත රසිකයො වැළද ගත්තෙ පුදුමාකාර උනන්දුවකින් එම ගීත එකතුවට නොහිතුව තරමේ ජනප්‍රියතාවයක් ලැබුනා.එතනින් පස්සෙ තනිකරම තිබුනෙ සන්ෆ්ල්වර් රැල්ලක්.ලංකාවෙ සිටි ප්‍රවීන ගණයේ ගායන ශිල්පීන් වූ සනත් නන්දසිරි,දයාරත්න අමරා,මාලනී බුලත්සිංහල වැනි ගායක ගායිකාවන් මෙන්ම ක්ෂේත්රයට අළුතින්ම එකතු වුණු ගායක ගායිකාවන් පවා සන්ෆ්ලවර් සංගීතයට ගී ගැයුවා.
රසිකයන් අතරෙ සංයුක්ත තැටි ජනප්‍රිය වෙන්න ගත්තෙත් මේ යුගයෙදි.
මේ අතරින් සුවිශේශිම චරිතයක් වුනේ හෙන්රි කල්දේරා.සන්ෆ්ලවර් එක්ක ගී ගයන්න කලින් ඔහුව මේ රටේ වැඩි දෙනෙක් දැනගෙන හිටියෙ නෑ.නමුත් ඒ ගීත එකතුව ඒ දවස් වල ආදායම් වාර්තා පවා තැබුව එකක් වුනා.ටී එම් ජයරත්න සන්ෆ්ල්වර් සමඟ ගීත එකතුව ගායකයා හා නිෂ්පාදකයා අතර ප්‍රශ්නයක් නිසා උසාවි මට්ටම දක්වා ගිය එකක් වුනා.
සන්ෆ්ලවර් සමඟ ලංකවෙ සිටි ගායක ගායිකාවන්ගෙන් බහුතරයක්ම ගී ගැයුවා.සුනිල් එදිරිසිංහ සන්ෆ්ලවර් සමඟ ගී නොගැයුවට නවරිද්ම ගීත එකතුවත් සමඟ යම් ජනප්‍රියත්වයක් ලැබුවා.