SL music story....ලංකාවෙ සංගීත කතාව.

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    SL music story....ලංකාවෙ සංගීත කතාව.

    මේක ටිකක් විතර දිගයි.හෙමිහිට කියවලා බලන්න ;)


    සංගීත ලෝකය බැළුවම මහා සාගරය වගේ තමයි.විශාලත්වය අතින් වගේම කාලෙන් කාලෙට එන රැලි දිහා බැළුවම වුනත් හිතෙන්නෙ එහෙම.මට හිතුණා අපේ සංගීත සයුරෙ ආපු එක එක රැලි ගැන පොඩ්ඩක් මතකය අවදි කරවන්න.මට මේ රැලි ස්පර්ශ වුනෙ 90 දශකයෙ මුල වගේ ඉඳන් හින්දා මට කතා කරන්න පුළුවන් එතනින් මෙහාට විතරයි.මේ ලියන ඔක්කොම ලියන්නෙ මගෙ මතක පොත් ඇසුරින් පමණක්ම හින්දා පොඩි පොඩි වෙනස්වීම් තියෙන්නත් පුළුවන් ඒත් මගෙ මතක පොත මට නම් උපරිමයෙන් විශ්වාසයි.

    90 දශකය ආරම්භ වෙනකොට ලංකාවෙ තිබුණු පරණම සංගීත කණ්ඩායම ෆෝචූන්ස් වෙන්න ඕනා.ඒකෙ නායකත්වය දැරුවෙ ස්ටැන්ලි පීරිස්. ඒ කණ්ඩායමෙන් බිඳිල ආපු ඩයිනමයිට්,සුපර් ෆෝචූන්ස් වගේ කණ්ඩායමුත් එතකොට ක්ෂේත්‍රයේ හිටියා.ජිප්සීස් කණ්ඩායමත් 70 අග පටන් අරගෙන ඒ වෙනකොට හිටියෙ ජන්ප්‍රියම තලයේ.ඊට අමතරව 80 දශකයෙ ඇරඹුනු සන්ෆ්ලවර්,මේරියන්ස්,සන්ෂයින් වගේ කණ්ඩායම් 90 වෙනකොට ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කරල තිබුනේ.
    90 ඇරඹුමත් එක්ක කැසට් පටි ක්ෂේත්‍රයේ නම් වැඩිම අලෙවිය තිබුනෙ සන්ෆ්ලවර් කණ්ඩායමේ සලාදේ කැසට් පට මාලාවට.ඒ දවස් වල කොහේ ගියත් අහන්න තිබුණෙ සලාදේ තමයි.සලාදේ කැසට් පට මාලාව ගොඩක් දුර ගියා.එහි මුල් අදියර තුන,හතර අති ජනප්‍රිය වුණා.ඒ දවස්වල සංයුක්ත තැටි නිෂ්පාදයක් නොතිබීම නිසා කැසට් පටි තමයි නිෂ්පාදය වුනේ.

    අපේ කාලයේ බිහිවුණු සුවිශේශම ගායකයෙක් වුණු රූකාන්ත ගුණතිලක තමන්ගෙ මුල්ම ගීත එකතුව ලෙස බඹර පහස නිකුත් කරන්නෙත් 90 මුලම වගේ.තනි මට්ටමෙන් ජනප්‍රිය වුණු ගායකයින් අතරෙ ඔය දවස් වල ඉදිරියෙන්ම සිටියේ නාමල් උඩුගම සහ ප්‍රින්ස් උදය ප්‍රියන්ත.

    90 දශකය ඇරඹීලා ටික කලක් යනකොට අපේ ගුවන් විදුලි ඉතිහාසයේ අළුත් පිටුවක් පෙරලමින් එෆ් එම් තරංග ඔස්සේ අපේ රටේ රේඩියෝ විකාශනය ඇරඹෙනවා.අපේ මුල්ම එෆ් එම් නාලිකාව ලෙස නිල වශයෙන් ආරම්ඹ වෙන්නෙ සිටි එෆ් එම් නාලිකාව.ඒ 93 දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියෙ සිට.නමුත් ඒ වෙනවිට සිරස එෆ් එම් පර්යේශන විකාශය ඇරඹිලා තිබුනේ.ඊට ප්‍රතිචාර ලෙස තමයි ගුවන් විදුලි සංස්ථාව සිටි එෆ් එම් අරඹන්නේ.ඊට මාස තුනකට පස්සෙ ඒ කියන්නෙ 94 මාර්තු 2 නිල වශයෙන් සිරස එෆ් එම් විකාශනය අරඹනවා.ඒක අපේ ගුවන් විදුලි ඉතිහාසයට වගේම සංගීත ලෝකයටත් සුවිශේශී සංධිස්ථානයක්.

    අපේ සංගීත ලෝකයේ ඊළඟ මහා පෙරලිය වෙන්නෙ 90 දශකය මැද.ඒ තමයි විශාරද ගුණදාස කපුගේ සන්ෆල්වර් සමඟ ගීත එකතුවක් නිකුත් කිරීම.ඒ ආසන්නයේ පැවති රස සම්මාන උළෙලේ ජනප්‍රියම ගායකයා බවට පත් වුනේ කපුගේ.ඒ හින්දා එම ගීත එකතුවෙ තේමාව ලෙසට යොදා ගෙන තිබුනේ 'වසරෙ ජනප්‍රියම ගායක ගුණදාස කපුගේ සන්ෆ්ලවර් සංගීතයට' කියන එක.මේ වෙදිදි සන්ෆ්ලවර් කණ්ඩායමෙත් වෙනස් කම් කිහිපයක් වෙලා තිබුනා.සලාදේ දි ඔවුන්ම හැඳින්වූ විදිහට වලියට බර මහින්ද හෙවත් මහින්ද සිල්වා,ඇඟ පොඩි වැඩ ලොකු අතුල අධිකාරී වගේම අර්නි පිරිස් වගේ මුහුණු වෙනුවට අළුත් මුහුණු එකතු වෙලා තිබුනා.ඩ්‍රම්ස් පෑඩ් බේස් ගිටාර් වගේ සංගීත භාණ්ඩ සංගීත ප්‍රසංග වලදි යොදා ගත්තට ඒව ගීත එකතුවක් නිකුත් කිරීමේදි යොදා ගත්තෙ නෑ.ඒ වෙනස මුලින්ම ඇති කලේ කපුගේ සන්ෆ්ලවර් ගීත එකතුවෙන්. ඒ වගේම ගීත වල රිද්මය පොඩ්ඩක් එහෙට මෙහෙට වීමත් සිදු වෙල තිබුනා.

    ඒ වෙනස මේ රටේ සංගීත රසිකයො වැළද ගත්තෙ පුදුමාකාර උනන්දුවකින් එම ගීත එකතුවට නොහිතුව තරමේ ජනප්‍රියතාවයක් ලැබුනා.එතනින් පස්සෙ තනිකරම තිබුනෙ සන්ෆ්ල්වර් රැල්ලක්.ලංකාවෙ සිටි ප්‍රවීන ගණයේ ගායන ශිල්පීන් වූ සනත් නන්දසිරි,දයාරත්න අමරා,මාලනී බුලත්සිංහල වැනි ගායක ගායිකාවන් මෙන්ම ක්ෂේත්‍රයට අළුතින්ම එකතු වුණු ගායක ගායිකාවන් පවා සන්ෆ්ලවර් සංගීතයට ගී ගැයුවා.
    රසිකයන් අතරෙ සංයුක්ත තැටි ජනප්‍රිය වෙන්න ගත්තෙත් මේ යුගයෙදි.

    මේ අතරින් සුවිශේශිම චරිතයක් වුනේ හෙන්රි කල්දේරා.සන්ෆ්ලවර් එක්ක ගී ගයන්න කලින් ඔහුව මේ රටේ වැඩි දෙනෙක් දැනගෙන හිටියෙ නෑ.නමුත් ඒ ගීත එකතුව ඒ දවස් වල ආදායම් වාර්තා පවා තැබුව එකක් වුනා.ටී එම් ජයරත්න සන්ෆ්ල්වර් සමඟ ගීත එකතුව ගායකයා හා නිෂ්පාදකයා අතර ප්‍රශ්නයක් නිසා උසාවි මට්ටම දක්වා ගිය එකක් වුනා.
    සන්ෆ්ලවර් සමඟ ලංකවෙ සිටි ගායක ගායිකාවන්ගෙන් බහුතරයක්ම ගී ගැයුවා.සුනිල් එදිරිසිංහ සන්ෆ්ලවර් සමඟ ගී නොගැයුවට නවරිද්ම ගීත එකතුවත් සමඟ යම් ජනප්‍රියත්වයක් ලැබුවා.

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සන්ෆ්ල්වර් රැල්ල එක පැත්තකින් යනකොට තව තව දේවල් අපේ සංගීත ලෝකයේ සිද්ද වුනා.රෑකාන්තගෙ දිගන්තයේ වගේම රෝහණ බැද්දගේ ගෙ සසඳ සසඳ ගීත ජාත්‍යන්තර ගීත දර්ශක වලට ඇතිළු වුනේ 90 මැද භාගයෙදි විතර.
    ඒ යුගයෙදි අපේ සංගීත ලෝකයට නවතම වෙනස්කම් එක් කරපු ගායන ශිල්පිණියක් වුනේ නන්දා මාලනී.ඇය මුල්ම වෙනස සිදුකලේ අරලිය ලන්දට ගීත එකතුව සමඟ.එම ගීත එකතුව සඳහා ඇය සම්පූර්ණයෙන්ම එකතුකරගෙ තිබුනෙ නවක ගීත රචකයින්. ඊළගට මලට රේණූ සේ ගීත එකතුව සඳහා ඇය දායක කර ගත්තෙ නවක තණු නිර්මාපකයින්. එහෙත් ඇයගෙ අදහාගත නොහැකි වෙනස් කම සිදු වුනේ යනවානම් අනේ මං අරන් ගීතය ඇතුලත් ගීත එකතුව හරහා.එහි සියළුම ගීත ඉතාමත් සරල පද සහ සරල තණු වලට ගායනා කරපු ඒව. ඇය ඒ විදිහෙ ගීත ඊට කලින් ගායනා කරල තිබුනෙ නැති නිසා ඒක අදහාගත නොහැකි පුදුමයක් වුනා.

    90 මැදදි රනිල් හර්ෂ දෙන්නත් අළුත් වෙනසක් ඇති කරනවා.ඒත් ඒක වැළද ගත්තෙ එක්තරා ප්‍රමාණයක් විතරයි.

    ඔය කාලෙදි ප්‍රසංග වේදිකාව නම තනි අයිතියට යටත් කරගෙන හිටියෙ සන්ෆ්ලවර් ඊට අමතරව බ්ලූ ෂැඩෝස්,ගැලැක්සීස්,මාරිම්බා වගේ සංගීත කණ්ඩායම් වේදිකාවෙ නමක් තියාගෙන හිටියා.සේනානායක වේරලියද්ද,ග්‍රැන්විල් රොඩ්‍රිගු වගේ ගායකයින් ඒ කාලෙ ප්‍රසංග වේදිකාවෙ ජනප්‍රිය චරිත.ඔවුන්ගෙ විශේශත්වය වන්නෙ ඔවුන් දෙදෙනම අහම්ඹෙන් ක්ෂේත්‍රයට පැමිණ ජනප්‍රිය වුන ගායකයි වීම නිසා.
    පෞද්ගලික ගීත එකතු අතරින් දිවුල්ගනේගෙ නිල් දියවර සහ නිරෝෂගෙ සඳ සාක්කි ගීත එකතු ඔය කලෙ තරමක් ජන්ප්‍රියත්වයට පත් වුනා.
    90 දශකයේ මැද භාගෙන් පස්සෙ තව තව එෆ් එම් නාලිකා ගුවනට එකතු වෙන්න ගත්තා.හිරු එෆ් එම් තමයි ඒ ගමන පටන් ගත්තේ.
    සන්ෆ්ලවර් රැල්ල අවසන් වී ගෙන යන කොටම සංගීත පටි නිෂ්පාදන ක්ෂේත්‍රයට අළුත් වෙනසක් එකතු කලේ සුපර්ස්ටාර්ස් සංගීත කණ්ඩායම. එහි නායකත්වය දැරුවෙ කලක් සන්ෆ්ලවර් කණ්ඩායමෙ හිටපු මහින්ද බණ්ඩාර.සුපර්ස්ටාර්ස් කණ්ඩායම ඉදිරිපත් කලේ නොනවතින ගීත එකතුවක් ඒත් ඒකෙ වෙනසක් තිබුනා.මීට කලින් ලංකාවෙ නොනවතින ගීත එකතු වල තිබුනෙ වේග රිද්මයේ නැත්නම් බයිලා ගනයේ ගීත.ඒත් සුපර්ස්ටාර්ස් ල ඒකෙ වෙනසක් කලා.අමරදේවයන් ගෙ හඬට සමාන හඬකින් ගී ගයන ගායන ශිල්පියෙකු එම ඔවුන්ගේ කණ්ඩායමේ සිටීම නිසා එම ගීත එකතුවට අමරදේවයන්ගෙ ගීත විශාල ගණනක් එකතු වෙලා තිබුනා.
    එතනින් පස්සෙ ආයෙමත් ඇතිවුනෙ නන්ස්ටොප් රැල්ලක්.සකුරා රේන්ජ්,ප්‍රොමිසස් වගේ සංගිත කණ්ඩායම් ක්ෂේත්‍රයට එකතු වුනේ එම රැල්ල හරහා.එතනින් ප්‍රොමිසස් කණ්ඩයමේ තිබුණු වෙනස තමයි ගැහැණු හඬින් ගී ගයන ගායන ශිල්පීන් ගෙන් සමන්විත වීම.ඔවුන් ප්‍රධාන වශයෙන්ම අනුකරණය කලේ නන්දා මාලනියගෙ ගීත.ඊට පස්සෙ තව ගායිකාවන්ගෙ ගීතත් ඔවුන් අණුකරනය කරා.නන්ස්ටොප් රැල්ලත් ලොකු රැල්ලක් විදිහට සංගීත ලෝකයේ හඹා ගියා.ගොඩක් සංගීත කණ්ඩායම් මේ රැල්ලට තමන්ගෙ දායකත්වය දුන්නා.
    පර්පල් රේන්ජ් කණ්ඩායම සජීවි ප්‍රසංග ගීත පටය නිකුත් කිරීමෙන් පස්සෙ ඒක සංගීත ලෝකයේ ඊලඟ රැල්ල බවට පත් වෙනවා.සංගීත ප්‍රසංගයට ආකාරයට ඉදිරිපත් කරන සජීවි ප්‍රසංග ලේබලය යටතේ නිකුත් කරන ගීත පටි හැම සංගීත කණ්ඩායමක්ම නිකුත් කරන්න ගත්තා.
    භාතිය සන්තුෂ් ගෙ සංගීත ලොව ආගමනය වෙන්නෙත් 90 දශකය අගදි.කලක් බ්ලූ ෂැඩෝස් කණ්ඩායමේ හිටපු සංගීත් විජේසූරිය රඟහල ගීතය සමඟින් නැවත් ජනප්‍රිය වෙන්නෙත් 90 අගදි.

     
    • Love
    Reactions: waca

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    90 අග භාගයෙදි සිදුවුනු තවත් විශේෂ සිදුවීමක් විදිහට තුරුණු ශක්ති ප්‍රසංග මාලාව හඳුන්වන්න පුළුවන්.සශිකා නිසංසලා සහ සුභාණි හර්ශණි කියන ගායක දෙපල සංගීත ලෝකයට එකතු වෙන්නෙ ඒ හරහා.
    අළුත් සහශ්‍රය ඇරඹුමත් එක්කම ප්‍රසංග වේදිකාවෙ සන්ෆ්ලවර් ආධිපත්‍යයට අභියෝග කරමින් ප්ලෑෂ් බෑක් සහ සනිධප සංගීත කණ්ඩායම් එදිරියට එනව.ඔවුන් වේදිකාවට එක්කරන ප්‍රසාංගික බව ප්‍රේක්ශකයින්ට නැවුම් අත්දැකීමක් වුනා.සිංදු කියන ගමන් පොඩ්ඩක් නැටීම,වාදකයින් වේදිකාවෙ දුව පැන ඇවිදීම වගේ අපේ රටේ වේදිකාවට අළුත් අත්දැකීම් එක් කරන්නෙ ඔවුන්.
    මේ දශකයේ ඇරඹිලා අවුරුදු දෙකක් යන්නටත් මත්තෙන් අපේ කාලයේ රැල්ලට විරුද්ධව ගමන් කරපු අපූරු ගායකයෙකුගෙ සම්ප්‍රාප්තිය සිද්ධ වෙනව.ඔහු ඇවිද එන්නෙ හරිත නිම්ණය හරහා.ඒ කසුන් කල්හාර.
    ඔය යුගයට සාපේක්ශව මේ රටේ පැවතෙන්නෙ තනිකරම ජනප්‍රිය සංස්කෘතියක්. ඒ දවස් වල ලියැවුණු පද රචනා වල තිබුණු තනිකරම ඒකාකාරී බවක්. ලෝකෙ තියෙන හැම මලකටම සිංදුවක් ලියැවුනෙ,ලංකාවෙ තියෙන හැම සිද්ධස්ථානයක් නමින්ම සිංදුවක් ලියැවුනෙ මේ කලෙ.
    ගීතයක සංගීත මුසුවීම පවා එකෙකින් තව එකකට වෙනස් වුනේ ඉතාම සුළු වශයෙන්.

    අජිත් මුතුකුමාරණ කියන්නෙ සකුරා රේන්ජ් කණ්ඩායමේ නායකයා.ඔහු තමන්ගෙ පලමු ගීත එකතුව නිකුත් කරන්නෙ 90 දශකයෙ අගදි.ඊට පස්සෙ ඊළඟ දශකයෙ මුල වෙනකොට ඔහු ලංකාවෙ ගායකයින් අතරෙ අතිජනප්‍රිය වෙනවා.
    කිංස්ලි පීරිස් ප්ලෑෂ් බෑක් කණ්ඩායමේ ගායණ ශිල්පියෙක්. ඔහු මුලින් ජනප්‍රිය වෙන්නෙ ජෝතිපාලයන්ගෙ ගීත ගායනයෙන්. ඊට ටික කලකට පසු ඔහුත් මේ රටේ ජනප්‍රිය සංස්කෘතියෙ ඉදිරියටම එනවා.
    අසංක ප්‍රියමන්ත 90 දශකයෙ මුල් භාගයට අයිති තමන්ගෙ ප්‍රිතිරූපයක් ඇතිකරගෙන තිබුණු ගයකයෙක්.නමුත් නුඹේ සිනා මුවමඩල ගීත එකතුව සහ එතනින් පසු ඔහුගේ නිර්මාණ සමඟ ඔහුත්
    ජනප්‍රිය සංස්කෘති‍යෙ ශිල්පියෙක් බවට පත් වෙනවා.
    ඊට අමතරව රොෂාන් ප්‍රනාන්දු සහ චාමර වීරසිංහ මේ යුගයේ සෑහෙන්න ජනප්‍රිය වුණු ශිල්පීන්.

    ඔය කාලයට සමාන්තරව ගීත නිෂ්පදන ක්ෂේත්‍රයේ ළමා ගීත රැල්ලක් ඇදී යනවා.මෙහිදී සිදුවුනේ ළමා හඬින් වැඩිහිටි ශිල්පීන් ගෙ ගීත ගායනා කිරීම.

    ඒවගේම මේ කාලයෙදි රනිඳුගෙ අහංකාර නගරේ ගීතයත් ජනප්‍රිය වෙන්නේ අළුත් වෙනසකට සංගීත ලෝකයේ ඉඩ තියෙන බවට ඉඟි කරමින්.
    ඒ වෙනස ඇති වෙන්න ගන්නෙ මේ දශකය මැද ඉරාජ්ගෙ නින්ද නේන හැන්දෑවේ ගීතය ඇතුලත් ගීත එකතුවත් සමඟ.
    එතැන ඉඳන් සෙන්ටිග්‍රේඩ්ස්, රොමේෂ් ලක්ශාන්, චින්ති ඇතුළු සංගීත ලෝකයට ඇතුළු වන අළුත් මුහුණු ඒ වෙනස ඉදිරියට ගෙනි යනවා.
    වීඩියෝ දර්ශණ සමඟ ගීත නිෂ්පාදනය ජනප්‍රියවෙන්නෙත් මේ කාලෙ.

    නවක ගායණ තරු අභිශේකයේ මෞලි මංගල්‍යය ලෙස හැඳින්වූ සිරස සුපර්ස්ටාර්ස් තරගයේ ඇරඹුම වෙන්නෙත් මේ දශකයේ මැද. එයින් පසු අනෙක් මාධ්‍යයන් විසිනුත් ස්ටාර්ස් බිහි කිරීමට පටන් ගන්නවා.

    මේ දශක දෙකම ගත්තම සඳහන් කල යුතු තවත් කරුණු ටිකක් ලිව යුතුමයි.
    අනුකරණය කිරීම ආරම්ඹ වුයේ කෙසේ වෙතත් මේ දශක දෙක පුරාම අනුකරණය නොඅඩුව දකින්න පුළුවන්.මෙහිදී මා විශේශයෙන් සඳහන් කරන්නේ හඬ අනුකරණය පමණයි.
    ඒ ගනයේ මුල්ම ශිල්පියා ලෙසට රජිව් සෙබස්තියන් හඳුන්වන්න පුළුවන්. ඔහු අනුකරණය කලේ ක්ලැරන්ස් විජේවර්ධණයන්ගෙ හඬ.නමුත් රජිව් සැලකෙන්නෙ 70 දශකයේ කලාකරුවෙක් ලෙසට.

    ඊළඟට බණ්ඩාර මණ්තිලක ඔහු අනුකරණය කලේ කපුගේ ගායකයානන්ගෙ හඬ.
    මංජුල වර්ණකුලසූරිය කියන්නෙ විජය කුමාරතුංගයින්ගෙ හඬට සමාන හඬකින් ගී ගයන ශිල්පියෙක්.

    ඊට අමතව ලක්ෂ්මන් හිල්මි,ඩබ් ඩී ආරියසිංහ,චාමර වීරසිංහ,දමිත් අසංක වගේ ශිල්පීනුත් හඬ අනුකරණය කල ගණයේ ශිල්පීන්.
    මේ දශක දෙක පුරාම තමන්ගෙ නාමය රඳවා ගත් සුවුශේශී කලාකරුවන් කිහිප දෙනෙක්ම ඉන්නවා.
    දැනට ජීවත්ව නැතත් කේමදාස මාස්ටර් මිය යනතුරුම අපේ සංගීත ලෝකයට සුවුශේශී දායකත්වය එක්කලා.ඔහු තමන්ගෙ අනන්‍යතාවය රැක ගත්තාසේම හැම නිර්මාණයකින්ම තමන්ට අළුත් රසික පිරිසකුත් එකතුකර ගත්තා.
    අමරදේවයන් සහ වික්ටර් රත්නායකයින් යන දෙපලම මේ යුගයේ සිවිශේශයි.වෙනස් වුණු යුගයක නොවෙනස් වුණු ගායන ශිල්පීන් ලෙස මගේ මතකයට නැගෙන්නෙ ඔවුන් දෙපල පමණයි.
    මේ දශක දෙක ඇරඹෙන්න පෙරම ජීවිතයෙන් සමුගෙන සිටියත් ජෝතිපාලයන් මේ දශක දෙක පුරාමත් අතිශය ජනප්‍රිය ගායකයෙක් වුනා.ජෝතිපාලයන්ගෙ ගීත වෙනත් අය ගායණා කිරීම නිසා එම ගීත වල ජනප්‍රිය බව හැමදාම නොඅඩුව තිබුනා.
    පෞද්ගලික ගීත එකතු වැඩිම ප්‍රමානයක් නිකුත් කර ඇති ගායකයා ලෙස සැලකෙන නිහාල් නෙල්සන් ප්‍රසංග වේදිකාවේ තමනගෙ ජනප්‍රියත්වය මේ දශක දෙක පුරාවමට එක ලෙස රැක ගත් ශිල්පියෙක්.
    ඊට අමතරව මේරියන්ස් සහ ජිප්සීස් කණ්ඩායම් තම ජනප්‍රිය බව එක ලෙසට රඳවා ගෙන තිබෙනව.

    වර්තමානයේ අළුත් ගීත අළුත් ශිල්පීන් බොහොමයක් ක්ෂේත්‍රයේ ඉන්නවා.හැමදාම අළුත් ශිල්පීන් බිහි වෙමින් තියෙනවා.ඒත් ආයෙමත් අපේ රටේ හමායන්නෙ ඒකාකරී රැල්ලක්.

    දැන් මේ දශකයත් ඉවරයි.අපි සංගීත සයුර අද්දරට වෙලා බලාගෙන ඉන්නවා ඊළඟ රැල්ල එනතුරු.මොනව වුනත් අපේ ජීවිතය අරගෙන යන්න ඔය රැලිවල ස්පර්ශය අපිට හරිම වටිනවා.

     
    • Love
    Reactions: waca

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    patta story eka.... machann mata hithenawa BNS la genath thibba nam hodai kiyala.. mokda RAP music eeeyala thama genawa... anika ada thiyana eeewawa godaaak deewal BNS la gena ewa thama :)
     

    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18

    MAchan...puluwannum lyricist la composers la ganath dapan... :):):) ...sindu kiyana manussaya sinduwakata loku input ekak denawa thamai eeth lyricist ui composer ui sinduwakata eetath wadaa loku input ekak denawa mama hithana widihata....eeth ee aya gana kiyawenawa harima adui.... :baffled::baffled:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    i want to add here some more , beside all amaradeva/ nanda malaini / rookantha the hippop range in late 90's were originally introduced by B n s oya den inna Irajla/ Centigardez /chinthy/chilly okkoma awe eeta passe ... lanka music video field eke wenasak kale B n S . egollo kepuwa paare thama anik aya giye .. enisa me ada thiyena trend eke sindu ethatama eliyata awe B n S hinda ..... and special thnx to Sirasa , ada lankawe hema TV channel/ radio channel ekakma sirasata bena bena sirasa copy karanwa ....

    so when considering all these the turning point of Sinhala music industry was Sirasa and B n S . Sirasa gave the kadamandiya show , ape gamatath awa mathakai :D

    THNX FOR POSTING THIS THREAD BRO ! mokada lankawe kattiyata mula ikmanata amthaka wenwa .... aduma gane ape rate awurudu30k thisse yuddayak thibbada kiyalath den mathakada danne ne :(
     
    • Like
    Reactions: waca