පොලිසියට අලුතෙන් හඳුන්වල දුන්නු බයික් එක ඔයාල දැකල ඇති. ගොඩක් අය ආසයි මොකද්ද මේ බයික් එක, මොනවද මේකෙ විස්තර කියල දැන ගන්න.
Sri Lanka Police
මොටර් සයිකල් නිපදවීමේ ප්‍රමුඛතම ජපන් සමාගමක් වන යමහා – Yamaha නිපදවන Yamaha XJ6 Diversion F කියන මෝටර් බයිසිකලය තමයි මේ අලුත් පොලිස් බයික් එක ලෙස ලංකාවට හඳුන්වල දීල තියෙන්නේ. මෙය අයිති වන්නේ Naked Bike එහෙම නැතිනම් Standard Bike යන මොටර් බයික් වර්ගයටයි. Naked Bike වල විශේෂත්වය නම් ඒවා සුව පහසුවත් වේගය සහ හැසිරවීම (maintained comfort, speed & handling) කියන කාරණා සියල්ලම උපරිම ආකාරයෙන් රඳවාගෙන නිපදවා තිබීමයි. මෙම වර්ගයේ riding position එක අනුව අත් පිහිටීම ඉනට මදක් උඩින් සිටින සේත්, ධාවකයාගේ කොන්ද ඉදිරි පසට නැවුනු ඉතා කුඩා අනතියක් සිටින ලෙසත් පිහිටා තිබෙනවා. මෙය sports bike හා cruise bike අතර මැද පිහිටන riding position එකක්.
Yamaha XJ6
Meter pannel
මෙම මොටර් සයිකලය 600cc එන්ජිමක් සහ 57Kw ක බලයක් සහිත එන්ජිමක් ඇති අධිවේගී බයිසිකලයක්. තවද මෙය සිලින්ඩර 4 ක් සහිත සිව් පහර ද්‍රව සිසිලන එන්ජිමක් (Inline 4 cylinder, liquid cooling engine). එක් සිලින්ඩරයකට වෑල්ව 4 බැගින් වෑල්ව 16 ක් තිබෙනවා. සාමාන්යෙන් මෙවැනි බයික් එකක් පදවන්නත් ටිකක් පුහුණුව අවශ්‍යයි. මෙහි ඉන්ධන ටැංකිය ලීටර් 17 ක ධාරිතාවකින් යුතුයි. ඔයාල වැරදිලාවත් මේ වගේ බයික් එකක් එක්ක රේස් යන්න නම් එපා. මොකද බොහෝ විට මේකට ඉතා ඉක්මණින් පිටිපසින් හඹා එන එක සුලු දෙයක්
.
Yamaha XJ6 Diversion F full specification.
autoguide.

.Yamaha XJ6 Diversion F full specification.
autoguide.