SL top chart සමඟ සමුගනිමි 2012

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    SL top chart සුපිරි තරු

    Top 3 රාජ්‍යසේවකයෝ.

    3.ඛනිජ තෙල් අමාත්‍යංශ ලේකම්.
    2.විභාග කොමසාරිස්.
    රජයත් තම දෙපාර්තමේන්තුවත් වෙනුවෙන් අසීරු කාර්යභාරයක් ඉටුකිරීම වෙනුවෙන්‍,.........
    1.පොලිස් මාධ්‍ය ප්‍රකාශක.



    වසරේ තරුණයා

    3.නාමල් රාජපක්ෂ
    2.මාලක සිල්වා
    ජනපති පියාගේ හෝ පියාට අයත් රජයේ, විශය භාර අමාත්‍යාංශයෙන් කිසිදු උපකාරයක් නොලබා චීන රජය සමඟ එක්ව මාතෘභූමිය වෙනුවෙන් චන්ද්‍රිකාවක් ගුවන්ගතකිරීම වෙනුවෙන්,.......
    1.රෝහිත රාජපක්ෂ


    2012 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම මිතුරා

    3.වෙනිසියුලාව
    2.ඉරානය
    ලංකාවට සැපත්වූ රාජ්‍ය නායකයාගේ, උණුසුම් මිත්‍රත්වය මැද්දෙන්,......
    1.ස්වාසිලන්තය.


    නැගී එන දේශපාලනඥයා

    3. අජිත් ප්‍රසන්න.
    2.ලියනගේ සුනිල් හෙවත් සාරුවා සුනිල්.
    විදේශ බලවේග වලට එරෙහිව සටන් කරමින්ද ඔවුන් හමුවේ නොසැලී සිට රටටත් නායකත්වයටත් පක්ෂපාතීව කල සේවය වෙනුවෙන්
    1.සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ.


    තම ශිෂ්‍ය පිරිස වෙනුවෙන් අපරිමිත පරිත්‍යාගයන් සිදුකර වැරදිකරු වී, විශේෂ දිසාපාමොක් සම්මානයෙන් පිදුම් ලබන්නේ(නිතරගයෙන්),......
    1.සම්පත් අත්තටගේ


    Top 3 ministers

    3.සුසිල් ප්‍රේමජයන්ත
    2.එස්බී දිසානායක‍
    තම අමාත්‍යාංශ නිලධාරීන්ගේ(?) මෝඩකම් හමුවේ තවදුරටත් තනතුරේ රැඳී සිටීම වෙනුවෙන්,.....
    1.බන්දුල ගුණවර්ධන


    Most Powerful civilian

    3.
    2.ජූලම්පිටියේ අමරේ
    කිසිවෙකුගේ සහයෝගයකින් තොරව අධි ආරක්ෂාවක් තිබූ රටේ ජාතික කෞතුකාගාරයට පිවිස පෞරාණික භාණ්ඩ සොරාගැනීම වෙනුවෙන්,.......
    1.ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් හෙවත් කන්ගැට්ටා.


    කාන්තාවන් සඳහා සම්මානයක් යෝජනා කරනු ලදුව පසුව එක්කරන ලදී.
    උපුටනය:


    වසරේ නිර්මාණශීලීම කාන්තාව

    3. ගෝල්ඩන් සිරප් ශ්‍රී ලාංකීය ජනතාවට හදුන්වාදීම වෙනුවෙන් - රෝසි සේනානායක
    2. CCTV වලින් ප්‍රවෘත්ති රූ ගත කළ හැකි බව සහ 'මර්ඩර් ත්‍රිල්' සංකල්පය හදුනවාදීම වෙනුවන් - සෝමා එදිරිසිංහ
    වෙළද දැන්වීම් පමණක් විකාශණය වන රූපවාහිනී නාලිකාවකින්, ක්‍රීඩා තරග විකාශය කළ හැකි බව සොයාගැනීම සහ සියළු ජාතික ක්‍රීඩා තරග පුද්ගලික නාලිකාවට ලබා ගත හැකි අයුරින් රටක නීතිය වෙනස් කරවා ගැනීම වෙනුවෙන්. CSN නාලිකා ප්‍රධානී
    1.යසාරා අබේනායක රාජපක්ෂ

    උ.ගැ. අවසන්.

    වසරේ කියමන: "නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ, නඩු අහන බඩුත් හාමුදුරුවන්ගෙ!"

    ලබන්නාවූ 2013 වසර සුබ නව වසරක් වේවා! රැවටිලිකරුවන්ට හසුවීම් අඩු වේවා!

    උපුටා ගැනීම

    http://raj1st.blogspot.com/2012/12/sl-top-chart-2012.html
     
    Last edited:
    • Like
    Reactions: janaka5130

    Similar threads