SL VS INDIA ලෝක_වාර්තා_3ක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    SL VS INDIA ලෝක_වාර්තා_3ක්

    රෝහිත් ෂර්මා ලකුණු 264 යි :shocked:



    rohit-sharma.jpg

    එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා අද සමත් වුණා. ඒ, ශී‍්‍ර ලංකාව සමග දැන් පැවැත්වෙන සිව් වන එක් දින කි‍්‍රකට් තරගයේදීයි. ෂර්මා අද තරගයේ ලකුණු 264 ක් රැස් කළා. ඒ සදහා ඔහු වැය කළේ පන්දු 173 ක් පමණයි. ඊට හයේ පහර 9 ක් සහ හතරේ පහර 33 ක් ඇතුළත්. රෝහිත් ෂර්මා සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 72 කදීයි.

    ශතකය වාර්තා කිරීමට පන්දු සියයක් වැය කළ ඔහු ලකුණු 150 ක් රැස් කළේ පන්දු 125 කින්. ෂර්මා සිය ද්විත්ව ශතකය වාර්තා කළේ පන්දු 151 කදීයි. තවත් පන්දු 15 කදී ඔහුට ලකුණු 250 සීමාව පසුකර යාම විශේෂත්වයක්. මීට පෙර ලොව වැඩිම එක්දින ලකුණුලාභියා වුයේ ඉන්දියාවේම විරේන්ද්‍ර ෂෙවාග්. ඔහු ලබාගෙන තිබුණේ 219 ක් පමණයි. රෝහත් ෂර්මා අද දිනයේදී තවත් කි‍්‍රකට් වාර්තා දෙකක් පිහිටුවීමද විශේෂත්වයක්. එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ ද්විත්ව ශතක දෙකක් වාර්තා කළ ලොව පළමු කී‍්‍රඩකයා බවට පත්වීම ඉන් පළමු වාර්තාවයි. මීට පෙර ෂර්මා ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ලකුණු 209 ක් රැස්කර ගෙන සිටියා. එක්දින තරගයකදී ලකුණු 250 සීමාව පසු කළ ලොව පළමු කී‍්‍රඩකයාවීම ෂර්මා පිහිටවු අනෙක් වාර්තාවයි.

    අද තරගයේදී රෝහිත් ෂර්මා ලබාදුන් උඩ පන්දු 4 ක් ශී‍්‍ර ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී ගියා. ලකුණු 4 ක් රැස් කර ගෙන සිටියදී ලබාදුන් පහසු උඩ පන්දුවක් තිසර පෙරේරා අතින් ගිලිහී ගියා. රෝහිත් ෂර්මා ලබාදුන් උඩ පන්දුවක් රැක ගැනීමට තිබූ අවස්ථාවක් අජන්ත මෙන්ඩිස් අතින් ගිලිහී ගියේ ඔහු ලකුනු 52 ක් රැස්කර ගෙන සිටියදීයී. ලකුණු 197 දී නුවන් කුලසේකර අතින්ද , ලකුණු 206 දී ෂමින්ද එරංග අතින්ද ෂර්මා ලබාදුන් තවත් උඩ පන්දු දෙකක් ගිලිහී ගියා.
    තරගයේ කාසියේ වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 404 ක්.

    එය කණ්ඩායමක් එක්දින තරගයකදී වාර්තා කළ 9 වන වැඩිම ලකුණු සංඛ්‍යාවද වනවා. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කිසිදු පන්දු යවන්නෙකුට සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට අද දවසේදී හැකි වුණේ නැහැ. නායක ඇන්ජලෝ මැතිව්ස් පමණක් ලකුණු 44 කදී කඩුලූ 2 ක් බිද හෙලූවා. නුවන් කුලසේකරගේ පන්දුවාර 9 දී ලකුණු 89 ක් ද, අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවාර 7 දී ලකුණු 70 ක්ද, තිසර පෙරේරාගේ පන්දුවාර 5 දී ලකුණු 43 ක් ද රැස් කිරීමට ඉන්දීය පිතිකරුවන් සමත් වුණා.



    NETHFM
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ ඉන්දියවෙන් කනකොට හිතේ අමරුව වැඩි බන්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    අද තරගයේදී රෝහිත් ෂර්මා ලබාදුන් උඩ පන්දු 4 ක් ශී‍්‍ර ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී ගියා.:rofl:
     

    chootyputha1

    Well-known member
  • thisaraya sharmawa lakunu 4 redi drop kela u thawa 260k gahuwa.:baffled: mewata wagakiyanna una nishantha gobaya saha uge ambatteyo tika.:angry: thawa marven kiyana gothaya u wage ekak head coach unahama mehema kana eka ahanna deyakda. marvenaya batting coach widiyata hitya avrudu 3k monawada aluthin ena unta kiyala deelathiyena techniques. u eka parak ape batting failed wenakota kiyala thinbuna uta eke wagakeema bara ganna beha kiyala, ehenam mokatada danna batting coach kenek wela hitiye hariyata eketa horkam kerala passe mama horakame giye naha waga deyak thamai ithin. marven waga negetive hithena coach kenek innakan ape un goda yanwa boru. world cup eke first round ekanma gedara thamai. :dull:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    thisaraya sharmawa lakunu 4 redi drop kela u thawa 260k gahuwa.:baffled: mewata wagakiyanna una nishantha gobaya saha uge ambatteyo tika.:angry: thawa marven kiyana gothaya u wage ekak head coach unahama mehema kana eka ahanna deyakda. marvenaya batting coach widiyata hitya avrudu 3k monawada aluthin ena unta kiyala deelathiyena techniques. u eka parak ape batting failed wenakota kiyala thinbuna uta eke wagakeema bara ganna beha kiyala, ehenam mokatada danna batting coach kenek wela hitiye hariyata eketa horkam kerala passe mama horakame giye naha waga deyak thamai ithin. marven waga negetive hithena coach kenek innakan ape un goda yanwa boru. world cup eke first round ekanma gedara thamai. :dull:

    sira kathawa ban.. ape batting, fielding, bowling anthimai... ekai me paradinne..
     
    Oct 30, 2014
    306
    9
    0
    ඔය උඩ කෙනෙක් කියලා තියනව වගේ මේ සිරිස් එකේ ලබන පාරාජවලට ක්‍රිකට් බෝඩ් ඒකත් වගකියන්න ඕනේ. ඒ මගුලේ ඉන්න එවුන් සල්ලි තමයි බලන්නේ. ක්‍රීඩකයින් ගැන හිතන පාටක් නෑ. ඉන්දියන් සිරිස් එකට සති දෙකක් විතරනේ අපිට හම්බුනේ ප්‍රක්ටිස් කරන්න(මට මතක හැටියට). සාමන්යෙන් සිරිස් එකකට කණ්ඩායමක් තෝරන්නේ සිරිස් එකකට කලින් ප්‍රක්ටිස් මැච් හරි, දේශීය තරඟාවලියක් හැටි තියලානේ. මේ පාර එහෙම තියන්න කාලකයක් තිබ්බේ නෑනේ. අනික අපේ එවුන්ගේ ෆිට්නස් හදන්න වෙනම වැඩසටනහකුත් තිබ්බනේ ඔය කාලය අතරතුර. ඒකත් හරියට කරගන්න බැරි වුනා.

    අනිත් පැත්තෙන් මාත් හිතනවා මාවන් ප්‍රධාන පුහුණුකරුට හරියන්නේ නෑ. ඒ වගේ තැනකට international exposure & experience තියන එකෙක් තමයි හරියන්නේ. batting coach දුන්නටනම් එච්චර අවුලක් නෑ. ඔය ප්‍රධාන පුහුණුකරු තනතුරට නිශාන්ත රණතුංගගේ නෑදෑයෙක් නොවුනානම් මාවන් පත්වෙයිද කියලත් මටනම් සැකයි. සනත් ජයසුරිය ඔය පුහුනක්රු පත්කරන කමිටුවට සහභාගී වුනෙත් නෑ මට මතක හැටියට. (ඔය සීන් එක හින්දා වෙන්න ඕනේ)

    කොහොමවුනත් රටක ක්‍රීඩාව දේශපාලනීකරණය වෙන්න හොඳ නෑ. ක්‍රීඩකයින් පැත්තෙනුත් අඩුපාඩු තියන්න පුළුවන්. එත් මේ සිරිස් එකේම මැච් බැලුවම ක්‍රීඩකයින්ට විතරක් පාරජයේ වගකීම භාරදෙන්න බෑ. මුන් පලවෙනි මැච් එකේ 404 ක් ගැහුවනම් මට දුක නෑ. එත් අපේ එවුන් මුල් මැච් 3 ත් පැරදිලා ඒකෙන් පාඩමක් ඉගෙනගත්තේ නෑ කියන්නේ උන්ට ලැබෙන උපදේශනයේ අවුලක් තියනව කියන එක. කොහොමවුනත් දැන් අපි මේ සිරිස් එකම පැරදුනත් ක්‍රීඩකයින් විවේචනය කරගන්න හොඳ නෑ. මොකද ඒ අයගේ mentality එක හොඳ තත්වයට නැවත ගොඩනගාගන්න උදව කරන්න ඕනේ. මේ පරාජයෙන් පාඩම් ඉගෙනගෙන ජයග්‍රහණය වෙනුවෙන් මෙය පන්නරයක් කරගන්න පුළුවන් එතකොට. අන්තිම මැච් එක දිනාගන්න පුළුවන් වෙන්න කියලා මං බොක්කෙන්ම ප්‍රර්ථනා කරනවා.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ඔය උඩ එකෙක් කියලා තියනව වගේ මේකට ක්‍රිකට් බෝඩ් ඒකත් වගකියන්න ඕනේ. ඒ මගුලේ ඉන්න එවුන් සල්ලි තමයි බලන්නේ. ක්‍රීඩකයින් ගැන හිතන පාටක් නෑ. ඉන්දියන් සිරිස් එකට සති දෙකක් විතරනේ අපිට හම්බුනේ ප්‍රක්ටිස් කරන්න(මට මතක හැටියට). සාමන්යෙන් සිරිස් එකකට කණ්ඩායමක් තෝරන්නේ සිරිස් එකකට කලින් ප්‍රක්ටිස් මැච් හරි, දේශීය තරඟාවලියක් හැටි තියලානේ. මේ පාර එහෙම තියන්න කාලකයක් තිබ්බේ නෑනේ. අනික අපේ එවුන්ගේ ෆිට්නස් හදන්න වෙනම වැඩසටනහකුත් තිබ්බනේ ඔය කාලය අතරතුර. ඒකත් හරියට කරගන්න බැරි වුනා.

    අනිත් පැත්තෙන් මාත් හිතනවා මාවන් ප්‍රධාන පුහුණුකරුට හරියන්නේ නෑ. ඒ වගේ තැනකට international exposure & experience තියන එකෙක් තමයි හරියන්නේ. batting coach දුන්නටනම් එච්චර අවුලක් නෑ. ඔය ප්‍රධාන පුහුණුකරු තනතුරට නිශාන්ත රණතුංගගේ නෑදෑක් නොවුනානම් මාවන් පත්වෙයිද කියලත් මටනම් සැකයි. සනත් ජයසුරිය ඔය පුහුනක්රු පත්කරන කමිටුවට සහභාගී වුනෙත් නෑ මට මතක හැටියට. (ඔය සීන් එක හින්දා වෙන්න ඕනේ.

    කොහොමවුනත් රටක ක්‍රීඩාව දේශපාලනීකරණය වෙන්න හොඳ නෑ. ක්‍රීඩකයින් පැත්තෙනුත් අඩුපාඩු තියන්න පුළුවන්. එත් මේ සිරිස් එකේම මැච් බැලුවම ක්‍රීඩකයින්ට විතරක් පාරජයේ වගකීම භාරදෙන්න බෑ. මුන් පලවෙනි මැච් එකේ 404 ක් ගැහුවනම් මට දුක නෑ. අපේ එවුන්ගේ එත් අපේ එවුන් මුල් මැච් 3 ත් පැරදිලා ඒකෙන් පාඩමක් ඉගෙනගත්තේ නෑ කියන්නේ උන්ට ලැබෙන උපදේශනයේ අවුලක් තියනව කියන එක. කොහොමවුනත් දැන් අපි මේ සිරිස් එකම පැරදුනත් ක්‍රීඩකයින් විවේචනය කරගන්න හොඳ නෑ. මොකද ඒ අයගේ mentality එක හොඳ තත්වයට නැවත ගොඩනගාගන්න උදව කරන්න ඕනේ. මේ පරාජයෙන් පාඩම් ඉගෙනගෙන ජයග්‍රහණය වෙනුවෙන් මෙය පන්නරයක් කරගන්න පුළුවන් එතකොට. අන්තිම මැච් එක දිනාගන්න පුළුවන් වෙන්න කියලා මං බොක්කෙන්ම ප්‍රර්ථනා කරනවා.

    :yes: