SLT FUP and Small Solution for Speedup FUP Applied Connection

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    358
    63
    Matara
    SLT FUP and Small Solution for Speedup FUP Applied Connection



    ටෙලිකොම් එකෙත් දැන් ඉන්ටර්නෙට් හුගක් අවුල්. ඒ අය අලුත් පරණ භේදයක් නැතිව FUP දානව. ඩයලොග් වල අලුතෙන් දෙන හැම Fixed Broadband එකටම FUP. බලන් යද්දි FUP නැත්තෙ Lankabell, suntel හා ඩයලොග් රැ 20/- හෝ රු 50 පැකේජ වලට විතරයි. අනිත්ව ඔක්කොම සීමා සහිතයි (ඩයලොග් ඒවත් විනාඩි ගානට සීමා කලාට ඒ වෙලාවෙ Data Unlimit)
    මුලින්ම සම්බන්ධතා 110 සිට දැන් අනිත් අයටත් FUP දාන්න පටන් අරන්. ඒ දවස්වල ටෙලිකොම් කියපු විදිහට ඔය ලිමිටඩ් පැකේජ හදුන්වාදෙන්න කලින් ඒ අය 110 දෙනෙක් සීම කලා

    http://blog.malindaprasad.com/2010/09/05/slt-adsl-fup-block-hevy-downloading-connection/

    ඉන්පසුව මේ ලිමිටඩ් අන්තර්ජාල සම්බන්ධතා හදුන්වා දීල තියෙන්නෙ. මුලින්ම ඔය 110 ට මගෙ යාලුවෙකුත් ඇතුලත් උන නිසා අපි ටෙලිකොම් කළමනාකරුවෙක්ව හම්බෙන්න ගියා. ඒ පාර එය Mobile Broadband හා Fixed Broadband සමානයි කියල හිතන් ඔය ඩයලොග් වලත් දෙන්නෙ. 2GB වලින් පස්සෙ FUP එකක් කියනව.
    එහෙම කරල මේ අය අනිත් පැකේජ වලටත් මේ අවුල දාන්න පටන් ගත්ත
    http://blog.malindaprasad.com/2011/01/20/with-qos-slt-apply-fup-for-old-packages/

    මේ අයගෙ වේග සීමා කිරීම කියල කරන්නෙ මේ වැඩිපුර බාන අයව අරන් වෙනමම Pool එකකට දාල සීමා සහිත Bandwidth එකක් ඒ අය වෙනුවෙන් වෙන් කරන එක. එතකොට හැමෝම බාන අය නිසා හැමෝටම ස්ලෝ
    ඒක නිසා මගේ යාලුවෙක් ඉන්නව තාම ටොරන්ට් විතරයි බාන්නෙ. එයාට වෙන වැඩක් කරගන්න බෑ.
    මෙහෙම කලාට අවුලක් නෑ. ඒත් ඒව ගැන පැහැදිලිව පාරිභෝගිකයන්ට කියන්න ඒනෙ. මුල් දවස්වල පූජා උමාෂංකර් නිමානොවන අසීමි චාරිකාවක් කියල යද්දි ඔය සීමා කථාවක් කීවද. අසීමත අන්තර්ජාල සේවා කියල කිව්වෙ. ඒත් දැන්.. ඒ හැමෝටම කිසිම දැනුම් දීමකින් තොරව මෙහෙම කරල.


    මේ ගැන කාලිංග අයියත් හොද ලිපියක් ලියල තියනව
    sinhala.kalingasblog.com/2011/12/02/slt-adsl-sucks/

    ඇත්තටම TRC එක කියන විදිහට මේ අය පරණ පැකේජ බ්ලොක් කරන්න කිසිම අයිතියක් නෑ. අලුත් අයව විතරයි FUP දාල පාලනය කරන්න අයිතිය තියෙන්නෙ. ඒත් ඒ නීති මායිමකට නොගෙන මේ අය හොදට කට්ටිය FUP දාල ස්ලෝ කරනව.
    අපිත් බ්ලොක් කරා කිය කිය ඉන්නෙ නැතිව හැම වෙලේම මේ අයට පැමිණිලි කරන්න ඕනෙ. නැත්තම් අපි ඒ අය කරන වැඩේ අනුමත කලා වෙනව. හැම වෙලේම පැමිණිලි කර කර කරදර කලාම තමා ටිකක් හරි ඒ අය පිලියමක් හොයන්න උනන්දු වෙන්නෙ.
    මොකද දැන් දෙන පැකේජ වල FUP කථා තිබ්බට ඉස්සර දුන්න එක පැකේජයකවත් FUP කථාවක් තිබ්බෙ නෑ

    මගෙ යාලුවෙක්ගෙ ගෙදරට මේ අවුල ආව. දන්නෙ නෑ වගේ SLT එකට කීවහම අද හදන්නම්, හෙට හදන්නම් කියනව. ආයෙ ආයෙ කථා කලාම අලුතෙන් පැමිණිලි ගොණු කරනව. විසදුමක් දෙන්නෙ නෑ. කියන්නෙත් නැ. ඉතින් පැරණි පැමිනිල්ලම ආයෙ දාන්නම් කියනව. ඒ කිවට ඒව ආයෙ දානවද දන්නෙ නෑ.

    දැන් සති කීපයක්. පැමිණිලි වලට කිසිම පිලිතුරක් හම්බඋනේ නෑ. අපි ඒ යාලුවගේ Usage එක බලද්දි ඒකෙ සම්බන්ධ උන පෝට් එක එක ඒව තියනව. හරි ඒව සාමාන්‍යය භාවිතා වෙන පෝට්නම් යාලුවෙක් පාස්වර්ඩ් එක උස්සල කියල හිතාගන්න පුලුවන්. ඒත් මේ අතරෙ Gigabit Ethernet කියන පෝට් එකකුත් තියනව. අපි කොහොමද Gigabit Ethernet භාවිතා කරන්නෙ ????



    මේකට තනි තනියම පැමිණිලි කරනවට අමතරව සමූහයක් විදිහට පැමිණිලි කරන්න වැඩක්
    පටන්ගත්තෙ කාලිංග අයියගෙ මූලිකත්වයෙන්. මේ SLT FUP ගැටලුව තියන අය goo.gl/88Jjv ලිපිණයට තමන්ගෙ විතර ලබාදීමෙන් ලබන සදුදා (26-12-2011) දින ජනාධිපති කාර්යාලය, TRC හා SLT වෙත සමූහයක් විදිහට ඉදිරිපත් කරන්න බලාපොරෙත්තු වෙන ලියුමට ඇතුලත් කරගන්න පුලුවන්. ඒකට වැඩි පිරිසකගෙ විස්තර ඇතුලත් වෙනව කියන්නෙ සාර්ථකත්වයක් ගන්න අවස්ථාව හුගක් වැඩි. ඒක නිසා මේ ගැටලුව නිරාකරනය කරගන්න ඔබ සැමගේ උදව්ව අපේක්ෂා කරනව.
    *මේ ෆෝමරයට ලබාදෙන විස්තර බෙදාගනු ලබන්නේ TRC, SLT හා ජනාදිපති කාර්‍යාලය සමග පමණයි.

    ඒ ගැටලුව දැන් අවුරැද්දක් විතර උනාට තාම පිලියකම් නැති ගැටලුවක්නෙ. ඒත් මේ FUP දාද්දි Web Surfing වලට අඩු වේගයකුත් Torrent වගේ ඒවට වැඩි වේගයකුත් එන්නෙ කොහොමද? මටනම් හිතෙන්නෙ Torrent එකෙන් එක ෆයිල් එක බාන්න ඒක කෑලි කඩල එක එක Connection වෙන වෙනම හදල Request යවන නිසා ඒව හොදින් බෑවෙනව කියල. හරියට වෙබ් පිටුවක ලිපිණය ගහල Enter කල විටම ටිකක් ලෝඩ් වෙලා අනිත් ටික නවතිනව වගේ.

    මේකට පොඩි විසදුමක් හම්බ උනා. ඒක කලාම පැහැදිලි වෙනසක් මගේ සම්බන්ධතාවයෙ තිබ්බ. මගේ මේ දවස් වල Dialog හුක් අල. ඒත් ඒ වැඩේ කලාම වේගය ටිකක් වැඩි උනා. මේ ක්‍රමය මම හොයාගත්තෙ Techකතා වලින් (ධනුෂ්ක තමා දාල තිබ්බෙ). මමත් කරල බැලුව‍

    මේකෙන් කරන්නෙ MTU Value එක වෙනස් කරන එක

    මුලින්ම අපිට හරියන MTU Value එක හොයාගන්න ඕනෙ. මේක වින්ඩෝස් වල පෙරනිමියෙන් එන්නෙ 1500. ඒත් අපිට හරියන එක බලාගන්න ඕනෙ. ඒකට ping tool එක භාවිතා කරනව.එ
    cmd එක ගන්න Start එකේ Search වන තැන Cmd කියල ගහල එන cmd කියල application එක Right ක්ලික් කරල Run as Administrator දෙන්න ඕනෙ (Windows 7/Vista). Adminstrator ඕනෙ Settings වෙනස් කරනවනම් විතරයි

    දැන් CMD එකේ
    ping google.com -f -l 1500
    කියල ගහන්න
    උත්තරය

    Packet needs to be fragmented but DF set.
    වගේ එකක් ඒවි. ඒ කියන්නෙ byte 1500 ක් එකවර යවන්න බෑ කියන එක. ටිකෙන් ටික අඩු කර කර උත්තරයක් එන තුරු කරන්න. එක වර 5ක් 10 ක් අඩු කලාට අවුලක් නෑ. මට එක පාරක් 1465 ලෙසත් ඊගාව පාර 1435 ලෙසත් දෙකක් ආව
    උත්තරය සාමාන්‍යෙයන්
    Reply from 209.85.175.147: bytes=64 (sent 1430) time=302ms TTL=249
    මේවගේ අංක වෙනස් වෙන්න පුලුවන්. ඒත් උත්තරයක් එන අගය ගන්න. හැබැයි 1400ට වඩා අඩු කරන්න එපා.
    දැන් හරි අගය සොයාගත්ත. මගේ 1430. දැන් මේක සෙට් කරන්න ඕනෙ.
    Windows වල
    දැන් command Prompt ඒකෙ මේ Command එක ගහල තියන Network Card ටික බලාගන්න
    netsh interface ipv4 show subinterfaces
    නැතිනම්
    netsh interface show interface
    එතකොට‍ මේ වගේ පිලිතුරක් එයි

    NETSH.png


    මම අන්තර්ජාලය හා සම්බන්ධ වෙන්නෙ Wifi වලින් නිසා මට අදාල වෙන්නෙ Wireless Network Connection කියන සම්බන්ධතාවය. LAN වලින් සම්බන්ධ වෙනවනම් Local Area Connection එක. Dongle එකකින්නම් Huawei Mobile Connect වගේ එකක්
    මේක කොපි කරගන්න. දැන්

    ආයෙත්
    netsh interface ipv4 set subinterface “Wireless Network Connection” mtu=1435 store=persistent
    කියල ගහන්න
    මම මේකෙ 1435 කියල ගත්තෙ මට හරියන වැලුයු එක. Wireless Network Connection කියන්නෙ මම සම්බන්ධ වෙන සම්බන්ධතාවය (උඩ පියවරෙන් ගත්ත එක)
    දැන් ස්පීඩ් එක පොඩ්ඩක් බලන්න

    Router එකේ
    මේ සැකසුම router එකෙත් කරන්න පුලුවන්
    Router එකේ සම්බන්ධතාවය හදන තැන තියනව MTU අගය දෙන්නෙ

    1.PNG


    3G Router එකක


    3.PNG

    DSL Router එකක

    d.png


    DSL Router එකක්

    Capture.JPG


    ADSL Router

    මමනම් කියන්නෙ රටුටරයක් හරහා සම්බන්ධ වෙනවනම් රවුටරයෙ හදන එක තමා හොදම. ඒත් මේ දෙකේම හැදුවත් අවුලක් නෑ
    මම මේ විදිහට MTU අගය 1500 හා 1435 දාල තියෙද්දි පැහැදිලි වෙනසක් ආව මගේ. විශේෂයෙන් Upload වල. මගේ Dialog Broadband. ඒ වගේමයි මම SLT ADSL FUP දාපු සිකුරුගෙ එකේ කරල බැලුව. වෙනසක් තියනව. හැබැයි මගේනම් මේ අගය නිතරම වෙනස් උනා. මතක තියාගන්න හැමවෙලේම මේක හරියන්නෙ නෑ. ඒත් මට 80%ක් විතර හරිගියා. හරි MTU අගය සොයාගද්දි හැම වාරයෙම Reply එන හැරිම එක හොයාගන්න
    1659783364.png

    1660002623.png

    1659786979.png

    මේ විදිහට කරල බලන්න පිලියමක් තියනවද කියල. මේක ටිකක් තේර්ම් ගන්න අමාරුනම් Speed Guide වෙතින් මේක කරගන්න Gui එකක් සහිත පොඩි ටූලයක් බාගන්න පුලුවන්

    Source:-Click Here

     
    Last edited:

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ow ow machan matath oka set una ..mama thread ekakuth denma mathaka athi..

    mama manager tth benna call 5kata wediya dunna but eka digata neme welawata mama paranama custermer kenek enisa dan ai speed eka aulak ne ..eth aluth ayata rules balapanawa athi
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,851
    1,296
    113
    one of the best threads in ek after quite sometime..

    bump

    oh i almost forgot.. +rep :)
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    2,986
    219
    63
    home
    machan.mage 32bit ekkane thiyenne..so othana 64 dapu thanata 32 kiyala dammoth harida?or
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මගෙ SLT 512 අන්ලිමිටඩ් පරණ කනෙක්ශන් එකක් තියෙන්නෙ. මේ මාසෙ 21 ඉඳල මගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක 60% විතර අඩු වෙලා තිබ්බෙ. අද 11ට විතර මම 1243ට කෝල් කරල බැන්න. ඊට පස්සෙ කම්ප්ලේන් එකක් ලොග් කරන්නම් කියල කට් කලා මට නම්බර් එකක්වත් දුන්නෙ නෑ. කොහොම හරි දැන් ඉන්ටනෙට් සාමාන්‍ය ස්පීඩ් එකට ඇවිල්ල. මුන් මහ කට්ට යක්කු ටිකක්. අපි සද්ද නැතිව හිටියම මුන් එනව කරේ නගින්න. ඔයාලගෙත් පරණ කනෙක්ශන් වලට ඇප්ලයි වෙලා තියනවනම් 1243ට කෝල් කරල බනින්න. එතකොට හදල දෙයි. :lol:
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    2,986
    219
    63
    home
    මගෙ SLT 512 අන්ලිමිටඩ් පරණ කනෙක්ශන් එකක් තියෙන්නෙ. මේ මාසෙ 21 ඉඳල මගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක 60% විතර අඩු වෙලා තිබ්බෙ. අද 11ට විතර මම 1243ට කෝල් කරල බැන්න. ඊට පස්සෙ කම්ප්ලේන් එකක් ලොග් කරන්නම් කියල කට් කලා මට නම්බර් එකක්වත් දුන්නෙ නෑ. කොහොම හරි දැන් ඉන්ටනෙට් සාමාන්‍ය ස්පීඩ් එකට ඇවිල්ල. මුන් මහ කට්ට යක්කු ටිකක්. අපි සද්ද නැතිව හිටියම මුන් එනව කරේ නගින්න. ඔයාලගෙත් පරණ කනෙක්ශන් වලට ඇප්ලයි වෙලා තියනවනම් 1243ට කෝල් කරල බනින්න. එතකොට හදල දෙයි. :lol:


    hehe..sirada?? ane ban mama okun ekka banagena athi eka 10days withara.magenam hadala na..itapasse trc ekatath kiwa..eth kisima deyak na.. mage ekath dan 5years withara parana ekkak/