CSE & SEC තාක්ෂණය පුවත්
ටෙලිකොම් සමාගම සිය SLT Campus (පෞද්) සමාගම රු.මිලියන 410කට අලෙවි කරයි
December 15, 2021 admin
ශ්රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම සිය පරිපාලිත සමාගමක් වූ SLT Campus (පෞද්) සමාගම රුපියල් මිලියන 410ක (410,000,000ක) මුදලකට අලෙවි කළ බව පවසයි.
ටෙලිකොම් සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් ඊයේ (14දා) මේ බව දැනුම් දී තිබේ. මෙහිදී Tempest Two (පෞද්) සමාගම නම් සමාගමක් එම මිලදී ගැනීම සිදු කර තිබේ.
ටෙලිකොම් සමාගම සඳහන් කරන ආකාරයට අංක 46/58 නවම් මාවත, කොළඹ 02 ස්ථානයේ පිහිටි ‘මිලේනියම් හවුස්‘ ගොඩනැගිල්ලේ පස්වැනි මහලේ (Level 5 හි) මෙම Tempest Two (පෞද්) සමාගම පිහිටා තිබේ.
ඒ අනුව SLT Campus (පෞද්) සමාගමේ 100%ක හිමිකාරිත්වය මෙලෙස ටෙම්පෙස්ට් ටූ (පෞද්) සමාගම වෙත SSPA (Share Sale and Purchase Agreement) එකඟතාවක් ලෙස අලෙවි කිරිම සිදු කර තිබෙන බව පවසයි.
මේ අතර අදාළ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අවසන් කිරීම පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් ශ්රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම පවසයි. ( SLTL belongs ECL too)
ලමයින්ට මොකක් වෙයිද්?