අලුත් ටැක්ස් එකත් ස්තීර වෙලා, දැන් පඩි දවසත් ලංවෙන නිසා සොෆ්ට්වෙයා ලොව කැලඹිල තියන්නෙ...
උදේට ස්ටෑන්ඩප් එකෙත් විනාඩි 5ක් 10ක් සැලරියෙ අනිත්‍ය මෙනෙහි කරනව
ටැක්ස් ගහන්නෙ නැති තැනක් තියනව දන්නවද ?
මේකත් මේ ස්ටෑන්ඩප් එකේදි ආපු අයිඩියා එකක්....
අපි Work from Home නවත්තල Work from church පටන් ගත්තොත්??
දැන් ඔය ආගමික ස්තාන වලට බදු ගහන්නෙ නෑනෙ... විගනනයක්වත් නෑ....
අපි අපේ ගෙවල් ආගමික ස්තාන කරනව....
සොෆ්ට්වෙයා ඉන්ජිනීරින් ආගමේ, දේවස්ථාන කෝවිල් තමයි මෙවුව...
අපි තමයි ඒ ආගමේ කට්ටඬියො, පූජකයො...
අපිට පඩියක් හම්බු වෙන්නෙ නෑ... කම්පැනි වලින් පඩි ගෙවන්නෙත් නෑ....
පූජකයන්ට, කට්ටඩියන්ට කොහෙද පඩි..
කම්පැනි වලින් මාසෙකට සැරයක් බාර ඔප්පු කරනව....
නැත්තන් ඩොනේශන් එකක් දෙනව...
මේ සොෆ්ට්වෙයා ඉන්ජිනීරින් ආගමට, ඕනිනම් දෙවිවරු පත් කරගන්න පුලුවන්...
ඔය ඉස්සර හිටපු ටියුරින් වගේ පොරක් තමයි දෙයියො...
දැන් ඔය මිනිස්සු බාර වෙන්නෙ, අර දරුවාගේ විභාගෙ පාස් වෙන්න, මගුලක් හරියන්න කියල... ඒව දාන්නෙ Jira එකේ...
එතකොට ඔය කස්ටමර්ල ඇවිත් පොල් ගහන්නෙ Zendesk එකේ...
දැන් ඔය ආගමික ස්තාන වලට සෝලර් පවර් දෙනව කියලත් තියේ නේද?
-----
උපුටාගැනීම :
Code:
https://www.facebook.com/lasanthasuresh/posts/10228713110074394
