https://www.classcentral.com/
මේකේ ලෝකෙ තියෙන හැම Website එකකම / University එකකම / Institute එකකින්ම වගේ offer කරන courses ඔක්කොම වගේ එකතු කරලා ලොකු database එකක් හදලා තියෙනවා. Courses / Free Certificates එහෙම හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේක.
https://www.infoworld.com/
මේක Information Technology වලට සම්බන්ධ news දෙන Developers ලට පට්ටම වැදගත් web-only publications තියෙන Media Company එකක්. Software Development / Cloud Computing/ Machine Learning වගේ හැම දෙයක් සම්බන්ධවම news මේකෙ තියෙනවා.
https://www.producthunt.com/
අලුතෙන් එන Software Products / Tools ගැන විස්තර මේකෙ තියෙනවා.
https://searchcode.com/
මේක පාවිච්චි කරලා Github වගේ public code sources වලට upload කරලා තියෙන Real World Projects මිලියන 40 ක් ඇතුලේ ලියලා තියෙන code lines බිලියන 75 ක් පුරාවට search කරලා තමන්ට අවශ්‍ය කරන codes හොයාගන්න පුළුවන්. තමන්ට අවශ්‍ය කරන language එකට අනුව එව්වා filter කරලා අරන් තමන්ට අවශ්‍ය කරන codes ටික ලබාගන්න පුළුවන්.
https://tinywow.com/
මේකේ PDF, Videos, Images, JSON, XML, CSV, Excel වගේ හැම මගුලක්ම convert කරන්න, edit කරන්න, compress කරන්න, trim කරන්න, Resize කරන්න, Extract කරගන්න වගේ ඕනෙම මගුලක් කරගන්න පුළුවන් හැම ජාතියකම tools තියෙනවා. ඒ කියන්නේ ආයේ ඔයගොල්ලොන්ට ඕනෙම file එකකට මොනවහරි modifications කරගන්න ඕනෙ වුනොත් google එකේ search කර කර ඒක කරගන්න පුළුවන් tools හොය හොය ඉන්නේ නැතුව කෙලින්ම මේ Website එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන වැඩේ කරගන්න පුළුවන් tool එක select කරගෙන වැඩේ කරගන්න පුළුවන්. මේක 100% free. No Strings Attached.
https://divjoy.com/
මේක react codebase generator එකක්. Tech Stack එකේ App Type, Framework, UI Kit, Authentication, Database, Payments, Hosting, Analytics, Chat, Newsletter, Contact Form කියන elements ඇතුලේ offer කරලා තියෙන options වලින් තමන්ට අවශ්‍ය කරන දේවල් ටික Select කරලා ඒකට අදාළ Codebase එක generate කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්.
https://overapi.com/
ලෝකෙ තියෙන Programming Languages, Frameworks, Developer Tools හැම එකකටම වගේ අදාළ Cheat Sheets මේකෙ තියෙනවා. ඒ එක එක technologies වලට අදාළ keywords/ consepts පිළිවෙලට organize කරලා මේකේ add කරලා තියෙනවා. ඒ නිසා ඔයාලට Programming වලට සම්බන්ධ මොකක් හරි Concept එකක්/ keyword එකක් අමතක වුනොත් ඉක්මනට මේ Website එකට ගිහිල්ලා ඒක හොයාගන්න එක ලේසියි. එව්වගේ Official Documentations වලට එව්වා link කරලා තියෙන්නේ.
https://codecapsules.io/
මේක ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් Platform as a Service එකක්.
Code Capsules will pull your code directly from your Github repository and build it inside the correct container.
https://daringfireball.net/projects/markdown/
මේක Text-to-HTML Converter Tool එකක්.
https://www.selenium.dev/
මේක Browser එකේ ක්‍රියාකාරකම් automate කරන්න පුළුවන් powerful tool එකක්.
Selenium automates browsers. That's it! What you do with that power is entirely up to you. Primarily it is for automating web applications for testing purposes, but is certainly not limited to just that. Boring web-based administration tasks can (and should) also be automated as well.
https://playwright.dev/
https://axiom.ai/
මේ දෙකත් selenium වගේම browser automation tools දෙකක්. මේ වගේ tools පාවිච්චි කරලා emails දාහක් විතර එකපාර delete කරන්න වෙනවා වගේ දේවල් automate කරලා එව්වා එකින් එක delete කරන්නේ නැතුව එව්වා සේරම එක පාරම delete කරලා දාන්න පුළුවන්.
https://cloud.google.com/appengine/
මේකත් platform as a service එකක්.
Build web applications on the same scalable systems that power Google applications. Build your application in Node.js, Java, Ruby, C#, Go, Python, or PHP. A fully managed environment lets you focus on code while App Engine manages infrastructure concerns.
https://www.atlassian.com/software/jira
Agile Practices වලට අනුව Software Develop කරන teams වලට project එකේ plan, track, release steps simplify කරගෙන manage කරගන්න පාවිච්චි කරන්න පුලුවන් tool එකක්.
https://github.com/ossu/computer-science
MIT වගේ ලෝකෙ හොඳම universities වල තියෙන Computer Science Degree එකක තියෙන syllabus එකේ knowledge එකම සම්පුර්ණයෙන්ම නොමිලේ ලබාගන්න පුළුවන් වෙන විදිහට ඒ Degree එකේ එක එක මාතෘකා වලට අදාලව internet එකේ නොමිලේ තියෙන recourses වලට link කරලා සම්පුර්ණ computer science degree එකක්ම මේකෙ ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. මේක හරියට කරලා ඉවර කරන්න අවුරුදු 4 ක් ගතවෙනවා. මේක ඉවර කරන එක්කෙනෙක්ට නොමිලේම MIT වගේ University එකක Computer Science Degree එකක් කරන කෙනෙක්ගේ knowledge එකම සම්පුර්ණයෙන්ම ලබාගන්න පුළුවන්.
https://www.insider.com/
මේක financial news තියෙන American online media company එකක්.
https://www.motionity.app/
මේක Web Based Motion Graphics Editor එකක්.
https://vizzuhq.com/
මේක data stories and visualizations animate කරන්න පාවිච්චි කරන්න පුලුවන් site එකක්.
https://hihayk.github.io/shaper/
UI එකේ එක එක elements LIVE විදිහට වෙනස් කර කර බලන්න බලන්න පුළුවන් tool එකක් මේක.
https://www.theatrejs.com/
මේක professional motion design toolset එකක් තියෙන JavaScript Library එකක්.
https://animxyz.com/
මේක CSS Variables හරහා animations create කරන්න පුළුවන් tool එකක්.
https://codemyui.com/
මේක CSS, HTML and JavaScript snippets තියෙන website එකක්.
https://party.js.org/
Visual Effects පාවිච්චි කරලා හොඳ user experience එකක් දෙන්න පාවිච්චි කරන්න පුළුවන් tool එකක් මේක.
https://www.macrorecorder.com/
මේක ඇවිල්ලා අපි computer එකේ කරන repetitive tasks ටික automate කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් tool එකක්.
https://www.jetbrains.com/fleet/
JetBrains ල VS Code එකත් එකක් තරඟ කරන්න හදපු VS Code වගේම Light Weight Code Editor එකක් තමයි fleet කියන්නේ. ගිය මාසෙද කොහෙද මේක release කරේ.
https://www.diffchecker.com/
Texts දෙකක් compare කරලා ඒ දෙකේ තියෙන වෙනස්කම් මොනවද කියලා අදුනගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. Web එකෙන් බලාගෙන ගහපු code එකක් හදිස්සියෙවත් වැඩ කරේ නැත්තං ඒ අපි ලියපු code එකයි web එකේ තිබ්බ code එකයි compare කරලා ඒ දෙකේ පවතින වෙනස්කම් මොනවද කියලා හොයාගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. Tutorials බලලා Software Development ඉගෙනගන්න කට්ටියට මේක ගොඩක් වටිනවා.
https://tryhackme.com/
https://www.hackthebox.com/
Hacking ඉගෙනගන්න කැමති කට්ටියට පාවිච්චි කරන්න පුළුවන් Hacking Playgrounds 2 ක් තමා ඔය.
https://whirl.netlify.app/
මේකෙන් CSS Loading animations හදන්න පුළුවන්.
https://www.autohotkey.com/
මේක Windows Operating System එකේ සිදු කරන tasks automate කිරීම සඳහා නිර්මාණය කරලා තියෙන scripting language එකක්.
https://overemployed.com/
එකපාර Jobs 2 ක් කරන්න කැමති කට්ටියට පාවිච්චි කරන්න පුළුවන් community app එකක්.
Overemployed is a community of professionals looking to work two remote jobs, earn extra income, and achieve financial freedom. Be free from office politics and layoffs. Instead, improve your mental health and negotiate a severance.
https://masscode.io/
මේක Code Snippets Manager එකක්. ඔයගොල්ලොන්ට වටිනවා කියලා හිතෙන හෝ Reuse කරන්න පුළුවන් කියලා හිතෙන පොඩි පොඩි Code Snippets මේකට add කරලා එව්වා organize කරගෙන manage කරගන්න පුළුවන්.
https://www.notion.so/
මේක Project Management and Note Taking Software එකක්.
https://www.opensourcealternative.to/
මේකෙන් ලෝකේ තියෙන paid SaaS products වල වැඩේම කරගන්න පුළුවන්, එව්වා වෙනුවට තියෙන හොඳම free alternative open source products සෑහෙන ගොඩක් list කරලා තියෙනවා.
https://www.wolframalpha.com/
මේක ගොඩක් complex questions වලට answers දෙන්න පුළුවන් Computational Intelligence එකක් තියෙන AI එකක්. Mathematics, Science, Technology, Computer Science, Physics, Chemistry, Engineering, Society and Culture, Everyday Life වගේ හැම ජාතියකම complex questions වලට answers දෙන්න මේ AI එකට පුළුවන්.
https://codesandbox.io/
මේක team එකක් එක්ක Collaborate කරලා Software Develop කරන්න පුලුවන් tool එකක්.