Software Engineers ලට / Web Developers ලට වැදගත් වෙන APIs, YouTube Channels, VS Code Extensions, Libraries, Websites Mega Thread !! 🔴

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Last edited:
    • Love
    Reactions: visalbro

    Lavone

    Member
    Sep 1, 2021
    18
    9
    3
    Supir
    මේ තියෙන්නේ මට මෙච්චර කාලෙකට සෙට් වුන Software Engineers ලට / Web Developers ලට වැදගත් වෙන Chrome Extensions, VS Code Extensions, Websites, APIs Apps, Libraries හා YouTube Channels කීපයක්. මෙතන තියෙන සමහර එව්වනම් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති. ඔයගොල්ලොන්ටත් හම්බුන මේ වගේ Programmers ලට වැදගත් වෙන තව එක එක ජාතියෙ courses, tools, libraries, software packages, YouTube Channels වගේ එව්වා තියෙනවනම් පල්ලෙහා Reply එකකින් දාගෙන යන්න. මටත් අලුතෙන් සෙට් වෙන tools එහෙම මං අලුත් Replies වලින් පල්ලෙහායින් add කරන්නම්.
    P.S. - මං හිතුවට වඩා මේ Thread එක සෑහෙන්න දිග වුනා!! :baffled:





    සේරටම කලින් මට සෙට් වුන email Newsletters ටිකක links ටිකක් මං දාලා ඉන්නම්. ඔයගොල්ලො ගිහින් මේ Newsletters වලට Sign-up වෙන්න. මං අලුතෙන් මේ ලෝකෙට එන technologies ගැන එහෙම update වෙන්නේ මේ Newsletters ටික කියවලා. මොකද මං අහලා තියෙන විදිහටනම් IT Field එකේ ඉන්න කට්ටියට programming languages ඉගෙනගන්නවටත් වඩා කරන්න අමාරුම වැඩේ අලුතෙන් එන technologies ගැන "update" වෙලා ඉන්න එක. මොකද ලෝකෙ ඉතාමත් ශිග්‍රයෙන්ම දියුණු වෙන filed එකක් තමයි IT Field එක කියන්නේ. අපි "මේ අවුරුද්දේ" ඉගෙනගත්ත දෙයක් සමහර විට "ලබන අවුරුද්ද" වෙනකොටම outdated වෙලා ඊට වඩා හොඳ technology එකකින් ඒ පරණ technology එක replace වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන්ම මේ Newsletters ටික කියවන්න. ගොඩක් වෙලාවට මේ Newsletters ටික release වෙන්නේ සතියකට සැරයක් ගානේ. ඒ හින්දා කිසිම ගේමක් නැතුව මේ ටික ඔයාලට කියවන්න පුළුවන්. තව Gmail එකට ගිහින් අලුතෙන් labels ටිකක් හදලා ඒ labels වලට මේ එන Newsletters ටික Move කරලා හෙන පිළිවෙලකට මැච් එක ගහගන්න පුලුවන්නම් තවත් හොඳයි.

    https://tldr.tech/
    (මේක නම් පට්ටම පට්ට!! හැබැයි මේක Daily Newsletter එකක්. Science, Technology, Programming, Web Development, Data Science, Big Tech & Startups වගේ හැම මගුල ගැනම updates තියෙන සුපිරිම Newsletter එකක් මේකෙන් අපිට දිනපතාම එවනවා. මං නම් කැමතිම Newsletter එක මේක. ඒත් ඉතින් ඔයගොල්ලො පුරුද්දකට වගේ හැමදාම Newsletters කියවන්නේ නැත්තං මේකෙන් එවන Newsletters ගොඩගැහෙන්න පුළුවන්. අනිත් එව්වා නම් Weekly Newsletters. එව්වගෙ නම් එහෙම ගොඩගැහෙන අව්ලක් නෑ.)

    https://www.smashingmagazine.com/the-smashing-newsletter/
    (මේක Front-End and UX Design ගැන තියෙන Newsletter එකක්. මේකත් පට්ට!!)

    https://cooperpress.com/publications/
    (මේක ඇතුලේ එක එක Weekly Newsletters කීපයක්ම තියෙනවා. ඒ Newsletters අතරින් ඔයගොල්ලොන්ගෙ Specific Field එකට අදාළ Newsletters වලට ඔයගොල්ලෝ sign-up වෙන්න. මං නම් Sign-up වෙලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ මෙන්න මේ Newsletters ටිකට.)
    https://javascriptweekly.com/
    https://frontendfoc.us/
    https://nodeweekly.com/
    https://react.statuscode.com/
    (මේ වගේ තව එක එක Languages වලට හා Technologies වලට අදාලව ඒ ගොල්ලෝ වෙන වේනම් Weekly Newsletters Release කරනවා.)

    https://hackernewsletter.com/
    https://changelog.com/weekly
    (මේ දෙකත් පට්ට!)

    https://stackshare.io/weekly
    https://webtoolsweekly.com/
    (මේ Newsletters දෙකේ Developers ලට වැදගත් වෙන අලුතෙන් release කරපු tools ගැන එහෙම විස්තර තියෙනවා.)

    https://www.freecodecamp.org/email-sign-up/
    (මේක freeCodeCamp එකේ Newsletter එක. මේකෙත් අධ්‍යාපනික resources සෑහෙන තොගයක් තියෙනවා.)





    පල්ලෙහා තියෙන්නේ මට සෙට් වුන Chrome Extensions කීපයක්.

    Wappalyzer
    https://chrome.google.com/webstore/detail/wappalyzer-technology-pro/gppongmhjkpfnbhagpmjfkannfbllamg

    මේකෙන් ඕනෑම Web App එකක Tech Stack එක නිර්මාණය කරද්දී ඒ සඳහා යොදාගෙන තියෙන tools ටික පෙන්නනවා.

    View attachment 180539


    Grepper
    https://chrome.google.com/webstore/detail/grepper/amaaokahonnfjjemodnpmeenfpnnbkco?hl=en

    අපි මොකක් හරි Programming වලට අදාළ ප්‍රශ්නයක් Google එකේ Search කරද්දී ඒ ප්‍රශ්නෙම මිට කලින් search කරලා ඒකට ගැලපෙන උත්තරයක් හොයාගත්ත මනුස්සයෙක් ඒ උත්තරේ Grepper එකට add කරලා තිබ්බනම් Grepper විසින් ඒක Code Snapshot එකක් විදිහට Search Results වල උඩින්ම පෙන්නනවා.

    View attachment 180540


    You Search Engine
    https://you.com/
    මේක Software Developers ල සඳහාම නිර්මාණය කරපු Search Engine එකක්. මේකෙත් Chrome Extension එකක් තියෙනවා. හැබැයි ඒ Chrome Extension එක පාවිච්චි කරනවට වඩා කරන්න තියෙන හොඳ ම වැඩේ තමා කෙලින්ම උඩ තියෙන Link එකට ගිහිල්ලා you com Search Engine එක පාවිච්චි කරන එක. මොකද මේකේ Chrome Extension එක Install කරගත්තොත් එහෙම Google Search Engine එක you com Search Engine එකෙන් Replace වෙනවා. එතකොට ඒක හෙන වාතයක් වෙනවා. මේකෙන් Coding වලට Related මොනවහරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නෙට අදාළ උත්තර වල Code Snapshots එහෙම කෙලින්ම Search Results වල උඩින්ම පෙන්නනවා.

    View attachment 180541


    Gitpod
    https://chrome.google.com/webstore/detail/gitpod-always-ready-to-co/dodmmooeoklaejobgleioelladacbeki
    මේක ඇවිල්ලා Github Repo එකක් Browser එකෙන් VS Code Project එකක් විදිහට open කරලා පාවිච්චි කරන්න පුළුවන්කම සලසලා දෙන Extension එකක්. Github Repo එකකට ගිහිල්ලා නිකන්ම > button එක ඔබලත් ඒ Repo එක Browser Based VS Code Project එකක් විදිහට open කරන්න පුළුවන්. හැබැයි එහෙම open කරන VS Code එකේ terminal එක වගේ දේවල් පාවිච්චි කරන්න බෑ. ඒත් Gitpod පාවිච්චි කරනවානම් අපි normally desktop එකේ VS Code පාවිච්චි කරනවා වගේම Browser එකෙත් VS Code පාවිච්චි කරන්න පුලුවන්. VS Code Terminal එකත් Browser එක ඇතුලේ ඉඳගෙනම පාවිච්චි කරන්න පුළුවන්.

    View attachment 180542





    පල්ලෙහා තියෙන්නේ මට සෙට් වුන VS Code Extensions ටිකක්. මෙව්වා Language-Specific Extensions නෙමෙයි. පොදුවේ හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් Extensions.

    Code Time
    https://marketplace.visualstudio.com/items?itemName=softwaredotcom.swdc-vscode
    මේකෙන් ඔයාගේ Coding Time එක monitor කරන්න පුළුවන්. ඔයා Actively Code කරමින් හිටපු කාලය හා ඔයා Code කරන්නේ නැතුව නිකංම Screen එක දිහා බලාගෙන හිටපු කාලය වෙන වෙනම Detailed Report එකක් විදිහට Statistics එක්කම ඔයාට මේ Extension එකෙන් බලාගන්න පුළුවන්.

    Emoji 😜
    https://marketplace.visualstudio.com/items?itemName=Perkovec.emoji
    මේ Extension එකෙත් වෙනම ආතල් එකක් තියෙනවා. මේක පාවිච්චි කරලා Command Palette එකෙන් Emojis insert කරන්න පුළුවන්.

    Prettier
    https://marketplace.visualstudio.com/items?itemName=esbenp.prettier-vscode
    මේකනම් හැමෝම දන්න Extension එකක් වෙන්න ඕනේ. මේක Install කරගෙන මොකක් හරි Language එකකින් Code එකක් ලියලා alt + shift + F එබුවහම ඒ code එක හැමෝටම පහසුවෙන් කියවගන්න පුළුවන් වෙන විදිහට Format වෙනවා. තව ඔය පොඩි පොඩි semicolon එහෙම දාන්න අමතක වෙලා තිබ්බොත් alt + shift + F ඔබපු ගමන් එව්වත් ඉබේම add වෙනවා. මේක ඕනෑම language එකකට වැඩ. මේක නම් ඉතින් හැම programmer කෙනෙක් ගාවම අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ Extension එකක්.

    Code Spell Checker
    https://marketplace.visualstudio.com/items?itemName=streetsidesoftware.code-spell-checker
    මේකනම් Life-Saving Plugin එකක්. 🤩 Programmer කෙනෙක්ගේ ජීවිතේට එන්න පුළුවන් ප්‍රශ්න වලින් ලොකුම ප්‍රශ්නයක් තමා මොකක් හරි පොඩි Spelling Mistake එකක් නිසා සම්පූර්ණ Code එකම වැඩ කරන්නේ නැතුව යන එක. මේකෙන් ඔයගොල්ලෝ ලියන Syntax, Variables, Functions, Values, Comments වගේ හැම එකකම මොකක් හරි Spelling Mistake එකක් / Typo එකක් තියෙනවද කියලා Check කරනවා. ඔයගොල්ලෝ CamelCase එකෙන් Variables එහෙම නම් කරලා තිබ්බත් මේ Extension එකෙන් එහෙම CamelCase එකෙන් ලියපු Code වලත් Spelling Mistakes තියෙනවද කියලා Check කරනවා.

    Bookmarks
    https://marketplace.visualstudio.com/items?itemName=alefragnani.Bookmarks
    මේකත් පට්ට වටින extension එකක්. මේක පාවිච්චි කරලා Code එක ඇතුලේ තැනින් තැන Bookmarks Create කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ තැන් වලට ලේසියෙන්ම මේ Bookmarks පාවිච්චි කරලා Navigate කරන්න පුළුවන්.

    indent-rainbow
    https://marketplace.visualstudio.com/items?itemName=oderwat.indent-rainbow
    මේක install කලාම Code එකක Opening and Closing Tags දෙක හෝ Parenthesis අතරේ පාට තීරුවක් ඇඳෙනවා. ඒ පාට තීරුව දිගේ ඇහැ ගෙනිච්චහම ලේසියෙන්ම Closing Parenthesis එක හෝ Closing Tag එක තියෙන ස්ථානය හොයාගන්න පුළුවන්.

    Polacode
    https://marketplace.visualstudio.com/items?itemName=pnp.polacode
    මේක පාවිච්චි කරලා ලේසියෙන්ම Code Snapshots Create කරන්න හා Share කරන්න පුළුවන්.

    vscode-icons
    https://marketplace.visualstudio.com/items?itemName=vscode-icons-team.vscode-icons
    මේක install කරගත්තහම අපි project එකක් ඇතුලේ create කරන Folders හා Files වලට ඒ ඒ File එකට හෝ Folder එකට ගැලපෙන icon එකක් add වෙනවා .

    Live Share Extension Pack
    https://marketplace.visualstudio.com/items?itemName=MS-vsliveshare.vsliveshare-pack
    මේක මං නම් පාවිච්චි කරලා නෑ. හැබැයි මං හිතන්නේ Software Companies වල job කරන කට්ටියනම් මේ Extension එක හැමදාම පාවිච්චි කරනවා ඇති. මේක පාවිච්චි කරලා real time විදිහට programmers ල දෙතුන්දෙනෙක්ට එකට එකතු වෙලා "එකම" project එකක් open කරගෙන ඒ හැමෝටම ඒ project එක ඇතුලේ Type කරන්න, Debug කරන්න වගේ වැඩ කරන්න පුළුවන්ලු. ඒ ගොල්ලොන්ට එහෙම Collaboratively වැඩ කරන ගමන් Audio Chat හා Text Chat කරන්නත් පුළුවන්ලු මේ Extension එකෙන්. මට තේරුණ විදිහට නම් මේක පට්ට වටින Extension එකක්.





    මේකේ ඉතුරු ටික මං මේ Thread එකේ පලවෙනි Reply එකෙන් දාන්නම්. ElaKiri එකේ දාන Message එකක Characters ප්‍රමාණය 10000 ඉක්මවන්න බෑ කියලා Warning Alert එකක් මට දැන් ආවා.
    Supirii machan..Thank you, godaaak watina ewa thibbaa
     
    • Love
    Reactions: Avishka Indula

    chathun_pc

    Active member
  • Jun 25, 2008
    208
    135
    43
    magnet field
    ඔයාල වින්ඩොස් වල වැඩ කරනව නම් මේ tools ටිකත් හොදයි windows store එකෙන් ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්.

    1. Devtoys - මේක multitool එකක් json ෆොර්මැටර් , decoder ,generators වගේ ගොඩක් දේවල් තියනව.



    1659498150555.png



    devtools2.PNG


    2. Windows terminal - මේකත් පට්ට terminal එකක් ගොඩක් features තියනව ලිනක්ස් WSL එකත් එක්කත් හොදට වැඩ.

    1659498305868.png


    මේ RSS feed list එකේ developers ලට වදගත් වන සයිට්ස් 1000 විතර තියනව ඕන ඒව විතරක් තෝරගන්න.

    https://github.com/simevidas/web-dev-feeds/blob/master/feeds.opml
    ------ Post added on Aug 3, 2022 at 9:20 AM
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඔයාල වින්ඩොස් වල වැඩ කරනව නම් මේ tools ටිකත් හොදයි windows store එකෙන් ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්.

    1. Devtoys - මේක multitool එකක් json ෆොර්මැටර් , decoder ,generators වගේ ගොඩක් දේවල් තියනව.



    View attachment 180610


    View attachment 180609

    2. Windows terminal - මේකත් පට්ට terminal එකක් ගොඩක් features තියනව ලිනක්ස් WSL එකත් එක්කත් හොදට වැඩ.

    View attachment 180611


    මේ RSS feed list එකේ developers ලට වදගත් වන සයිට්ස් 1000 විතර තියනව ඕන ඒව විතරක් තෝරගන්න.

    https://github.com/simevidas/web-dev-feeds/blob/master/feeds.opml
    ------ Post added on Aug 3, 2022 at 9:20 AM
    Nice one machan ❤️

    If anyone is interested, This is the playlist I listen to while I'm coding.




    ------ Post added on Aug 3, 2022 at 6:15 PM
     
    Last edited: