sole proprietorship BR එකක් ගන්නේ කොහොමද

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ප්‍රොසෙස් එක මොකක්ද? ලඟකදි වැඩේ කරගත්ත කෙනෙක් දන්නවනම් කියන්න. කොච්චර කාලයක් යනවද සාමාන්‍යයෙන් :rolleyes:

    bump
    ------ Post added on Feb 5, 2025 at 12:43 PM
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    dnna vdhata inna area eke Grama sewaka meet wenna, form set ekak dewi thana balanna enawa board ekak gahanna ona eta amatharawa PHI wage approval ganna ona oppuwe / rent agreement copy ekak ona. ita passe AG office eken tama issue karanne dnna widihata
     
    • Like
    Reactions: di_shan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    ප්‍රා. ලේ කාර්‍යාලයේ ආයතන අංශට ගිහින් ෆෝම් එකක් ගන්න
    ඒක අරන් ග්‍රාම සේවක් ලගට ගිහින් වැඩ වගයක් තියෙනවා
     
    • Like
    Reactions: di_shan

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    පොඩ්ඩක් එපා වෙන වැඩක් වගේ ඒකත්. BR නැතුව ගන්න පුලුවන් හොඳ පේමන්ට් ගෙට්වේ තියනවද ගායිස්
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    1.ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයට ගිහින් ව්‍යාපාර නාම ලියාපදිංචි අංශයෙන් ෆෝම් එකක් ඉල්ලගන්න. ඒකට සල්ලි ගන්නෙ නෑ.

    2. ඒකත් එක්ක දෙනව ග්‍රාමසේවක මහත්තයට බාර දෙන්න ඕන ෆෝම් එකකුත්.

    3.ඊට පස්සෙ ඕන වෙනව ඔයා ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයේ ඉඩම් ඔප්පුවේ පත් ඉරුවක් ( මාස 6ක් ඇතුළත ලබාගත් එකක් විය යුතුයි ).

    4.ඊළඟට ඕන වෙනව ඉහත සඳහන් කරන ලද භූමියේ හිමිකරු විසින් , ඔබ අදාල ස්ථානයේ අදාල ව්‍යාපාරය පවත්වාගෙන යාමට කැමැත්ත ප්‍රකාශ කළ ලියුමක්.(මෙම ස්තානයේ අයිතිය ඔබට නැතිනම්)

    5.ඊළඟට ඕන වෙනව ඔයා ව්‍යාපාරය කරන තැන, අදාල ව්‍යාපාරය සම්බන්ධව පැහැදිලිව පෙනෙන ආකාරයට ප්‍රදර්ශනය වන නාම පුවරුවක්. තේරෙන විදියට කිව්වොත් Name Board එකක්
    😀



    6.දැන් ජාතික හැඳුනුම්පතේ පොටෝ කොපි 2ක් සහ උප්පැන්න සහතිකයෙ මුල් පිටපතත් අරගෙන අර පළවෙනි ෆෝම් එකත් අරගෙන යන්න ග්‍රාමසේවක මහත්තය ළඟට.

    7.ඊට පස්සෙ අඩුපාඩු තියෙනවනම් ඒවා හදල දෙයි. ඔක්කොම හරි නම් ග්‍රාමසේවක මහත්තයා එයි ව්‍යාපාරික ස්ථානයට. ඒ ආවට පස්සෙ අර කැමැත්ත ප්‍රකාශ කරපු ලියුම ග්‍රාමසේවක මහත්තය ඉදිරියේ අත්සන් කරලා ( භූමියේ අයිතිකරු ) සහතික කරවගන්න පුළුවන්.

    8.ඊළඟට පත්ඉරු, උප්පැන්න සහතිකයෙ පොටෝ කොපි, ID එකේ පොටෝ කොපි අනං මනං ඔක්කොම අරගෙන, අර සම්පූර්ණ කරන ලද පළවෙනි සහ තුන්වෙනි රූපවල තියෙන ෆෝම්ස් අරගෙන බදාදා දවසක AG Office එකට යන්න.

    9.අඩුපාඩු නැත්නම් 4,5,6 කියන ෆෝම්ස් ඔයාට එතනින් දෙයි.

    10.4 වෙනි එක ග්‍රාම නිලධාරී තුමාට/තුමියටම දෙන්න. වෙන වෙන අයට දෙන්න එපා.

    11. 5වෙනි එක පරිසර නිලධාරී තුමාට/තුමියට දෙන්න. වෙන වෙන අයට දෙන්න එපා.

    12. 6 වෙනි එක සංවර්ධන නිළධාරී තුමාට/තුමියට දෙන්න. වෙන වෙන අයට දෙන්න එපා.

    13. පරිසර සහ සංවර්ධන නිලධාරීන් ව්‍යාපාරය බලන්න ඔයාගෙ ව්‍යාපාරික ස්ථානයට එනව. ඒ ඇවිත් බලලා එයාලා වර්තාවක් යවනව ප්‍රාදේශීය ලේකම් තුමාට. ඊට පස්සෙ ඒක එනව ව්‍යාපාර නාම ලියාපදිංචි කරන නිලධාරියට. AG Office එකට ගිහින් බලන්න වැඩේ කෙරිලද කියල.

    14. අඩුපාඩුවක් නැත්නම් කියයි සල්ලි බඳින්න කියල. ඒකට ඔයාට රිසිට් එකක් දෙයි.ඒකත් අරගෙන මුදල් ගෙවන තැනට ගිහින් සල්ලි දෙන්න.

    15. සල්ලි ගෙව්වම ඔයාට රිසිට් එකක් දෙයි. ඒක අරගෙන ගිහින් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට සම්බන්ධ නිලධාරියාටම දෙන්න. වෙන වෙන අයට දෙන්න එපා.

    16. ප්‍රාෙද්ශීය ලේකම් තුමා/තුමිය ඉන්නවනම් විනාඩි 10න් වැඩේ OK.




    https://elakiri.com/threads/ගල්-යුග...ලියාපදිංචි-කරන-විදිය-හැමිනෙනවා-ඉතින්.2169324/