Sonu Niigaam Lands in Colombo

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Sonu Niigaam Lands in Colombo



    ලංකාවෙන් ගායකයෙක් සෝනු එක්ක සින්දුවක් කරලා ... මේක නම් දැකල ඇති ....



    430359_370527622960018_168683929811056_1401969_1850216221_n.jpg


    407437_370527652960015_168683929811056_1401970_73015543_n.jpg


    427454_370527696293344_168683929811056_1401971_753948742_n.jpg


    421750_370527746293339_168683929811056_1401972_1807332362_n.jpg


    397106_370527786293335_168683929811056_1401973_1239003376_n.jpg


    419285_370527856293328_168683929811056_1401974_1257258611_n.jpg


    409126_370527906293323_168683929811056_1401975_859039727_n.jpg


    404209_370527999626647_168683929811056_1401976_1064677571_n.jpg


    423197_370528089626638_168683929811056_1401977_1552638844_n.jpg


    407311_370528199626627_168683929811056_1401978_1919446925_n.jpg


    428267_370528242959956_168683929811056_1401979_1537857753_n.jpg


    407464_370528319626615_168683929811056_1401980_2001892581_n.jpg


    403012_370528462959934_168683929811056_1401982_1590049719_n.jpg


    430882_370528536293260_168683929811056_1401983_1802478034_n.jpg


    422969_370528572959923_168683929811056_1401984_464540092_n.jpg


    166978_370527526293361_168683929811056_1401967_380544908_n.jpg


    418791_370527579626689_168683929811056_1401968_938642847_n.jpg


    :):):):)




     
    Last edited:
    • Like
    Reactions: maduranga_it

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    who the f is Sonu Niigaam ?

    බොලිවුඩ් සිනමාවේ සුපිරි ගායකයා ලෙස නම් දැරූ සෝනු නිගම් මෙම 18 වෙනිදා ශ්‍රී ලංකාවේදී ප්‍රසංගයක් පවත්වනවා. "සෝනු නිගම් ලයිව් ඉන් කොන්සර්ට්" නමින් සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම ප්‍රසංගය හින්දි ගීතවලට පමණක් නොව අපූරු හඬකින් ලොව මවිත කළ සෝනු නිගම්ට ආදරය කරන පිරිසට ඔහු දැක බලාගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක්ම වේවි. භාරතය පමණක් නොව, ලෝකයේ බොහෝ දෙනා අතර තරුවක් වූ සෝනු ගැන අපි විස්තර ටිකක් කියවමු.
    1973 ජූලි 30 වෙනි දින හර්යානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද්හිදී උපත ලද සෝනු යනු ඉන්දියාවේ එක් ජන කොට්ඨාසයක පමණක් ආදරය දිනූ අයෙකු නොවේ. චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට ආ ඔහු ජනප්‍රිය වූවේ හින්දි ගී නිසාම නොවෙයි. කන්නඩා චිත්‍රපට මෙන්ම දමිළ ඇසෑම්, පන්ජාබ්, තෙලිඟු බෙංගාලි, මරාති භාෂාවලින් ගී ගයා තිබීම සුවිශේෂත්වයකි. එලෙසින් ගායන ලෝකය බැබළ වූ සෝනු ගායක‍යෙක් පමණක් නොවේ, සංගීත අධ්‍යක්ෂකවරයකු, රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු මෙන්ම රංගන ශිල්පි‍යෙක් ද වෙයි. ගායන දිවියට අවතීර්ණව ඇත්තේ වයස අවුරුදු තුනේදීය.
    සෝනු ගායන ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ වයස අවුරුදු තුනේද වීම විශේෂත්වයි. ඔහුගේ පියා සමග වේදිකාවට නැග මොහොමඩ් රාෆි නමැති අසහාය ගායකයා ගැයූ ‍"කපාදුව තෙරා වාදා" ගීතය අපූරුවට ගයා ඇත. මේ හැකියාව හඳුනාගත් සෝනුගේ පියා මංගල උත්සව සහ වෙනත් උත්සව සඳහා ගී ගැයීම වෙනුවෙන් සෝනු කැඳවාගෙන ගොස් තිබේ. මේ නිසාම භද්‍ර යෞවනය වන විට රටේ විවිධ සංගීත තරගවලට (ගායනා) ඉදිරිපත්වී ජයග්‍රහණ රැසක්ම ලැබීමට ඔහුට හැකිවිණ. මුම්බායි වෙත පැමිණි ජීවිතය තරමක් අසීරු වූවද, මොහොමඩ් රාෆිගේ ගී ගයන චරිතයක් ලෙස බොහෝදෙනා අතරට ගියද, දෛවය වෙනස් වූයේද එහිදීමය. ටී- සීරිස් හරහා ගුල්ෂාන් කුමාර් නිගම්ගේ දක්ෂතා හඳුනාගත් අතර, විශාල ජනකායක් ඉදිරියේ හැකියාව ඉදිරිපත් කිරීමට අවස්ථාවක්ද ලබාදී ඇත.
    මොහොමඩ් රාෆිගේ අඩුව පිරවූ අපූරු චරිතයක් ලෙස ප්‍රකට වූ සෝනුට ප්‍රථම වතාවට චිත්‍රපට පසුබිම් ගීතයක් ගැයීමට ලැබී ඇත්තේ 1990 දී තිරගත වූ ජානම් (Janam) සමගය. නමුත් එය නිල වශයෙන් ප්‍රදර්ශනය නොවීය. කෙසේ වෙතත්, රේඩියෝ වෙළඳ දැන්වීම් මෙන්ම ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වූ ‍'ස-රි-ග-ම' සමග කරණමක් ගැසූ ඔහු ජීවිතය ඉදිරියටම මිස පස්සට තල්ලු කරගෙන නොගියේය.
    උස්තාද් ගුලාම් මුස්තාපා ඛාන් යටතේ පවා තවත් දුරටත් ශාස්ත්‍රීය අංශය ප්‍රගුණ කළේ ඒ නිසාමය. කල්යත්ම ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් සඳහා නැතිවම බැරි චරිතයක් වු සෝනුට මෙතෙක් ඉන්දියාවේ ශිල්පියකු කළ වාර්තාගත අලෙවියක් ලද ගීත ඇල්බමය පවා ඉදිරිපත් කිරීමට හැකිවිය. සම්මාන ගෞරව අතරින් සුර දූතයකු සේ ඉදිරියට ගිය සෝනු භාරතය සසල කළේ ‍'කල්හෝනා හෝ' චිත්‍රපටය සමගය. ගායනයේ ආදරණීය සිහින කුමරා ලෙස අන්වර්ථ නම් ලැබ එතැන් සිට ලද ජනප්‍රියත්වය භාරතයෙන් එහා ගිය එකක් විය.
    ජැක්සන්ට ආදරය කළ අපූරු රසවතා..
    භාරතයේ තරුවක් වෙමින් ලෝකය ස්පර්ශ කරමින් සිටි අතර පොප් රජු මයිකල් ජැක්සන්ගේ අපූරු රසවතෙක් විය. ජැක්සන්ගේ මියයාමත් සමග ඔහු වෙනුවෙන් ගීත එකතුවක් කරමින් එය අන්තර්ජාල ෆේස්බුක් හරහා ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් අතර ප්‍රචාරය කරවීය.
    ලෝකය තනියායක් කරගත්
    සෝනු යනු එක අතකට හරි අපූරු චරිතයකි. මේ වනවිට බටහිර රටවල් ඇතුළුව ඔහු ලොව පුරා විවිධ රටවලට ගොස් ප්‍රසංග වාර පැවැත්වීමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ ඔහු මේ ලෝකයටම අයිති තරුවක් කියාය. සැබැවින්ම සෝනුට ලෝකය අමුතු තැනැක් නොවේ. ලෝකය ඔහුට තනියායකි. ඒ තනියායේ අසහාය චරිතය ඔහුම බව ප්‍රකාශ කළ හැකිය.
    පවුලේ විස්තර සහ විවාහය
    සෝනුගේ දෙමාපියන් වන්නේ අගම් කුමාර් නිගම් සහ ශෝභා නිගම්ය. ජේ.ඩී. ටිටිලර් පාසලෙන් අධ්‍යාපනය ලද සෝනුට සහෝදරියන් දෙදෙනෙකි. මීනාල් සහ නිකිටා ඒ දෙදෙනාය. සෝනුගේ පියා දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන සැබෑලෙස ඔවුන් ඉදිරියට යවන අයෙකු වන අතර, සෝනු මෙන්ම එක් සොයුරියක වන නීකිටාගේ ගායන හැකියාව හඳුනාගෙන ඇල්බම් ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා සම්මාන පවා ලැබී ඇති අතර, නීකිටාද නැගී එන තරුවක් වී හමාරය. සෝනුගේ ආදරණීය බිරිඳ වන්නේ මධුරිමාය. ඇය සමග ඔහු විවාහ වූවේ 2002 පෙබරවාරි 15 වෙනිදාය. අද මේ දෙපළට පුතෙක් සතුය. 'නෙවාම්' පුතුද පියා මෙන් සංගීතයට වඩාත් ඇලුම් කරන්නේය. මේ වනවිට භාරත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් සමග ගීතයක් පවා ගයා ඇත. මේ දිනවල කුඩා නෙවාම් ලොවපුරා ජනප්‍රිය චරිතයක්ව සිටින්නේ ‍'වයි දිස් කොලවරි' ගීතය ඔහුද ගයා ඇති නිසාය. එය යූ ටියුබ් (You Tube) හරහා බොහෝ දෙනා අද නිතර ශ්‍රවණය කරන බව කිව හැකියි.
    අසහාය ගුණය
    භාරතයේ පමණක් නොවල මුළු ලෝකයේම අසහාය චරිතයක්ව සිටින සෝනු යනු තරුවක් ලෙස අහසේ පාවෙන චරිතයක් නොවේ. තම ආධ්‍යාත්මයට මුල්තැන දෙමින් මානවවාදය හඳුනාගෙන කටයුතු කරන අයෙකි. විවිධ සමාජ සත්කාර සඳහා නිරන්තරයෙන් දායකත්වය ලබාදෙන ඔහු මනුස්සකමට සහ මනුෂ්‍යත්වයේ හරය අතරින් ආධ්‍යාත්මය සොයා යන චරිතයකි. ස්වභාව ධර්මයේ නියමයන්ට අනුව කටයුතු කරන හේල යෝග වැනි භාවනා ක්‍රම මගින් කායික හා මානසික සැහැල්ලුව පවත්වා ගැනීමට කටයුතු කරයි. නොපෙනෙන දෙවියන්ට වඩා මනුෂ්‍යත්වයේ හරය ගුණය මතින් ස්වභාවයට පිටු නොපා මනුෂ්‍යත්වය සැබෑ ලෙස අරුත්බර කිරීම සෝනුගේ ඒකායන ප්‍රාර්ථනයයි. ඔහු ඔහුට අයිති නැති ජනතාවගේ හදගැස්ම බවට පත්ව සිටින්නේ මෙකී ගුණයන් නිසාම විය හැකිය.
    සඳුන් ගමගේ

    IMG_6330-copy-copy.jpg