SONY Xperia 1 smartphone camera එක_ගැන...

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    gsmarena_010-768x576.jpg



    මේක තමයි Xperia smartphone එකක Triple Camera System එකක් ආපු පළවෙනි වතාව. මේ කැමරා 3 න් ප්‍රධාන කැමරාව 26mm F1.4 කාචයක් සමග 12MP 1/2.66" ප්‍රමාණයේ Memory-stacked sensor එකකින් සමන්විතයි. ඒ වගේම Dual Photodiode තාක්ෂණය නිසා Laser AF sensor එකක අවශ්‍යතාවයක් මේ කැමරා සිස්ටම් එකට නෑ.

    මීළඟට තියෙන්නෙ 52mm F1.6 කාචයක් සමඟ 12MP resolution එකක් හා 1/3.4" ප්‍රමාණයේ sensor එකක් සහිත කැමරාව. මෙමඟින් 2X Optical Zoom හා වෘත්තිය කැමරාවකට ආසන්න මට්ටමේ Bokeh effects ලබාදෙනවා.

    තුන්වන කැමරාව 16mm F2.4, 12MP resolution එකක් සහ 1/3.4" සංවේදකයක් සමඟ අංශක 135 ක දෘශ්‍ය පරාසයක් සහිත ulta-wide angle lens එකක් තියන කැමරාවක්. Landscape photography වලදී මේ කැමරාව ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

    ඒ වගේම Optical SteadyShot™(5-axis Optical Image Stabilization) සමඟ SteadyShot™ (5-axis Electronic Image Stabilization) තාක්ෂණයන් දෙකම තියන නිසා පෙරටත් වඩා සුමට , ගැස්සීම් වලින් තොරව video record කිරීමේ හැකියාව 26mm,52mm කැමරා දෙකටම ලබා දී තිබෙනවා.

    මේ කැමරා සිස්ටම් එකේ විශේෂතා කිහිපයක් ම තියනවා. එකක් තමයි, Eye tracking AF තියන ලෝකෙ පළමු සහ එකම ස්මාට්ෆෝන් එක වීම. මෙමඟින් අපි පුද්ගලයෙක්ගෙ photo එකක් ගන්නකොට ඔහුගේ/ඇයගේ ඇස් මතට කාචය නාභිගත කිරීම සිදු වෙනවා. මේක ගොඩක් ම ප්‍රයෝජනවත් වෙන්නෙ close-up photos ගන්නකොට.

    ඒ වගේම 10fps දක්වා AF/AE (Auto Focus / Auto Exposure) tracking හැකියාවත් මේ දුරකථනයට තිබෙනවා. මීට කලින් පුළුවන් උනේ AF tracking පමණයි.

    sony-xperia-1-2.jpg

    තවත් සුවිශේෂී හැකියාවක් තමයි RAW Noise Reduction පහසුකම. සාමාන්‍ය ස්මාට්ෆෝන් වලින් කරන්නේ ෆොටෝ එකක් අරන් ඒක JPEG format එකට convert උනාට පස්සේ Noise එක නැති කිරිම. ඒත් RAW NR වලදි කරන්නෙ Image එක JPEG format එකට convert කරන්න කලින් RAW Image එකට කෙලින්ම Noise Reduction Algorithms යොදලා Noise එක නැති කිරීම.

    මේ හැකියාවන් හැමදේම ලැබුනේ මෙච්චරකල් SONY සමාගමේ α සහ Cyber-shot කැමරා වල පමණක් භාවිතා උන Bionz X image processing engine එකේ තාක්ෂණය ආශ්‍රයෙන් develop කරපු Bionz X for mobile image processing engine එකට පිං සිද්ද වෙන්න. ඒක මීට කලින් 2012 Xperia Z1 දුරකථනය සමග ආපු අවුරුදු 7ක් තිස්සෙ භාවිතා කරපු Bionz for mobile image processing engine එක වගේ තුන් වාරයක් accurate කියලයි සෝනි සමාගම කියන්නේ.

    Xperia smartphones සඳහා authorized dealer කෙනෙක් ලංකාවේ නැවතත් පහළ වේවා!

    ©Thusitha Lakmal




     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113

    Thanks for sharing bro
    5+


    Wow.i love sony.

    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

    meka ethakota phone ekakda nathnam Camera ekak da ?

    :love:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    සෝනි නං ඉතිං පට්ට

    බැස්ටිය ටිකක් වැඩියෙන් දාල එවනවනන් ඉතිං අනිත් උන්ට ඇප නැතිවෙන්න දෙන්න පුළුවන්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    සෝනි නං ඉතිං පට්ට

    බැස්ටිය ටිකක් වැඩියෙන් දාල එවනවනන් ඉතිං අනිත් උන්ට ඇප නැතිවෙන්න දෙන්න පුළුවන්

    :yes:4K DISPLAY ekak thiyena nisa meke nam battery life eka lokuwata nathuwa athi:D
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සෝනි නං ඉතිං පට්ට

    බැස්ටිය ටිකක් වැඩියෙන් දාල එවනවනන් ඉතිං අනිත් උන්ට ඇප නැතිවෙන්න දෙන්න පුළුවන්

    Sony battery optimization denata thiyana phone walin hondama. podi Amh walin loku wedak gannawa.