Sony Xperia XZ4 52-megapixel camera ඵක්ක_ළගදීම

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    Sony Xperia XZ4 52-megapixel camera ඵක්ක_ළගදීම

    FB_IMG_1548897345664-510x563.jpg

    Smartphone camera ගැන කතාකරද්දී පුංචි ළමයෙක් උනත් දන්න දෙයක් තියෙනවනේ. ඒ තමයි ඉතින් Samsung, Apple, Huawei මේ වගේ මොන brand එකක smartphone එකක් උනත් මේවගේ ගොඩක්ම වෙලාවට මූලිකව භාවිතා වෙන්නේ Sony සමාගමේ Camera sensors කියන දේ. මේකට හේතුව තමයි Sony සමාගම තමයි දැනට ලෝකේ ඉන්න විශාලතම Camera sensors නිශ්පාදකයා වෙන්නේ. ඒ කිව්වේ සරලවම කිව්වොත් Smartphone වලට Professional camera වලට Automotive වලට මේවගේ හැම Camera sensor භාවිතා කරන industry එකක්ම පොදුවේ ගත්තම සමස්ථ Camera sensors අවශ්‍ය ප්‍රමානයෙන් Sony සමාගම 50% කට වඩා ප්‍රමානයක් තනියම ලෝකෙට බෙදාහරිනවා.

    ඉතින් අපි අනිති industry පැත්තකින් තියලා Smartphones ගත්තොත් කට්ටියට මතක ඇති ගිය අව්රුද්දේ Huawei සමාගම එයාලගේ P20 Pro එකෙන් ලෝකෙට Triple Camera system එකක් හදුන්වලා දීලා Camera test කරන Dxomark වගේ අයවත් උඩුයටිකරු කරලා Smartphone camera වල සම්පූර්නෙන්ම පියවරක් ඉස්සරහට තිබ්බා. ඉතින් ගොඩක් අය නොදන්නවා උනාට මේ P20 Pro එකේ පාවිච්චි උන 40MP Camera sensor එකත් මම උඩ කියපු විදියට Sony සමාගමෙන් හදපු Exmor sensor එකක්ම තමයි. ඉතින් ඊටපස්සේ අපි දැක්කා Xiaomi Redmi Note 7 වගේ Midrange smartphones වලටත් Sony සමාගම එයාලා අලුතෙන්ම develop කරපු 48MP Camera sensor එකක් ලබාදුන්නා.

    කොහොමහරි පොදුවේ මේ Smartphone Camera දිහා බැලුවොත් කියන්න පුළුවන් Sony සමාගමට උනත් Smartphone cameras සෑහෙන්න ඉහළ තලයකට අරන් යන්න කොච්චරනම් ඕනකමක් තියෙනවද කියන එක. ඒකට හොදම උදාහරනයක් තමයි Sony සමාගම මෑතකදී අලුතෙන් පටන්ගනිපු Depth Sensing devision එක. මේ Devision එක ගැන පුංචි හැදින්වීමක් කලොත් මේකේදී එයාලා design කරන්නේ ඉතාම තියුණුවිදියට ගැඹුර මනින්න පුළුවන් camera sensors. ඒකිව්වේ දැනට industry එකේ තියන සාමන්‍ය depth sensors වලින් ගැඹුර මනින්න පුළුවන් උපරිම මීටර් 2,3ක දුරකට විතරයි. නමුත් Sony ලගේ මේ ඉතාම තියුණු Deth sensors වලට උපරිම මීටර් 10ක විතර ප්‍රමානයක් උනත් ගැඹුර මැනීමට හැකියාව තියෙනවා නවතම ToF තාක්ශනය භාවිතයත් එක්ක.

    ඉතිං එහෙනම් Sony සමාගමේ මේ පෙබරවාරි මාසේ පැවැත්වෙන MWC 2019 එකේදී මීලගට එන්න තියෙන Xperia XZ4 high-end smartphone එකේ Camera එක ගැන වෙච්ච පුංචි leak එකක් ගැන තමයි මේ කියන්න හදන්නේ. කලින් මේ Xperia XZ4 එකේ උන Leaks එක්ක අපි දැනටමත් දන්නවා මේකට බොහෝවිට අලුත්ම අලුත් Sony Triple camera system එකක් එන බව. ඒත් අපි මේකේ specs මුකුත් දැනගෙන හිටියේ නෑනේ. ඉතින් දැන් ඔන්න මේ Xperia XZ4 එකේ Triple camera system එකේ specs වලට අදාල Leak එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ Leak එකේ කරුණු අනුව ගත්තොත් ගිය අව්රුද්දේ Huawei සමාගම එයාලගේ P20 Pro එකේ camera එක එක්ක Smartphone camera වල පියවරක් ඉස්සරහට තිබ්බා වගේම මේ අව්රුද්දේ Sony සමාගමත් මේ Xperia XZ4 එකේ Camera එක එක්ක Smartphone camera වල තවත් පියවරක් ඉස්සරහට තියනවා අපිට සමහරවිට බලාගන්න ලැබෙයි. ඒකට මූලිකම හේතුව වෙන්නේ මේ Xperia XZ4 එකේ Sony සමාගම පාවිච්චි කරන Custom design කරපු 52MP Camera sensor එක. ඉතිං මගේ දැනුමේ විදියට නම් මේ තමයි අපි සාමන්‍ය Smartphone එකක Camera sensor එකක් මෙගාපික්සල් 50 සීමාව පසුකරනවා දකින ප්‍රථම වතාව. ඒකත් F1.6 විශාල Aperture එකක් එක්ක. ඉතින් මේ Megapixel ගානට කව්රුවත් බයවෙන්න නම් අවශ්‍ය නෑ මොකද Sony ලා මේකත් එක්ක අනිවාරෙන්ම Pixel Binning තාක්ශනයත් භාවිතා කරාවි. ඊට අමතරව මේ Leak එකට අනුව අපිට Xperia XZ4 එකේ 16MP F2.6 Aperture එකක් තියෙන Telephoto camera එකකුත් දකින්න ලැබේවි.

    ඉතින් ඔන්න මම හොදම එක අන්තිමට කියන්න තියාගත්තා. ඒ තමයි මේ Leak එකේ විදියට Sony ලා බොහෝදුරට මේ Xperia XZ4 එකට අර මම කලින් කියපු එයාලගේ Depth Sensing devision එකේ හදන ඉතාම තියුණු 0.3MP Depth sensor එකක් භාවිතා කරාවි. ඒකත් F1.4 සෑහෙන්න ලොකු aperture එකක් එක්ක සහ 10µm වගේ සෑහෙන්න ලොකු Pixel size එකක් එක්ක. ඉතින් මේ තියුණු Depth sensor එක Xperia XZ4 එකට ආවොත් ඒකෙන් Camera එකට මූලික වශයෙන් වාසි දෙකක් ලැබෙනවා. පළවෙනි එක තමයි මේ Xperia XZ4 smartphone එකේ Camera එකේ bokeh mode එක වෙනමම තලයකට එනවා මොකද උපරිම මීටර් 10ක් වෙනකන් ගැඹුර මැනගන්න පුළුවන් නිසා. දෙවෙනි එක තමයි මෑත කාලේ Smartphone Camera අවම ආලෝක තත්ව යටතේ Performance කොච්චර දියුණු උනත් ඒවගේ අවම ආලෝකතත්ව යටතේ Autofocus වල Performance නම් අපි එච්චරම දියුණුවක් දැක්කේ නෑ Laser Autofocus ඇරෙන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැනට industry එකේ භාවිතාවෙන Laser Autofocus වලටත් උපරිම මීටර් 2කකට වගේ ආසන්න ප්‍රමානෙකට විතරයි ගමන්කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මෙතනදිත් මේ කියන Depth sensor එකට සෑහෙන්න දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා මොකද F1.4 සෑහෙන්න ලොකු aperture එකක් එක්ක සහ 10µm වගේ සෑහෙන්න ලොකු Pixel size එකක් මේකට ඇතුලත් නිසා සහ උපරිම මීටර් 10ක විතර දුරකට මේ Sensor එකට ගැඹුර මනින්න හැකියාව තියෙන නිසා.

    මේ Leak එකට අනුව අපිට ඉස්සරහට එන්න තියෙන Sony Xperia XZ4 Camera එක ගැන කියන්න පුළුවන් වෙන්නේ මේ දේවල් ටික තමයි..


    Source
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    උන්ගෙ මාකටින් අවුල් උනාට Sony තමයි ගොඩක් දේවල් ලෝකෙට දුන්නෙ. අනිත් උන් දුන්නෙ headphone jack අයින් කරන එක infinity display වගේ තේරුමක් නැති දේවල්..[/IMG]

    :yes:Pic ekanam loku wadi ban.:sorry:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උන්ගෙ මාකටින් අවුල් උනාට Sony තමයි ගොඩක් දේවල් ලෝකෙට දුන්නෙ. අනිත් උන් දුන්නෙ headphone jack අයින් කරන එක infinity display වගේ තේරුමක් නැති දේවල්

    https://d1faqhhhry2dun.cloudfront.net/wp-content/uploads/2018/07/Mobile-Innovation-Infographic-v4-4413913f1d10184d9fea9d26d3d03492.jpg

    :yes:Aniva sony thama best.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    Xperia Z5P & Xperia M5 ෆෝන් දෙකම පාවිච්චි කරලා තියෙනවා. පට්ටම ආසාවෙන් ඒකාලේ ගත්තේ. M5 කොමර්ෂල් එක තාම බලන්න ආසයි... සින්දුව රිගින්ටොන් එකටත් ගෙන හිටපු කාලයක් තිබ්බ. මිනිසුන්ට ඇල්ලුවේ නැත්තේ මෙයාලගේ එකම Interface එක. නැත්තම් පට්ටම මුන්.


     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Xperia Z5P & Xperia M5 ෆෝන් දෙකම පාවිච්චි කරලා තියෙනවා. පට්ටම ආසාවෙන් ඒකාලේ ගත්තේ. M5 කොමර්ෂල් එක තාම බලන්න ආසයි... සින්දුව රිගින්ටොන් එකටත් ගෙන හිටපු කාලයක් තිබ්බ. මිනිසුන්ට ඇල්ලුවේ නැත්තේ මෙයාලගේ එකම Interface එක. නැත්තම් පට්ටම මුන්.



    Sony UI එක තමයි ස්මූත්ම. Phone battle වල iPhone X කැලේ. මම කැමති ඒ Interface එකට
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Xperia Z5P & Xperia M5 ෆෝන් දෙකම පාවිච්චි කරලා තියෙනවා. පට්ටම ආසාවෙන් ඒකාලේ ගත්තේ. M5 කොමර්ෂල් එක තාම බලන්න ආසයි... සින්දුව රිගින්ටොන් එකටත් ගෙන හිටපු කාලයක් තිබ්බ. මිනිසුන්ට ඇල්ලුවේ නැත්තේ මෙයාලගේ එකම Interface එක. නැත්තම් පට්ටම මුන්.



    Anika sony durable oya chinese,korean phone walata wada..LG,samsung wage blast wela,bootloop awul aawe naha sony wala ada wenakan.:yes: