අනවසර ඉදිකිරීමක් කියල පොඩියට කිවුව ඇහුන. ඒ උනාට මේක සම්පූර්ණයෙන් යුක්තිය මෙහෙයුමෙන් කුඩුකාරයෙක්ගෙ හෝටලයක් කැඩුව කියල මාකට් කරේ. අනිත් එක ඔය ලයින් එකේ කොච්චර තව ලොකු restaurants තියෙනවද බන්. Barracuda, The Station...etc.එහෙම කරන්න බෑ බන්, රටේ නීතියක් තියෙද්දී අනවසර ඉදිකිරීමක් රජයට පවරගන රජයෙන් ඒ බිස්නස් එක කරගන යනකොට ඊට පස්සෙ අනවසර ඉදිකිරීම් කරන එවුන් අහන්න පටන් ගන්නවා "රජයෙන් කරනකොට පරිසර ප්‍රශ්න නැද්ද, අපි කරනකොට විතරද ප්‍රශ්න එන්නෙ කියලා".
දැන් තියන තරමට හරි ඉඩම් ටික රැකිලා තියෙන්නෙ ඔය නීති තියන නිසා. එහෙම උනේ නැත්නම් වෙන්නෙ යමක් කරන්න පුළුවන් සිවිල් බලයක් තියන එවුන් ඇවිල්ලා රටේ තියන සේරම ඉඩම් ටික අල්ල ගනී.
ඕන තරම් අනවසර ඉඩම් වලට විදුලිය, ජලය දීලා තියනවා. ඒවා නීත්‍යානුකූලභාවය තහවුරු කරන සාදක නෙමේ.
ඕක ෂුවර් එකට වෙන එකෙක්ගෙ එකකට බිස්නස් අඩු වෙනවට කඩන්න ඇත්තෙ.
අනිත් එක ලොකුම අවුල පොලීසිය මෙහෙම තැන තැන ගිහින් යුක්තිය යුක්තිය ගගා දේපළවලට හානි කරන්නෙ කොහොමද අධිකරණයේ සම්බන්ධයක් නැතුව.
බලහන්කො රේල් පාරේම අටවල තියෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවටයි වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි අයිති ඉඩමක් මේක. කඩන එක හොදයි ටික දවසක් යද්දී මු ස්ටේෂන් එකකුත් හදයි
දුම්රිය දෙපාර්තමේන්තුවටයි වෙරළ සංරක්ෂනයටයි අයිති නම්, ඉන්න තැන උන්ට ඔප්පුවක් නැතත්ම් කඩන්න උසාවි යන්න ඕන නෑ
------ Post added on Jan 1, 2024 at 2:30 PM
යකෝ තව restaurants තිහ හතළිහක්වත් ඔය ලයින් එකේ ඔහොම තියෙනව. සෑහෙන කාලයක් තිස්සෙ කරන් යන කොලිටි ප්ලේසස් ඉදන් තියෙනව. මම දන්නෑ නීතියෙන් අවුල් නන් එහෙම ලොකු investments කරයිද කියල.අඩෝ රේල්පාර දොරකඩ..ඕක තහනම් පුතේ...රේල් පාරේ ඉදල දෙපසට මීටර් 50ක් යනකන් කාටවත් ඇතුල් වෙන්න බෑ...i
------ Post added on Jan 2, 2024 at 12:42 AM