South Asian Games 2016 - III

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    10xxyy0.jpg


    Nisman මට අඩන්න උඹේ උරහිස දීපං...!
    මීට හරියටම අවුරුදු 06 කට කලින් වළල ඒ.රත්නායක විද්‍යාලයේ මළල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මට ක්‍රීඩකයෙක් හදුන්වා දෙනවා. එතකොට මම වළලින් මානසික අභිප්‍රේරකයෙක් විදියට අඩුම තරමේ වැඩ කරන්න පටන් අරගෙනවත් නෑ. ක්‍රීඩකයාගේ නම ඉඳුනිල් හේරත්. ඉසව්ව මීටර් 800 සහ 1500. ඒ වනවිට ඔහු හිටියේ පළමු යොවුන් ඔලිම්පික් තරගාවලියට ලංකාවෙන් තරග කරන්න තේරිලා.
    පෙනුමෙන්ම අහිංසක ඉඳුනිල් හේරත් ලොකු ගමනක් යන්න හිටපු ළමයෙක්. ඔහු යොවුන් ඔලිම්පික් තරගාවලියට යනකොට හරිහැටි දාන්න ස්පයික්ස් දෙකක්වත් ඔහුට තිබුණේ නෑ. හැබැයි මම මෝටිවේෂන් පටන් ගත්තේ ඔහුගෙන්. ලංකාවට වඩා පර්සනල් බෙස්ට් එකක් දුවපං. මම උඹට ස්පයික්ස් දෙකක් අරගනෙ දෙනවා. මම ඉඳුනිල්ට ලංවෙලා කිව්වේ සිංගප්පූරුවට ගිය ගමන්. ඒ සඳහා නෙත් රේඩියෝවේ මාත් එක්ක වැඩ කරපු චානක අයියා මට මුදල් දීලා තිබුණේ.
    පලවෙනි වටයෙදි ඉදුනිල්ට එලියට යන්න උනත් ඔහු තමන්ගේ හොදම දක්ෂතාව වාර්තා කරලා තිබුණ තැන හොදම ඇසික්ස් පෙයාර් එකක් හොයන්න Nisman යි මමයි සිංගප්පූරුවේ නොගිය තැනක් නෑ. අන්තිමට හොදම ස්පයික්ස් දෙකක් ගන්න පුළුවන් උනා. සික්ස් නේල් ඇසික්ස් පෙයාර් එකක්. සුදු පාට නිල් ඉරි ගිය. ඉඳුනිල්ට ඒක දුන්නම ඔහුගේ හිසේ මලක් පිපුණා.
    ඔලිම්පික් කමිටුව හදිසියේ ගත් තීරණයකට අනුව හොදම ක්‍රීඩකයෝ අට දෙනා අතරට නොආපු අය වෙනුවෙන් ෆයිනල් බී නමැති තරගයක් පැවැත්වෙන බවත් ඒකට ඉඳුනිල් තේරී ඇති බවත් මුලින්ම ක්ලික් වෙන්නේ මට. ඒක දැනගත්තු මමයි නිස්මයි ඔළුවේ අත ගහගත්තේ ඒ වෙනකොට අපේ කණ්ඩායම් ප්‍රධානියා ඒක දැනගෙන හිටපු නැති නිසා සහ ඒ වෙනකොටත් සැලසුම් කර තිබූ පරිදි ඉඳුනිල්ගේ පුහුණුකරු ආපහු ලංකාවට ගිහින් හිටපු නිසා. අන්තිමට කොල්ලව අරගෙන ට්‍රැක් එකට බැහැලා පුහුණුවීම් කෙරෙව්වේ මමයි නිස්මයි. ඒ සුසන්ත සර් දුරකතනයෙන් දුන්න උපදෙස්වලට අනුව.
    එදා ඉඳුනිල් පලමු යූත් ඔලිම්පික් එකේ ෆයිනල් බී තුන්වැනියා වෙනවා. අපි අරන් දුන්නු කිරි කිරි ස්පයික්ස් දෙකෙන් දුවලා. ආයෙත් ටයිමින් හොදයි. තත්පර 4 කින් කාලය වර්ධනය වෙනවා.
    ආයෙත් ලංකාවට ආපු ඉදුනිල්ගේ පෞද්ගලික ජීවිතේ පහසු එකක් වෙන්නේ නෑ. ඔහු ගත්ත ඇතැම් පෞද්ගලික තීරණ ඔහුගේ ජීවිතේ ඉදිරියට යාම වෙනුවට පසුපසට යාම තෝරනවා. පුහුණුකරුවෙන් වෙනස් වෙනවා. ඉඳුනිල් කලබලයි. ඩිසිප්ලින් මදි. චෝදනා එල්ල වෙනවා. මමත් නිස්මත් පැත්තක ඉදන් හූල්ලනවා. ඔලිම්පික් ගහන්න හිටපු ඉදුනිල්ට මොකද මේ උනේ?
    පස්සේ කාලෙක ඉදුනිල් අපේ රටින් බිහිවෙච්ච වී.රත්නකුමාර නමැති සුපිරි ක්‍රීඩකයා ලග පුහුණුව වෙත යොමු වෙනවා. දැන් නම් ඉඳුනිල් හොදයි, රත්නකුමාර අයියා කියනවා. කාලෙත් එක්ක ඉඳුනිල් ටික ටික පරිණත වෙනවා. සාග් තරගෙට කලින් ඌ මං ගාවට එනවා. කකුල් දෙක අල්ලලා වදින ගමන්, මට වැදෙන්ඩ කියන්ඩ අයියේ. ඌ ඉල්ලනවා.
    " මට ආයිත් අර පරණ ඉදුනිල්ව දියන් මල්ලි. සිංගා වල කටාරියන්ලට හොල්මන් වෙන්ඩ අන්තිම දෙසීය දුවපු ඉදුනිල්ව මට දියන්. අන්තිම දෙසීයේ යකා වැහෙන ඉදුනිල්ව මට දියන්. මේ රටට ඕනෑ ඌව. මට ඌව ගෙනත් දියන් මල්ලි. මම මුකුත් වෙන ඉල්ලන්නේ නෑ." මෝටිවේෂන් කරගන්ඩ ආපු ඉඳුනිල් ගොළු වෙනවා. හරි අයියේ. මම දුවනවා. ඉදුනිල් නික්මෙනවා.
    තරගේ පටන් ගන්නවා. මීටර් 600 ක් යනකං ඉදුනිල් 4 වැනියා. මොනවා වෙයි ද? ලග හිටපු මාධ්‍ය මිතුරෙක් අහනවා. මොනවා වෙන්ඩද? අන්තිම දෙසියේ බලපං. ඌ ඉගිලෙයි. මම කියනවා. නිස්මං අයියත් මමත් වෙන දේ දන්නවා. අනේ ඌ දුවනවා. දිනුම් කණුවට ලං වෙනවා. දිනනවා. සිංහ ධජය උස්සං දුවනවා. ඇමති දයාසිරි ඇවිත් අතට අත දෙනවා. දූරදර්ශන් එකෙන් ඌව ඉන්ටර්වීව් කරනවා. හැම මාධ්‍යක්ම වට වෙනවා. ඒ අතරේ ජාතික රූපවාහිනියේ කුමාරි අක්කා මගෙ ඇස් දිහා බලනවා. ඇයි බං උඹ මේ අඩන්නේ.
    අඩන හේතුව Nisman අයියා දන්නවා. ඌ මටත් වඩා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගැන බලපු එකා. ළමයි ගෙදර තියොගෙන ප්‍රැක්ටිස් ඇරපු එකා. හොය හොයා රස්සාවලට දාපු එකා. ඌ මාව සනසනවා තුරුළු කරගෙන තාත්තා කෙනෙක් වගේ. උගේ ඇස්වලත් කඳුලු. අඩන්න එපා බං. උඹ දැකපු හීනේ සැබෑ වෙන බව උඹට දැං පේනවනේ. නිස්මං මාව සනසනවා.
    ඒත් මට ඉකිගැහෙනවා. Indunil Herath..මම ඉල්ලපු ඒෂියන් ඔලිම්පික් පදක්කම් මගේ රටට දියං මල්ලි. නිස්මං අයියා..එදාට මට මීටත් වඩා හයියෙන් අඩන්න උඹගේ උරහිස දියන්...!-FB​


    මම කලින් දාපු කතා දෙකේ සහ මේ කතාවේ අයිතිකාරයා .ඔහු නමින් භාතිය අත්තනායක.
    ඔහු ක්‍රීඩා මනෝවිද්‍යා උපදේශක කෙනෙක්.
    මෙවර සාග් වල ලැබු පදක්කම් පිටුපස ඇති කතාන්දර ටික ඔහු තමා මුහුණුපොතට දාල තිබ්බේ.


    293j15d.jpg


    t511dx.jpg


    29yk2l1.jpg



    කලින් සාග් කතා.බලපු නැති අය බලන්න


    South Asian Games 2016 - I

    http://www.elakiri.com/forum/showthread.php?p=19692296#post19692296

    South Asian Games 2016 - II

    http://www.elakiri.com/forum/showthread.php?&p=19701938#post19701938
     
    Last edited: