Soysa සර් ගේ උපදෙසය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    පරණ ක‍ටු පොතක් පෙරලනකොට මතකය අවුරුදු ගනනාවක් පස්සට ගියා...මට අවුරුද්ද හරියටම මතක නැ,කොහොම හරි 2010 කලින්,ඔය පේරාදෙණිය-නුවර පාරේ ස්වර්ණමාලි එක ලඟ (යට ෆොටෝ එක තියන තැන) සොයිසා කියල පරණ ගුරුවරයෙක් හිටියා,ත්‍රිත්ව විද්‍යලයේ 50-60 ගනන් වල උගන්වපු මාස්ටර් කෙනෙක්,දවසක් මට අහම්බෙන් මුන ගැහුනු මේ ගුරුවරයා ඔහුගේ ගෙදරට එන්න කියල ආරාධනා කලා,ඉතින් මාත් දවසක් ගියා,යනකොට සර්ගේ ගෙදර තනිකරම ගරා වැටිලා තිබුනේ,සර් හිටපු කාමරය විතරයි දොරක් තිබුනේ,අර POLO ඇඩ් එකේ සැනට් දික්කුඹුරගේ ගෙදර වගෙමයි ඔන්න ඇතුලේ තිබුනේ,බල්ලෝත් කිහිප දෙනෙක් හිටියා වගේ මතකයි,සර් එක්ක මම එදා බොහෝ දෙවල් කතා කලා,දෙශපාලන ඉතිහාසය,කලාව,සාහිත්‍ය වගේ දෙවල්...අන්තිමට මට යන්න කලින් ඔහු කිව්වා මේ ඉඩම ඔහු විකුණලා අනුරාධපුරයද කොහෙද යනවා කියල,යන්න කලින් මට බිම වැටිලා තිබ්බ සිගරට් පෙට්ටියක කොලයක් අරන් මෙන්න මේ වැකිය ලියලා දුන්නා....මට හොඳට මතකයි මේ කොල කැල්ල දෙන ගමන් කිව්ව වචන ටික...

    I Say Son - Politicians have ruined this country. Follow your heart but don't forget to use your brain.Thank You Good Night ,Do YOGA Son Good for your Health :)

    මෙන්න එ කොල කැල්ල,මට මේක අද දැක්කාම ඔහු මේ ලියල තියෙන්නෙ ඇත්ත නෙද කියලා නැවත හිතුනා (නමුත් ඉතින් හොඳ දෙශපාලකයෝත් ඉන්නවා නෙද ?,මම නම් දන්නෙ නැ...දන්නෙ නැති නිසා ඇහැව්වෙ,කුමන හෝ දෙශපාලනයක් තියෙන්න ඔන නේ රටක නැත්තන් රටක් දුවන්නෙ කොහොමද :unsure:) මට එ ගුරුවරයා මුනගැහෙනකොට ඔහුට 85-90 විතර කිට්‍ටුව හිටියේ,මම හිතන්නෙ දැන් ඔහු නැතුව ඇති..

    20210718-184409-1.jpg


    මේ කඩේ තියන තැන තමයි ඉස්සර එ ගරා වැ‍ටුනු ගෙදර තිබුනේ,මේතන දන්න අය දන්නවා ඇති...


    Untitled.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කතාව ඇත්ත..ඔය හරිය මටත් පුරුදුයි. :(
    පරණ මිනිස්සු කතාවට වැ‍ටුනාම ‍රැ එලිවෙනවා නැ මචං...එවගේ මිනිස්සු දැන් අඩුයි ...ඔය 1900 මුල ඉඳන් 1930ස් ගනන් වල ඉපදුනු සෙට් එක පට්ටම තමයි...කතා කියයි ලෝරියක් :D
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    මට උගන්නපු පරණ සර්ලා ටීචර්ලා කීප දෙනෙක් මතක් උනා. දැන් සමහරු ජීවතුන් අතරත් නැතුව ඇති. ආයෙත් දකින්න කතා කරන්න ආසයි සමහරුන්ව.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පරණ මිනිස්සු කතාවට වැ‍ටුනාම ‍රැ එලිවෙනවා නැ මචං...එවගේ මිනිස්සු දැන් අඩුයි ...ඔය 1900 මුල ඉඳන් 1930ස් ගනන් වල ඉපදුනු සෙට් එක පට්ටම තමයි...කතා කියයි ලෝරියක් :D
    නොදියුණු කාලෙ ඉපදිල අමාරුවෙන් ඉගෙනගෙන ලෝකෙ දියුණුවත් එක්ක පරණ අත්දැකීම් තියෙන අය එක්ක කතා කරන එක ආස හිතෙන දෙයක්.. :-)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේ අර උඹ මට කියපු සර්ද මචන්..?
    නැ මචං මම ඔයාට කිව්ව සර් හිටියේ ගම්පල පාරේ,මේ වෙන සර් කෙනෙක් :D

    අද කාලේ නම් සර් කෙනෙක් අඩ ගෑහුවත් ගෙදර ට යන්න බයයි
    එකනම් ඇත්ත මචං :dull:
    ------ Post added on Jul 18, 2021 at 8:59 PM
     

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    සුරාබදු එකට අල්ලපු ගෙදර... බල්ලෝ දෙන්නත් මතකයි.. ඒ සර්රුත් මතකයි.. ඊට පස්සේ ඔතන තැපැල් කන්තොරුවකට දුන්නා වගේ මතකයි.. තවත් කාලෙක යකඩ බඩු එකතු කරා.. දැන් මෙහෙම ද තියෙන්නේ.. උඩ පාරේ යද්දි අම්මෝ ඉතිං.. ඒ කාලේ භීෂණේ...

    ඔය හයිස්කූල් රීගල්... මුල්ගම්පල ගැටඹේ රජවත්ත ගලහ හන්දිය පේරාදෙණිය පැණිදෙණිය.... දන්නෝ දනිිති... තාලෙට කියන්න ඕනේ... :ROFLMAO:
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    සුරාබදු එකට අල්ලපු ගෙදර... බල්ලෝ දෙන්නත් මතකයි.. ඒ සර්රුත් මතකයි.. ඊට පස්සේ ඔතන තැපැල් කන්තොරුවකට දුන්නා වගේ මතකයි.. තවත් කාලෙක යකඩ බඩු එකතු කරා.. දැන් මෙහෙම ද තියෙන්නේ.. උඩ පාරේ යද්දි අම්මෝ ඉතිං.. ඒ කාලේ භීෂණේ...

    ඔය හයිස්කූල් රීගල්... මුල්ගම්පල ගැටඹේ රජවත්ත පේරාදෙණිය පැණිදෙණිය.... දන්නෝ දනිිති... තාලෙට කියන්න ඕනේ... :ROFLMAO:

    ආඩෝ විෂන් එකෙන් පටන් අරගෙන මහාමායා එක දක්වා හැම සතියෙම කවර් කරපු එවුන් අපිත් හරිය 🤣

    ස්වර්ණමාලී එක ඉස්සරහා computer shop එක ඉස්සරහා තමා පොට් එක 😊
     
    • Like
    Reactions: Ozone4

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    ආඩෝ විෂන් එකෙන් පටන් අරගෙන මහාමායා එක දක්වා හැම සතියෙම කවර් කරපු එවුන් අපිත් හරිය 🤣

    ස්වර්ණමාලී එක ඉස්සරහා computer shop එක ඉස්සරහා තමා පොට් එක 😊
    අම්මෝ ඉතිං.. කොයි කාලෙද ? කම්පියුටර් ‍ෂොප් එක කියන්නේ පේස්ට්‍රි ෂොප් එකට අල්ලපු එක නේහ්
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    011ෆ්ලයිඩී නුවර ගමේ ආපු කාලෙක මම කතා කරන්නම් හමු වෙන්න දැකගන්ඩ ආසයි. යුනීක් කැරැක්ට එකක් ඔබ.
     
    • Like
    • Love
    Reactions: 001flyD and RLT4U

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඒක සහතික ඇත්ත මචන්, ඉස්සර හිටපු ගුරුවරුන් දැනුමෙන් හරිම පොහොසත්
    මගෙත් යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් හිටියා ඉස්සර හැමදාම එහෙ තමයි සෙට් වෙන්නෙ ඕමි ගහන්න
    එයත් අපිත් එක්කම සෙල්ලම් කරනවා. පට්ට ආසයි අහන් ඉන්න කියන කතා
    ඔය මරන 3ක් ඇති මිනිහෙක් පැනි කෑය කියන එකේ තේරුම දැනගත්තෙ එයාගෙන්
    දැන් නම් නැතිවෙලා ටිකක් කල්, හොද තැනක ඇති
     
    • Love
    • Like
    Reactions: 001flyD and Rankira