පරණ කටු පොතක් පෙරලනකොට මතකය අවුරුදු ගනනාවක් පස්සට ගියා...මට අවුරුද්ද හරියටම මතක නැ,කොහොම හරි 2010 කලින්,ඔය පේරාදෙණිය-නුවර පාරේ ස්වර්ණමාලි එක ලඟ (යට ෆොටෝ එක තියන තැන) සොයිසා කියල පරණ ගුරුවරයෙක් හිටියා,ත්‍රිත්ව විද්‍යලයේ 50-60 ගනන් වල උගන්වපු මාස්ටර් කෙනෙක්,දවසක් මට අහම්බෙන් මුන ගැහුනු මේ ගුරුවරයා ඔහුගේ ගෙදරට එන්න කියල ආරාධනා කලා,ඉතින් මාත් දවසක් ගියා,යනකොට සර්ගේ ගෙදර තනිකරම ගරා වැටිලා තිබුනේ,සර් හිටපු කාමරය විතරයි දොරක් තිබුනේ,අර POLO ඇඩ් එකේ සැනට් දික්කුඹුරගේ ගෙදර වගෙමයි ඔන්න ඇතුලේ තිබුනේ,බල්ලෝත් කිහිප දෙනෙක් හිටියා වගේ මතකයි,සර් එක්ක මම එදා බොහෝ දෙවල් කතා කලා,දෙශපාලන ඉතිහාසය,කලාව,සාහිත්‍ය වගේ දෙවල්...අන්තිමට මට යන්න කලින් ඔහු කිව්වා මේ ඉඩම ඔහු විකුණලා අනුරාධපුරයද කොහෙද යනවා කියල,යන්න කලින් මට බිම වැටිලා තිබ්බ සිගරට් පෙට්ටියක කොලයක් අරන් මෙන්න මේ වැකිය ලියලා දුන්නා....මට හොඳට මතකයි මේ කොල කැල්ල දෙන ගමන් කිව්ව වචන ටික...
I Say Son - Politicians have ruined this country. Follow your heart but don't forget to use your brain.Thank You Good Night ,Do YOGA Son Good for your Health
මෙන්න එ කොල කැල්ල,මට මේක අද දැක්කාම ඔහු මේ ලියල තියෙන්නෙ ඇත්ත නෙද කියලා නැවත හිතුනා (නමුත් ඉතින් හොඳ දෙශපාලකයෝත් ඉන්නවා නෙද ?,මම නම් දන්නෙ නැ...දන්නෙ නැති නිසා ඇහැව්වෙ,කුමන හෝ දෙශපාලනයක් තියෙන්න ඔන නේ රටක නැත්තන් රටක් දුවන්නෙ කොහොමද
) මට එ ගුරුවරයා මුනගැහෙනකොට ඔහුට 85-90 විතර කිට්ටුව හිටියේ,මම හිතන්නෙ දැන් ඔහු නැතුව ඇති..
මේ කඩේ තියන තැන තමයි ඉස්සර එ ගරා වැටුනු ගෙදර තිබුනේ,මේතන දන්න අය දන්නවා ඇති...