Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කෝ කස්ටියගෙන් සහයෝගය මදි නේ. :dull::dull:
    කමෙන්ට් එකක්වත් දාල යන්නෙ නෑ නේ. :sorry:
    වැඩක් නෑ වගේ මහන්සිය :(
    එල එල ගණන් ගන්නා එපා අපි බලනවා මචන් rep3:)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එල එල ගණන් ගන්නා එපා අපි බලනවා මචන් rep3:)
    එළ එළ එකෙක් හරි කියවනවනම් එච්චරයි. මේකෙ වැල ක්ලිප් එකක් දෙනව කිව්වනම් කමෙන්ට්ස් එන්නෙ වැල වගේ. ෆීඩ් බැක් එකක් නැති උනාම බෝරින් බං.:cool:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    එළ එළ එකෙක් හරි කියවනවනම් එච්චරයි. මේකෙ වැල ක්ලිප් එකක් දෙනව කිව්වනම් කමෙන්ට්ස් එන්නෙ වැල වගේ. ෆීඩ් බැක් එකක් නැති උනාම බෝරින් බං.:cool:

    මම දැනුයි බන් ත්‍රේඩ් එක දැක්කේ . Don't care about others . This is very interesting
    :)
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    39854_1543528106020_1169514922_2569573_311226_n.jpg


    Major General Gamini Hettiarachchi

    Creator and the first commander of the Sri Lanka Army special forces
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    SAS Operators ලගෙ කිසිම තැනක මූණු පෙන්නන්නෙ නැහැ. :nerd::nerd::nerd:

    Ow ne machan,utube eke video ekak thiyenawa,eke inna dennek ge muunu wahala,e denna atthatama sas eke,anith denna nam program eka karana aya
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මේ වීඩියෝ එක LRRP කොල්ලන්ට උපහාරයක්. (Propaganda Video එකක්)
    එයාල ගෙ full combat kit එක බලාගන්න පුළුවන්.
    මේ "මහසොහොන් හමුදාවෙ " කට්ටියගෙ ක්‍රියාන්විතයන් පෙන්නන ප්‍රචාරක clip එකක් කියලයි මට නම් හිතෙන්නෙ.
    LRRP, SF STF..... අපේ හමුදාවන් වල කට්ටිය හැමෝටම ජය වේවා.. ඔවුන්ගේ කැප කිරීම් සදා අමරණීයයි.

     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    1st Special Forces Operational Detachment-Delta (1st SFOD-D)/Delta Force/Combat Applications Group(CAG)
    එක්සත් ජනපද ඩෙල්ටා බළකාය
    125px-US_Army_Special_Operations_Command_SSI.svg.png


    එක්සත් ජනපදය සතු ප්‍රධානම ප්‍රතිත්‍රස්ත ඒකක දෙකෙන් එකක් වන ඩෙල්ටා බළකාය සමන්විත වන්නේ අනෙකුත් බලකායන්ගෙන් තෝරාගත් විශිෂ්ටම සෙබලුන්ගෙනි. නමුත් ඔවුන් සෙබළුන් ලෙස හඳුන්වන්නේ නැත.ඔවුන් හඳුන්වන නම වන්නේ Operators යන්නයි. එනම් සාමාන්‍ය සොල්දාදුවන්ගෙන් ඔවුන් වෙනස් වන නිසාය. නිළ මෙහෙයුම් මෙන්ම නොනිල මෙහෙයුම්(Black ops) සදහා ද දායකත්වය දෙන මොවුන් විටෙක සිවිල් ඇඳුමින් සැරසී මෙහෙයුම් කරති. ස්ථිර නිළ ඇදුමක් නොමැති අතර රැවුල් වැවීම, අවශ්‍ය ආකාරට කොන්ඩ මෝස්තර කිරීම වැනිදෙ සඳහා අවසර ලබා දී ඇත්තේ ඔවුන්ගේ රහසිගත බව ආරක්ශා කිරීමටය.

    Col. Charles Beckwith විසින් 1970 දශකයේදී බ්‍රිතාන්‍ය SAS බලකාය අනුව යමින් නිර්මානය කල මෙම බළකායේ මේ වනවිට 800-1000ත් අතර ප්‍රමාණයක් operator වරු සිටින
    බව නිල නොවන ආර්ංචි මාර්ග සදහන් කරයි. A, B, C යනුවෙන් operational squadron 3කට බෙදා ඇති ඩෙල්ටා ඒකකයට එකතු වීමට නම් මූළික සුදුසුකම් වලට අමතරව :

    • Airborne qualified or volunteer for airborne training
    පැරෂුට් පුහුණුව ලබා තිබීම හෝ ලැබීමට කැමැත්ත.
    • Captain or Major (Branch Immaterial).
    කපිතාන් හෝ මේජර් තනතුරක් දැරීම
    • College graduate (BA or BS)
    උපාධියක් ලබා තිබීම.

    වැනි ඉතාමත් ඉහලම මට්ටමේ සුදුසුකම් අත්‍යවශ්‍ය වේ.
    ඉතාමත් දුශ්කර පුහුණුවක් ලබා දෙන අතර ඒ සඳහා විවිධ අංශ වලින් සහාය ලැබේ. CIA වැනි බුද්ධි අංශ මෙන්ම පරිගණක විශේෂඥයින්ගේ උපදෙස් පවා ලැබේ.
    delta-force-1.jpg


    පුහුණුව අවසානයේ ඉතාමත් සුපිරි ගනයේ හැකියාවන්ගෙන් යුත් Operator වරයෙක් බිහිවේ. මෙම ඩෙල්ටා බළකාය නඩත්තුවන්නේ ජනාධිපතිවරයාට පමණක් වගකියන ආකාරයටය.
    ඔවුන්ට ලබා දෙන ප්‍රතිපාදන ආදිය මහජනතාවට දැනගැනීමට ලැබෙන්නේ නැත. ඩෙල්ටා බලකායේ operator වරුන්ගේ රහසිගත භාවය රැකීමට හැම විටම රජය ක්‍රියා කරන අතර ඔවුන්ගේ
    පව්ල්වල සාමාජිකයන් පවා ඔවුන් ඩෙල්ටා බලකායේ බව නොදනිති.
    delta-operators-300x239.jpg

    image403qj4.jpg


    මෙහෙයුම් ඉතා රහසිගත වන අතර මහජනතාවට කිසි විටෙක දැනගැනීමට නොලැබේ. හෙලිවූ මෙහෙයුම් කිහිපයක් මෙසේය.

    Operation Eagle Claw
    මෙය ඔවුන්ගේ ප්‍රථම මෙහෙයුමයි. 1979 නොවැම්බර් 4 වැනි දින ඉරානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයට කඩා වැදුනු ඉරාන ශිෂ්‍යයන් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබූ ඇමරිකානුවන් බේරා ගැනීම
    ඔවුන්ගේ මෙහෙයුම වී තිබේ. නමුත් විවිධ හේතුමත මෙහෙයුම පටන් ගැනීමටත් පෙර අසාර්තක වූ අතර ඉරානයට රහසේ ගොඩබස්වා සිටි ඩෙල්ටා බලකාය නැවත කැඳවනූ ලැබීය.
    http://en.wikipedia.org/wiki/Operation_Eagle_Claw

    Operation Urgent Fury
    ග්‍රෙනේඩාවේ රඳවා සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ අරමුනින් දියත් කල මෙහෙයුමකි.
    http://en.wikipedia.org/wiki/Invasion_of_Grenada

    Aeropostal Flight 252
    Operation Round Bottle
    Operation Just Cause

    වැනි මෙහෙයුම් බොහෝ ගනනක් දියත් කර ඇති නමුත් තොරතුරු හෙලි වි නැත. සමහර විදෙශ රටවල කල මෙහෙයුම් එම රටවල හමුදාවන්ගේ ගිණුම් වලට බැර වි ඇත්තේ ඩෙල්ටා බළකායේ රහසිගත බව රැකීමටය. සෝමාලියාවේදී සිදුකල
    Operation Gothic Serpent ඩෙල්ටා බලකායට අමතක නොවන මෙහෙයුමකි. මොගඩිෂු නගරයේ සිදු කල මෙහෙයුම අවසන් වනවිට ඩෙල්ටා සාමජිකයන් 12ක් පමණ මියගොස් ඇති බව සදහන් වේ. නමුත් එක්සත් ජනපදය එම සංඛ්‍යා පිලී නොගනී. ඒ ආශ්‍රයෙන් Black Hawk Down නමින් චිත්‍රපටයක් හා පොතක්ද පළවී ඇත.
    ඩෙල්ටා බළකාය හා නාවුක සීල් බලකාය අතර සීතල යුද්ධයක් පවතින බවද කියවේ. ඒ අංක 1 වීම සඳහා ඇති තරගයකි, නමුත් ඩෙල්ටා බළකාය ඉරාකයේත් සීල් බළකාය ඇෆ්ගනිස්ථානයේත් රැඳවීම මගින් තත්වය තාවකාලිකව සමනය වී ඇත.

    800px-AirborneAndSpecialForcesUdayQusayRaid.jpg

    කළු හෙල්මට් සහිතව ඉදිරියෙන් සිටින්නේ ඉරාකයේ සිටින ඩෙල්ටා
    operator වරුය.
    delta%25252525252520bhd%25252525252520006.jpg

    ඕනෑම ආයුධයක් භාවිතා කල හැකි මෙම operator වරු වැඩි වශයෙන් භාවිතා කරන්නේ M4 carbine හා M203 grenade launcher ය.
    ස්නයිපර් ලෙස Barrett M82A1 යොදාගනී. නමුත් බොහෝ විට ඔවුන් සතුරාගෙන් අත්පත් කරගන්නා ආයුධ ද භාවිතා කරයි.

    220px-M82rifle.jpg




     
    Last edited: