Spoken English Help

sadun_gamage

Junior member
  • Mar 7, 2011
    208
    18
    18
    Machan..kadda hada ganna hoda method tikak kiyapanko...mata kata karana eka ternawa...anika document ekak unath kiyawa ganna puluwan..eth ban eka parata ka ekkawat kata karanna baha...baya wenawa..danna ewat amataka wenawa...me wenakam kadda louwata case ekak une naha..but lagadi mama aluth company ekkata join una..un kaddenmai ban kotanne...ape section eke un nam mage ekka sinhalen kata karanwa...seen eka danna hinda..eth anith section wala un kaddden kata kalama kara kiya ganna deyak naha..mama hemita lissala yanawa..umbala use karapu method kiyapallako...mata dan mara aul ban..office eke kon wecha seen ekak tiyenne...
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    11,710
    1,950
    113
    Ubata oya hamab vela thiyenne hoda avasthavak kathakarannama veneva kadda hadaganna.
    mulinma ubath ekka laga inna fit un ekak katha karapan hemeita.
    passe tika tika anith un ekka kathakarapan.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    2,489
    5,219
    113
    සොරබොරවැව
    උඹට ලැබෙන හැම නිදහස් වෙලාවකම ඒ වෙනුවෙන් මහන්සි වෙයන්.. සිංහලෙන් ව්‍යාකරණ Grammar ගැණ ලියවුන පොතක් පරිශීලනය කරන්න... නුගේගොඩ සරසවියේ ඇති.. වෙනම පොතක vocabulary list එකක් හදන් ඒවයේ තේරුම මතක තියා ගන්න... අමාරු වචන එහෙම.. තනි‍යෙන් කථා කරන්න පුරුදු වෙන්න කාමරේ දොර වහන්... යූ ටියුබ් එකෙත් ඇති ඩයලොග් එහෙම.. ඒවා අහන්න.. ඉංග්‍රීසි පත්තර කියවන්න.. අමාරු වචන වෙනම පොතක ලියා ගන්න.. හිතලා කතා කරනවා වෙනුවට නිරායාසයෙන් වචන වාක්‍යය එන්න දෙන්න.. වැරදුනාට අවුලක් නෑ...
     
    • Like
    Reactions: ACHIK

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,573
    2,000
    113
    පළවෙනිම දේ ඉංග්‍රීසි පන්ති යන්න එපා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙන මොකක් හරි සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න පුළුවන් නම්. යූටියුබ් වීඩියෝ බලන්න ඉංග්‍රීසි පන්ති නෙවෙයි වෙන ඒවා. මම නිකමට රෙකමන්ඩ් කරන්නම් මෙන්න මේ යූටියුබ් වීඩියෝ. අවධානයෙන් බලන්න. ආසාවෙන් බලන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්.

    පත්තර කියවන්න. හවසට කසිකබල් ටෙලිනාට්‍ය (කියන්නේ දැනට හැම චැනල් එකේම යන ඔක්කොම ඒවා) බලන එක නවත්තල ඉංග්‍රීසි චැනල් බලන්න.

    නිතර කතා කරන්න වෙන දේවල් ටික හොඳට පුරුදු වෙන්න.

    උදාහරණ

    Hey, how are you. I'm a bit busy today. Later.
    I'm going to the HR department.
    Yesterday was fun.
    I'm gong to the staff meeting.
    Sorry I couldn't come yesterday.

    some videos to watch

    Homes Under The Hammer series (uploaded by dutchboy)
    Escape to the country (Uploaded by dutchboy)
    Doctor at Large
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    1,816
    5,689
    113
    practice is everything.

    ඉංග්‍රිසි කථා කරද්දි ඒක ගැන හිත හිත වාක්‍ය ගළපා ගළපා කතා කරන්න බෑ බන්. තමන්ගේ අදහස නිරායාසයෙන්ම ඉංග්‍රිසි වලින් ප්‍රකාශ වෙන්න ඕනි. ඒ තත්වෙට පත්වෙන්න අවශ්‍යම දේ පුහුණුව.පුළුවන් තරම් තනියම හරි කමක් නෑ ඉංග්‍රිසි වලින් කතා කරහන්.

    learn english by listening කියන මෙතඩ් එකත් හොද ක්‍රමයක්.
    මගේ යාලුවෙකුත් ඒ දවස් වල, සවන්දීමෙන් ඉංග්‍රිසි ඉගෙනගන්න orbit එකේන් ගහපු CD වගයක් අරගත්තා මට මතකයි. මිනිහා වහනේ යද්දි නිකන් ඉන්න වෙලාවට අහනවා. උබත් කරලා බලහන්. මම දැක්කා කවුරු හරි එකෙක් orbit එකෙන් ගහපු CD ටික copy කරලා නෙට් එකට දාලා තියෙනවා. ඔය තියෙන link එකෙන් ගිහින් බලහන්.. සල්ලි තියෙනවා නම් ගෙවීමක් කරලා ගනින්.. නැත්තම් ඕකම පාවිච්චි කරහන්..

    orbit english download- https://bit.ly/2E1M0DN


    ගොඩක් එවුන්ට ඔය කතා කරගන්න බැරි ගැටළුව තියෙනවා බන්. උඹ ඉංග්‍රිසියෙන් කතා කරද්දි වාක්‍ය රටාව පටලෙනවා ඇති. උච්ඡාරණය වැරදිද දන්නේ නෑ කියලා හිතෙනවා ඇති. ඒ වගේ හිතෙනවා නම් ඒ self-confidence එක නැතිකම.

    කතා කරද්දි වැරදෙන එක ගැන හිතන්න එපා ඒක සාමාන්‍ය දෙයක්.
    මෙන්න මේ වගේ වීඩියෝ බලහන් ඒවගේ දේවල් වල්ත් ඉගෙන ගන්න දේවල් තියෙනවා.



    තව මම පෞද්ගලිකව කැමති චැනල් එකක් - mad english tv


     

    kabba123

    Active member
  • Oct 22, 2011
    74
    175
    33
    In a town without pity
    උදව්වක් ගන්න පුලුවන් වෙයි කියල හිතෙන පොඩි දේවල් ටිකක් කියන්නං මචං Try එකක් දෙන්න අනිවා දෙයක් කර ගන්න පුලුවන් වෙයි..Play Store එකේ ඇප් එකක් තියෙනවා Open Talk කියල.. ඒකෙන් පුලුවන් අපිට මොකක් හරි නමක් දාල Profile එකක් හදාගෙන අනිත් පැත්තෙන් අහම්බෙන් තෝරල දෙන කෙනෙක් එක්ක කතා කරන්න.හැබැ‍යි මේක නොමිලේ දෙන නිසා ඉන්නෙම ඉන්දියන් ,බංග්ලාදේශ, පාකිස්තාන් වගේ අය.. Europe අය නං නැති තරං.. අවුලකට තියෙන්නෙ Indian accent එක තියෙන අය සෙට් වෙනව සෑහෙන්න, කරන්න දෙයක් නෑ ඉතිං.... ඒ Accent නං පුරුදු වෙන්න එපා වැරදිලා වත් ..මේකෙ විනාඩි 20 ක් කතා කරන්න පුලුවන් නොමිලේ..තව කාලය දික් කර ගන්න පුලුවන් කතා කරල Points එකතු කර ගන්න තරමට..මුලදි මචං හිතේ පොඩියට දල අදහසක් හදා ගන්න කතාව පටන් ගන්න විදිය ගැන ..How are you? Where are you from? වගේ සරල හැමෝම දන්න ඉංග්‍රීසි වාක්‍ය ටිකක් කතා කරල What do you think about Corona virus crisis? වගේ මේ කාලෙට අදාල දෙයක් ඇදල අරන් කතාවක් පටන් ගන්න.Grammar හෝ වැරදීම් ගැන හිතන්න එපා..තමන්ගෙ හිතට එන දේ පොඩි පොඩි වචන ටිකක් ගැට ගහගෙන කියන්න ඕනෙ අදහස ගන්න උත්සහ කරන්න .අනිත් පැත්තෙ කෙනා අපිව අඳුරන්නෙ නෑ, ඒ කෙනා හිනා උනත් අපිට අදාල නෑ අපිට කර ගන්න ඕනෙ English කියන්නෙත් සිංහල වගේම අපේ අදහස් හුවමාරු කර ගන්න තියෙන තවත් භාශාවක් කියල හිතා ගෙන කතා කිරීමේ පුරුද්ද හදා ගන්න එක හා වැදගත්ම දේ වැරදි වැරදි English කතාව පටන් ගන්න තියෙන බය හා සබකෝලය නැති කර ගන්න එක .. අනික් පැත්තෙ කෙනා සෙට් නෑ වගේ නං Bye කියල call එක Cut කරල වෙන කෙනෙක් Set කර ගෙන කතා කරන්න..මේකෙ අපිට වඩා අන්ත දුර්වල අය වගේම English කතා කරන රටවල ඉගෙන ගත්තු අය.English language degree තියෙන අය,නිතර English භාවිතා කිරීම තුලින් හොඳට කතා කරන්න පුලුවන් අය එහෙමත් සෙට් වෙනව..ගොඩක් වෙලාවට University වල ඉගෙන ගන්න ලමයි එහෙම සෙට් වෙනවා..ටික දවසක් කතා කරත්දි අපිට වඩා English දැනුම තියෙන English conversation එකක් හොඳට කර ගෙන යන්න පුලුවන් සහ අනික් කෙනා කතාවෙදි කරන අඩුපාඩු එවෙලෙ නිවැරදි කරල දීල උදව් කරන්න පුලුවන් අය සෙට් වෙනවා..එහෙම අය සෙට් උනාම ඒ වගේ අය Speaking partner කෙනෙක් විදියට සෙට් කර ගෙන අර හැමදාම අහන How are you? I'm fine කතාව වෙනුවට එතනින් එහාට Education,Job,Foods,Travel හෝ කාලින දෙයක් දෙයක් ගැන එකිනෙකාගෙ රට වල විස්තර ටිකක් කතා කරන්න..Grammar, Pronunciation පට්ට වැරදියි වෙන්න පුලුවන්..නමුත් ඒ අඩුපාඩු එක්ක මුලින් කතාව පටන් ගෙන English ගැන විශ්වාසය වැඩි කර ගෙන ටික ටික කතාව හදා ගන්න .. මුකුත්ම කතා නොකර එක පාර Perfect English කතාකරන්න නං බෑ..දවසකට විනාඩි 45 හෝ පැයක් රෑට මේ වෙනුවෙන් යොදවන්න

    මේ තියෙන්නෙ ඇප් එක - https://play.google.com/store/apps/details?id=com.opentalk&hl=en
    (තවත් මේ වගේ Free App තියෙනව හොයල බලන්න, Cambly වගේ Native British,American අය එක්කම කතා කරන App තියෙනව හැබැයි ගෙවන්න වෙනවා)

    මීට අමතරව හැකි තරං කතා කරන ඉංග්‍රීසි ඇතුලත් දේවල් (Conversational English) සංවාද අහන්න.. දෙන්නෙක් හෝ පිරිසක් මොකක් හරි දෙයක් කතා කරන දේවල් අහන්න.YouTube එකේ ඕනෙ තරං දේවල් තියෙනව හොයා ගෙන බලන්න .මුලදි ලංකාවෙ අය හා English මව් භාශාව විදියට කතා නොකරන නමුත් ඉතා හොඳින් English හැසිරවිය හැකි අය කතා කරන ඒව පුලුවන් තරං අහන්න..මොකද එහෙම අය වචන සම්පූරණයෙන්ම උච්චාරණය කරන නිසා තේරුම් ගන්න ලේසියි.

    ලංකාවෙ අයගෙ English කතා කරන දේවල් බලන්න නං මේ වගේ චැනල් වල කට්ටිය කතා කරල තියෙන ඒව ටිකක් බලන්න




    පස්සෙ Native English අය කතා කරන ඒව අහන්න..මුලදි British,American,Australian අය කියන ඒව ඇහුවට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති වෙයි එයාලගෙ කතාවෙ වේගය හා Accent එක හා ඇත්ත ජීවිතේදි පෙල පොත් වල වගේ නැතුව ප්‍රාදේශීය යෙදුම්, කෙටි යෙදුම්, ව්‍යංගාර්ථ,ප්‍රස්තාව පිරුලු එහෙම පාවිච්චි කරල එයාල English කතා කරන නිසා ..එහෙම කියල වැඩේ අත් අරින්න එපා.. මාස 3 - 6 හෝ අව්රුද්දක් විතර විතර නොකඩවා එක එක විදියෙ දේවල් අහන්න YouTube එකේ Country එක US,UK,Australia,New Zealand වලට මාරු කර කර ඒ රටවල Trending එන වීඩියෝ එහෙම බලන්න..කාලයක් මෙහෙම කරත්දි කණ පුරුදු වෙයි ඒ කියන ඒව අවබෝධ කර ගන්න..




    ඊලඟට ඉතා වැදගත් දෙයක් තමයි කතා කරන ඉංග්‍රීසි හෝ ඉංග්‍රීසි සංවාද ඇතුලත් ලිපි, web posts හෝ පොත් ආදිය කියවන්න..English newspapers වල තියෙනව එක එක අයව Interview කරල එයාලගෙ ලමා කාලය, පෞද්ගලික විස්තර ,එදිනෙදා විස්තර,රැකියාව,ව්‍යාපාර වගේ දේවල් ගැන කතා කරල ලියපු ලිපි...ඒ වගේ ලිපි නිතරම කියවල අබබෝධ කර ගන්න එයාලගෙන් අහල තියෙන ප්‍රශ්න හා ඒවට එයාල දීල තියෙන උත්තර කොහොමද කියල..Humans of New York , Humans of Bombay වගේ FB Page Follow කරල ඒවගෙ එක එක්කෙනාගෙ ජීවිත කතා ගැන ගිහින් තියෙන පොඩි පොඩි ලිපි කියවන්න..මේ ටික උත්සාහ කරල බලන්න ලොකු වෙනසක් වෙයි..

    English කියන්නෙ නිතර කතා කරල,නිතර අහල/ඇහිල,නිතර කියවල, මොනව හරි දෙයක් English වලින් ලියල, English වලින් හිතල තමාටම හිතින් කතා කරගෙන ජීවිතේට ඇති කර ගන්න භාෂාමය පුරුද්දක් කර ගන්න..

    මමත් උත්සහ කරන ක්‍රම ටිකක් කලින් ලිපියක දැම්මා..මේවත් උත්සහ කරල බලන්න

    https://elakiri.com/threads/english-ඉගෙන-ගන්න-අයට-tips-ටිකක්.1930758/
     
    • Like
    Reactions: ACHIK