Sri Lanka Cricket පුහුණුකරු එංගලන්තයෙ උස්‌සයි ?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    Sri Lanka Cricket පුහුණුකරු එංගලන්තයෙ උස්‌සයි ?

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පුහුණුකරු එංගලන්තයෙ උස්‌සයි ?


    p16-1.jpg


    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු පෝල් ෆ්‍රබ්‍රේස්‌ මහතා හදිසියේම සිය තනතුර හැර යාමට පිඹුරු පත් සකස්‌ කරමින් සිටින බවත් ඒ පිළිබඳව ඔහු කිසිවක්‌ ඊයේ (20 දා) රාත්‍රිය වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට දන්වා නොමැති බවත් වාර්තා වේ.

    පෝල් ෆ්‍රබ්‍රේස්‌ ගේ මව් රට වන එංගලන්ත ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සහය පුහුණුකරු තනතුර සඳහා ලද ආරාධනයට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති ෆ්‍රබේස්‌, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට නොදන්වා සිය රාජකාරියට සමුදීමට සූදානම් වීම මත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය දැඩි අර්බුදයකට ලක්‌ව තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ජය ගැනීමෙන් පසු ෆ්‍රබ්‍රේස්‌ නිවාඩුවක්‌ ගත කිරීම සඳහා තමාගේ මව් රට වන එංගලන්තයට ගොස්‌ ඇති අතර එහිදී එංගලන්ත ක්‍රිකට්‌ බලධාරීන් විසින් ෆ්‍රබේස්‌ට අදාළ තනතුර පිරිනැමීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ගෙවනු ලබන වැඩි වැටුපක්‌ සහය පුහුණුකරු තනතුර සඳහා ෆ්‍රබේස්‌ට ගෙවීමටද එංගලන්ත ක්‍රිකට්‌ ආයතනය කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

    මෙම මස අවසානයේ එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්‌ඩායමට ප්‍රධාන පුහුණුකරු ෆ්‍රබේස්‌ගේ සේවය නොමැති වුවහොත් කණ්‌ඩායම දැඩි අර්බුදයකට ලක්‌වන අතර මේ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසීමකදී, "ෆ්‍රබේස්‌ අපිට මොකුත් නොකියා එංගලන්තයේ සහය පුහුණුකරු තනතුර භාර ගන්න සූදානමින් ඉන්නවා කියලා එංගලන්තයෙන් වාර්තා වෙනවා. මම මේ ගැන අහන්න එයාව සම්බන්ධ කර ගන්න උත්සහ කළත් බැරි වුණා. ඊමේල් පණිවිඩයකුත් අපි යවල තියෙනවා. සංචාරයක්‌ අත ළඟ තිබියදී එක පාරට මෙයා ඉවත් වුණාහම අපි ලොකු අර්බුදයකට ලක්‌ වෙනවා." යනුවෙන් රණතුංග මහතා පැවසීය.

    පෝල් ෆ්‍රබේස්‌ ඉකුත් ජනවාරි මස 24 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයත් සමග කොන්ත්‍රාත් අත්සන් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ලබන 2015 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්‌වා ෆ්‍රබ්‍රේස්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කොන්ත්‍රාත්තුව අත්සන් කර තිබේ. එසේ තිබියදී ෆ්‍රබේස්‌ සිය තනතුරට සමුදුනහොත් නීතිමය රාමුව අනුව ඔහුට ගෙවනු ලබන මාසික ෙච්තන හයක්‌ දඩ වශයෙන් ෆ්‍රබ්‍රේස්‌ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ගෙවිය යුතු වේ.

    එංගලන්ත ක්‍රිකට්‌ කණ්‌ඩායමේ දැඩි පසුබැසීම මත ඔවුන්ගේ සියලු පුහුණුකරුවන් මාරු කිරීමට එංගලන්ත ක්‍රිකට්‌ ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු එංගලන්ත පුහුණුකරුවකු වන පීටර් වුර්ස්‌ කැඳවීමට එංගලන්ත ක්‍රිකට්‌ ආයතනය කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

    පෝල් ෆ්‍රබ්‍රේස්‌ මීට ඉහත එංගලන්ත ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සහය පුහුණුකරු තනතුර සඳහා ඉල්ලා සිටියද එංගලන්ත ක්‍රිකට්‌ ආයතනය ඔහුට එම අවස්‌ථාව ලබා නොදීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්‌ඩායම ෆ්‍රබේස්‌ පැමිණීමෙන් පසුව සහභාගි වූ ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර තරග 18 කදී පරාජය වී ඇත්තේ එක්‌ තරගයක්‌ පමණි.

    ෆ්‍රබේස්‌ වැඩ භාර ගැනීමෙන් පසු ගත වූ මාස එකහමාර තුළ ශ්‍රී ලංකා කණ්‌ඩායම ආසියානු කුසලාන සහ විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ජය ගැනීම ප්‍රධාන කොටගෙන එංගලන්ත ක්‍රිකට්‌ ආයතනය ෆ්‍රබ්‍රේස්‌ව අදාළ තනතුරට පත්කර ගැනීමට කටයුතු යොදා තිබේ. මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක්‌ ඊයේ රාත්‍රියේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.





    divaina​
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ඇත්තටම මු මෙහෙම බලෙන් තියන් ඉන්නේ මොන රෙද්දකටද?
     

    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    Ithin ea manussayage rate team eka coach karana enna kiwwama mona manussayada ba kyanne?? Uu sadaranay..habay kalin inform karana thibba
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Suddhange hati ohoma thama , Mariccha suddai, Upadinna inna suddhai pamani visvasa kala hakke kiyala ROBERT MUGABE kivve ekai.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පුදුම වෙන්න දෙයක් නැහැ.. ලන්කාවෙ බෝඩ් එක ක්‍රිකට් ගහන සෙට් එක නැතුව හරි ටූනමන්ට් එක ගහන්න හදනව. මූත් ගියාම හරි
     

    blue_in_rio

    Well-known member
  • ඔබ යන්නම, යන්නම යනවා නම්....මට ඉන්න කියන්නට බැහැනේ ඉතිං......
    යලි එන්නම, එන්නම සිතුනේ නම්....ඔබ එන්න එපා මගේ සිත තහනම්......
    :rolleyes::rolleyes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ada paththara headlines wala thibune muta masa 2 ka padi deela nalu thama...:baffled:

    cricket gahanne salli walata nemei rata wenuwen,
    salli nathnam 40 pannahama desapalaneta awith rata kaala
    hamba karagannai thiyenne(A,ranatunga.sirasa TV)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    ෆාබ්‍රේස් ඉවත්වෙන්න යන්නෙ ඇයි ?

    ෆාබ්‍රේස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හැරයාමට උත්සාහ කිරීමට ආසන්නම හේතුව වන්නේ ඔහුට එංගලන්ත පිලේ සහය පුහුණුකාර ධූරය ලබාදීමට ආරාධනා කිරීමම නොවන බවද වාර්තා වේ.

    ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එක් ක්‍රීඩකයකුට ලක්ෂ 250ක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කරද්දී ඔහු නොසලකා හැර තිබීම නිසා යැයි කසුකුසුවක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


    Source: Mirror
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    ෆාබ්‍රේස් ඉවත්වෙන්න යන්නෙ ඇයි ?

    ෆාබ්‍රේස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හැරයාමට උත්සාහ කිරීමට ආසන්නම හේතුව වන්නේ ඔහුට එංගලන්ත පිලේ සහය පුහුණුකාර ධූරය ලබාදීමට ආරාධනා කිරීමම නොවන බවද වාර්තා වේ.

    ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එක් ක්‍රීඩකයකුට ලක්ෂ 250ක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කරද්දී ඔහු නොසලකා හැර තිබීම නිසා යැයි කසුකුසුවක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


    Source: Mirror

    :rolleyes:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    mokak unath u yanne uge ratata neh :)
    hamoma kamathi thamange rate coach karanna !
    anyway he did well with us :)
    hopefully we will find a replacement !
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    okata payin gahala elawala daala wena ekek ganna puluwan gemak natuwa.
    lankawe ewun match dinanne okunge dakshatawen nevei, lankawe ewunge talent eken.
    england ewun hamadaama paradinne unta talent eka nati nisa

    lankawa 1996 world cup eka dinnata passe wutmore wa bangladesh walin gatta ne uge contract ewara unata passe, eet bangladesh taamat hitapu tanama tamai. mu giyat england team eke wenasak wenne na