Sri Lanka Law College Entrance Examination 2012

Madu23

Member
Mar 8, 2012
1
0
0
2012 ශ්‍රී ලංකා නීති ප්‍රවේශ විභාගයට තවත් තියෙන්නෙ මාස 4-5ක් වගේ පුංචි කාල පරිච්චේදයක් විතරයි. ඒත් තාමත් විභාගය ලියන්න කැමැත්තෙන් ඉන්න, ඒත් නියම ට්‍රරැක් එකට වැටිලා නැති ගොඩක් කට්ටියක් තවමත් පටන් ගන්න තැනක් නැතිව...මඟ පෙන්වන්න කෙනෙක් නැතිව ලත වෙවී ඉන්න බව කිසිම රහසක් නෙමෙයි. මොකද, මමත් ඒ කණ්ඩායමටම වැටිල ඉන්න කෙනෙක් නිසා මට ඒ ගැන හොඳට තේරෙනවා. අපි දන්නවා මේ එක්සෑම් එක අතිශය තරඟකාරියි....තියුණුයි. නමුත් ඒ තරඟකරීත්වයෙන් එහාගිය දෙයක් අපි සෑම දෙනාටම මිත්‍රශීලිව බෙදාගත හැකියි. ඒ දැනුම කියන දෙයයි. කවදාවත් අපි විභාගයක් තරඟකරී කරගත්තත් දැනුම කියන දේ තරඟකාරී කරගත යුතු නොවේ.

ඉතින් යාලුවනෙ, තවත් කාලය වැය කරන්නෙ නැතුව, මේ එක්සෑම් එකේ වටිනාකම වගේම මේ එක්සෑම් එක මාර්ගයෙන් ගොඩනඟා ගන්න වෙර දරන අපේම අනාගතය ගැන හිතල, අපිත් අද ඉඳලම ලොකු ජයග්‍රාහී ගමනක කණ්ඩායමක් වගේ යමු.

ඉතින් අපි අද ඉඳලා මේ ත්‍රෙරෙඩ් එක අපි අපේ ඉලක්කය වෙනුවෙන් යොදා ගමු. ඔයගොල්ලො දන්න නව විශය කරුණු, නෝට්ස්, පාස් පේපර්ස්, නීතියෙ පසුබිම ගැන ලියවුනු පොත්, අභ‍ය්‍යාස, ලිපි ලේඛණ හා සියළු විභාග කරුණු අපි මේ ත්‍රෙඩ් එකේ පලකරමු. ඒක මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත මට වගේම මේක බලන කියවන එකී මෙකී නොකී හැම දෙනාටම ලොකු උපකාරයක් වේවි. ඒ වගේම, ඒ ගැන කවුරු කවුරුත් මතක තියනතාක් හිතේ සතුටින් කථාකරන කරන බවටනම් මට කිසිඳු සැකයක් නැහැ. ඔබ සැමට ජය!...
:love:



M


---