Marsh ta dana first bounce eka kohomadaungema unuth kora ithin ape un gana hithahanko
![]()
Oya manasikawa wattane dana ewa...match situation wala oya wage 1ka digata ball karanna bari wai...mark my word Aus gonna struggle against our slow left arm spin
Marsh ta dana first bounce eka kohomadaungema unuth kora ithin ape un gana hithahanko
![]()
Oya manasikawa wattane dana ewa...match situation wala oya wage 1ka digata ball karanna bari wai...mark my word Aus gonna struggle against our slow left arm spin
but ow mentally game ekak Gahanna ekka thama owa danne. ow aniwa Hera thama one man army eka 
daanawa ban eka digatabut ow mentally game ekak Gahanna ekka thama owa danne. ow aniwa Hera thama one man army eka
![]()
True Aus got lot of right handers so Hera will not allow easy runs off him n kaushal will pick up wickets with his banana off spin
IF he was picked in to the squad thoughIF he was picked in to the squad though
සින්හලෙන් කොටපල්ලකො...![]()

Most probably they will include him coz last week SLC tried to get clearance for his doosra
kohomada England kaarayonta pakkko arina heti 267/9 .......lol
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු අංශය සහ පන්දු රැකීමේ අංශයේ ඇතිව තිබෙන දුර්වලතාව හේතුවෙන් නව වේග පන්දු පුහුණුකරුවකු සහ පන්දු රැකීමේ පුහුණුකරුවකු පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමු කොට තිබේ.
ටෙස්ට්, එක්දින සහ විස්සයි:20 අංශ තුනෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීමට හේතු වූ කරුණු කාරණා සාකච්ඡා කිරීමෙන් අනතුරුව වේග පන්දු පුහුණුකරුවකු සහ පන්දු රැකීමේ පුහුණුකරුවකු අලුත් පත්කිරීමට තීරණය කර තිබේ.
වේග පන්දු පුහුණුකරුවා සහ පන්දු රැකීමේ පුහුණුකරුවා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාකච්ඡා කොට ඇති අතර එය ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතියට යොමු කිරීමෙන් අනතුරුව එම පත්වීම් සිදුකිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් දක්‍ෂතා ඉහළ දැමීමේ කළමණාකරු ලෙස පත්කර සිටින එංගලන්ත ජාතික සයිමන් විලිස් මහතාද අදාළ පත්වීම් දෙක හැකි ඉක්මනින් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද සඳහන් වේ. මේ සම්බන්ධයෙන් විලිස් මහතා ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු මෙන්ම වසර දෙකක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවාද වූ චමින්ද වාස් මහතා සමගද සාකච්ඡාවක් පවත්වා තිබේ.
චමින්ද වාස් මහතාට බංග්ලාදේශයේ වේග පන්දු පුහුණුකරු ධුරය භාර ගැනීම සඳහා මේ වන විටත් ආරාධනාකර ඇතත් ඒ සම්බන්ධයෙන් ඔහු මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද සඳහන් වේ. වත්මන් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු වන චන්දික හතුරුසිංහ මහතාය.
ශ්‍රී ලංකා පිලේ වත්මන් පුහුණුකරුවා වන ග්‍රැහැම් ෆෝඞ් මහතා සමගත් කලක් එක්ව කටයුතු කළ චමින්ද වාස් නැවත ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා වශයෙන් පත්කළ හැකිනම් එය ශ්‍රී ලංකා පිලේ අනාගතය සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රතිපලදායක වනු ඇතැයි කණ්ඩායම් කළමණාකාරීත්වයේද අදහසයි.
චම්පක රාමනායක මහතා මේ වන විටත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කරන නමුත් ඔහු වසර දහයකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කර තිබේ. ඉදිරියේදී ඕනෑම පුහුණුකරුවකුගේ සේවය වසර හතරකට වඩා වැඩි නොකරන බවද මේ සම්බන්ධව කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.
මේ අතර පන්දු රැකීමේ පුහුණුකරුවකු පත්කර ගැනීම සඳහා අයඳුම්පත් කැඳවීමක් ඉදිරියේදී කෙරෙන අතර මෙම පත්වීම් දෙක ඔස්ට්‍රේලියානු සංචාරයෙන් අනතුරුව කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය යොමු කර තිබේ. ඒ අනූව ඔස්ට්‍රේලියානු තරගාවලියේදීත් බොහෝ දුරට වේග පන්දු පුහුණුකරුවා ලෙස චම්පක රාමනායක මහතාම කටයුතු කරනු ඇතැයි වාර්තා වුවද ඉන් අනතුරුව නව පුහුණුකරුවකු යටතේ ඉදිරි සංචාරවලට ශ්‍රී ලංකා කණ්ඩායමට සහභාගි වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
winsden Sri Lanka
![]()
kohomada England kaarayonta pakkko arina heti 267/9 .......lol


