ආගමන විගමන රාජකාරි නිම කරලා ගුවන් යානයක රැඳි ඉන්න ගුවන් මගින්ගේ සම්පුර්ණ වගකීම තියෙන්නේ ඒ යානයේ ප්‍රධාන ගුවන් නියමුවාට. පියසැරිය ආරම්භ වුණායින් පසුව යානය තුල සිටින ඕනෑම මගියෙක් අත්අඩංගුවට ගත යුතුද එම මගියා භාරදිය යුතු කුමන රටට ද යන්න තීරණය කිරීමේ බලය එම නියමුවා සතුයි. මේ බලතල ඔහුට පැවරෙන්නේ ගුවන් යානය පියසැරියට සුදානම්ව යානයේ දොරටු වැසූ පසුවයි. ඊට පෙර මෙම බලතල අදාළ රටේ ආගමන විගමන පාලකවරයා සතුයි. ආගමන විගමන පාලක වරයාගේ අනුමැතියක් නැතිව ගුවන් සේවයේ නිලධාරීන්ට මගියෙකු ඉවත්කරන්න නම් ඒ මගියාගේ හැසිරීම අනෙක් මගීන්ගේ ජීවිතාරක්ෂාවට සහ යානයේ ආරක්‍ෂාවට තර්ජනයක් වන බවට සනාථ විය යුතුයි.නොදන්න මඟුල් කියවන්න එපා බං . Immigration පැන්න කියලා කථාවක් නැහැ ලංකාවට අයිති අහසේ Plane එක තියෙනවා නම් ඕනේ නම් ආපහු ගෙන්වන්නත් පුළුවන්![]()
මේ සිද්ධියේ පේන විදිහට යානය පියාසැරියට සුදානම්ව දොරටු වසා ඇති බවක් හැඟෙන්නේ නෑ. ඒ නිසා පුර්ණ පාලනය ආගමන විගමන පාලකවරයා සතුයි. මෙවැනි අවස්ථාවක දී ඔහුගේ අනුමැතිය ඇතුව රටේ ආරක්‍ෂක නිලධාරීන්ට ගුවන් යානයකට ඇතුළුවී මගියෙකු අත්අඩංගුවට ගැනීමේ නෛතික බාධාවක් නෑ.
