SRI LANKAN AIRLINES චමිලාගේ_රැස්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    SRI LANKAN AIRLINES චමිලාගේ_රැස්

    v0Zzo3A.jpg

    මේ සටහන අද දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බිම් සේවයේ (ground service) යෙදී සිටි එක්තරා සේවිකාවක මා හට දැක්වූ අතිශය "සුහදශීලී" සැලකීම පිළිබඳවයි.. සිද්ධිය මෙසේය.

    මාගේ සති පහක නිවාඩුව අවසන් කර අද දින නැවත ඇමෙරිකාව බලා යාම සදහා කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියෙමි. මාගේ ගුවන් ගමන යෙදී තිබුණේ UL 503 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයෙන් කොළඹ සිට ලංඩන් වෙතත්, දෙවනුව බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයකින් ලංඩන් සිට ඩලස් වෙතත් ය. මේ දිනවල ඉරාන-ඉරාක ගුවන් තලයේ ඇති අනාරක්ෂිත බව නිසා ලංඩන් බලා යන ශ්‍රී ලංකන් ගුවන්‍ යානා ඉරාන-ඉරාක ගුවන් තලය මගහැර පියාසර කරන බවත්, ඒ නිසා ගුවන් ගමන සාමාන්‍ය ගුවන් ගමනට වඩා දික් වන බවත්, එබැවින් දහවල් 12.50ට පිටවීමට නියමිතව තිබූ යානය දහවල් 12.30ට පිටත් වන බවත් දැනුම් දී තිබුණි. ඒ නිසා උදෑසන 10.15 පමණ වනවිට මම ගුවන්තොටුපළට පැමිණියෙමි.

    පවුලේ අයගෙන් සමුගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ "check in" කවුන්ටර වෙත පැමිණියේ පසුගිය සති පහක කාලය තුළ එකතු කරගත් අතිශය සුන්දර මතක සියල්ල හිතේ කැටි කරගෙනය. මා හට කවුන්ටරයේදී සේවය සැපයූ සේවිකාව ඉතා ප්‍රියමනාප යුවතියක් විය. ඇය සිනාමුසු මුහුණෙන් සහ ඉතා උද්‍යෝගයෙන් සිය රැකියාවේ නිරත වන බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි. මාගේ ගුවන් බලපත්‍රය, ටිකට් නොම්මරය යනාදී දෑ පරික්ෂා කළ ඇය, අනතුරුව check-in ගමන්මලු වල බර කිරීමට සූදානම් වූවාය. මාගේ travel itenerary එකේ සදහන් පරිදි මා හට 23kg බැගින් වූ check-in ගමන්මලු දෙකක් නොමිලයේ ලැබිය යුතුය. පළමු ගමන් මල්ලේ බර 22.2kg විය. එය කිරා අවසන් වූ පසු මම අනික් ගමන් මල්ල තරාදිය මත තැබීමට සූදානම් වුණෙමි. එවිට ඇය පැවසුවේ මා මිළදී ගත් ටිකට්පතට අනුව මට නොමිලයේ ලැබෙන්නේ එක් ගමන් මල්ලක් පමණක් බවත්, අනෙක් ගමන් මල්ලට ඇමෙරිකානු ඩොලර් 100ක් (LKR 18,000 ක් පමණ) ගෙවිය යුතු බවත්ය.

    නමුත් පසුගිය සැප්තැම්බර් මාසයේ මෙම ටිකට්පත මිළදී ගැනීමෙන් අනතුරුව මම ඇමෙරිකාවෙ සිටම බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා දෙකම අමතා මා හට ගෙන යාමට දෙන ගමන් මලු පිළිබඳ පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියෙමි. එවිට ඔවුන් පැවසූයේ මම පළමුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ගමන් ගන්නා බැවින් ඔවුන්ගේ ගමන් මලු නීතිය මාගේ ගමන පුරා වලංගු වන බවත, ඒ අනුව මා හට ගමන් මලු දෙකක් නොමිලයේ ලැබෙන බවත්ය. ඒ ගැන මම මෙම යුවතියට පවසා, මාගේ දුරකතනයේ වූ travel itenerary එකද පෙන්වූවෙමි. ඇය තරමක් කැළැඹීමට පත් වූ බවක් පෙනුණි. මම කියනා දෙය ඇයටද පසක් විය. නමුත් ඇයගේ කම්පියුටර් තිරයේ පෙන්වන දෙයට එහා දෙයක් කිරීමට ඇයට අයිතියක් නැත. ඒ නිසා ඇය මට තත්වය පැහැදිලි කර, ඇයගේ ඉහළින් පිහිටි නිලධාරියා වෙත මාගේ දුරකතනයේ වූ විස්තරය පෙන්වීමට ගියාය. මමද ඇය පසුපස ගියෙමි. ඔහුටද කළ හැකි යමක් නොවීය. ඔහුද සුහදශීලි ලෙස මට කරුණු පැහැදිලි කරන්නට ගත්තේය. ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ තිරයේ සදහන් වී ඇති කරුණු වලට අනුව මා හට නොමිලයේ දිය හැක්කේ එක් ගමන් මල්ලක් පමණක් බවයි.

    ඔවුන්ගේ තිරයේ දිස්වන දේ හා ඔවුන්ගේ දත්ත පද්ධතියේ අඩංගු කරුණු සාමාන්‍ය ගුවන් මගියෙකු වන මම නොදනිමි. මම දන්නා එකම දෙය නම්, මගේ travel itenary එකේ සදහන් දේ සහ, වැඩි පරිස්සමට ගුවන් සේවා දෙකටම ඇමතූ අවස්ථාවේ ඔවුන් එදා මට කී කරුණු පමණි. ඒ අනුව මට 23kg බැගින් වූ ගමන් මලු 2ක් ලැබිය යුතුය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ luggage policy හිද සදහන්ව ඇත්තේ ද මා කියනා දේම බව ඔවුහු පවසති. නමුත් කම්පියුටර් තිරයේ සදහන් වන්නේ වෙනම දෙයකි. ගැටලුවක් ඇත.

    මෙය විසදාගත නොහැකි වූ තැන ඔවුහු එක්තරා මැදිවියේ කාන්තාවකගේ උපදෙස් පැතූහ. මාගේ මෙම සටහනේ කතා නායිකාව ඇයයි. ඇය එවෙලේ සේවයේ නියුතු Duty Manager බවත්, ඇයගේ නම චමිලා බවත් මම පසුව නිරීක්ෂණය කළෙමි. මා හට මුලින් සේවය සැපයූ යුවතිය ඇයට සිද්ධිය පැහැදිලි කිරීමට උත්සාහ කළාය. චමිලා ට එය අසා සිටීමට වත් ඉවසුමක්, හික්මීමක් නැති සෙයකි. ඇය අර යුවතියගේ කතාව මැද්දෙන් පැන කියා සිටියේ සිස්ටම් එකේ ඇති දේ අනුව වැඩ කළ යුතු බවය. එවිට මම චමිලාට මගේ අතේ වූ ජංගම දුරකතනයේ සදහන් විස්තරය පෙන්වීමට උත්සාහ කළෙමි. මාගේ මූණවත් නොබැලූ චමිලා මාගේ අත ඉවත් කළාය. නිශ්ශබ්ද වන ලෙසට අතින් ඉගි කළාය. මම කියනා දේ ඇසීමට කිසිදු උත්සාහයක් නොදැරුවාය. ඒ වෙනුවට ඇය මා හට උස් හඩින් කියා සිටියේ සිස්ටම් එකේ ඇති දෙය අනුව මා හට හිමි එක ගමන් මල්ලක් පමණක් බවයි. ඇය නිෂ්ශබ්ද වන තෙක් බලා සිට, පසුගිය සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකන් හා බ්‍රිතාන්‍ය ගුවන් සේවා මා හට පැවසූ දෙය මම ඇයට පැවසීමි. එයට පිළිතුරු ලෙස ඇය මහ හඩින් මට අභියෝග කළාය. නැවත බ්‍රිතාන්‍ය ගුවන් සේවයට දුරකතන ඇමතුමක් ගෙන මා කියනා දේ ඔප්පු කර පෙන්වන්නැයි කීවාය.

    ගුවන් මගියෙකු වූ මා හට එවැනි උස් ස්‍වරයෙන් ඇමතීමටත්, නිහඩ වන සේ අතින් ඉගි කිරීමටත්, මාගේ මුහුණ වත් නොබලා මාගේ ජංගම දුරකතනය සහිත අත ඉවත් කිරීමටත්, මාගේ නිවැරැදි බව ඔප්පු කරන්නයැයි අභියෝග කිරීමටත් ඇයට කිසිදු අයිතියක් නොමැත. ඇයගේ සම්පූර්ණ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබුණි. එවෙලේ මා ඔවුන්ගේ ගුවන් මගියෙකු බවත්, මා හට මෙසේ කතා කිරීමට ඇයට කිසිදු අයිතියක් නොමැති බවත් මම මතක් කර දුන්නෙමි. ඇය මදක් මෙල්ල වූ බවක් පෙනුණි. ඇය තත්පර කීපයකට නිහඩ වුණාය. "You are not supposed to talk to a passenger like this" යැයි මා පැවසූ විට, "ok" යැයි පිළිතුරු දුන්නාය. නමුත් මම එතනින් ඉවත් වී නැවත කවුන්ටරය වෙත පැමිණි පසු ඇය වටේ සිටිනා සියලු දෙනා සමග මා හට බැණ වැදෙන බව මම පැහැදිලිවම දුටුවෙමි.

    කවුන්ටරයේදී මට සේවය සැපයූ යුවතිය ඇයගේ කළමනාකාරිනියගේ රෞද්‍ර බව පිළිබඳව රහසෙන් සමාව අයැදුවාය. ඇය සමග කතා කිරීමත් අපහසු බව පැවසීය. ඇය යටතේ සිටිනා සේවක සේවිකාවන්ටද ඇය නිතර මෙලෙස කෑ ගසනා බවත්, මා හට පමණක් නොව විදේශිකයන්ටද ආමන්ත්‍රණය කරන්නේ මේ ආකාරයෙන්ම බවත් පැවසුවාය. මෙවන් පිස්සු ගැහැනියක් බිම් සේවයේ duty manager ලෙස තබා ගැනීම ගැන මම පුදුමයට පත් වීමි.

    මාගේ travel itenerary එකේ සදහන් කරුණු වරදින්නේ කෙසේදැයි මම නොදනිමි. බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකන් සේවා වලින් මාස කිහිපයකට ඉහතදී කී දේ අද වෙන විට වෙනස් වන්නේ කෙසේදැයි ද නොදනිමි. Itenerary එකත්, මා හට ලැබුණු තොරතුරුත් සියල්ල වැරදි විය හැකිය. මා කියනා දේ කිසිදු පදනමක් නොමැති දෙයක් විය හැකිය. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් මගියෙකු වූ මා හට චමිලා බැණ වැදුණු අයුරුත්, මාව නිහඩ කළ අයුරුත්, නිවැරදි බව ඔප්පු කරන ලෙසට මට අභියෝග කළ අයුරු හා මූණවත් නොබලා, සවන් නොදී, තම මතයම ප්‍රකාශ කළ අයුරුත් අතිශය පිළිකුල් සහගතය. කිසිදු ඉවසීමක්, ආචාරශීලී බවක් නොමැති උඩගු චමිලා නිසා මම අද මවුබිමෙන් නික්මුණේ කලකිරීමකින් සහ අතිශය කැළඹුණු මනසකිනි.

    ඇමෙරිකාව බලා පිටත් වන, ඉංග්‍රීසියෙන් ඇය සමග සංවාදයේ යෙදුණු මටත් ඇය සැලකුවේ මෙසේ රෞද්‍ර ලෙස නම්, මැදපෙරදිග ගෘහ සේවයේ නියැලීමට යන අහිංසක කාන්තාවන්ට මෙම උඩගු ගැහැනිය කෙසේ සලකනු ඇත්ද? ඉංග්‍රීසි කතා කරගත නොහැකි, භාෂාමය ගැටලු ඇති විදේශිකයන්ට කෙසේ සලකනු ඇත්ද? ඇය සිටින්නේ ගුවන් මගීන්ට සේවය කිරීමට මිස, හිස උදුම්මවා ගෙන, දන්නා ඉංග්‍රීසියෙන් වටේ ඉන්නා සියලු දෙනාට කෑ ගසමින්, බැණ වදිමින් සියලු දෙනා අපහසුතාවට පත් කිරීමට නොවන බව ඇය දැන ගත යුතුය. ඊටත් වඩා, මනුස්සකම උගත යුතුය.

    රටක් වශයෙන් ශ්‍රී ලාංකිකයින්ගේ සුහදශීලි බව, ආචාරශීලී බව, ආගන්තුක සත්කාර ආදිය ගැන අප ලොවට උදම් ඇනුවද, මෙවැනි අශීලාචාර, හිස උදුම්මවා ගත් සේවිකාවන් නිසා ජාත්‍යාන්තර වශයෙන් අපකීර්තියට පත් වන්නේ අපේ රටේ කීර්ති නාමයයි. මෙවැනි පුද්ගලයින් ගුවන් තොටුපොළ වැනි ස්ථාන වල සේවයේ නියුතු වීම මගින් පිරිහෙන්නේ අපේ රටේ ප්‍රතිරූපයයි.

    මා මෙතෙක් ලබා ඇති අත්දැකීම් වලට අනුව, චමිලා යනු ශ්‍රී ලංකන් ගුවන් සේවය නමැති කිරි කළයට වැටුණු ගොම තැම්බකි.

    ලැජ්ජයි චමිලා!

    Source
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇමෙරිකාව බලා පිටත් වන, ඉංග්‍රීසියෙන් ඇය සමග සංවාදයේ යෙදුණු මටත් ඇය සැලකුවේ මෙසේ රෞද්‍ර ලෙස නම්, මැදපෙරදිග ගෘහ සේවයේ නියැලීමට යන අහිංසක කාන්තාවන්ට මෙම උඩගු ගැහැනිය කෙසේ සලකනු ඇත්ද?
    .
    ඔයා මුලින් උපකල්පනයක් කරල තියනවා ඔයා English කතා කරන,යන රට US නිසා ඔයා ඉස්පෙශල් කියලා..
    ඔහොම ලොකු සීන් එකෙන් හිතුවොත් නම් කොහොමත් ශොට්1 ලැබෙනවා. මොකෝ උන් ඕවයෙ පුරුදු වෙන්න ජොබ් කරනවයැ.. ඔය ඉදල හිටල ඔතනින් රට ගියාට.. සිස්ටම්1 එකේ පෙන්නන්නේ එයාලට කරන්න තියන දේ.. කොහොම උනත් සැරවැර කිරීම නම් උචිත නෑ, නමුත් අපි දන්නේ නෑ ඔබගේ හැසිරීම එතන...
    issuwe bukiyen
     
    • Like
    Reactions: netlife007

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    v0Zzo3A.jpg

    මේ සටහන අද දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බිම් සේවයේ (ground service) යෙදී සිටි එක්තරා සේවිකාවක මා හට දැක්වූ අතිශය "සුහදශීලී" සැලකීම පිළිබඳවයි.. සිද්ධිය මෙසේය.

    Source

    උඹලට කියන්න මට ඔයවගේ වැඩක් උනා ජපන් ඉඳන් ලංකාවට එද්දී මායි වයිෆ්යුයි වයිෆ් ප්‍රෙග්නට් වෙලා හිටියේ මචන් ලංකාවට අවේ පාස්කු ප්‍රහාරය 21 උනාට පස්සේ 28 ,29 වගේ මන් ආපු ෆ්ලයිට් එකේ සෙනග හිට්යේ නෑ මන් මන් ආපු බින් එකේම හිටියේ 10ක්වගේ

    පලවෙනි සිද්දිය

    කොහොමහරි අපි ෆ්ලයිට් එකට නැගල පොඩි දුරක් එද්දී (පැයක් වගේ ) යද්දී අපේ වයිෆ්ට බඩගින්නක් අවා සාමන්යෙන් ප්‍රෙග්නට් කෙනෙක්ට ඉක්මනට බඩගිනි වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් කියල උඹල දන්නවා ඇති
    කොහොම හරි වයිෆ් එතන ඉන්න ගුවන් සේවිකාවගෙන් කෑම එකක් ඉල්ලුව
    ඇය සුහද ශිලිව එක පිළිඅරන් 5 මින් දෙන්න කියල ගිහින් කෑම එක ගෙනාව
    පට්ට වැඩේ කියන්නේ මේකී කෑම එක ගෙනල්ල අපේ වයිෆ්ට දෙන ගමන්
    එක පාරටම කියපිය "වයිෆ් ප්‍රෙග්නට් වෙලා හිටියට ඔයා ප්‍රෙග්නට් වෙලා වෙලා නැනේ ඔයාට කෑම දෙන්නේ නෑ හොඳේ " කියල හෙන හයියෙන් කිව්වා හම්මට හැමිනෙනවා ඒකිව අපි දැක්කෙත් එදයි එහෙම කොහොමද කතාකරන්නේ කියල මායි වයිෆ්යුයි හොල්මන් උනා ... මොන උනත් අපි එකේ යන පැසේන්ජ්ස්ල අපිට එහෙම කතාකරන්න අනවශ්‍යයි කියල මන් හිතන්නේ ...

    දෙවෙනි සිදුවීම

    මේ සිද්දිය උනේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න පැය 3 කට විතර කලින්
    මන් පොඩි නින්න්දක් ගෙන හිටියේ එවෙලේ වයිෆ් කොහොම හරි එතන ගුවන් සේවිකාවකට කතාකරල ඇයට කියල මට පුලුවන්නම් ටී එකක්යුයි බන්ස් මොනාහරි තියනවනම් එකක් ගෙනත් දෙන්න කියල (මටත් එවෙලේ ඇහැරුනා ) මොකද ඇයට බඩගිනි වෙනවා හැම වෙලේම ප්‍රෙග්නට් වෙලා නිසා
    මෙකි කියපිය "පොඩ්ඩක් ඉවසල ඉන්න තව පැය බාගයකින් කෑම එක ගෙනත් දෙනකන් කෑම රත් වෙනවා කියල " මට මල පැන්න මන් ඇහුව ඔහොමද ඔයාල මේකේ යන පැසේන්ජ්ස්ලට කතාකරන්නේ කියල මන් කිව්වා මන් මේක කම්ප්ලේන් කරනවා කියල එකී සද්ද නෑ :angry::angry:.. උන් සුද්දොන්ට එකවිදියක් ලංකාවේ අපිට කතාකරන්න දන්නේ නෑ.. යනකන් එකී අපේ මුනවත් බැලුවේ නෑ කොහෙන් හොයාගන්න එවුන්ද මන්ද ...

    මන් මේ කියපු දේ උඹල කොයි විදියට දකියිද කියල මන් දන්නේ නෑ .. මුන් ලෝකල්ස්ලට සලකන විදිය අන්තිමයි කියල තමා මට හැගෙන්නේ
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    2016 සැප්තැම්බරයේදි මෙවැන්නක් අත්විදින්නට සිදුවුනා.

    චෙක් ඉන් කවුන්ටරයේදි කෙල්⁣ලගේ ඉතාම අකාරුනික හැසිරිමක් පෙන්වුවා . ලැබිය යුතු බර ප්‍රමාණයට වඩා අඩු බරක් සදහන් කලා. කොතරම් අකාරුනිකද කියනාවනම් කවුන්රයෙන් නැගිට ගිහින් ආයේ ආවේ නැ.
    තදින් කතා කරපු නිසා සිනියර් මැනේජ්මන්ට් එක ඒ වෙලාවේ උදව් කලා. ප්ලේන් එකට නැගේගේ ඔන්න මෙන්න තියලා.

    වෙච්ච වැරැද්දද නිසා එයාලා මට බිස්නස් ක්ලාස් එකටඅප්ග්‍රේඩ් එකක් ලබාදෙන්න වුනා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උඹලට කියන්න මට ඔයවගේ වැඩක් උනා ජපන් ඉඳන් ලංකාවට එද්දී මායි වයිෆ්යුයි වයිෆ් ප්‍රෙග්නට් වෙලා හිටියේ මචන් ලංකාවට අවේ පාස්කු ප්‍රහාරය 21 උනාට පස්සේ 28 ,29 වගේ මන් ආපු ෆ්ලයිට් එකේ සෙනග හිට්යේ නෑ මන් මන් ආපු බින් එකේම හිටියේ 10ක්වගේ

    පලවෙනි සිද්දිය

    කොහොමහරි අපි ෆ්ලයිට් එකට නැගල පොඩි දුරක් එද්දී (පැයක් වගේ ) යද්දී අපේ වයිෆ්ට බඩගින්නක් අවා සාමන්යෙන් ප්‍රෙග්නට් කෙනෙක්ට ඉක්මනට බඩගිනි වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් කියල උඹල දන්නවා ඇති
    කොහොම හරි වයිෆ් එතන ඉන්න ගුවන් සේවිකාවගෙන් කෑම එකක් ඉල්ලුව
    ඇය සුහද ශිලිව එක පිළිඅරන් 5 මින් දෙන්න කියල ගිහින් කෑම එක ගෙනාව
    පට්ට වැඩේ කියන්නේ මේකී කෑම එක ගෙනල්ල අපේ වයිෆ්ට දෙන ගමන්
    එක පාරටම කියපිය "වයිෆ් ප්‍රෙග්නට් වෙලා හිටියට ඔයා ප්‍රෙග්නට් වෙලා වෙලා නැනේ ඔයාට කෑම දෙන්නේ නෑ හොඳේ " කියල හෙන හයියෙන් කිව්වා හම්මට හැමිනෙනවා ඒකිව අපි දැක්කෙත් එදයි එහෙම කොහොමද කතාකරන්නේ කියල මායි වයිෆ්යුයි හොල්මන් උනා ... මොන උනත් අපි එකේ යන පැසේන්ජ්ස්ල අපිට එහෙම කතාකරන්න අනවශ්‍යයි කියල මන් හිතන්නේ ...

    දෙවෙනි සිදුවීම

    මේ සිද්දිය උනේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න පැය 3 කට විතර කලින්
    මන් පොඩි නින්න්දක් ගෙන හිටියේ එවෙලේ වයිෆ් කොහොම හරි එතන ගුවන් සේවිකාවකට කතාකරල ඇයට කියල මට පුලුවන්නම් ටී එකක්යුයි බන්ස් මොනාහරි තියනවනම් එකක් ගෙනත් දෙන්න කියල (මටත් එවෙලේ ඇහැරුනා ) මොකද ඇයට බඩගිනි වෙනවා හැම වෙලේම ප්‍රෙග්නට් වෙලා නිසා
    මෙකි කියපිය "පොඩ්ඩක් ඉවසල ඉන්න තව පැය බාගයකින් කෑම එක ගෙනත් දෙනකන් කෑම රත් වෙනවා කියල " මට මල පැන්න මන් ඇහුව ඔහොමද ඔයාල මේකේ යන පැසේන්ජ්ස්ලට කතාකරන්නේ කියල මන් කිව්වා මන් මේක කම්ප්ලේන් කරනවා කියල එකී සද්ද නෑ :angry::angry:.. උන් සුද්දොන්ට එකවිදියක් ලංකාවේ අපිට කතාකරන්න දන්නේ නෑ.. යනකන් එකී අපේ මුනවත් බැලුවේ නෑ කොහෙන් හොයාගන්න එවුන්ද මන්ද ...

    මන් මේ කියපු දේ උඹල කොයි විදියට දකියිද කියල මන් දන්නේ නෑ .. මුන් ලෝකල්ස්ලට සලකන විදිය අන්තිමයි කියල තමා මට හැගෙන්නේ

    :yes:දවසක් මම දැක්ක sri lankan air hostess කෙනෙක් සුද්දෙක්ගෙ ඔළුව අත ගානවා උෟට ඔළුව කැක්කුමක් හැදිලා.බිස්නස් ක්ලාස් නම් කමක් නෑ ඵකොනොමි ක්ලාස් ඵකේ..:angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,504
    113
    Lankan flight wala godak yanne middle east work karana wage type aya ne samahara unta saren katha kare nsttan bila krghsla wikara karanawa.lankawe ekek dekkama un kohomath ara level ekata tama danne.sokadaya wage giyoth kohomath line ela denawa.hodata kit eka gahala giyama oya scene danne ne.hebei ithin look ekath tiyenna one.kalu ketha kota hota nan wedak ne.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඇමෙරිකාව බලා පිටත් වන, ඉංග්‍රීසියෙන් ඇය සමග සංවාදයේ යෙදුණු මටත් ඇය සැලකුවේ මෙසේ රෞද්‍ර ලෙස නම්, මැදපෙරදිග ගෘහ සේවයේ නියැලීමට යන අහිංසක කාන්තාවන්ට මෙම උඩගු ගැහැනිය කෙසේ සලකනු ඇත්ද?
    .
    ඔයා මුලින් උපකල්පනයක් කරල තියනවා ඔයා English කතා කරන,යන රට US නිසා ඔයා ඉස්පෙශල් කියලා..
    ඔහොම ලොකු සීන් එකෙන් හිතුවොත් නම් කොහොමත් ශොට්1 ලැබෙනවා. මොකෝ උන් ඕවයෙ පුරුදු වෙන්න ජොබ් කරනවයැ.. ඔය ඉදල හිටල ඔතනින් රට ගියාට.. සිස්ටම්1 එකේ පෙන්නන්නේ එයාලට කරන්න තියන දේ.. කොහොම උනත් සැරවැර කිරීම නම් උචිත නෑ, නමුත් අපි දන්නේ නෑ ඔබගේ හැසිරීම එතන...
    issuwe bukiyen

    :yes:

    මෙක නම් පොදුවේ හැමෝගෙම වගේ හැටියක් මන් forum වල දැකල තියෙනෙවා සුද්දො උනත් complain කරද්දී ඉස්සෙල්ලා ම තමන් කොච්චර special කෙනෙක් ද කියලා තමයි පටන් ගන්නේ. :P එහෙම හිතන් ඉන්න කෙනෙක් ට තමන්ට පොඩි ගැටලුවක් උනත් ඒක ලොකුවට දැනෙනවා. ඕවට ඉතින් බේත් නැ.
     
    • Like
    Reactions: topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    Lankan flight wala godak yanne middle east work karana wage type aya ne samahara unta saren katha kare nsttan bila krghsla wikara karanawa.lankawe ekek dekkama un kohomath ara level ekata tama danne.sokadaya wage giyoth kohomath line ela denawa.hodata kit eka gahala giyama oya scene danne ne.hebei ithin look ekath tiyenna one.kalu ketha kota hota nan wedak ne.

    අපි සල්ලි ගෙවලා යන්නේ
    පිනට යන්නේ නැහැ​
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,504
    113
    ane manda mama JAL gihin thiyanawa Malaysian flight gihin thiyanawa un kawadawath ehema karala naa:yes::yes: untatnam pata andum adalama naa :yes::yes: matanam ape eke inna hattha penna ba yaka polkala wage :P:P

    Karanna deyak ne bn e ape unge hetine.ape un maninne wahnenen money walin adum walin.ceo unath wedak ne slippers ehema dan giyoth no respect.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,504
    113
    අපි සල්ලි ගෙවලා යන්නේ
    පිනට යන්නේ නැහැ​

    Ewa wedak ne bn lankawe un heditcha culture eka.adina adumen tama maninne.lankawe koheth ekai eka.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    :yes:දවසක් මම දැක්ක sri lankan air hostess කෙනෙක් සුද්දෙක්ගෙ ඔළුව අත ගානවා උෟට ඔළුව කැක්කුමක් හැදිලා.බිස්නස් ක්ලාස් නම් කමක් නෑ ඵකොනොමි ක්ලාස් ඵකේ..:angry:

    hammooooooooooooooo:P:P
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    Ewa wedak ne bn lankawe un heditcha culture eka.adina adumen tama maninne.lankawe koheth ekai eka.

    ane manda munwa kohoma hadannada manda

    මට එකපාරක් අපේ රටේ දේවල් ගැන දන්නා අපේ රටට කිප පාරක්ම ඇවිත් ගිය ජපනෙක් කිව්වා

    උඹලගේ රට හදන්න ඔනෙන්නම් ඉන්න එවුන් ඔක්කොම මුහුදට තල්ලු කරලා අලුතින් ඉපදින එකාව ඉඳන් හරියට හදන්න ඕනේ කියල :P:P
    නිකන් උගේ අදහසක් විතරයි :yes::yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    ane manda munwa kohoma hadannada manda

    මට එකපාරක් අපේ රටේ දේවල් ගැන දන්නා අපේ රටට කිප පාරක්ම ඇවිත් ගිය ජපනෙක් කිව්වා

    උඹලගේ රට හදන්න ඔනෙන්නම් ඉන්න එවුන් ඔක්කොම මුහුදට තල්ලු කරලා අලුතින් ඉපදින එකාව ඉඳන් හරියට හදන්න ඕනේ කියල :P:P
    නිකන් උගේ අදහසක් විතරයි :yes::yes:

    :yes::yes::yes::rofl::rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,963
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes:

    මෙක නම් පොදුවේ හැමෝගෙම වගේ හැටියක් මන් forum වල දැකල තියෙනෙවා සුද්දො උනත් complain කරද්දී ඉස්සෙල්ලා ම තමන් කොච්චර special කෙනෙක් ද කියලා තමයි පටන් ගන්නේ. :P එහෙම හිතන් ඉන්න කෙනෙක් ට තමන්ට පොඩි ගැටලුවක් උනත් ඒක ලොකුවට දැනෙනවා. ඕවට ඉතින් බේත් නැ.

    ah that feeling of entitlement!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    Ewa wedak ne bn lankawe un heditcha culture eka.adina adumen tama maninne.lankawe koheth ekai eka.

    ඔවු ඒකත් ඇත්ත.
    මුළින්ම මුන් ට customer service ගැන උගන්නලා වැඩේට ගන්න ඕනේ . මොකවත් ම නැතුව JOB එක හම්බවෙනවා ඊට පස්සේ රටේ නම කනවා