අම්මෝ ඔයිට වඩා කොච්චර දඩ කොල තියෙනවද බං.... දැන් අනිත් එක උන් දාන්නෙත් උසාවි... දඩ කොලයක් ගන්න මාර අමාරුයි...... 







මම දවසක් මගෙ bike එක නවත්තල ගිහින් බඩු වගයක් අරන් එද්දි bike එක ලග සුදු ඉරි අය්ය කෙනෙක් හිටිය...
අනිවා දඩ කොලයක් ලියන්නම තමයි...මම නවත්තල තිබුනෙ වැරදි තැනක.
ඒක නිසා මම තව කඩේකට short-eats ගිහින් කාල, හොද cool එකකුත් බීලම ආව.
මොකද ඒ අය්ය කෙනෙක් එක ලග ඉන්නව කියන්නෙ, මගෙ bike එකට FULL SAFTY එක තියෙනව කියන එකනෙ... කව්රුත් side කන්නාඩියක් ගලවන්නවත් එන්නෙ නැනෙ....
මම අපහු එනකොට අය්ය නැ.. එක නිස shape එකේ bike එක අරගෙන මම මාරු වුනා....
![]()


අවුරුදු 18ට අඩු එකෙක්.. බීගෙන...ලයිෂන්, ඉන්ෂුවරන්ස් නැතුව... හෙල්මට් නොදා ..හයි ස්පීඩ් ගිහින්... පාරේ ට්‍රැෆික් ලයිට් බලන්නෙ නැතුව... මිනුහෙකුත් හප්පගෙන... බයික් එකේම හොස්පිටල් අරන් ගිහින් වැරදි තැනක පාර්ක් කරල හොරෙන්ම ඩ්‍රයිවින් ස්කූල් එකක් අස්සට ගිහින් අයිති කාරයා වගෙ හිටියොත් දඩේ කීයද ???![]()



This is nothing compared to what you get here in Australia
even after taking that in to consideration, traffic violations have high fines.When it comes to salaries and living cost in lanka and aussie ????
mata usawiyata enna kiyala,
"pedestrian cross" eke yannethuwa giyata,
keeyak fine gahaitha,
usaviyen monawadha ahai??????????????
please reply and guide me........................
ශ්‍රී ලංකා පොලීසිය ගැන මේ ටිකත් අපි දැන ගනිමු. – (අපේම ආරක්ෂාව වෙනුවෙන්)
1. ඔබ පාරෙ යනවිට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්..එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට පුලුවන්..
2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට තහනම්..
3. ඔබ වාහනයක යන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ “රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)” පමණයි..
4. තනි traffic පොලිස් නිලධාරියෙකුට ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකියි. ඔහුට අනිවාර්‍යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍යයි..ඒ පොලිස් නිලධාරියෙකුම විය යුතුයි..
(ඒ නිසා තමයි,හැම වෙලේම පාරේ traffic පොලිස් නිලධාරීන් දෙන්නෙක් එකට ඉන්නේ)
5. පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකි. ආයුධ සම්පන්න බලකායක් නොවේ.ඔවුන්ට බැටන් පොල්ලක් හැර වෙනත් ආයුදයක් ලඟ තබාගැනීමට නීතියෙන් තහනම් කොට ඇත.. (නමුත්, පැවතුන යුධමය තත්වය නිසා, යුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමට අධිකරණයෙන් නියෝග කර තිබිණි.)
එමනිසා, පොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත.
6. පොලිස් නිලධාරියෙකු ඔබට “බීමතින්” රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව(Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව එය නොමැති නම්, ඔබට යාමට අවසර ඇත..
7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ traffic පොලිස් නිලධාරියෙකුට පමණයි.. (ඒ නිසා තමයි හමුදා check point වල එක පොලිස් නිලධාරියෙක් හෝ ඉන්නේ.. )
8. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් ඇතුලු වීමට අවසර ඉල්ලා සිටියහොත් ප්‍රතික්ෂේප කිරීමට ඔබගේ කැමැත්ත අනුව ඔබට හැක..
9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහයට අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු traffic පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය..
එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත..
10. Traffic පොලිස් නිලධාරියෙකු ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, යන්න එපා…..
කෙලින්ම පොලිස් අධිකාරියට හෝ ප්‍රාදේශීය පොලිස්පතිට පැමිණිලි කරන්න..
ඔබට,අදාල නිලධාරියාව, ඔහුගේ දුරාචාරය හා නොහික්මුණු හැසිරීම නිසා සේවයෙන් පහ කරවීමට පුලුවන්..
11. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබේ නම,ලිපිනය,හැඳුනුම් පත,දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඔබට ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත(ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්).
ඔහුට ඔබව අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත..
12. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට ඔවුන්ගේ ක්‍රියාව ප්‍රතික්ශේප කිරීමට අයිතිය ඇත.




