SRI Pada Adawiye wechcha amuthu katha

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    මම 3 වෙනි පිටුවෙ දාල තියෙන කතාව උන දවසෙ ගත්ත ෆොටොස් ටිකක්, Google Photos වලට අප්ලෝඩ් වෙලා තිබිලා හම්බ උනා. . <3
    https://elakiri.com/threads/sri-pada-adawiye-wechcha-amuthu-katha.1956412/page-3#post-25747644

    View attachment 97893View attachment 97890

    View attachment 97891View attachment 97892View attachment 97894View attachment 97895View attachment 97896


    mobile Phone එකෙන් ගත්ත ෆොටොස්, මතක හැටියට note 8 එකක් අතෙ තිබ්බෙ ඒ දවස් වල.
    pvt bus eka wagene
     

    Nipun90

    Member
    Jun 21, 2016
    23
    18
    3
    ඇත්තටම බුදුහාමුදුරුවෝ කන්දක් උඩ සිරිපතුල තියනව වගේ දෙයක් කලා කියල උබලා හිතනවද බං.
    na machan eka aththa kiyala man ahala tiyenawa. habai ehema karanna hetuwak tibba. e gana poddak hoyala balapan. man danna taramin nam siri pathula tibbe minissunta wandaganna neme. ehemanam ai budu hamuduruwo minissunta yanna amaru oya wage pihitimaka siri pathula pihitwanne.
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    na machan eka aththa kiyala man ahala tiyenawa. habai ehema karanna hetuwak tibba. e gana poddak hoyala balapan. man danna taramin nam siri pathula tibbe minissunta wandaganna neme. ehemanam ai budu hamuduruwo minissunta yanna amaru oya wage pihitimaka siri pathula pihitwanne.
    uba hri mcn othana wishwa shakthiya ena seen ekak tynwa onna ohma kthwak ahala tynwa mama

    hriyatama danne na bn
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,205
    113
    ආශ්චර්යමත් රටක
    මුලින් ගියේ රත්නපුර පාරෙන්. පටන්ගන්නකොටම මට වීසින් හැදුනා. ආයෙ යන්න බැරිනිසා කොහොමහරි නැග්ගා. පඩි ගාන ගහල තියෙනවනෙ. පඩි කීයක් තියෙනවද කියල දැනන් හිටියෙ නෑ අහල තිබුනෙත් නෑ. මුලින් හිතුවෙ පඩි 3000 විතර ඇති කියලා. 3000ට ගියාම පේන්නවත් නෑ වගේ මතක සිරිපාදේ. ඊළඟට හිතුනා 5000 විතර ඇති කියලා. පස්සෙ ඔහොම ඔහොම 10000 යනකොටත් ඉවර නෑ. :shocked: කොහොමහරි පඩි 13000 ක් විතර තියෙනව නේද. නැවති නැවති හෙමින් ගියා තව යාලුවො සෙට් එකක් එක්ක. වෙන අමුතු සිදුවීම් නම් උනේ නෑ. ආයෙ යන්න ආසයි ඒ පාරෙන්. හැටන් පාරෙන් නම් නෙවෙයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,803
    98,948
    113
    මම දැනට 10 පාරක් ගිහින් තියෙනවා, යන හැම පාරකම බොනවා, ඒත් හවස සීත ගගුලෙන් නාලා පිරිසිදු උනාට පස්සෙ නම් කවදාවත් බීලා නැගලා නැ, සිගරට් නම් බොනවා සීතල නිසා, ඒත් කාත් එක්ක ගියත් පට්ටම භක්තියෙන් යන්නෙ,

    කවුරු මොනා කිව්වත් මට නම් සිරිපාදෙ භක්තියෙන් නැගලා බැස්සම මාරම ෆීලින් එකක් තියෙන්නෙ, එතන යමක් තියෙනවා කියන එක දැනෙනවා,

    ඔහොම 10වෙනි පාර ගියේ වෙනම සෙට් එකක් එක්ක, සෙට් එකේ දෙතුන් දෙනෙක් හිට්යා තුන් හතර පාරක් ගිහිපු.
    ගිහිපු ඔක්කොම මට වඩා වැඩිමල් ඒත් මම තමයි නඩේ ගුරා,. ඔක්කොමලා මම කියන දේ ඇහුවා මම සෙට් එකටම කියලා දුන්නම උන් ටිකත් පිලිවෙලට නැග්ගා,

    අපේ එකෙක් විතරක් ගිහිපු කැලි 3කට වැඩ පෙන්නන්න පොර ටෝක් දිදි හිටියා, පොරගෙත් පලවෙනි පාර අර කෙල්ලො 3 දෙනාගෙත් පලවෙනි පාර, තව පොඩිඋන් දෙන්නෙකුත් හිටියා උන් එක්ක,

    තව කෙල්ලො 3 ක් හිටියා අපිත් එක්ක, අපි ඉතින් සාමාන්‍ය ස්පීඩ් එකට නගිද්දි අරුන් 4 දෙනා අපිට කින්ඩි දාගෙන සාම චෙ‍යිත්ය ගාවදි අපිට කලින් ගියා, පුලුවන් නම් අපිව අල්ලපන්කො, හයිකින් ගැන මගෙන් ඉගන ගනින්, මේවද අපි නැගපු කදු කියලා,, මම කිව්වා ඉතින් කට වරද්ද ගන්න එපා, හැමොම කරුනා කරමු කිය්ල, අපෙ සෙට් එකටම අප්සට් ඒ සින් එකට, ඒත් අපි පාඩුවෙ නැග්ගා.

    එදා පට්ට සෙනග දවසක්, අපි සෙට් එක හෙමිට හෙමිට කෙල්ලො ටිකත් කොහොම හරි අරගෙන, හරි වෙලාවට උඩ මලුවට ගියා, ගිහින් සෙට් එකම බෙඩ් ශිට් එකක් පොරවගෙන ඉර සේවය එනකල් නිදාගත්තා පැය 2 ක් විතර,

    ඉර සේවයත් ලස්සනටම බලලා මුන හොදගෙන, ෆොටො අරගෙන බහින්න පටන් ගත්තා අරුන් කොහෙද කියලා නැ ෆෝන් වැඩත් නැ, මැසේජ් දැම්මා ඒවා ගිහිල්ලත් නැ,

    අපි හිතුවා මුන් ඉර සෙවය කියලා එකක් දන්නෙ නැනෙ, උඩ මලුවට නැගලා වැදලා දැන් පහලට බැහැලා කොහෙ හරි නිදි ඇති කියලා.

    බහින තැනම පට්ට දන්සලක් හම්බ උනා, ඒකෙන් කැවා සෙට් එකම හොදට. ඉතින් පට්ට ෆ්‍රෙශ් එකේ අපි ටික හෙමිට බැහැගෙන ආවා පරිසරය විදින ගමන්,

    එද්දි මාර සින් එක කියන්නෙ, උදේ 9 වෙනකලුත් අරුන් මීටර් 200 ක් වත් ඇවිත් නැ, උන් කියනවා සෙනග හෙලවෙන්නෙ නැල්ලු, රැ ඉදන් කන්න නැතුව හැක් වෙලා. කලු වෙලා, උන් හිතන් ඉදලා තියෙන්නෙ අපි තවත් පහල ඇති කියලා, අපි වැදලත් බහිනවා, අන්තිමට අරුන්ට කරගනන් දෙයක් නැ, අපිත් එක්ක පහලට එන්න ඇහුවා, මම කිව්වා එපා, කොහොම හරි නැගපන් කියලා, උන් ලග හිටපු පොඩි උන් ටික අපි අරන් ආවා පහලට,

    ඊට පස්සෙ හැබැයි කවදාවත් කට ගහන්න ආවෙ නැ, මේ පාර සිරිපාදෙ යනවාද ඇහුවම "අනේ බැ බං, මගෙ කකුලක් රිදෙනවා උබල ගිහින් වරෙන්" කිව්වා
    පළවෙනිපාර ඔහොම සීන් 2කක් උනා.

    පළවෙනි එක අපේ අත්තම්ම නැග්ග ඇහැලකණුව ගාවට එනකන්. එතනදි එයාගෙ ගමේ කෙනෙක් හම්බ වෙලා කයියට මේක ඇහුව අම්මට දැන් මෙච්චර වයස වෙලා ඇයි ආවෙ කියල. අත්තම්ම කිව්වනෙ මේ ළමයින්ගෙ වදේට ආවෙ කියල. ඊට පස්සෙ අපි ටිකක් උඩට ගියා අත්තම්ම මල්ලි එක්ක හෙමීට නගින්නන් කියල. කලිනුත් එහෙම තමා මගෙත් පළවෙනිපාර නිසා මීටර 100ක් විතර නගිනව අත්තම්මල එනකන් ඉදල ආයෙ ටිකක් උඩට යනව. කොහොම හරි මේ පාර ආවෙ නෑ පැය බාගයක් බලන් හිටිය ඒත් නෑ. පස්සෙ ආයෙ බැහැල බැලුව ආඩි අම්බලම ගාවටම යනකන් ගියා ඉදියෙ නැති නිසා. බලද්දි එක පාරටම අත්තම්මට සීතලක් ඇවිත් මේ හොදට ඉරපායලත් තියෙනකොට. ඊට කලින් රෑ හෙන හීතලෙත් කිසි අවුලක් නැතුව හිටිය. එහෙම්ම මල්ලිල අත්තම්ම එකක් බැස්ස ආයෙ නගින්න බෑ කියල. එයින් පස්සෙ අත්තම්ම නැති වෙනකන් ආයෙ එකපාරක්වත් යන්න උන් නෑ.

    දෙක එදාම පහලට බහිද්දි නඩේ නාකි අන්කල්ල දෙන්නෙක් සෙට් උනා ලිහිණි හෙල හරියෙදි තමා සෙට් උනේ. නඩේ කොහොමත් සීසීකඩ වෙලා තිබ්බෙ ඒ වෙනකොට. අපිත් ඉතින් මුන් දෙන්න එක්ක හෙමීට බහිනව රෑ අටට විතර ඇති. දන්න අය නන් කිව්වෙ තව පැය2කක් වගේ යනකොට යන්න පුළුවන් වෙයි කියල. කොහොම හරි අරුන් දෙන්න මහ ගස් පෙන්න පෙන්න ඒව ගැන කතා කරන්න පටන් ගත්ත. ටික ටික මුන් ඒ ගස්වල ගණන් ගමේ තිබ්බ නන් විකුණල සල්ලි කරන හැටි ගැන කියවන්න පටන් ගත්ත. යනවා යනවා ඉවරයක් නෑ. හිතා ගන්න බෑ හරියටම පැය 6ක් ගියා පහලට එන්න.

    ඊට පස්සෙ වාර 6කට විතර කිට්ටු වෙන්න ගියා මහ නඩ එක්ක ගියේ නෑ ආයෙ මල්ලිල ටිකත් එක්ක සෙට් උනා ගියා. කුරුව්ට පැත්තෙන් ගිහින්වත් ඔහොම වෙලා ගියේ නෑ එක පාරක්වත්.

    අවාරෙ රත්නපුර පැත්තෙන් නැග්ග පාර නන් උණු අලිබෙටි හම්බ උනා සීතගගුලට කලින් වගේ. අලි ගදත් ආව හවස 5ට වගේ උනේ. එහෙම්ම ඉස්සරහ බලාගෙන නැගල ඇරල තිබ්බ පළවෙනි අම්බලමෙ නිදාගත්ත.
     
    • Like
    Reactions: SK29

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ගිය ඉරිදා ලංකාදීප පත්තරේ මේ ලිපිය තිබුනා.

    සිරිපා අඩවියේ තනිව විසූ වලහා කෑ හාමුදුරුවෝ

    වැඩම කළේ කඩදෙ‌ාරපිටිය ගමට පමණයි



    මෙයට කලකට පෙර ශ්‍රීපාද අඩවියේ මහ කැලෑවේ භාවනායෝගීව සිටින භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්නට වූහ. මෙම භික්ෂූන් වහන්සේ කැලෑවෙන් එළියට එන්නේ එහෙමත් අවස්ථාවකදී පමණක් බව ශ්‍රීපාද අඩවියේ කැලෑ ආශ්‍රිතව ඇති ගම්මානවල ගැමියන් ප්‍රකාශ කර තිබුණි. ඔවුන් මෙම භික්ෂුන් වහන්සේ හැඳින්වූයේ වළහා කෑ හාමුදුරුවෝ යනුවෙනි. කාගේ කව්ද ගම කොහෙද යන්නවත් කිසිවෙකුත් මේ හිමියන් ගැන දැන නොසිටි අතර මුහුණේ එක් පසෙක විශාල තුවාල කැළලක් දකින්නට ලැබුණ නිසා ගම්මුන් මෙම හිමියන් වළහා කෑ හාමුදුරුවෝ යනුවෙන් හඳුන්වන්නට හේතු විය. ඇතැම් පුවත්පත්වල මාධ්‍යවේදීන් පවා මෙම හිමියන් මුණ ගැසී ලිපි පෙලක් පෙලගස්වන්නට උත්සාහ කළත් එයද ඉටු වී නොතිබිණි. මෙම හිමියන්ගේ තොරතුරු බොහෝ දෙනෙකු නොදැන සිටියත් ශ්‍රීපාද අඩවියේ කැලැබද ගම්මානවල ජනතාව විශ්වාස කළේ මෙහිමියන් යම් මාර්ග ඵලයක් ලබා ඇති බවය. එම නිසාම ඉඳහිට හෝ කැලැවෙන් එළියට පැමිණෙන මෙහිමියන්ට දානය පූජා කිරීමට එම ගැමියන් සැදී පැහැදී සිටියහ. එසේ අවස්ථාවක් ලැබුණේ කිහිපදෙනෙකුට පමණි. එයට හේතුව තමන්ට සරිලන පිරිකර හා දානය ලැබුණ වහාම ඒ හිමියන් නැවත වනවැදී නොපෙනී යන නිසාවෙනි.

    එහෙත් කොත්මලේ, පුඬලුඔය, කඩදොරපිටිය ග්‍රාමයේ එවකට සිටි පැරැණි ගම්මුන්ට මෙහිමියන්ට සත්කාර කරන්නට දානය පිළිගැන්වීමට වසර තුනකට හතරකට වරක් අවස්ථාව ලැබුණි. එවන් අවස්ථාවල මෙම වළහා කෑ හිමියන්ට පුද සත්කාර කිරීමට එම ග්‍රාමයේ වැසියෝ නොවලහා කටයුතු කළහ.


    එයට හේතුව වී තිබුණේ වසර කිහිපයකට වතාවක් මෙම භාවනා යෝගී හිමියන් නොවරදවාම කඩදොරපිටිය ගම්මානයට පැමිණෙන හෙයින්ය. එයට හේතුව වූයේ මෙම වළහා කෑ හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන් වැඩ විසුවේ කොත්මලේ පුඬලුඔය කඩදොර පිටිය ග්‍රාමයේ මේඝානන්ද විහාරස්ථානයේය. තමන් මහණ කළ සිය ගුරුහිමියන් බැහැ දැකීමට වළහා කෑ හාමුදුරුවන් නොවරදවාම වසර කිහිපයකට වතාවක් එම විහාරස්ථානයට පැමිණීමට සිරිතක් කරගෙන තිබුණි.


    වළහා කෑ හාමුදුරුවන් මහණ වීම පිටුපස ඇත්තේද අපූර්වතම කතාවකි. එය මෙසේය. මෙහිමියන් ගිහි කළ ජීවත්ව ඇත්තේ පුඬළුඔය උතුරු පුඬළුඔය වතුයායේ ලැයිම්කාමරයක මව සමගය. මව එම වතුයායේ තේ දළු නෙළන්නියක ලෙස කටයුතු කර ඇත. ඇගේ ස්වාමියා අකාලයේ මිය ගොස් ඇති අතර සිය එකම පුතු ඉතා ආදරයෙන් හදාවඩාගත්තාය. මෙම මවත් දරුවාත් නිතර නිතර කඩදොර පිටිය විහාරස්ථානයට පැමිණ ශීල සමාදන් වීම ඇතුළු පිංකම්වල යෙදී ඇත. මෙම දරුවා තරුණ වියට එළඹෙත්ම ඔහුට මහණවීමට සිතී ඇති අතර ඒ බව විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ මාදෝවිට පේමනන්ද නාහිමියන් වෙත සැලකර ඇත. එහිමියන් මහත් කරුණාවෙන් යුත් සිල්වත් හිමිනමකි. එහිමියන් මෙම දරුවාගේ හැසිරීම් හා දැනුම ගතිගුණ මැනවින් වටහාගෙන තිබුණ නිසා මෙම දරුවා සම්බුද්ධ ශාසනයට ඇතුළු කරවීමට කැමැත්ත පළ කළහ. එහෙත් මහණ වීමට නම් මවගේ කැමැත්ත රැගෙන පැමිණෙන ලෙස පේමානන්ද හිමියෝ මෙම තරුණයාට සැලකර සිටියහ. මොහුද පෙරළා ගොස් මහණවීමට මවගේ අවසරය පැතුවත් තම එකම දරුවා මහණ කරවීමට ඇය අකමැති විය. මේ නිසා තරුණයාගේ සිතට මහත් දුකක් කණගාටුවක් දැනුන හෙයින් ඔහු නොකා නොබී කල්පනාවේම දවස ගෙවන්නට විය. එහෙත් මවගේ අදහස නම් වෙනස් නොවුණි.


    කෙමෙන් එසේ කාලය ගෙවෙද්දී ගමේ විහාරස්ථානයට පහළින් ගලායන පුඬළුඔයේ දිය පහරකට අසුව ගසාගෙන පැමිණි තරුණයෙකු එම ඔයේ දිය නාමින් සිටි පිරිසක් විසින් බේරාගත් පුවත පේමානන්ද හිමියන්ට දැනගන්නට ලැබී එහිමියන් එම තරුණයා බැලීමට එම ස්ථානයට ගිය විට දැකගන්නට ලැබුණේ මහණවීමට අවසර ඉල්ලූ මෙම තරුණයාය. ඉතා අපහසුවෙන් සිටි මෙම තරුණයා ගම්මුන්ගේ සහයෙන් විහාරස්ථානයට රැගෙන ආ අතර මේ තරුණයාට අවශ්‍ය ප්‍රතිකාර කර සුවපත් කිරීමෙන් අනතුරුව කරුණු විමසා ඇත. ඒ අවස්ථාවේ මෙම තරුණයා පවසා ඇත්තේ තමන්ට මහණවීමට සිය මව අවසර නොදුන් නිසා ඇතිවූ සිත් කලකිරීම මත සියදිවි නසා ගැනීමට සිතා ඔයේ සැඩ පහරට පැන්න බවය. පසුව සියදිවි නසාගැනීමේ විපාක මෙම තරුණයාට පැහැදිලි කර දුන් පේමානන්ද නා හිමියන් ඔහුගේ මව ගෙන්වා කරුණු පැහැදිලි කිරීමෙන් පසුව තම දරුවා මිය යනවාට වඩා මහණ වී හෝ ජීවත් ව සිටිනු දැකීමට කැමැති වූ මව මෙම තරුණයාට මහණ වීමට අවසර ලබා දුන්නාය.


    මෙයින් මහත් සතුටට පත්වූ තරුණයා එදා පටන් මෙම විහාරස්ථානයේ නතර වී බණ දහම් ඉගෙන වසරකට පසු කඩදොරපිටියේ සීලානන්ද නමින් සාසනයට ඇතුළු විය. එසේ සාසනයට ඇතුළු වූ දින පටන්ම මෙම සීලානන්ද හිමියන් භික්ෂු ජීවිතයේ අපූර්ව වෙනසකට මුල පුරා ඇත. එනම් මහන ජීවිතයට ඇතුළු වූ දින පටන්ම මෙම සීලානන්ද හිමියන් දානය සඳහා පිඩුසිඟා වැඩි අතර ඒ ලැබෙන පිංඩපාතය රැගෙන විත් බුද්ධ පූජාව තබා විහාරස්ථානයේ වැඩ විසූ අනෙකුත් භික්ෂූන් වහන්සේලාටද පූජා කර වැළැඳීමට පුරුදු විය. එසේම විහාරාධිපති හිමියන් සකස් කර දුන් ආවාස ගෙයි කාමරයේ විසීමට මෙම භික්ෂූන් වහන්සේ අකමැති වූ අතර උන්වහන්සේ විහාරධිපති හිමියන් ගෙන් ඉල්ලා සිටියේ තමාට නිදහසේ භාවනා කිරීමට අවශ්‍ය බවත් එම අවාස ගෙයි සිටීම එයට බාධාකාරී තත්ත්වයක් ඇතිවන හෙයින් පන්සල් ඉඩමේ කෙළවරක පැල්පතක් අටවා දෙන ලෙසය. මෙම භික්ෂූන් වහන්සේගේ ඉල්ලීමට එකඟව මාදෝවිට පේමානන්ද නාහිමියෝ පන්සල් ඉඩමේ කෙළවරක පැල්පතක් සකස් කර දුන්නේ සතුටෙනි. එම ස්ථානයේත් භාවනා කරමින් කාලය ගත කිරීමට මෙම හිමියන්ට නොහැකි විය. එයට හේතුවූයේ ගම්වාසීන් මෙම භාවනා කරන හිමියන් දැකීමට නිතර නිතර එම පැල්පතට පැමිණීමයි. උන්වහන්සේ එම පැල්පතෙන් ඉවත්ව පන්සල පහළින් ගලායන ඔයේ පිහිටා ඇති ගල් ගුහාවකට ගොස් භාවනායෝගීව වෙසෙන්නට විය. මෙය දැනගත් ගම්මු එතැනටද වැල නොකැඩී පැමිණෙන්ට වීම මෙම හිමියන්ට මහත් බාධාවක් විය. අවසානයේ උන්වහන්සේ තීරණයකට එළඹ ඒ බව සිය ගුරුහිමියන්ට දැනුම් දුන්නේය. එනම් තමන් භාවනා කිරීමට ශ්‍රීපාද අඩවියට යන බවයි. ගුරු හිමියන් දෙවරක් සිතුවේ නැත. මෙම තරුණ හිමියන්ගේ අදහස මැනවින් වටහාගත් නායක හිමියෝ ඊට අවසර දුන්හ. එතැන් පටන් උන්වහන්සේ ශ්‍රීපාද අඩවියට ගොස් භාවනායෝගීව වැඩ වසන්නට වූහ. වසර කිහිපයකට වතාවක් පැමිණ තම ගුරුහිමියන් බලා වතාවත් ඉටුකර ආපසු යන්නට වූහ.


    දිනක් මාදෝවිට පේමානන්ද හිමියන්ට විදුලි පුවතක් ලැබුණි. එය එවා තිබුණේ හැටන් රෝහලෙනි. එහි සඳහන් කර තිබුණේ භාවනායෝගීව ශ්‍රී පාද අඩවියේ විසූ මෙම හිමියන් බරපතළ ලෙස අසනීප වී හැටන් රෝහලේ ප්‍රතිකාර ලබන බවය. පේමානන්ද හිමියෝ පසුවදාම හැටන් රෝහලට වැඩම කළේ මෙම හිමියන් බැලීමටය. එහිදී පේමානන්ද හිමියන්ට දක්නට ලැබුණේ මුහුණ බරපතළ සැත්කමකට භාජනය කරනු ලැබූ සිය ශිෂ්‍ය හිමියන්ය. කරුණු සොයා බැලූ නායක හිමියන්ට දැනගන්නට ලැබුණේ මෙම හිමියන් භාවනා යෝගීව සිටින අවස්ථාවක පැටියන් කිහිප දෙනෙකු සමග එතැනට පැමිණි වැලහින්නක් මෙම හිමියන්ගේ මුහුණට දරුණු ලෙස පහර දුන් බවය. වැලහින්න සමඟ පෙරළා සටන් නොකළ මෙම හිමියන් කර ඇත්තේ වැළහින්න සිහිකර මෛත්‍රී භාවනාව වැඩීම බවත් එසැනින් මෙම වැළහින්න මරහඬ දී ගෙන පැන ගිය බවත් එයින් පසු ඉතා අපහසුවෙන් ගම්මානයක් වෙත පැමිණි පසු එම ගමේ මිනිසුන් මෙම හිමි නම රෝහල් ගත කළ බවත්ය.


    කලක් රෝහල් ගතව ප්‍රතිකාර ගත් මෙම භාවනා යෝගී හිමිනම සුව වූ පසු නැවැත භාවනා ජීවිතය ගත කිරීමට ශ්‍රී පාද අඩවියේ වනය වෙතට වැඩම කර ඇත. එතැන් පටන් එම වනය අවට ගම්වාසීන් මෙම හිමියන් හඳුන්වා ඇත්තේ වලහා කෑ හාමුදුරුවෝ යනුවෙනි.


    මෙම හිමියන් ගැන නොයෙකුත් කතා එම වනය අවට ගම්වාසීන් විසින් පවසන ලද අතර එයින් එක් කතාවක් මෙහි සඳහන් කරමි. මේ හිමියන් ඉඳහිට පිඬුසිඟා ගම්මානවලට වඩින බවත් මේ හිමියන් වෙසෙන ගල්ලෙන තිබෙන ස්ථානය කිසිවෙකුටත් සොයා ගැනීමට නොහැකි බවත් ගමේ පිරිස් මේ හිමියන් පිඬුසිඟා වැඩි අවස්ථාවක පිඬුසිඟා ආපසු යන විට එහිමියන්ට නොදැනෙන්නට රහසේ එහිමියන් පිටුපසින් ගිය බවත් පවසන ලද අතර එහෙත් මද දුරක් ගිය පසු ඒ හිමියන් එක්විටම නොපෙනී ගිය බවත් මෙම හිමියන් පිළිබඳ විස්තරාත්මක ලිපියක් ලියන්නට ගිය මාධ්‍යවේදීන් කණ්ඩායමකට ගම්මුන් පවසා ඇත. ගම්මුන් විශ්වාස කළේ මෙහිමියන් යම් මාර්ග ඵලයක් ලබා ඇති බවය.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මේ හිමියන් ධර්ම දේශනා කිරීමටත් ඉතා සරලව ධර්ම කරුණු පහදා දීමටත් මහත් දක්ෂ තාවයක් දක්වා ඇත.


    එක්තරා වෙසක් පොහොය දිනක මේ වළහා කෑ හාමුදුරුවෝ සිය ගුරු හිමියන් දකින්නට කඩදොර පිටිය මේඝානන්ද විහාරයට පැමිණ ඇත. එසේ පැමිණෙන එදින විහාරස්ථානයේ විශාල පිංකමක් සංවිධානය කර තිබූ අතර පිංකම් අවසානයේ ධර්ම දේශනාවක්ද සංවිධානය කර තිබී ඇත. ධර්ම දේශනාව පැවැත්වීමට යෝජිතව තිබුණේ මාදෝවිට දේවානන්ද හිමියන්ටය. එහෙත් වලහා කෑ හාමුදුරුවන්ගේ පැමිණීම නිසා ඒ ධර්මදේශනා අවස්ථාව ඒහිමියන්ට ලබා දීමට දේශක හිමියන් තීරණය කර ඇත. එදින ධර්ම දේශනාව පවත්වන්නේ වළහා කෑ හාමුදුරුවන් බව ප්‍රචාරය වීමට වැඩිවේලාවක් ගතවූයේ නැත. ගම්වාසීන් මෙන්ම අවට ගම්වාසීන්ද වැලනොකැඩී විහාරස්ථානය වෙත පැමිණි අතර ධර්මශාලාව අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී යන්නට විය.


    ධර්මදේශනා පවත්නා වේලාව එළඹිණි වළහා කෑ හාමුදුරුවෝ ධර්මාසනාරූඪ වූහ. පැයක ධර්ම දේශනාවක් අසන්නට ගම්වාසී උපාසක උපාසිකාවෝ සැදී පැහැදී සිටියහ. වළහා කෑ හාමුදුරුවෝ සිරිත් පරිදි නමස්කාරය, දේවතාරාධනාව කර පැමිණ සිටි අයට ඉල්ලිමක් ඉදිරිපත් කළේය. එනම් තමන්ට තමා සකස් කරගත් ධර්ම දේශනාවක් සිදු කිරීමට වඩා පිරිස අතර සිටින අයට සාකච්ඡා කර පොදු ධර්ම ගැටලුවක්‍් ඉදිරිපත් කරන ලෙසය. එයට පිළිතුර තමා ලබා දෙන බවත් උන්වහන්සේ පවසා ඇත. ඒ අනුව මදවේලාවක් සාකච්ඡා කළ ශ්‍රාවක පිරිස පොදු කරුණක් මේ හිමියන්ට ඉදිරිපත් කර ඇත. එනම් “ස්වාමීන් වහන්ස, අපට දුක පිළිබඳව විස්තර කර දෙන්න” යනුවෙනි.


    උපාසක, උපාසිකා පිරිස ගාථා ආශ්‍රයෙන් ජාතක කතා ආශ්‍රයෙන් අටුවා ටීකා ටිප්පනි ඇතිව විශාල විස්තර කිරීමක් හරහා ධර්ම කරුණු මේ හිමියන්ගෙන් බලාපොරොත්තු වී ඇත.
    මේ හිමියන් දේශනා කරනු වෙනුවට සාකච්ඡා කරමින් දුක යන්න වටහා දීමට පටන් ගෙන ඇත. ඒ මෙසේය.
    ස්වාමීන් වහන්සේ - හොඳයි මම දුක් කියන්නේ මොකක්ද කියලා සරලව තේරුම් කරල දෙන්නම්. මෙතැන ඉන්න ගොඩක් අයට දරුවෝ ඉන්නව නේද?
    පිරිස - එහෙමයි හාමුදුරුවනේ.
    ස්වාමීන් වහන්සේ - ඔබේ සහෝදර සහෝදරියන්ටත් දරුවෝ ඉන්නව නේද?
    පිරිස - එහෙමයි.
    ස්වාමීන් වහන්සේ - ඔබේ අසල්වැසියන්ටත් දරුවො ඉන්නව නේද?
    පිරිස - එහෙමයි.
    ස්වාමීන් වහන්සේ - ඔබලා නොදන්න අයටත් දරුවො ඉන්නව නේද?
    පිරිස - එහෙමයි ස්වාමීන් වහන්ස.
    ස්වාමීන් වහන්සේ - ඔබලාගේ දරුවෙක් මැරෙනවා. ඔබලාට මොනවගේ දුකක්ද ඇත්වෙන්නේ.
    පිරිසෙන් අයෙක් - ස්වාමීන් වහන්ස, දරාගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නෑ.
    ස්වාමීන් වහන්සේ - ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොනවගේ දුකක්ද ඇතිවන්නේ?
    පිරිසෙන් අයෙක් - ස්වාමීනි යම් දුකක් ඇතිවෙනවා. ඒත් මගේ පුතා මැරුණු විට තරම් දුකක් ඇතිවෙන්නේ නෑ.
    ස්වාමීන් වහන්සේ - ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා ඔබට මොනවගේ දුකක්ද ඇතිවෙන්නේ?
    පිරිසේ අයෙක් - ස්වාමීනි ඉතා සුළු දුකක් ඇතිවෙනවා. ඒත් සහෝදරයාගේ පුතු මැරුණු විට ඇතිවූ තරම් දුකක් ඇති වෙන්නේ නෑ.
    ස්වාමීන් වහන්සේ - ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොනවගේ දුකක්ද ඇතිවන්නේ?
    පිරිසේ අයෙක් - ස්වාමීනි කිසිම දුකක් ඇති වෙන්නේ නෑ.
    ස්වාමීන් වහන්සේ - එසේ නම් දුක අපට දැනෙන්නේ කොහොමද?
    පිරිසේ අයෙක් - ස්වාමීනි දුක මම මගේ කියා සිතින් අල්ලා ගන්නා මට්ටමට දුක ඇතිවෙනවා.
    ස්වාමීන් වහන්සේ - බොහොම හොඳයි. ඔබලාගෙ දරුවෝ කවුරු හරි පුංචි කාලේ මුහුදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කරල තියෙනවාද?
    පිරිසේ අයෙක් - එහෙමයි ස්වාමීනි එහෙම මුහුදු වෙරළට ගිහින් මගේ පුතා වැලි මාළිගා හදල තියෙනවා
    ස්වාමීන් වහන්සේ - මුහුදේ රැළි ඇවිත් වැළි මාලිගා කැඩී යද්දී පුංචි පුතා ඇඬුවද?
    පිරිසේ අයෙක් - එහෙමයි ස්වාමීනි.
    ස්වාමීන් වහන්සේ - ඔබත් ඔහුත් එක්ක ඇඬුවද?
    පිරිසේ අයෙක් - නැහැ ස්වාමීනි.
    ස්වාමීන් වහන්සේ - ඇයි ඔබ ඇඬුවේ නැත්තේ?
    පිරිසේ අයෙක් - ස්වාමීන් වහන්ස, දරුවෝ අඬන්නේ ඔහු වැලි මාලිගා නිත්‍යයි ස්ථිරයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් තදින් බැඳෙන නිසා දරුවා ඇඬුවා. මම ඔහු වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. ඒ නිසා එය කැඩී බිඳී වැනසී යන විට මා අඬන්නේ නෑ.


    ගතවූයේ පැය භාගයකට ආසන්න කාලයකි. ඉතා ගැඹුරු ධර්ම කරුණක් ඉතා සරලව පහදා දුන් උන්වහන්සේ ධර්ම දේශනාව අවසන් කරන ලදී. පිරිසේ සියළුම දෙනා පාහේ දුක පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙන තිබුණි.


    ඉන්පසු වළහා කෑ හාමුදුරුවෝ කඩදොරපිටිය ග්‍රාමයට පැමිණියේ නැත. ඒ උන්වහන්සේගේ ගුරු හිමියන් වූ මාදෝවිට පේමානන්ද හිමියන් අපවත් වූ නිසාවෙනි. ඉන් කලකට පසු ශ්‍රී පාද අඩවිය ආශ්‍රිත ගම්වාසීන් පවසා තිබුණේ වනයේ ගල් ගුහාවක තිබී ඇටසැකිල්ලක් හමුවූ බවත් දිරා ගිය සිවුරු කැබැලි කීපයක්ද එහි තිබූ බවය. ඔවුන්ගේ අදහස වී ඇත්තේ ඒ වළහා කෑ හාමුදුරුවන් අපවත් වී දිරා ගිය සිරුරේ කොටස් බවය.





    කොත්මලේ -
    රංජිත් සිසිර කුමාර
    සූරියආරච්චි
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Mata unu wadak meka :-(Deweni para yaddi wune

    Siri pade yana aya dnnwne Bus park eka thiyana thaninuth Seetha gangula galagena yanawa kiyala
    Habai ethana wathura mada patatane thiyenne..Ayya kenek ahuwa malli kohenda nanne kiyala
    mm kiuwa ara kunu alen kiyala(mama seetha gangulata newei kiuwe).ara ayyage moonath ambul wuna mama ekata kunu ala kiuwa nisa
    Matath e para hena upset eke hitiye...e udata naginakota
    Passe bahiddi Swamin wahanse namak mata un wahansege paaththarei thawa badu tikakui dunna
    Oka gaththa nisa mm ayya kenekta mage bag eka deela mama bahinna gaththa
    (e ayya apith ekka awe mama habai wadiya dakala thibbe na kalin.meka Pansalakin giyapu wandana charikawak)
    Passe mama makara thorana wenakamma bahala wena danna kenekta dunna ara swamin wahansege badu tika aragena yanna kiyala
    mage bag eke podi badu tikk thibba e nisa aye udata yanna gaththa(eka asse yaluwekge JBL ekk thibba....u eka aragena sathiyak wage)
    Itapasse bag eka hoyagena udata giya...anthimata hambune ahas gawuwa langin wage..ara ayyage ammata amaru wela kiyala eya himita enw
    kohoma hari mama bahala aye 4km wage udata yatata awa...hoda wade matath wune....mata nm hithunema kata waradda gaththa nisa kiyala
    Ubalath yanawanm kata waraddaganne nathuwa yanna
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    මේ මාසෙ අන්තිම සතියෙ සිරීපාදෙ යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. යන්න නම් වෙන්නෙ කෝච්චියෙ. මම මීට කලින් ගිහින් නෑ. උඩට නගින්න පැය කීයක් වගේ යනවද? කොහොමහරි ඉර සේවයත් බලාගෙනම එන්න තමයි හිතාගෙන ඉන්නෙ. ආයෙ ගෙදර එන්න වෙන්නෙ නම් එහෙන් වාහනයක් කතා කරගෙන. වාහන තියෙනවද හයර් යන?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,702
    8,115
    113
    supiri thread ekak.
    Well Done Ok GIF by funk
     
    • Like
    Reactions: War Fighter

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,254
    113
    Dubai, UAE
    මමත් 6 පාරක් ගිහින් තියනව. මේ වෙනකන්නම් කිසි කරදරක් වෙලා නැහැ හරි විදිහට ගිහින් එන නිසා. මොන අමාරුකම් තිබුනත් සිරිපාදේ ගිහින් ආවහම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනව.
    මේක නං සිරා කතාව...🖐
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    මචංලා, ශ්‍රී පාදය කරුනා කරන්න සඳතැන්න හරහා පාරක් තියෙනවද???