SRI Pada Adawiye wechcha amuthu katha

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මගේ අම්මගේ ගම එරත්න.මම නිතරම ඔහේ යනවා මාසෙකට සැරයක්වත්..
    අයියයි යාලුවෙකුයි ඉස්සෝ අල්ලා.යාලුවා මහ ගෙදරින් කාලා ආපහු යන්න යනකොට පාර අයිනේ කොටියා.
    මේ ඉස්සෝ කියන්නේ මොන වර්ගයද බන් ?? ඉස්සන්ගේ ෆොටෝ එකක් තියනවා නම් දාපන්කෝ. Scientific Name එක තියනවා නම් ඒකත් දාන්නකෝ....
     
    • Like
    Reactions: hodakolla

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,538
    22,650
    113
    අම්බකිස්ස
    මේ ඉස්සෝ කියන්නේ මොන වර්ගයද බන් ?? ඉස්සන්ගේ ෆොටෝ එකක් තියනවා නම් දාපන්කෝ. Scientific Name එක තියනවා නම් ඒකත් දාන්නකෝ....
    ෆොටෝ නන් නෑ බන්.මෙහෙ ඇලවල්.වල ඉන්නවා.රෑට ලයිට් එක ගැහුවම ලයිට් එක තියෙන තැනට එනවා.එතකොට තමා අල්ලන්නේ...ලබන පාර ගියාම තව පොඩ්ඩක් හොයලා බලනන් බන්.. හල්,බෙරලිය,දමින වගේ ඒවා ඕනි තරන් කනවා..
     
    • Like
    Reactions: GobbaSira

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,238
    1
    31,882
    113
    - උඩරට -
    Mcn me thread eke danna Sri pade naginakota oyalata wechcha monahri amuthu ho wishesha athdakeema tynwa nm eka me thread eke daganna oyalage achchila seeyala hri kypu katha tynwanm meke danna haskam anan manan okkoma

    ahenm lassana bayankara wishesha siduweema danna labewa kyl praththana krnwa hode :shocked: :baffled: :eek: :yes::yes::no::no:

    Anith lamai BUMP ekak dala Help ekak denna balnna :yes::yes::yes:


    සාමාන්‍යයෙන් සිරිපා නගින්නේ හෙමීට කතා කර කර එහෙමනේ .
    අපි ඔහොම යන වෙලාවේ..
    කොල්ලෝ සෙට් එකක් ආවා පස්සෙන් , 5 දෙනෙක් වගේ හිටියේ.
    ඔය සෙට් එකේ එකෙක් හිටියා ඌ වේගෙන් දුවගෙන යනවා තරගෙට වගේ.
    ඌ අපිවත් තල්ලු කරන් බැනගෙන ගියේ අසබ්‍ය ලෙස. :angry:
    ඌ දුවන කොට උගේ අනිත් එවුනුත් පස්සෙන් දිව්වා.
    අපි දැන් හෙමීට නැග එනකොට අරූ මග නැවතිලා හති අරිනවා.. :lol:
    අපි කොහොම හරි පොරව පහු කරන් නැගලා උඩ කඩයක් ඇතුලේ තේ එකක් බිබී ඉන්නකොට පේනවා අරූ පීස්සෙක් වගේ දුවගෙන එනවා උඩට. :lol:
    ඌ කෑගගහා ආවේ දුවන් ..
    පස්සේ බුවා කඩේට ඇවිත් ගොඩ උන ගමන්ම වගේ ඇදගෙන වැ‍ටුනා බිමට එතන තිබ්බ පු‍ටුවකුත් කඩන්..
    වැටිලා කටින් සුදු පාට පෙන පෙන දාන්න ගත්තා. :eek:
    කට්ටිය ඔක්කොමලා බය වෙලා වටවෙලා ඉන්නවා.
    පස්සේ කොහොමහරි එතන මිනිස්සු කෑ ගහන කොට ඩොක්ටර් කෙනෙක් ඉදලා ඇවිත් බැලුවා.
    පස්සේ ඌව මේසේක දිගා කරලා ශර්ට් එක ගලවලා ඇගට වතුර දැම්මා ඒ ඩොක්ටර්.. :rolleyes:
    මම එවෙලේ හිටියේ ඌ ඉස්සරහම..මමත් ෆුල් හොල්මන්.. :baffled:
    ඩොක්ටර් එවෙලේ බලලා හේතුවක් කිවේ නෑ පුලුවන් තරම් ඉක්මනට හොස්පිටල් එකකට අරන් යන්න කියලා තමා කීවේ.
    පස්සේ උගේ යාලුවෝ ඌව උස්සන් පල්ලන් බැස්සා.
    අපි ඉතින් උඩට නැගලා පල්ලෙහාට එනකොට අතරමගදි පොලීසියෙන් ඉන්නවා ඇවිත්..
    බලනකොට අරූ මැරිලා මගදී. :confused:
    වටේ හිටපු අය නම් කීවේ උගේ වේගේත් එක්ක පපුව හිරවෙලා මැරිලා කියලා තමා. :growl:
    කටින් පෙන එකයි.. :oo:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,538
    22,650
    113
    අම්බකිස්ස
    ඒරත්න පාරෙන් හරි රත්නපුර පාරෙන් හරි යනවා නන් කට පරිස්සන් කරගෙන ඒ විදිහට ගියේ නැත්තන් නන් කරදරයක් වෙනවා.හැටන් පාර නන් දැන් ගොඩක් ජනාකීර්ණයිනේ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,538
    22,650
    113
    අම්බකිස්ස
    ඇත්තටම බුදුහාමුදුරුවෝ කන්දක් උඩ සිරිපතුල තියනව වගේ දෙයක් කලා කියල උබලා හිතනවද බං.
    බොහොම මෑතකදිනේ ඕක වහලා තියෙන්නේ.කලින් නන් බලන්න පුලුවන්ලු.ගලේ තිනවා කියනවා සිදුරක් ඇහැ තියලා බලන්න පුලුවන්ලු ඒකෙන් දැනුත් සිරි පතුල.මට නන් ගිය එක සැරේකවත් ඔය කියනවා වගේ එකක් හම්බවෙලා නන් නෑ...පොඩ්ඩක් හොයලා බලන්න්කෝ ඒ ගැනත්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,225
    21,065
    113
    බොහොම මෑතකදිනේ ඕක වහලා තියෙන්නේ.කලින් නන් බලන්න පුලුවන්ලු.ගලේ තිනවා කියනවා සිදුරක් ඇහැ තියලා බලන්න පුලුවන්ලු ඒකෙන් දැනුත් සිරි පතුල.මට නන් ගිය එක සැරේකවත් ඔය කියනවා වගේ එකක් හම්බවෙලා නන් නෑ...පොඩ්ඩක් හොයලා බලන්න්කෝ ඒ ගැනත්
    ඔය කියන සිදුරෙන් දැනටත් බලන්න පුලුවන් නේද? මන් ගිය දෙපාරෙම බැළුවා. සිරිපතුල තියපු මැනිකලු පේන්නෙ. එතනින් බැලුවම රතුපාටට පේනවා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,538
    22,650
    113
    අම්බකිස්ස
    ඔය කියන සිදුරෙන් දැනටත් බලන්න පුලුවන් නේද? මන් ගිය දෙපාරෙම බැළුවා. සිරිපතුල තියපු මැනිකලු පේන්නෙ. එතනින් බැලුවම රතුපාටට පේනවා.
    මට හම්බ්ලා නෑ බන් සිදුර.සෙනග වැඩිනේ.මමත් අහලා තියෙන කතාවක්
     
    • Like
    Reactions: pathaleiretta

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    එක පාරක් සිරි පතුල වැදලා නැවතිල ඉන්න hottel එකට ආවා. ඇතුලෙ ඉන්න කම්මැලි නිසා hotel එක පිටිපස්සෙ view එක බල බල ඉන්න කොට පොඩ්ඩක් පල්ලෙහට වෙන්න තද කලු පාට නයෙක් යනවා. ඒ වගෙ ලොකු එකෙක් මම එදා තමයි දැක්කෙ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,225
    21,065
    113
    ස්‍රී පාද කැලේ අර සුද්දෙක් අතරමන් වෙලාද කොහේ එද්දි ඇත් සොහොනක් දැකල ට්තියෙනවලු නේද? පස්සෙ එ කියපු හරියෙ හෙව්වත් එහෙම එක්ක තිබිල නෑ කියල කියනවා. මට හරියට මතක නෑ සිද්දිය.

    ඔය කඩන් වැටුනු ප්ලේන් එකෙ කතාවත් එහෙම එකක් නේද? උන් මක්ක්ම යන ගමන් ස්‍රීපාදෙට උඩින් යන්න ගිහින් නෙ කඩන් වැටිල තියෙන්නෙ.
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    මගේ අම්මගේ ගම එරත්න.මම නිතරම ඔහේ යනවා මාසෙකට සැරයක්වත්.. කබරගල කියලා ගලක් තියනවා.ප්‍රසිද්ධ කෑම්පින්ග් කරන එක නෙමෙයි.වෙන එකක්.මේ කියම කබරගල උඩත් මම නන් ගිහිම් කෑම්පින්ග් කරලා තියනවා.ඒ ගලේ එක.පැත්තක සම්පූර්ණයෙන් හෙළ ලෝකාන්තේ වගේ.ඔය හෙලේ එක තැනක තියනවා පියස්සක් වගේ හැදිලා.පියස්ස තියන තැනට කබ දාලා තමා යනවා නන් යන්න පුලුවන්...ආච්චි කියනවා එයා පොඩි කාලේ පියස අස්සෙන් පානක් පත්තු වුනාලු කෙම්මුර දවසට,එක දවසක් ඒ පැත්තෙම වෙන ගෙදරක ගෑනු කෙනෙක් කුස්සිය අතුගාන ගමන් පාන පත්තු වෙනවා කියලා ලමයට පෙන්නලා තියෙනවා ඉපලෙන්.එදායින් පස්සේ ඒ පහන නිමිලා ගිහිම් ආයේ පත්තු වෙලා නෑ.
    එරත්නෙ යනකොට තියෙන දිවා ගුහාවේ අබලා තියෙනවා ගෙම්බෙක් ගිය කෙනෙක් දැකලා ඇති.ඒතන පන්සල දියුණු කරපු කෙනාට ඔය ගල්ගුහාවේ ආස්‍රිතව හිටපු අමුනුස්ස බලවේග කරදර කරන්න අරන් තියෙනවා ඕක දියුණු කරනකොට ඒකෙන් ගැලවෙන්න තමයි ගෙම්බෙක් හදලා තියෙන්නෙ..ඇත්ත දිවා ගුහාව ඔක නෙමෙයි කියලයි ගම්මු කියන්නේ.ඒක තියෙන්නෙ මහා කැලේ ඇතුලේ කියලයි කියන්නේ.මහ කැලේ ඇතුලේ පලතුරු වත්තක් තියෙනවා කියලත් ගමේ කතාවක් තියෙනවා.හිටි ගමන් පොල් අතු එහෙමත් සීත ගගුල දිගේ පාවෙලා එනවා කැලේ මංමුලා වුන කෙනෙක්ට කෑම නන් වරදින්නෙ නෑ.මොනා හරි පලතුරු ගහක් හම්බෙනවාමයි.මහ ගෙදර ඉන්න මාමා මල් කපනවා.එයාට ඕනි වේවල් කපන්න ගියාම.එයාටත් පැනි.දොඩම් ගස් එහෙම හම්බෙලා තියෙනවා කැලේ අස්සේ,කුරුම්බා එහෙම...දවසක් මාමා මල් කපලා එනකොට හතු පිපිලා තිබිලා තියෙනවා එක තැනක.එනකොට අරන් එන්න බැරි නිසා ගිහින් මුට්ටිය එහෙම තියලා ආයේ එනකොට එතන ඌරු ලගින මඩ වලක් ඌරත් එතන ඉදලා තියෙනවා ඒ වෙලෙත්.මහසෝන් දිශ්ටිය කියලයු මාමා නන් කිව්වේ...අම්මෝ මම නන් බයයි ආවාරේ යන්න.කොල්ලෝ කියනව මම එරත්න පැත්තේ නිසා යමන් කියලා ඒ වුනාට මම සිරිපාද කැලේට බයයි.

    අපි අවුරුද්දට සෙට් වුනාම හවසට රා එහෙම බීලා සෙට් වෙනවා.අපි තවම කොල්ලෝ නිසා ගෙදර බොන්නේ නෑ.ගෙදර බොන්නේ තාත්තලා මාමලා.අපි යනවා කැලේ ඇල්ල ගාවට හරි කලුවල ගාවට හරි.කලු වල ගාව දවසක්.හවස සෙට් වෙලා ඉන්න ගමන් ඉස්සෝ ඇල්ලුවා.ටිකක් වෙලා යනකොට එහායිම් ඇලට ගල් ගහනවා කවුරු හරි.කතාකලාට කතා කරන්නේ නෑ කවුරුවත්.දැන්ගත්තා බඩු හරි කියලා,වෙරි හිදුනා අපි මාරු වුනා...

    තව දවසක් මම හිටියේ නෑ මේක වෙන දවසේ.අයියයි යාලුවෙකුයි ඉස්සෝ අල්ලා.යාලුවා මහ ගෙදරින් කාලා ආපහු යන්න යනකොට පාර අයිනේ කොටියා.එහෙමම ආපහු දුවලා.ආයේ කියන්න ඕනි නෑනේ බය වුනු පාර..මාමලා එහෙම කෑගහලා කොටියා පන්නලා තියෙන්නේ.

    ඔය කබරගල උඩලු බුදුහාමුදුරුවො සිරීපාදේ පිහිටවන්න මුලින්ම අදහස් කරගෙන හිටියා කියන්නේ.. ඒත් සිරීපාදෙ පිහිටුවන්න එනකොට එතන තිබුණු වතුර වලකට සර්පයෙක් වැටිල මැරිල තිබුනලු.. ඊට පස්සෙලු සමනල කන්ද මුදුනෙ සිරීපාදෙ පිහිටෙවුව කියන්නෙ....
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    අපේ ගෙදර අයත් මොන අඩුපාඩු තිබ්බත් කොහොමහරි සිරීපාදේ යනවාමයි අවුරුද්ද කට සැරයක්.
    මතක තියෙන සිද්දී දෙකක් කියන්නම්
    1. අපි එතකොට හිටියෙ කුලී ගෙදරක. අපි ඉඩමක් අරගෙන පොඩි ගෙයක් හදන දවස් වල. අලුතින් හදන ගෙදර වැඩ වගයකට ගෙනාපු සල්ලී වගයක් අම්මා කවරය දාගෙන සිරිපාදේ අරන් ගියා. මොකද කුලී ගෙදර ආරක්ෂව මදි නිසා. කොහොමහරි ඔක උඩ මලුවෙදි වැටිලා තියෙනවා. ගොඩක් වෙලාවකට පස්සේ තත්තා අයේ තනියම පද්මෙ වැදලා අපි ඉන්න තැනට එනකොට අර අම්මා ගාව තිබුනු කවරය වගේ එකක් බිම වැටිලා තියෙනවා දැකලා ගනන් අරන් නැ. ආවට පස්සේ අහලා සල්ලි ටික තියෙනවා නේද කියලා. බැලින්නං සල්ලි ටික නැ. තාත්තා අයෙ ගිහින් අර වැටිලා තිබුනු කවරේ ඇහිදන් ඇවිත්. එකේ සල්ලි ටික එහෙමම තිබිලා තියෙනවා. මේ ගොඩාක් සෙනග ඉන්න තැනක. කොහොම එක හම්බුනා ද කියලා තාම පුදුමයි.

    2. එත් මං පොඩි කාලේ, සිරිපාදේ ගිහින් එන ගමන් කොච්චියේ footboard එකේ වාඩී වෙලා ආවේ. මට නිදිමතට ඇහ පියවුනා. එත් මාව වැටෙන්නෙ නැතුව බෙරුනා, දෙපාර්ක්ම. පස්සෙ ඇතුලට වෙලා නිදා ග්ත්තා. මොනවාහරි දෙයකින් ආරාක්ශා වෙනවා වගේ දැනෙනවා සිරිපාදේ ගිගින් ආවාම.
    දැනට 10පාරක් විතර ගිහින් තියෙනවා, හැටන් ,කුරුවිට, එරත්න මේ හැම පාරකින්ම.
    අයේ යන්න ඔනි
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    මම දැනට 10 පාරක් ගිහින් තියෙනවා, යන හැම පාරකම බොනවා, ඒත් හවස සීත ගගුලෙන් නාලා පිරිසිදු උනාට පස්සෙ නම් කවදාවත් බීලා නැගලා නැ, සිගරට් නම් බොනවා සීතල නිසා, ඒත් කාත් එක්ක ගියත් පට්ටම භක්තියෙන් යන්නෙ,

    කවුරු මොනා කිව්වත් මට නම් සිරිපාදෙ භක්තියෙන් නැගලා බැස්සම මාරම ෆීලින් එකක් තියෙන්නෙ, එතන යමක් තියෙනවා කියන එක දැනෙනවා,

    ඔහොම 10වෙනි පාර ගියේ වෙනම සෙට් එකක් එක්ක, සෙට් එකේ දෙතුන් දෙනෙක් හිට්යා තුන් හතර පාරක් ගිහිපු.
    ගිහිපු ඔක්කොම මට වඩා වැඩිමල් ඒත් මම තමයි නඩේ ගුරා,. ඔක්කොමලා මම කියන දේ ඇහුවා මම සෙට් එකටම කියලා දුන්නම උන් ටිකත් පිලිවෙලට නැග්ගා,

    අපේ එකෙක් විතරක් ගිහිපු කැලි 3කට වැඩ පෙන්නන්න පොර ටෝක් දිදි හිටියා, පොරගෙත් පලවෙනි පාර අර කෙල්ලො 3 දෙනාගෙත් පලවෙනි පාර, තව පොඩිඋන් දෙන්නෙකුත් හිටියා උන් එක්ක,

    තව කෙල්ලො 3 ක් හිටියා අපිත් එක්ක, අපි ඉතින් සාමාන්‍ය ස්පීඩ් එකට නගිද්දි අරුන් 4 දෙනා අපිට කින්ඩි දාගෙන සාම චෙ‍යිත්ය ගාවදි අපිට කලින් ගියා, පුලුවන් නම් අපිව අල්ලපන්කො, හයිකින් ගැන මගෙන් ඉගන ගනින්, මේවද අපි නැගපු කදු කියලා,, මම කිව්වා ඉතින් කට වරද්ද ගන්න එපා, හැමොම කරුනා කරමු කිය්ල, අපෙ සෙට් එකටම අප්සට් ඒ සින් එකට, ඒත් අපි පාඩුවෙ නැග්ගා.

    එදා පට්ට සෙනග දවසක්, අපි සෙට් එක හෙමිට හෙමිට කෙල්ලො ටිකත් කොහොම හරි අරගෙන, හරි වෙලාවට උඩ මලුවට ගියා, ගිහින් සෙට් එකම බෙඩ් ශිට් එකක් පොරවගෙන ඉර සේවය එනකල් නිදාගත්තා පැය 2 ක් විතර,

    ඉර සේවයත් ලස්සනටම බලලා මුන හොදගෙන, ෆොටො අරගෙන බහින්න පටන් ගත්තා අරුන් කොහෙද කියලා නැ ෆෝන් වැඩත් නැ, මැසේජ් දැම්මා ඒවා ගිහිල්ලත් නැ,

    අපි හිතුවා මුන් ඉර සෙවය කියලා එකක් දන්නෙ නැනෙ, උඩ මලුවට නැගලා වැදලා දැන් පහලට බැහැලා කොහෙ හරි නිදි ඇති කියලා.

    බහින තැනම පට්ට දන්සලක් හම්බ උනා, ඒකෙන් කැවා සෙට් එකම හොදට. ඉතින් පට්ට ෆ්‍රෙශ් එකේ අපි ටික හෙමිට බැහැගෙන ආවා පරිසරය විදින ගමන්,

    එද්දි මාර සින් එක කියන්නෙ, උදේ 9 වෙනකලුත් අරුන් මීටර් 200 ක් වත් ඇවිත් නැ, උන් කියනවා සෙනග හෙලවෙන්නෙ නැල්ලු, රැ ඉදන් කන්න නැතුව හැක් වෙලා. කලු වෙලා, උන් හිතන් ඉදලා තියෙන්නෙ අපි තවත් පහල ඇති කියලා, අපි වැදලත් බහිනවා, අන්තිමට අරුන්ට කරගනන් දෙයක් නැ, අපිත් එක්ක පහලට එන්න ඇහුවා, මම කිව්වා එපා, කොහොම හරි නැගපන් කියලා, උන් ලග හිටපු පොඩි උන් ටික අපි අරන් ආවා පහලට,

    ඊට පස්සෙ හැබැයි කවදාවත් කට ගහන්න ආවෙ නැ, මේ පාර සිරිපාදෙ යනවාද ඇහුවම "අනේ බැ බං, මගෙ කකුලක් රිදෙනවා උබල ගිහින් වරෙන්" කිව්වා
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මහ ගෙවල් එරත්නේ තියෙන්නේ.පොඩි කාලේ ඉදන් සිරිපාද කැලේ යනවා එනවා.හවසට අපි පොඩි කාලේ සෙට් එකම යනවා හකුරු හදන්න හදලා තියන කුස්සියට.හවසට හකුරු හදලා ඉවර වෙනකල් කුස්සියට වෙලා ඉන්නවා කතා අහ අහා.අපේ මහ ගෙදර තමා පලාතෙම ලොකුම ගෙදර,ආයේ වලව්ව තමා ඊට වඩා ලොකු.හවසට එනවා ගමේ කට්ටියත් කයිය ගහ ගහ ඉන්න.කුස්සියේ තිබ්බ බංකුවට අපි කියන්නේ පච බංකුව කියලා.කොහොමත් එක වේලකට 20කට 30කට උයන්න ඕනි.වැඩ කරන අයටයි එන අයටයි.මාරම ලමා කාලයක් ඒක නන් කියලා වැඩක් නෑ..
    මේ කියැවෙන්නේ ප්‍රඥාරත්න මහත්තයලාගේ ගෙදර ගැනද ?
     
    • Wow
    Reactions: Kodiya97