ssd වලට වඩා 100 ගුණයක් වේගවත් photonic-memory

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ssd වලට වඩා 100 ගුණයක් වේගවත් photonic-memory

    mosis-photonic-chip.jpg

    අපේ සාමාන්‍ය තැටි පාදක කරගෙන නිමවුණු hard drive වලට වඩා ssd (solid-state drive) ගොඩක් වේගවත්.ඒත් ඒවටත් ඉලෙක්ට්‍රොනික චිප් යොදා ගැනීම නිසා වේගයට සීමාවන් ගොඩක් තියෙනවා. ඉතින් ඔක්ස්ෆර්ඩ් විද්‍යාලයේ සහ ජර්මනියේ Karlsruhe තාක්ෂණ ආයතනය එකතු වෙලා මේ වේග බාධකය නැති කරන්න විප්ලවකාරී මතක චිපයක් නිර්මාණය කරලා තියෙනවා.ඒක ssd වලට වඩා ගොඩක් වේගවත්.

    YEAH-TECHNOLOGY-BITCH.jpg

    මේ Photonic memory chips නිර්මාණය කරන්න පරීක්ෂකයන් පෙලෙඹුනේ අද ඊයේ නොවුනත් මෙයට ප්‍රධානතම බාධකය වුනේ volatile ඒ කියන්නේ තාවකාලික වීම.ඒවට ram එක වගේම මතකය ගබඩා කරගෙන ඉන්න නොනවත්වා විදුලිය සපයන්න සිදු වෙලා තියෙනවා.ඒත් ඉතිහාසයේ පළමු වතාවට මේ බාධකය ජය ගන්න දැන් සමත් වෙලා තියෙනවා.:cool: පරීක්ෂකයන් පවසන්නේ මේ non-volatile photonic memory chips නිපදවීමට dvd , blu-ray තැටි නිපදවීමට යොදා ගන්නා ලද තාක්ෂණයම යොදා ගත් බවයි. අලුත් විසඳුමෙන් ජර්මේනියම් , ටෙලුරියම් සහ ඇන්ටිමනි (GST ) මිශ්ර ලෝහය හා එහි අතර ලේසර් කිරණ ආලෝකය ගමන් කිරීමට waveguide තාක්ෂණය භාවිතා කරයි. මෙය ද්විමය ඉලෙක්ට්‍රොනික ගබඩා වලට වඩා කාර්යක්ෂම බවත් එක් කොටසක 8 bit දත්ත ගබඩා කිරීමට හැකියාව ඇති බවත් පැවසෙනවා.

    sn-photonix.jpg

    කෙසේ වෙතත් මෙහි ආකෘතිය තවමත් වෙළඳපොළට දැමීමට බලාපොරොත්තු වනවාට වඩා 100 ගුණයක් පමණ විශාල නිසා මේවා වෙළඳ පොලට දැමීමට පෙර තවත් අභියෝග කිහිපයක්ම ජය ගැනීමට සිදු වන බවයි පැවසෙන්නේ.ඉතින් තව ටික කාලෙකින් අපිට දැනට වඩා 100 ගුණයක් වේගවත් පරිගණක දැක ගන්න පුළුවන් වෙයි..

    59636155.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    thava avurudu 10,20 k vath yayi
    aluth eva kochchara hoya gattath eva market ekata ehemama enne na ban
    mokada loku company valin danatama unge danata kerigena yana project valata
    biliion ganan invest karala thiyenne, evain laba labagena ivara unata passe thami
    un aluth project valata invest karanne. me vagema intel lath processors valata karala
    thiyenne, issarahata ena processors photonic namuth un eletronic processors valata billion ganan invest karala nisa, transistors limit eka 7nm pannata passe thami eka eliyata danne, e kiyanne 2023 ho 2025 vage
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    thava avurudu 10,20 k vath yayi
    aluth eva kochchara hoya gattath eva market ekata ehemama enne na ban
    mokada loku company valin danatama unge danata kerigena yana project valata
    biliion ganan invest karala thiyenne, evain laba labagena ivara unata passe thami
    un aluth project valata invest karanne. me vagema intel lath processors valata karala
    thiyenne, issarahata ena processors photonic namuth un eletronic processors valata billion ganan invest karala nisa, transistors limit eka 7nm pannata passe thami eka eliyata danne, e kiyanne 2023 ho 2025 vage

    කොයි කාලයක් යයිද දන් නෑ ඉතින්.. හැබැයි දැන් එක පියවරක් ලං වෙලා.. මතකය තාවකාලිකව නැතුව ගබඩා කරන්න පුළුවන්. :cool::)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    2010 දී ද කොහෙද මම දැක්කා පරිගණක පත්තරේ i16 Processor එක 2012 ද කොහෙද එලියට දානවා කියල :lol: i7 ආවා ආවාමයි එච්චර තමයි. දැන් generation කියලා දන්නේ නැති ලබ්බවල් වෙනස් කරලා එවනවා. :lol: ඕවා හොයාගත්තට එන්න කාලයක් යනවා. ඒ අතරතුර තව අලුත් තාක්ෂණ ගොඩක් ඇවිත්.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    2010 දී ද කොහෙද මම දැක්කා පරිගණක පත්තරේ i16 Processor එක 2012 ද කොහෙද එලියට දානවා කියල :lol: i7 ආවා ආවාමයි එච්චර තමයි. දැන් generation කියලා දන්නේ නැති ලබ්බවල් වෙනස් කරලා එවනවා. :lol: ඕවා හොයාගත්තට එන්න කාලයක් යනවා. ඒ අතරතුර තව අලුත් තාක්ෂණ ගොඩක් ඇවිත්.

    :dull: එහෙම news එකක් ඉන්ටර්නෙට් එකේ හොයා ගන්න නෑනේ... මොන පරිගණක පත්තරේද නැත්තම් 16 core ද?
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉස්සරහට අලුතෙන් එන ගේම් ගහන්න ගේම් එකත් එක්කම රැම් එකයි වීජීඒ එකයි දෙයි
    :baffled::baffled::baffled:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    2010 දී ද කොහෙද මම දැක්කා පරිගණක පත්තරේ i16 Processor එක 2012 ද කොහෙද එලියට දානවා කියල :lol: i7 ආවා ආවාමයි එච්චර තමයි. දැන් generation කියලා දන්නේ නැති ලබ්බවල් වෙනස් කරලා එවනවා. :lol: ඕවා හොයාගත්තට එන්න කාලයක් යනවා. ඒ අතරතුර තව අලුත් තාක්ෂණ ගොඩක් ඇවිත්.

    i16 newe bun 16 cores wenna athi