Steemit එකේ බ්ලොග් ලියල මාසෙට රු.50000/-ක් හොයමු

egura

Junior member
  • Jun 19, 2017
    83
    99
    18
    gampaha
    S STEEMIT බ්ලොග් ලියල සල්ලි හොයමු (1).png



    STEEMIT කියන්නෙ BLOCKCHAIN තාක්ෂණය මත පදනම් වෙච්ච බ්ලොග් ලියන අයට ARTICLE ලියන්න වෙන් වෙච්ච සමාජ මාධ්‍ය වෙබ් අඩවියක්. BITCOIN,CRYPTO CURRUNCY, BOUNTIES, BLOCK CHAIN ගැන උනන්දු අයනම් දැනටමත් මේ වෙබ් අඩවිය ගැන දන්නව ඇති.මේක ඇමරිකාවෙ නිව්යෝක් නගරය පදනම්ව හා ප්‍රධාන කාර්යාලය වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටල තියෙනව.ප්‍රධාන කාර්යාලය STEEMIT INC. මේ වෙබ් අඩවිය 2016 වසරේදී DANIEL LARIMER කියන මහත්මය තමයි ආරම්භ කරල තියෙන්නෙ.

    මේ වෙබ් අඩවියේ දැනට ලියාපදිංචි සාමාජිකයින් 1,238,717 පමණ සිටිනවා. මේකෙ සාමජිකත්වය ලබා ගැනීම ඔයාලටත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගන්න පුලුවන්.

    පහත ලින්ක් එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්න පුලුවන්.
    HTTPS://STEEMIT.COM/

    මේකෙ විශේෂත්වය තමා අපිට මේ වෙබ් අඩවියෙ බ්ලොග් පොස්ට් ලියල විශාල මුදලක් හොයන්න පුලුවන් වීමයි. පහත SCREEN SHOT බැලුවම ඔයාලට ඒක තේරෙයි.


    Untitled.jpg


    ඒකෙ මං රතු පාටින් කො‍ටු කරල තියෙන බ්ලොග් පෝස්ට් 2ක උදාහරනයකට ගමු.
    ඒකෙ කොල පාටින් කො‍ටු කරල තියෙන්නෙ ඒ පොස්ට් 1ක PUBLISH කලේ කොච්චර කාලෙකට කලින්ද කියන එක. කහ පාටින් කො‍ටු කරල තියෙන්නෙ ඒ පෝස්ට් එකට දැනට ලැබිල තියෙන UPVOTES හා COMMENTS ගාන. UPVOTES කියන්නෙ හරියට LIKES වගේ. ඊළගට හොදට බලන්නකො දම් පාට කො‍ටු දිහා. ඒ තමා දැනට ඒ පෝස්ට් එක උපයල තියෙන DOLLARS ගාන.හරි පුදුමයි නේද?

    අපි දැන් USER කෙනෙක් ගෙ PROFILE එකට ගිහින් බලමුකො.පහත ලින්ක් එකෙන් ඔයාලටත් ඒ PROFILE එකට ගිහින් බැලුවැකි.
    HTTPS://STEEMIT.COM/@LYUBOVBAR

    Untitledg.jpg


    මං ඒ PROFILE එකේ SCREEN SHOT එකකුත් දැන්ම.

    බලන්න මං ඒකෙ රතු පාටින් කො‍ටු කරල තියෙන්නේ PROFILE එක අයිති කෙනාගෙ නම. එතනම නිල් පාට පොඩි කො‍ටුවෙන් පෙන්නන්නෙ එයාගෙ REPUTATION SCORE එක.ඒ කියන්නෙ කාලයක් එක්ක ස්ටීමිට් එකේ පෝස්ට් දානකොට තමන් දාන පෝස්ට් වල ගුණාත්මකභාවය, අනිත් අය ඒකට දක්වන ප්‍රතිචාරත් එක්ක අපිට POINTS ප්‍රමානයක් ලැබෙනව.ඒ POINTS ගාන වැඩි වෙනවත් එක්කම අපේ ආදායමත් වැඩි වෙනව.තව ලොකු POINTS ගානක් තීයෙන කෙනෙක් අපේ පෝස්ට් එකකට UPVOTE හෝ COMMENT කලොත් අපේ ආදායමත් වැඩි වෙනව වගේම අපේ REPUTATION SCORE එකත් වැඩි වෙනව.ඒ වගේම අපේ අනිත් අය අපේ PROFILE එකත් FOLLOW කරන්න උනන්දු වෙනව.එතකොට අපේ FOLLOWERS ගාන නිකම්ම වැඩි වෙනව.

    හැම PROFILE එකකටම WALLET එකක් ගානේ තියෙනව.අපි හොයන ආදායම යන්නෙ ඒකට.මන් තැඹිලි පාටින් කො‍ටු කරල තියෙන්නෙ ඒක. හරි අපි දැන් ඒකට ගිහින් බලමු.

    කොළ පාට කො‍ටුවෙන් පෙන්නන්නෙ එයාට ඉන්න FOLLOWERS ගාන.එයා දාල තියෙන POST ගාන හා එයා FOLLOW කරල තියෙන ගාන වගේ දේවල්.

    හොදට බලන්න එයා දාල තියෙන පෝස්ට් මොනවද කියල.එයා කරන්නෙ විවිධ මල් වර්ග එක එක විදියට ෆොටෝ ගහල දාන එක විතරයි.බලන්න ආදායම,සාමන්‍යයෙන් $30 ක වගේ AVARAGE එකක් තියෙනව. ඒකියන්නෙ එක පෝස්ට් එකකට $30*180 = RS 5400 (රුපියල් 4000 - 5000) ක් වගේ හොයනව. ඒ වගේ පෝස්ට් 10ක් මාසෙකට දාගත්තොත් රුපියල් 50000/- ක් අතේ.ගොඩ නේද?



    Untitledgv.jpg


    අපේ පොස්ට් වල වටිනාකම USD වලින් පෙන්නුවට ඇත්තටම අපිට ගෙවන්නෙ STEEMIT, STEEM DOLLARS කියන CRYPTO COINS වලින්.අපිට ඒව CRYPTO EXCHANGE එකට යවල BITCOINS, USD වලට මුදල් කරගන්න පුලුවන්.

    මං කොළ පාටින් කො‍ටු කරල තියෙන්නෙ දැනට එයා ගාව තියෙන COINS ගාන. යටින් රතු පාටින් කො‍ටු කරල තියෙන්නේ ඒ COINS ගානට අදාල ඩොලර් වටිනාකම.මුලු කාලය තුලදීම හොයපු ගාන නෙමේ.දැනට මුදල් නොකර ඉතිරි කරන් ඉන්න ටික.

    හරි මං හිතනව ඔයාලට මං කියපු දේවල් හොදටම පැහැදිලි වෙන්න ඇති කියල.ඉතින් ඔයාලට දැන් කරන්න තියෙන්නෙ STEEMIT අඩවියට ගිහින් ගිණුමක් හදාගෙන වැඩේ පටන් ගන්න.මං හිණුම හදන හැටි එකින් එකට කියල දෙන්න යන්නෙ නෑ.ඔයලට YOUTUBE එකට ගියොත් සිංහල, ඉංග්‍රීසි භාෂා වලින් ඕනෙ තරම් VIDEOS හොයාගෙන ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන්. ඔයාලත් එහෙනම් උත්සාහ කරල බලන්න.

    හැමෝටම ජය..!


    ලේසියෙන්ම Steemit Upvotes,Comments,Followers වැඩි කරගන්න ක්‍රමයක්.මේකෙන් ඔයාලගෙ හිනුමට කිසිම හානියක් වෙන්නෙ නෑ.

    පහල ලින්ක් වලින් ගිහින් බලන්න.

    Steemit Comments - https://bit.ly/3dGewXF


    Steemit Upvotes – https://bit.ly/3i6FcnK


    Try කරලම බලන්නකො

     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මං කලින් දෙපාරක්ම ඕකට sign up වෙන්න ඉල්ලුවා.. දුන්නෙ නෑනෙ. මං හිතුවෙ ලංකාවට දෙන්නෙ නෑ කියල..
     
    • Like
    Reactions: TNHM and egura

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ඕකෙ සිංහල පෝස්ට් වලට ප්ලේස් එකක් තියේද බං..? සිංහලෙන් පෝස්ට් දාන්න පුලුවන්ද...?
     
    • Like
    Reactions: TNHM

    egura

    Junior member
  • Jun 19, 2017
    83
    99
    18
    gampaha
    මං කලින් දෙපාරක්ම ඕකට sign up වෙන්න ඉල්ලුවා.. දුන්නෙ නෑනෙ. මං හිතුවෙ ලංකාවට දෙන්නෙ නෑ කියල..

    මෙහෙමයි බ්‍රෝ.ඕකෙ අදම signup උනා කියල අදම ලොග් වෙන්න බෑ. එයාල අදම ලොග් වෙන්නනම් steemit වලින් ගෙවන්න ඕනෙ. free කරනවනම් signup වෙලා සති දෙකකට පස්සෙ වගේ ඔයාට ඊමේල් 1ක් එයි ලොග් වෙන්න කියල.චුට්ටක් ඉවසන්න වෙනවා.සමහර විට කලින් ඔයාට ඊමේල් ඇවිල්ල තියෙන්නත් පුලුවන්.නැත්නම් ආයිත් signup වෙන්න. ජය වේවා.
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මෙහෙමයි බ්‍රෝ.ඕකෙ අදම signup උනා කියල අදම ලොග් වෙන්න බෑ. එයාල අදම ලොග් වෙන්නනම් steemit වලින් ගෙවන්න ඕනෙ. free කරනවනම් signup වෙලා සති දෙකකට පස්සෙ වගේ ඔයාට ඊමේල් 1ක් එයි ලොග් වෙන්න කියල.චුට්ටක් ඉවසන්න වෙනවා.සමහර විට කලින් ඔයාට ඊමේල් ඇවිල්ල තියෙන්නත් පුලුවන්.නැත්නම් ආයිත් signup වෙන්න. ජය වේවා.

    එල thanks!
     

    egura

    Junior member
  • Jun 19, 2017
    83
    99
    18
    gampaha
    මේ කියන කම්පැනි එක සල්ලි හොයන්නේ කොහොමද කියන එක අදහසක් තියනවද
    oka blockchain technology ekath ekka yanne. crypto curruncy gena igena ganna.ethakota therei bro