Steve Jobs ge_නොදුටු_පැත්ත

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    Steve Jobs ge_නොදුටු_පැත්ත

    MS DOS වල වීඩියෝ බලපු කවුරු හරි දන්නවද…??? මයිකල් නයිට්, හරියට හරි!…

    එත් ඒ කාලේ, නයිට් රයිඩර් වල තියා, Windows 3.x වල වත් වීඩියෝ බලන්න හරි හමං ක්‍රමයක් තිබ්බේ නෑ…
    ඒ කාලේ බැලුවේ, හෙන තඩි කරත්ත රෝද වල පටි රෝල් වෙන Analog වීඩියෝ. 101010…වලින් හැදිච්ච mp4, avi, ඩිජිටල් වීඩියෝ තිබ්බෙ නැ.

    ඉතින් කට්ටියක් සෙට් වෙලා, බයිනරි ක්‍රමේට (101010) වීඩියෝ save කරගන්න රටාවක් හැදුවා…ඒක තමයි MPEG! මෙහෙම වීඩියො දර්ශන hard disk එකක් මත, digital දත්ත අකාරයට, විශේෂ රටාවකට save කරනවාට, සිංහලෙන් කියන්නෙ ENCODE කරනවා කියලා.

    ඉතින්, encode කරපු දත්ත සහිත file එකක්, VLC වලින් play කරහම, 10101 බියිනරි දත්ත අයේ රූප වෙලා පේන්න පටන් ගන්නවා!! මේකට කියන්නෙ DECODING කියලා…. Video විතරක් නෙමෙයි, audio ත් එහෙම්ම මයි. මේ ක්‍රියාවලිය හරියට file එකක් compress / extract කරනවා වගේ. හැබැයි file compress කරද්දී, video encode කරනවා වගේ, අපි analog දත්ත භාවිතා කරන්නේ නැ.

    Video Encode කිරීමට පෙර හෝ Decode කරන විට 01010 බයිනරි දත්ත, RAW DATA හෙවත් ‘අමු දත්ත’ බවට පත් වෙනවා. අමු දත්ත කියන්නෙ තව දුරටත් mp4,wmv,avi නෙමෙයි. Raw Data තැන්පත් කරන්න විශාල මතක ධාරිතාවයක් ඔනෑ වෙනවා, මොකද ඒවා අපිට පෙනෙන රූප. ඒවා නරඹන්න විශේෂ උපකරණ ඔනේ කරන අතර, අමු දත්ත දර්ශණය කරගන්න DECODE කර කර ඉන්න ඔනේ නම් නැ. කොහොම නමුත් අද කාලේ, raw data එකතු කරන අය නැ..ඒවා කියවන්න හරි හමං player එකක් වත් නැ. (VLC වලින් digital videos, raw data බවට, decode කරන්න පුලුවන්)

    අද අපි ක්රන්නෙ, රුපය නිර්මාණය වෙන අකාරයට 10101 machine language code එකක් ලියන එක.. එකටම තමා සිංහලෙන් DECODING කියලා කලින් කිව්වේ.

    විවිධ encoding රටා නිසා, video වල, විවිධ files sizes සහ qualities ඇති වෙනවා. උදා :

    mpeg4 – තරමක් විශාල, file size එකක් ඇතිවේ. කොලිටිය බලන්න පුලුවල් ගානට තියෙනවා.

    H.264 – කුඩා file size එකකින් හොඳ කොලිටියක් ගෙන දෙනවා. හැබැයි, decode සහ encode කරන්න processor එක පාවිච් වෙනවා සාපේක්ෂව ගොඩක් වැඩී. ඉතින් මෙව්වා, හිමිච්චං චිප් කැලි තියෙන chinese phone වල play වෙන්නේ නැ.

    හරි දැන් අපි එමු topic එකට,

    ඇපල් ගැන ඔබ නොදත් දේ….


    ඉතින් මට කියන්න ඔන වුනේ, FFMpeg හැදුවේ Microsoft වත් Bill Gates මහතා වත්, Linux වලට ඊරිසියාවෙන් පොළවට වැලලී ගිය ඇපල් කුහකයා වත් නෙමෙයි.

    FFmpeg කියන්නේ, OpenSource Project එකක්. අද ඒකට පිං සිද්ධ වෙන්න තමයි, අපි නොමිලේ වීඩියෝ convert කරගන්නේ. නැත්තම් මෙලහකට වීඩියෝ convert කරගන්න ඇපල් iකඩ අස්සට රිංගන්න වෙනවා.

    අහෝ කරුමය…. දන්නවාද, FFmpeg ඉස්සෙල්ලම හැදුවේ Linux වලට විතරයි කියලා??. OpenSource නිසා ජාති භේදයක් බලන්නෙ නැතුව පස්සේ Windows වලටත් හදලා දුන්නා. ඒ වුනාට අද video converts සහ video production applications වැඩිම ගනනක් තියෙන්නේ, Windows වලට. ඒ සියල්ලම FFmpeg පාධක වැඩසටහන්… ඒ වුනාට Linux community එකට එක ගැන ප්‍රශ්නයක් තිබ්බේ නැ, මොකද Linux වලට වල කපන්න ඉන්න සත්‍ය හතුරා Microsoft වත් Bill Gates වත් නෙම්යි… ඇපල් සමාගම. Skype, Microsoft ලාගේ වෙලත්, පෝයට හඳ පායනකොට හරි Linux Skype Update එක එවනවා….. ඒත් Apple?? Safari Web Browser එකයි, iPhone/iPad/iPod/AppleTV අයිති කරුවෙකුවෙකුට අනිවාර්යයෙන් ඔනෑ කරන iTunes Software වල Linux සංස්කරණය හදන එක Steve Jobbs නැවැත්තුවේ ඇයි? ලිනක්ස් වල නිර්මාතෘට ‘Linux හදන එක අත ඇරලා, මාගාව වැඩට වරෙන්, මම හොඳට ගෙවන්නම්’ යැයි කීවේ කුමකට භීතියෙන්ද? Linux වල ප්‍රභල ආකල්පය, තමන් ගේ පරිඝනණකයෙ අයිතිය සහ නිදහස සම්පූර්ණයෙන්ම තමන් සතුව තිබිය යුතු බවයි. ලොව පරිඝනණක සියල්ලේම i රජ්ජුරුවන්වීම යන සංකල්පය OpenSource සංහතිට පටහැනිය. ඇපල් වෙලෙන්ඳාගේ මෙම නොමනා ක්‍රියාකලාපයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්, Linux Community එකෙ සාමජිකයින් එකතු වී iPhone, Jailbreak කිරීම හඳුන්වා දෙනලදී. එහිදී, තම Apple උපකරණයේ පාලනය, Apple සමාගම අතින් විසන්ධි කර, හාවිතාකරන්නා ගේ අතට පාලනය ලබා දෙයි. මිලදී ගතයුතු Games සහ ප්‍රයෝජනවත් apps, නොමිලයේම ලබා ගැනීමට හැකියාව ලබාදෙයි. අඩුම ගනනේ, iPhone එකට තේරුමක් නැතිව හෝ Windows 95, Android දැමීම්ට හැකියාව ලබාදේ. කොටින්ම කිව්වොත්, ඔබගේ iPhone එක හිර ගෙදරින් නිදහස් කරගනී.- Jailbreak

    Steve Jobs මෙහිදී නීතිමය වශයෙන්ද පරාජයට පත් විය. නිදහස් මෘදුකාංග අනුමත කරන පුද්ගලයින් සලකන්නෙ Steve සහ Apple හුදෙක් මුදල් පසුපස හඹා ගිය තාක්ෂණයේ පරිපාලකයන් වීමට උත්සහා දරපු අය බවයි.

    Steve Jobs සහ Linus Torvalds යන දෙදෙනාගේ අමුතු වෙනස්කමක් ද මා දකී..


    steve-jobs-original-iphone-apple-sign.jpg

    කිසි දිනක, iPhone නිපදවූ තම ඉංජිනේරුවන්ට ප්‍රසිද්ධියේ ස්තුති කර නැත. පලමු Apple Mac එක එකට නිපදවූ තම සගයා, මොහු සමග ගණුදෙනු කිරීමෙන් ඈත් වී ඇත.තම ධනයෙන්, 1%ක් වත් Bill Gates මෙන් දුප්පතුන් ට දන්දී නොමැත.


    Steve Jobs මියගිය විට සමාජයේ විද්වතුන් පළකල අදහස් :
    “Steve Jobs, the pioneer of the computer as a jail made cool, designed to sever fools from their freedom, has died.

    As Chicago Mayor Harold Washington said of the corrupt former Mayor Daley, “I’m not glad he’s dead, but I’m glad he’s gone.” Nobody deserves to have to die – not Jobs, not Mr. Bill, not even people guilty of bigger evils than theirs. But we all deserve the end of Jobs’ malign influence on people’s computing.

    Unfortunately, that influence continues despite his absence. We can only hope his successors, as they attempt to carry on his legacy, will be less effective.”

    “Apple created a world hostile to competition. Everything that Apple created was to lock users in and mint profits. You can’t run the apps of your choice! Who is Apple to decide that you must not read Wikileaks on iOS devices? Who is Apple to decide whether you should watch porn on an iOS device?”

    —– Richard M. Stallman

    “Apple deprived users from Adobe Flash just because it could have allowed developers to build apps without paying taxes to Apple and called it a security hole. Jobs himself wrote a FUDdy post about Flash to misguide users.Apple steals developers’ popular apps and turn them into the feature of iOS, killing the hard work done by the developers.”

    “Apple has created some shiny toys, but even more, it has caused much damage to the IT world. Apple, like Microsoft, tried every strategy to kill competition — there is no portable music player market, Apple killed them all just the way Microsoft killed all other OSes and Intel tried to kill AMD.”

    සමාවෙන්න, මේවා පරිව්ර්ථනය කරලා දෙන්න මට වචන නැ..




    steve-jobs-vs-dennis-ritchie.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    එතකොට Linus Torvalds මොන වගේ කෙනෙක් ද…??

    linustorvaldsspeedo-300x256.jpg

    ලිනස් යනු ස්ටීව් තරම් පොරක් නොවන බව ඔබට හැගීයාමට පුලුවන. නමුත් ඔහු සතු දැනුම සහ කුසලතාවයට සැලකූ විට ස්ටිව් ජොබ්ස් ට හැරීමට වත් නොහැක. මොහු කියන්නේ, තමන් හුදෙක් පරිඝණක ඉංජිනේරුවෙක් බවත්, OpenSource වලට කැමති බවත් ය. සරල ලෙස ජීවත් වන විනෝදකාමී ෆින්ලන්ත ජාතිකයෙකි. Google, NASA, IBM, Novell මොහට සමීප මිතුරු ආයතනයි. Windows භාවිතයෙන් slide show නිපදවා ඇත. Gnome 3 වලට කැමති නැත. KDE භාවිතා කරයි. Bill Gates ව මීටර කිහිපයක් දුරින් පියවි ඇසින් දැක ඇත.

    torvalds-win7.jpg


    මේකත් බලන්න, තෙරුම් ගන්න පුලුවන් වුනොත්, ඇත්ත කියලා තෙරෙයි..






    මින් එහා ගවේශණය ඔබට භාරයි…

    මම මෙ දෙවල් සඳහන් කලේ යමෙකුට අපහස කිරීමට නොවෙ.. මෙවා මම සිතන දේවල් ද නොවන අතර, බටහිර පරිඝණක ලෝලීන් පොදුවේ පිළිගත් මත වේ.

    Naveen Kumarasinghe
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    අපි කාගෙත් නොදුටු පැත්ත පස්ස පැත්ත කියලයි මම හිතන්නෙ :dull:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැබැයි ඔයදේ එක එක කෝණවලින් බලන්න පුලුවන්.
    අපිත් මොනවාහරි ඩිවලොප් කලොත් බොහොවිට ඒක අනිත් aඅයට නිදහස් විදියට පාවිච්චි කරන්න දෙනවට වඩා අපිට ආර්ථිකව වඩාත් වාසිදායක විදිය භාවිතා කරයි.
    එහෙමනොවි පොදුයහපතට ඒවා නිදහස් කරන්නේ පරාර්ථකාමි ඉතා ස්වල්පයයි.එත් එහෙම අයට ලැබෙන්න සුදුසු පිලිගැනීමවත් හම්බවෙන්නෙ නෑ.
    අපි කොච්චර ඉන්ටර්නෙට් පාවිච්චිකලත් ටිම් බර්නර්ස් ලී ගැන දන්නෙහ් කිදෙනාද?
    TFS
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    දැන් උබ මේක නිකන් ගේමට වගේ කීවේ ඇයි :lol: :lol:
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඕනෙම වෙලේක behind the scene ඉන්න සැබෑ නිර්මාණකරුවන්ට ලකුණු ලැබෙන්නෙ හරිම අඩුවෙන්. මොකද ආධිපත්‍යය ඇති අයට ඒ නිර්මාණ සියල්ල අයිති නිසාවෙන්. ඒක ඉතිං ලෝකෙ කොහෙත් එකයි. නමුත් සැබෑ තාක්ෂණය නිර්මාණය කරපු පුද්ගලයින් තමයි නියම මොළ කරුවන් වෙන්නෙ. මේක Steve Jobs ට විතරක් අදාල දෙයක් නෙමෙයි. Bill Gates වුනත් තැනට සුදුසු කපටි නුවණ පාවිච්චි කරල IBM එකේ OS එක සල්ලි දීල නොගන්න අද Microsoft කියල එකක් නැහැ.

    අර අන්තිමට කියල තියෙනව වගේ Dennis Ritchie කියන්නෙ අති දක්ෂ මොළ කරුවෙක්. සැබෑවටම අගයන්න ඕනෙ ඔවුන් තමයි.
    නමුත් ලෝකයේ පවතින ස්වභාවය තමයි, නිර්මාණය සැබෑවටම කරන පුද්ගලයා බාහිර ලෝකයට ප්‍රසිද්ධ වෙන්නෙ නැතිකම. ඇයි ඒ? ඒකට හේතුව ප්‍රසිද්ධ වෙවී ඉන්න ගියොත් නිර්මාණ කර කර ඉන්න වෙලාවක් නැහැ. තව ඇගයීමක් ලැබුණු නැති සැබෑ නිර්මාණකරුවො ඕනෙ තරම් ඉන්නව අපි අතරෙ.

    Bill Gates, Steve Jobs දෙන්නම ඇවිල්ල business mind තියෙන අය. ඒගොල්ලො තමයි අදාල නැවේ නියමුවො. මේ දෙන්නම කලේ එකම දේ. දෙන්නම වෙනත් අයගේ නිර්මාණ අරගෙන තමන්ගේ ව්‍යාපාරයට යෙදෙව්ව. මේකට සරල උදාහරණයක් කිව්වොත්, ලංකාවේ තාමත් කට්ටිය මරාගන්න... මහින්ද යුද්දෙ දිනුවා කියන කතාව හා සමානයි. යුද්දෙ දිනුවෙ මහින්ද නෙමෙයි සැබෑ සොල්දාදුවො... ඒත් නම යන්නෙ මහින්දගෙ....

    නමුත් ඒ දෙගොල්ලොම ලෝකයේ ගමන වෙනස් කරන්න දායක වෙච්චි අය. Bill gates, Steve Jobs දෙන්නා නොහිටියා නම් වෙන කවුරු හරි වෙළඳපොල ආධිපත්‍ය පතුරවන්න එනව. ඒ වගේම ඒ අයට ආවේණික ගති ලක්ෂණ තියෙනව. ඒවා අනුව ඒ අයගේ ක්‍රියා කලාප පෙන්නුම් කරනව.

    දැන් නිකමට හිතන්න, Linus Torvalds OpenSource වලට කැමති නොවුන නම්, Tim Burns Lee HTML වල තනි අයිතිය ප්‍රකාශ කලා නම්, අද ලෝකේ තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණ. අපි computer පාවිච්චි කරන මේ හැම දෙයක්ම වෙනස් වෙන්න තිබුණ. Apple Microsoft නැතිව Linux ආධිපත්‍ය පැතිරුවා නම්, අද Android වල කතාවත් වෙනස් වෙලා බොහෝ දුරට. ලෝකයට වෙනස් දෙයක් දෙන කවුරු හරි තවත් ඉස්සරහට ඒවි..... දැනට තැන තැන තියෙන තාක්ෂණ ක්‍රම එකට අරගෙන අලුත් දෙයක් කරන ඉදිරි දැක්මක් සහිත කෙනෙක් ඇවිත් ඒක ලොකෙ පුරා ප්‍රචලිත වුනොත්... එදාට ඒ පුද්ගලයා ගැන හැමෝම කතා කරාවි.
    නමුත් ඒ තාක්ෂණය 100% ක්ම ඒ පුද්ගලයා නිර්මාණය නොකලා වෙන්න පුළුවන්. නමුත් vision එක ඒ පුද්ගලයාගෙ.

    චිත්‍රපටයක් වුනත් බලන්න.... නම director ගෙ නේද? නමුත් එයාද camera කරන්නෙ? Light අල්ලන්නෙ? Edit කරන්නෙ?
    එයා තමයි චිත්‍රපටියේ නියමුවා... එයාගෙ තමයි vision එක. එයාගෙ මනසෙ තමයි චිත්‍රපටය හැඩ වෙන්න ඕනෙ කොහොම ද කියන දැක්ම තියෙන්නෙ. ඒ වගේ තමයි.
     
    • Like
    Reactions: MihiCherub

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඕනෙම වෙලේක behind the scene ඉන්න සැබෑ නිර්මාණකරුවන්ට ලකුණු ලැබෙන්නෙ හරිම අඩුවෙන්. මොකද ආධිපත්‍යය ඇති අයට ඒ නිර්මාණ සියල්ල අයිති නිසාවෙන්. ඒක ඉතිං ලෝකෙ කොහෙත් එකයි. නමුත් සැබෑ තාක්ෂණය නිර්මාණය කරපු පුද්ගලයින් තමයි නියම මොළ කරුවන් වෙන්නෙ. මේක Steve Jobs ට විතරක් අදාල දෙයක් නෙමෙයි. Bill Gates වුනත් තැනට සුදුසු කපටි නුවණ පාවිච්චි කරල IBM එකේ OS එක සල්ලි දීල නොගන්න අද Microsoft කියල එකක් නැහැ.

    අර අන්තිමට කියල තියෙනව වගේ Dennis Ritchie කියන්නෙ අති දක්ෂ මොළ කරුවෙක්. සැබෑවටම අගයන්න ඕනෙ ඔවුන් තමයි.
    නමුත් ලෝකයේ පවතින ස්වභාවය තමයි, නිර්මාණය සැබෑවටම කරන පුද්ගලයා බාහිර ලෝකයට ප්‍රසිද්ධ වෙන්නෙ නැතිකම. ඇයි ඒ? ඒකට හේතුව ප්‍රසිද්ධ වෙවී ඉන්න ගියොත් නිර්මාණ කර කර ඉන්න වෙලාවක් නැහැ. තව ඇගයීමක් ලැබුණු නැති සැබෑ නිර්මාණකරුවො ඕනෙ තරම් ඉන්නව අපි අතරෙ.

    Bill Gates, Steve Jobs දෙන්නම ඇවිල්ල business mind තියෙන අය. ඒගොල්ලො තමයි අදාල නැවේ නියමුවො. මේ දෙන්නම කලේ එකම දේ. දෙන්නම වෙනත් අයගේ නිර්මාණ අරගෙන තමන්ගේ ව්‍යාපාරයට යෙදෙව්ව. මේකට සරල උදාහරණයක් කිව්වොත්, ලංකාවේ තාමත් කට්ටිය මරාගන්න... මහින්ද යුද්දෙ දිනුවා කියන කතාව හා සමානයි. යුද්දෙ දිනුවෙ මහින්ද නෙමෙයි සැබෑ සොල්දාදුවො... ඒත් නම යන්නෙ මහින්දගෙ....

    නමුත් ඒ දෙගොල්ලොම ලෝකයේ ගමන වෙනස් කරන්න දායක වෙච්චි අය. Bill gates, Steve Jobs දෙන්නා නොහිටියා නම් වෙන කවුරු හරි වෙළඳපොල ආධිපත්‍ය පතුරවන්න එනව. ඒ වගේම ඒ අයට ආවේණික ගති ලක්ෂණ තියෙනව. ඒවා අනුව ඒ අයගේ ක්‍රියා කලාප පෙන්නුම් කරනව.

    දැන් නිකමට හිතන්න, Linus Torvalds OpenSource වලට කැමති නොවුන නම්, Tim Burns Lee HTML වල තනි අයිතිය ප්‍රකාශ කලා නම්, අද ලෝකේ තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණ. අපි computer පාවිච්චි කරන මේ හැම දෙයක්ම වෙනස් වෙන්න තිබුණ. Apple Microsoft නැතිව Linux ආධිපත්‍ය පැතිරුවා නම්, අද Android වල කතාවත් වෙනස් වෙලා බොහෝ දුරට. ලෝකයට වෙනස් දෙයක් දෙන කවුරු හරි තවත් ඉස්සරහට ඒවි..... දැනට තැන තැන තියෙන තාක්ෂණ ක්‍රම එකට අරගෙන අලුත් දෙයක් කරන ඉදිරි දැක්මක් සහිත කෙනෙක් ඇවිත් ඒක ලොකෙ පුරා ප්‍රචලිත වුනොත්... එදාට ඒ පුද්ගලයා ගැන හැමෝම කතා කරාවි.
    නමුත් ඒ තාක්ෂණය 100% ක්ම ඒ පුද්ගලයා නිර්මාණය නොකලා වෙන්න පුළුවන්. නමුත් vision එක ඒ පුද්ගලයාගෙ.

    චිත්‍රපටයක් වුනත් බලන්න.... නම director ගෙ නේද? නමුත් එයාද camera කරන්නෙ? Light අල්ලන්නෙ? Edit කරන්නෙ?
    එයා තමයි චිත්‍රපටියේ නියමුවා... එයාගෙ තමයි vision එක. එයාගෙ මනසෙ තමයි චිත්‍රපටය හැඩ වෙන්න ඕනෙ කොහොම ද කියන දැක්ම තියෙන්නෙ. ඒ වගේ තමයි.

    :):):):)
     

    Opadupa Wayikkiya

    Junior member
  • Apr 15, 2018
    95
    18
    8
    ඕනෙම වෙලේක behind the scene ඉන්න සැබෑ නිර්මාණකරුවන්ට ලකුණු ලැබෙන්නෙ හරිම අඩුවෙන්. මොකද ආධිපත්‍යය ඇති අයට ඒ නිර්මාණ සියල්ල අයිති නිසාවෙන්. ඒක ඉතිං ලෝකෙ කොහෙත් එකයි. නමුත් සැබෑ තාක්ෂණය නිර්මාණය කරපු පුද්ගලයින් තමයි නියම මොළ කරුවන් වෙන්නෙ. මේක Steve Jobs ට විතරක් අදාල දෙයක් නෙමෙයි. Bill Gates වුනත් තැනට සුදුසු කපටි නුවණ පාවිච්චි කරල IBM එකේ OS එක සල්ලි දීල නොගන්න අද Microsoft කියල එකක් නැහැ. ....

    කතාව ඇත්ත ඒක හැම filed එකටම පොදු දෙයක් අපි හැමෝම දන්න McDonalds එකෙත් අයිතිය තියෙන්නේ ඇත්ත නිර්මාණකරුවට නෙමේනේ මගදී සෙට් උන business minded පොරකට
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මන් දෙයක් කියන්නම්

    ලිනස් ට්‍රොවාල්ඩ්ස් ,බිල් ගෙට්ස්, ස්ටීව් ජොබ්ස්,

    එත් අපි එකින් එක්කෙනා ජනප්‍රිය උනෙ ඇයි කියලා බලමු

    මන් බිල් ගෙට්ස් ගැන දැන ගත්තෙ මුලින්ම කොහෙන්ද කියලා මතක නැහැ එත් මන් ඔහු ගැන දැන ගත්තෙ Windows නිසාවත් Microsoft නිසාවත් නෙමෙ

    එහෙනම් ?

    ලොකෙ ධනවත්ම මිනිසා කියන කාරණාව නිසා,
    පසුව තමා දන්නෙ මොහු Microsoft පිහිටවු කෙනා කියලා
    නිකන් හිතලා බලන්න
    බිල් ගෙට්ස් ධනවතුන්ගෙ ලිස්ට් එකෙ 30 වෙනියා 150 වෙනියා වගෙ හිටියා නම් අපි අතර මෙ තරම් ඔහු ජනප්‍රිය වෙවිද ?
    නැහැ.

    එතකොට ස්ටීව් ජොබ්ස් ගමු



    පොර ගැන මම කියෙව්වෙ පරිඝනක පත්තරෙ ආර්ටිකල් එකකින්
    ඇපල් එක හදපු කෙනා කියල තිබ්බාට මට ස්ටීව් ජොබ්ස් ගැන ලොකු ගරුත්වයක් ඇති උනෙ ඔහු බෞද්ධයෙකි කියලා සඳන් කරල තිබුන නිසා .


    අපි බෞද්ධ රටක් නිසා බෞද්ධ පරිසරයක හැදෙන නිසා බුද්ධාගම අදහන කෙනෙක් ජනප්‍රිය කෙනෙක් නම් අපිට ඒ කෙනා ගැන යම් ගරු කිරීමක් ඇති වෙනවා
    සමහරක් විට සිරියන් මනුස්සයෙක් ස්ටීව් ජොබ්ස් ට කැමති වෙවි මොකද ජොබ්ස්ගෙ බයලොජිකල් පියා සිරියන් සරණාගතයෙක් ඇමරිකාවෙ ජීවත් වෙච්ච



    එත් ජොබ්ස්ව ගොඩක් අය උදාහරණ කරගන්නෙ අලවිකරන පැත්තෙන් රොල් මොඩල් එකක් විදියට

    Linux ගැන පොඩි කාලෙ අහලා තිබුණාට යුස් කරාට ලිනස් ට්‍රොවාල්ඩ්ස් ගැන
    අපි දන්නෙ නැත්තෙ ඇයි වැඩිය

    ඔහු ලොකෙ අංක එකෙ ධනවත නෙමෙ, බෞද්ධයෙකුත් නෙමෙ, ඒ වගෙම තමන්ගෙ ප්‍රඩක්ට් එක තමන්ම ප්‍රසන්ට් කරන කෙනත් නෙමෙ ස්ටීව් ජොබ්ස් වගෙ

    එත් පසු කාලිනව ලිනස් ට්‍රොවල්ඩ්ස් ලා වගෙ අයට අපි ගරු කරන්න පටන් ගන්නෙ වයසත් එක්ක ඇතිවෙන රැඩිකල් මානසිකත්වය ,අසාධාරණයට විරුද්ධ වීම වගෙ මානසික සංකල්ප අපිතුල මුල් බැසගන්න නිසා .

    බල්බය හදාපු එඩිසන් පාහරයෙක් වෙලා නිකොලා ටෙස්ලා වීරයෙක් වෙන්නෙත් ඔය කාරණා නිසා.

    එත් පොඩි කාලෙ එඩිසන්ලා අපෙ වීරයො වෙද්දි ටෙස්ලා කියන වචනය උසස් පෙළ භෞතික විද්‍යාවෙ ඒකක හා මාන පාඩමෙ ඒකකයක් විතරයි .

    ඇත්ත කාරනෙ නම්

    එඩිසන් දක්ෂ ව්‍යවසායකයෙක් ,ටෙස්ලා දක්ෂ විද්‍යාඥයෙක්
    පැති දෙකකින් දෙන්නාම වැඩ්ඩො



    මන් කියන්නෙ ,
    තාක්ෂණික පැත්තෙන් ලිනස් වැඩ්ඩා.
    මාකටින් පැත්තෙන් ස්ටීව් වැඩ්ඩා.
    ඉන්වෙස්ට්මන්ට් සහ පුන්‍ය කටයුතු පැත්තෙන් බිල් ගෙට්ස් වැඩ්ඩා

     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඕනෙම වෙලේක behind the scene ඉන්න සැබෑ නිර්මාණකරුවන්ට ලකුණු ලැබෙන්නෙ හරිම අඩුවෙන්.....................................

    True

    අනික මයික්‍රොසොෆ්ට් ඇපල් වගේ සමාගම් ලාබ අපේක්ශාවෙන් කරපු දේවල් නිසා පර්සනල් කම්පියුටර් හාඩ්වෙයා මාර විදියට දියුණු උනා
    ගොඩක් අඩු මිලට ගන්න පුලුවන් උනා. ඒක නිසා තමයි ලිනක්ස් කියලා දෙයක් හැදෙන්න හේතු උනේ
    ඇපල් මැක් එක හැදුවෙ නැත්නම් බිල්ගේට්ස් වින්ඩෝස් හැදුවෙ නැත්නම් කවුරුවත් ලිනක්ස් හදන්නෙත් නැහැ.

    වර්තමානෙ තියන හොදම උදාහරනෙ ගත්තොතින්
    iPhone එන්න කලින් ස්මාට්ෆෝන් තිවුනා, ඊට වඩා වැඩකෑලි තියන ෆෝන් තිවුනා. හැබැයි ඇපල් එකෙන් ටච් ස්ක්‍රීන් එකක් දාල ටච් ස්ක්‍රීන් එකකින් මෙහෙමයි වැඩ ගන්නෙ කියලා පෙන්නනකන් කවුරුවත් ඒ වගේ ස්මාට්ෆෝන් එකක් හදන්න උනන්දු උනේ නැහැ. ඒකාලෙ මයික්‍රොසොෆ්ට් නොකියා වගේ ෆෝන් අයිෆෝන් එක විහිලුවට පවා ගත්තානේ. හැබැයි ඒ අයිෆෝන් එක ආපු නිසා තමයි ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් ප්‍රොජෙක්ට් එක අරගෙන ඩිවලොප් කරේ. ඔය කම්පැනි දෙකේ සහ අනෙක් කම්පැනි වල ලාබ අපේක්ශාවෙන් කරපු දේවල් නිසා තමයි මොබයිල් ඩිවයිසස් අද මේ තියන තරමට දියුණු උනේ

    ඕපන්සෝස් හොද උනාට ඒවයෙන් ගොඩක් වෙලාවට හාඩ්වෙයා, අලුත් රිසර්ච් කරන්න සල්ලි ලැබෙන්නෙ නැහැ ඒවට වියදම් කරන්නෙ ඔය බැනලා තියන කම්පැනි තමයි.

    මෙතන ලයිනස් නුයි ස්ටීව් ජොබ්ස්නුයි කම්පෙයා කරලා තියනවා. ඒක පට්ට ජෝක් එකක්නේ
    ස්ටීව් ජොබ්ස්ගෙ බිස්නස් මයින්ඩ් එකට ලයිනස්ට හැරෙන්නවත් බැහැ. ලයිනස්ගෙ ටෙක්නිකල් ස්කිල් එකට ජොබ්ස්ට හැරෙන්නවත් බැහැ. ඒ දෙන්න තම තමන්ගෙ ෆීල්ඩ්වල දක්ශයො
    මෙතන කරලා තියන කම්පැරිසන් එක හරියට ඩොක්ටර් කෙනෙකුයි ඉන්ජිනියර් කෙනෙකුයි කම්පෙයා කරලා. ඉන්ජිනිර්ට ගෙවල් හදන්න පුලුවන් උනාට ලෙඩ හොද කරන්න බැරි නිසා ඌ මෙලෝ දෙයක් කරන්න බැරි එකෙක් ගානට දාන එක වගෙයි

    ඇපල් එකෙනුත් ඕපන් සෝස් වලට කන්ට්‍රිබියුට් කරනවා. ගූගල් ක්‍රෝම් එහෙම හදන්න පුලුවන් උනේ ඇපල් සෆාරි එකේ වෙබ්කිට් එන්ජින් එක උන් ඕපන්සෝස් කරපු නිසා තමයි

    අනික මෙතන කොයි තරම් ඇපල් එක්ක තරහෙන් ලියලා තිවුනත්. ඇපල් කියන්නෙ දැනට ලෝකෙ තියන වැඩිම වටිනාකමක් තියන පබ්ලික් කම්පැනි එක. පබ්ලික් හෝ ප්‍රයිවෙට් ගත්තම ලෝකෙ වැඩිම ලාබයක් හොයන කම්පැනිය. දැනට ඩොලර් ට්‍රිලියනයකට වඩා වටින එකම පබ්ලික් කම්පැනිය
     
    • Like
    Reactions: MihiCherub

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ubuntu මරු wijesekara keyboard එක දාගන්න අච්චර කට්ටක් කන්න ඕනෙ නැත්තං :growl: :(
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,375
    113
    මන් දෙයක් කියන්නම්

    ලිනස් ට්‍රොවාල්ඩ්ස් ,බිල් ගෙට්ස්, ස්ටීව් ජොබ්ස්,

    එත් අපි එකින් එක්කෙනා ජනප්‍රිය උනෙ ඇයි කියලා බලමු


    11.gif