Stock Market for Beginners Part II

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
There was a excellent article about manipulation... How manipulators work and stuff. Cant find it... was on investors.lk or equity forum. google and find if anyone interested.
 

tgoyarox

Junior member
  • Oct 20, 2010
    170
    15
    18
    on fire
    මචන් orders place කරන්න දවසේ ගනුදෙනු සිදුවෙන ඕනෙම වෙලාවක පුලුවන්ද?උදේ market 1 open කරන්න කලින් orders karanna kiyala neethiyak nane?
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මේ ත්‍රෙඩ් එකෙන් අපි කතාකරන්න බලාපොරොත්තුවෙන්නෙ ශෙයා එකක් ගන්නකොට මූලිකව බලන දේවල් වලට අමතරව බලන්න ඕන දේවල්, Fake Rallies වලින් බේරෙන හැටි, Manipulation වලින් බේරෙන විදි සහ Order book ගැන වැඩි අවධානයක් යොමුකරනවා, ඔබ ආධුනිකයෙක්නං කලින් ත්‍රෙඩ් එක මෙතනින් කියවන්න, මොකද ඒක කියවපු අයට සහ දැනට කොටස් වෙලදපලට අලුත් අයට විතරයි මේ ත්‍රෙඩ් එක කියවන එකින් වැඩක් වෙන්නෙ.

    statue.jpg


    * මෙහි සිංහල සහ ඉංග්‍රීසි භාශා දෙකේම වචන එකට කලවමේ දැමීමට සිදුවූයේ අප එදිනෙදා භාවිතාකරන වචන දැමීමට ඇති අවශ්‍යයතාව බැවිනි, සමහර ඉංග්‍රීසි වචන වල තනි සිංහල තේරුම දැම්මොත් මට මෙන්ම ඔබටත් කිසි දෙයක් නොතේරෙන්නට ඉඩ ඇත*

    කොටස් මිලට ගැනීමෙන් ඇති අමතර වාසි

    හුගක් අය හිතන්නෙ කොටස්වෙලදපලේ ලාබ ගන්න පුලුවන් කොටස් විකිනීමෙන් විතරයි කියල, dividend කියන එක ගැන හුගක් අය අහල ඇති, dividend කියන්නෙ යම් කම්පැනියක් තම කොටස් හිමියන්ව දිරි ගැන්වීමට දෙන යම් මුදලක්, මේක එම සමාගමේ අධ්‍යක්ශමන්ඩලය විසින් සාකච්චාකරල AGM එකේදී සම්මතකරගැනීම තමයි සාමාන්‍යය සිරිත, සමහර කම්පැනි dividend වාර්ශිකවත් සමහර අය කාර්තු වශයෙනුත් දෙනව, dividend වලට සහ දෙන මුදල් වලට උදාහරන කීපයක් අපි බලමු

    මේ අවසානවශයෙන් සමාගම් කිහිපයක් දුන් dividend

    RICH - රිචර්ඩ් පීරිස් සමාගම - එක කොටසකට ශත 10ක්
    LFIN - LB ෆයිනෑන්ස් - එක කොටසකට රුපියල් 3.50
    ODEL - ඔඩෙල් - එක කොටසකට ශත 25 යි
    KGAL - කෑගල්ල වතු සමාගම - එක කොටසකට ශත 50යි

    මෙලෙස දෙන dividend ඔබගේ නිවසටම චෙක්පතක් මගින් ලැබෙනු ඇත, මෙය කොටස් හිමියන් වන ඔබට ලැබෙන අමතර ආදායමකි

    පෝට්ෆෝලියෝ මැනේජ්මන්ට්

    මේක ඉතාමත් වැදගත් මාතෘකාවක්, ඉස්සෙල්ලම අපි දැනගන්න ඕන කොලඹ කොටස්වෙලදපලේ 2011 ජූනි 21 වෙනකොට කම්පැනි 255ක් බිස්නස් සෙක්ටර් 20ක් තුල විහිදීපවතින බව, ඒ සෙක්ටර්ස් මෙසේය


    BANK FINANCE AND INSURANCE - BFI
    BEVERAGE FOOD AND TOBACCO - BFT
    CHEMICALS AND PHARMACEUTICALS - C&P
    CONSTRUCTION AND ENGINEERING - C&E
    DIVERSIFIED HOLDINGS - DIV
    FOOTWEAR AND TEXTILE - F&T
    HEALTH CARE - HLT
    HOTELS AND TRAVELS - H&T
    INFORMATION TECHNOLOGY - IT
    INVESTMENT TRUSTS - INV
    LAND AND PROPERTY - L&P
    MANUFACTURING - MFG
    MOTORS - MTR
    OIL PALMS - OIL
    PLANTATIONS - PLT
    POWER & ENERGY - P&E
    SERVICES - SRV
    STORES SUPPLIES - S&S
    TELECOMMUNICATIONS - TLE
    TRADING - TRD

    අපි කොටස්මිලදී ගන්නකොට දකින දකින හැම කම්පැනි එකේම කොටස්ගන්න එක නොකල යුතු දෙයක්, අපි දාන කැපිටල් එක කොච්චර ලොකු වුනත් පොට්ෆෝලියෝ එකේ කම්පැනි 5ක් 7ක් වගේ ඇතුලත සීමාකිරීම කරන්න ඕන, ඒ ශෙයාස් ගන්න කම්පැනිත් උඩ තියෙන සෙක්ටර්ස් 20 අතරෙම බෙදී යන්න ගන්න එක නුවනට හුරු දෙයක්, අපි කියමු අපේ හැම ශෙයා එකක්ම තියෙන්නෙ ප්ලාන්ටේශන් සෙක්ටර් එකේ කියල, තේ, රබර්, පොල් රට යවන එකට යම්කිසි ලෙස බලපෑමක් ඇවිල්ල ඒක අඩාල වුනොත් මුලු ප්ලාන්ටේශන් සෙක්ටර් එකම වැටෙනව, එතකොට පෝට්ෆෝලියෝ එකේ තියෙන ප්ලාන්ටේශන් ශෙයා ඔක්කොගෙම අන්රියලයිස් ලොස් එක ඉහල යයි.

    කැපිටල් මැනේජ්මන්ට්

    කොටස් වෙලදපලේ ශත ගනං වල ඉදල දාස් ගනං වෙනකං කොටස් මිල වෙනව
    ,
    SEMB.X - .70
    ATL.N 2.30
    ODEL - 33,80
    LOLC - 96.30
    LFIN - 170.00
    CCS - 400.00
    ALLI -1000.00
    MORI-3800.00
    වගේ සෑම මිල පරාසයකටම කොටස් මිල ගනං පවතිනව, අපි බිලියන ගානක කැපිටල් එකක් දානවනං MORI වගේ ශෙයාස් ගන්න පුලුවන්, MORI ශෙයාස් 100ක් ගන්න යනව තුන්ලක්ශ අසූදහසක් විතර, ඒත් අපි ATl ශෙයාස් ලක්ශයක් ගන්න යන්නෙ දෙලක්ශ තිස් දාහයි, MORI ශෙයා එකක් රුපියල් 200කින් වැඩි වුනොත් අපේ ලාබෙ රුපියල් 20000ක් පමන ඒත් ATL ශෙයා එකක් ශත 50 කින් වැඩිවුනත් 50000ක් පමන ලාබයක් එනව, තනි කම්පැනියකට බිලියන ගානක ආයෝජනයක් කරන පුලුවන්නං 1000න් උඩ කොටස් වලට ආජෝජනය කරාට පාඩු නෑ, ඒත් කැපිටල් එක පොඩියිනං පෙනී ශෙයාස් (පොඩි ගනංවල කොටස්) වලට ආයෝජනය කරන එක ලාබයි

    කොටසක් මිලදීගන්නට පෙර බැලියයුතු දේවල්

    Earnings Per Share - EPS

    The portion of a company's profit allocated to each outstanding share of common stock. Earnings per share serves as an indicator of a company's profitability.

    Calculated as:
    eps.gif


    NAVPS

    An expression for net asset value that represents a fund's (mutual, exchange-traded, and closed-end) or a company's value per share. It is calculated by dividing the total net asset value of the fund or company by the number of shares outstanding.

    Also referred to as "book value per share".
    Net%20Asset%20Value.gif


    මේවා ඒ කම්පැනි වල Financial Report එකේ දාල තියෙනව, www.cse.lk වෙතින් අදාල කම්පැනි එකේ රිපෝට් එක ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්, මේ ගනං අපිම හදන හැටි මේ ලිපි පෙලේ 3න් වන ලිපියෙන් අපි කතාකරමු, පී එම් මාර්ගයෙන් සෑහෙන ඉල්ලීම් ආව ඕඩර් බුක් ගැන දෙවනි කොටසින් වැඩි විස්තර ලබාදෙන්න කියල.

    Order Book

    2cndbs.jpg


    ඔබ මේ දකින්නෙ 2011 ජූලි 15 වනදා අවසන් වනවිට BLUE.N සමාගමේ Order book එකයි, මෙය ඔබ හොදින් නිරීක්ශනය කලොත් ඔබට පේනව ඉල්ලීම් වලට සාපේක්ශව විකිනීම සෑහෙන වැඩි බව, මේ වගේ අවස්තාවක එම කොටසේ මිල පහල යන්නට පුලුවන්, අඩුම විකුනුම් ඇනවුම දාල තියෙන්නෙ 8.10කට වුනත් වැඩිම මිලදීගැනීම් ඇනවුම දාල තියෙන්නෙ 7.80කට, මේක හොද අවස්තාවක් කොටසක් අඩුමිලට ගන්න, ඒත් අපි ඒ කම්පැනි එකේ order book එක ගැන හොද නිරීක්ශනයකින් ඉන්න ඕන, මොකද දිගටම selling pressure එක buying pressure එකට වඩා වැඩියෙන් තිබුනනං එම කොටසේ මිල තවත් පහල යන්නට ඉඩ තියෙනව, කෙසේ වෙතත් buying pressure එක selling pressure එකට වඩා වැඩිනං තමයි කොටසක් මිලදීගන්න ඕන, නමුත් ඒක හේතූන් ගනනාවකටම වෙනස් වෙනව,

    * සති අන්තයේ නය බේරන්න Force selling කරනවානං එම කොටසේ මිල එදිනට පමනක් පහල යන්න පුලුවන්, නැවතත් ඊලග සතියෙ පලවෙනි දවසෙම සාමාන්‍යය මිලට නැවත මිල ඉහල යන්න පුලුවන්*

    Order Process

    52o1go.jpg


    ඔබ මේ දකින්නෙ අපි දාපු Bid එකකින් කොටස් මිලටගත්තහම පෙන්නන විදිහ, නිතරම මතකතියාගන්න ඕන සෑම විටම අපි ඉල්ලන කොටස් ගානම හම්බවෙන්නෙ නැති වෙන්නත් පුලුවන්, ඉතින් අපි මේකෙන් නිතරම බලන්න ඕන ඉල්ලපු ගාන සම්පූර්නව ආවද කියල, උඩ පින්තූරයේ බලන්න ATL order එක එකපාරම ආවත් BLUE order එක ඇවිල්ල තියෙන්නෙ කොටස් 3කට, මෙදිනම අපේ එළකිරි සාමාජික suranga84 ATL කොටස් 30,000කට බිඩ් එකක් දැම්මත් ඔහුට හම්බවුනේ 2100යි. ඒකට හේතුව තමයි බිඩ් එක දාල තියෙන අනුපිලිවෙල, ශෙයා එක අපි දාන බිඩ් එකට ආවොත් සෙල් වෙන්නෙ ඕඩර් දාල තියෙන අනුපිලිවෙලටයි. ඉස්සෙල්ල ඉල්ලන කෙනාට ඉස්සෙල්ල හම්බවෙනව.

    Manipulation

    අපිට නිතරම අහන්න ලැබෙන වචනයක් තමයි ඕක, fake rally එකකට අහුවුනා, manipulate කරපු ශෙයා එකක් peek එකෙන් buy එකක් දාල ලොස් වුනා වගේ වචන හුගක් වෙලාවට අපිට ඇහෙන දෙවල්, දැන් බලමු manipulation එකක් වෙන්නෙ කොහොමද කියල,

    කොටස්වෙලදපලේ දවසකට බිලියන ගනනින් ට්‍රේඩ් කරන අයත් සෑහෙන දෙනෙක් ඉන්නව, මේ අයට ඉතින් මුදල් කියන එක ඉතා පොඩි දෙයක්, මේ වගේ යාලුවො දෙදෙනෙක් හරි ඊට වැඩිගානක් එකතුවෙලා තමන්ගෙ බ්‍රෝකර්ලගෙ මාර්ගයෙන් තමයි ශෙයා එකක් Manipulate කරන්නෙ, මම Manipulate කරන හැටි දාන්නෙ නෑ මොකද ඒක කොටස් වෙලදපලේ කරන්න තහනම් දෙයක්, නමුත් වෙන්නෙම ඒක තමයි (ලංකාවනෙ), කෙසේ වෙතත් ඔබ අපි වගේ කෙනෙක්ට මේ වැඩේ කරන්න නං කවදාවත් බැහැ

    මේකෙන් වෙන්නෙ Order book එකේ fake orders දාල buying pressure එක වැඩි කරල ශෙයා එකක ගානක් සෑහෙන උඩ යවන එක, උදා 4 කොටස 6කට වගේ යනකොට මේක දකින ඔබ අපි වගේ අයත් buy කරන්න හදනව වැඩි ලාබ ගන්න, ඉතින් අපිත් මේක බලන් ඉදල 7දි 8දි වගේ පොඩි හරි buying order එකක් දානව, ඒත් අවාසනාවට Manipulate කරපු ශෙයා එකක ගාන උඩගියා වගේම වේගයෙන් පහලට එනව, ඉතින් තන්හාවට මේ වගේ Fake rally's පස්සෙ ගිහින් අමාරුවෙ වැටෙන්න එපා

    Loss Minimizing

    5lnlf8.jpg


    ඉහත පින්තූරයේ Buy කියන ස්තානයේදී අපි කොටස් මිලදීගත්ත කියමු, නමුත් අවාසනාවකට එම කොටසෙ මිල දිනෙන් දින පහලයනවනං අපි තීරනයකරන්න ඕනෙ කරන්නෙ මොකක්ද කියල

    1 - Deadline selling - ඒ කියන්නෙ අපි තීරනය කරනව එමකොටස දිගටම පහල ගියොත් මුලින් තීරනය කරන ගානකට පාඩු පිට විකුනනව කියල, චායාරූපයේ sell කියන ස්තානයේ විකුනුවොත් වෙන පාඩුව අඩුයි තව කොටසෙ මිල යටට යනකං ඉන්නවට වඩා
    2 - Selling and buying again - කලින් වගේම යම් ස්තානයකදි පාඩු පිට විකුනල ශෙයා එක තවත් පහලට වැටුනහම ආයි මිලට ගන්නව
    3 - Long term hold - එම කොටස කීයට බැස්සත් විකුනන්නෙ නෑ කියල හිතාගන්නව, අවුරුද්දකින් හෝ දෙකකින් ආයි වැඩි වුනහම විකුනන බලාපොරොත්තුවෙන්

    ඉහත ක්‍රම 3නේම වාසි සහ අවාසි තියෙනව, එබැවින් කරන දේ දැනගෙන කිරීම වැදගත්

    Average Reducing

    Loss Minimizing වලටම අයිති නමුත් මම පවුද්ගලිකව නොකරන දෙයක් තමයි මේක, උදා - අපි කොටස් 100ක් ගන්නව එකක් රුපියල් 10 ගානෙ, පස්සෙ කොටසක මිල 6කට අඩුවුනොත් තවත් කොටස් 100ක් ගන්නව එකක් 6 ගානෙ, එතකොට කොටසක Average එක වෙන්නෙ රුපියල් 8යි, නමුත් දිනෙන් දින මිල පහල යන කොටසකට ඔබේ සල්ලි යෙදවීම ගැන දෙවරක් සිතාබලන්න, වෙන ලාබලබන්න පුලුවන් කොටසකට ඒ සල්ලි යෙදෙව්වොත් ඊට වඩා ලාබයක් ගන්න පුලුවන්.

    කොටස් වෙලදපල 3 වනි කොටසින් චාට් ඇනලයිස් කිරීම් සහ bear market වෙතින් ලාබ ලබාගැනීමට පුලුවන් විදි ගැන කතාකරන්න බලාපොරොත්තුවෙනව.

    ඔබ සැමට ජය වේවා !!
    .....
    ©Thief
    සියලුම හිමිකම් ඇවිරිණි
    අවසරයකින් තොරව වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්
    මෙහි පලකර ඇති ඡායාරූප සියල්ලේ අයිතිය මා සතුවන අතරන
    http://www.investopedia.com/ වෙතින් EPS, NAV සමීකරන උපුටාගන්නා ලදි
    www.elakiri.com
    Disclaimer
    2011 ජූලි 16 වෙනදා වන විට පවතින නීති රීති වලට අදාලවයි මේ ලිපිය ලියා තියෙන්නෙ, නීති රීති වෙනස්වීම්වලදී මෙම ලිපියේ යම් කරුනු වෙනස් වන්නට ඉඩ ඇත, කොටස්වෙලදපොල ආයෝජනයකිරීමේදී වන ලාබ අලාබ කිසිවකට මෙම ලිපියේ අයිතිකරු වගකියනු නොලැබේ !!

    a good Explanation I have ever seen!!!!11:yes:;)
    Rep+ KIT;)
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මචන් orders place කරන්න දවසේ ගනුදෙනු සිදුවෙන ඕනෙම වෙලාවක පුලුවන්ද?උදේ market 1 open කරන්න කලින් orders karanna kiyala neethiyak nane?

    Ehema awulak nea ban. market eka PRE-OPEN welaawe indala orders market eka CLOSE(2.30pm) karana welaawa wenakan onama welaawaka karanda puluvan.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් පින්තුර නැ නේ බගයක් එල ත්‍රඩ් එක මම වැඩෙට පහින්න කලින් clear එකක් ගන්න දගලනවා PDF කරා නම් නියමයි ඔබතුමා මේ පින්තුරත් එක්කම
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    meke photos penne ne
    aneka awurudu 5kata kalin dapu ekak
    kawuru hari pinwathek meka danata galapena widihata danawada