Strange story..

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Holman Kathawak

    ඔන්න මම උඹලට අමුතුම සීන් එකක් කියන්න හදන්නෙ.. මේ කතාව පටන් ගන්නේනම් දැනට අවුරුදු 8කට කලින් බදුල්ලෙන්. මේක කොයි තරම් දුරට විශ්වාස කරනවද කියන එකනම් උඹලට බාරයි.

    පොඩි දේටත් හිත ගැස්සෙන අය ඉන්නවනම් කියවන්න එපා.. :yes:
     
    Last edited:
    • Like
    Reactions: kites and Diego97

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    දවල් වෙලාවෙත් අහස හොදටම කළු කරලා...වැහි පොද සැරෙන් සැරේට වැටෙනවා........ දවල්ට කාල එහෙම… මම කොම් එකේ බරපතල වැඩක් කර කර හිටියේ..... වෙන කිසිම දෙකට අවදානයක් නොගිය තරම්... හරියට සිහිය නැති මිනිහෙක් වගේ...සිහිය අවේත් පොඩිම පොඩි සද්දයක් ඇහිලා....හරියට දොරක් වැහුන වගේ සද්දයක් ....සද්දේ ආවෙත් පල්ලෙහා තට්ටුවෙන්....මම තනියම ගෙදර ඉන්නේ දවල්ට ඒ නිසා පොඩි සද්දෙත් check කරලා බලන එක මගේ පුරුද්දක් වෙලා තියෙන්නේ...වැඩිය හිතන්න දෙයක් නැහැ මම ගියා පල්ලෙහට.....

    යන ගමන් මම කල්පනා කලේ වැහෙන්න මම ඇරලා තිබ්බ දොරවල් මොනාද කියල....ම්හ්හ්හ් එක දොරක් වත් ඇරිලා වැහෙන්න බැහැ ඉබේට.. මොකද ඔක්කොම එළියේ මිදුලට ඇරෙන දොරවල් lock කරලා තියෙද්දී ඇතුලේ කාමරේ දොරට අඩයක් තියලා තියෙන්නේ වැහෙන්නේ නැති වෙන්න....

    දොරවල් ඔක්කොම check කරලා බැලුවා....අලුත් දෙයක් උනා කියල පේන සලකුණක් වත් නැහැ...තවත් කාලේ නාස්ති කරන්නේ මොකටද මුකුත් වෙලත් නැත්තන් කියල හිතල.... බලන්න තියෙන ඔක්කොම බලල, check කරලා මම ආඉත් ආව මගේ වැඩේ කරන්න....

    හවස 4.15 ට අඉත් පල්ලෙහට ගිහින් tea එකක් එහෙම හදාගෙන... මගේ වැඩත් ටිකක් විතර ඉවර නිසා, පටන් ගත්තා internet බලන්න.... ටික වෙලාවකින් මට කුස්සියේ මොකක් නමුත් බිමට වැටෙනවා වගේ ඇහුන...මම ඉක්මනට ගියා පල්ලෙහට...කලින් සද්දයක් ඇහුන කියල මතකයක් වත් තිබුනේ නැහැ ඒ වෙනකන්....පල්ලෙහට යද්දී ඒක මතක් උනා වෙලාවටම... එකෙන් උනේ හිත ටිකක් ගැස්සිච්ච ඒකඉ...

    ටිකක් බය උනත්…. මම බය උනේ හොල්මනක් කියල හිතලා නම් නෙවෙඉ...මිනිහෙක් ඇතුලට ඇවිත්ද කියල හිතලඊ...ඉතින් සද්දේ සෝදිසි කරන්න කලින් අතට ගන්න බර දෙයක් බැලුවා පඩි බහින ගමන්ම... පඩි දිගේ තියල තිබුන බර වාස් එකක් අරන් ගියා හිමිට කුස්සියට....
    කුස්සියේ දොර ගාවදි නැවිල හොරෙන් වගේ ඔලුව දාලා බැලුවා ඇතුල ......මුහම්......කිසිම හැල හොල්මනක් නැහැ...මම ටක් ගල නැගිටලා light ඒක දැම්ම කුස්සියේ දොර ගාවම තියෙන.....මහ විසාල කුස්සියක් නෙවෙඉ පොඩි එකක්.... ඉතින් light ඒක දැම්මම කරුවල තැන් ඉතුරු වෙන්නේ නැහැ .....

    හ්ම්ම්ම්….. කිසි කෙනෙක් නැහැ...මහ වදයක් නේ මේක කියල හිත හිතම මම අඉත් උඩට ආව.... අඉත් බ්ලොග් කියවනවා ....ටික වෙලාවකින් සැරට වහින්න ගත්තා...current එකත් ගියා...හරි ශෝක් දැන් ඉතින් කරුවලේ උඩ බලන් ඉන්න තමඊ තියෙන්නේ කියල හිතත් හදාගෙන පහලට ඇවිත්, අඉත් වතාවක් ගෙදර අහුමුලු ටික check කරලා එහෙම mp3 යත් කනේ ගහගෙන, radio channel එකක් කරකවල අහන්න ගත්ත….. වහිනවා මදිවට current නැහැ.... අඩ අදුරේ ගිලිලා මමත් ඉස්සරහ මිදුලට වැස්ස වැටෙන හැටි බලන් සින්දුවක් අහනවා....

    බලපෑමක් නැතිවම ඇහැට මිදුල නොපෙනි වීදුරුවෙන් පිටි පස්සේ තියෙන කාමරේ අතුල පෙනුන මොහොතකට... වෙලාව හරියටම 06:04 .... එක පාරටම වගේ මම දැක්ක පිටිපස්සෙ කාමරේ ඉදන් ලා අළු පාට වලාවක් වගේ හෝ හෙවනැල්ලක් වගේ එකක් මගේ දිහාවට වේගෙන් අවා……. හෙනයක් වැදුන වගේ උඩ ගිහිල්ල පුටුවෙන් නැගිට්ටේ මම…. නැගිට්ට නෙවි විසි උනා කියන්න ඕනේ… මොකද මම නැවතුනේ බිත්තියක් ගාවටම ගිහින්…බලන් හිටිය ටික වෙලාවක් බිත්තියට හේත්තු වෙලා මොකාද ඒ අවේ කියල හිතාගන්න බැරුව….. එවෙලේ බඩට කටු අනිනවා වගේ දැනෙන්න ගත්ත... නිකන් පාවෙනවා වගෙත් දැනුන....මම බිත්තියට හේත්තු වෙලා හිටිය වෙලාව විනාඩි 5 කටත් වැඩි මම හිතන්නේ….අතපය අත පය හොදටම සිතල වෙලා හිරි වැටිලා වගේ ගිහින්…..
     
    • Like
    Reactions: Kudnadun

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    බලන් ඉදල ඉදල මුකුත් නොඋන තැන මගේම ඇස රැවටීමක් වෙන්න ඇති කියල හිතල වද කරලා බල කරලා හිතට දාගත්ත හොල්මනක් නෙවී මම දැක්කේ කියල…මම ආයිත් ඉදගත්ත පිටිපස්සෙ කාමරේ හොදට පේන පුටුවකින්...ඒ වෙනකොට current ඇවිත්.... මම වටේම තියෙන lights දාගෙන ඉදගෙන හිටියා ඇත්ටටම අඉත් මුකුත් වෙවි කියලා බලාපොරොත්තුවෙන්...... රෑ 7 විතර උනත් මුකුත්ම උනෙ නැහැ….

    ඒ සිද්දිය එහෙම්මම හිතට අමතක කරවල... කරන්න තියෙන වැඩත් ඉවර කරලා මම රෑ 10:30 ට විතර නිදා ගන්න ගියා …… නිදා ගන්න ගියාම අමතක කරලා හිටපු හවස උන සිද්දිය අයෙමත් මතක් වෙලා හිත ටිකක් ගැස්සිලා වගේ ගියා… ඊට පස්සේ මනුස්ස මොලේ තියෙන ආශ්චර්යමත් කමට මම දන්නා මුළු හොල්මන් ඉතිහාසේම මතක් වෙන්න ගත්ත .... එක මනස සෙලවෙමක් නිසා දැකපු දෙයක් මිසක් ඇත්ත නෙවි කියල ලෝකේ නැති තර්ක හිතෙන් කරලා හිත හදාගෙන, ඉතිපිසො ගාථාව කියල නිදා ගත්තා....එත් වැඩි වෙලාවකට නෙවි…..

    මහා පාන්දර ජාමේ…. එක පාරටම කාමරේ වහලා තිබුන දොර අරුණ.... Corridor එකට දල තියෙන dim light එකේ කහ පාට එලිය මගේ මුනට වැටුන ගමන් මාව ඇහැරුනා… එක පාරටම මම දැක්කේ අල්මාරිය ගව හිටන් ඉන්න උස මිනිහෙක්... මිනිහෙක් කිවුවට එක නිකන් කළු චායාවක් වගේ එකක්….ලොකු කළු ලොගුවක් වගේ මම දැක්කේ…මුළු ඇගටම ඊයම් වක් කරලා වගේ බර ගතියක් දැනුනා ඒ වෙලේ … මට හෙලවෙන්න වත් බැරි ගතියක් තිබුනේ... උගුර කට වේලිලා ගිහින් එකට එක ඇලවිලා වගේ….. කෙල පොදක් වත් ගිල ගන්න බැරුව ගල් වෙලා මම ඒ චයාව දිහාම බලන් හිටියා …..එ වෙලවෙ මට හිතුනෙ එ චායාවත් මන් දිහාම බලන් හිටිය කියල…. Fan එකේන් එන හුළගේ වේගේ වැඩි උනා වගේ මට දැනුන..... එකෙන් එන හුලන් වලින් හිම වැටෙනවා වගේ මුළු කාමරේම cool වෙලා... පුදුම සීතලක්!

    මොහොතකට වෙලාවත් නැවතුනද කියල මට හිතුන... මම කොතරම් වෙලා බලන් හිටියද කියල හිතා ගන්න බැහැ ... නිකන් කල්පයක් ගියා වගේ එවෙලේ නම් .... මොහොතක්ද පැයක්ද මන්ද ගත උනාට පස්සේ අල්මාරිය ගාවින් නොපෙනී ගියා ඒ රූපේ... එකපාරටම දඩාස්! දොර වැහුන….. දෙවෙනි පාරටත් හෙනයක් වැදුන වගේ ඇදෙන් පැන්න මම නැවතුනේ කාමරේ අනිත් කොනේ බිත්තිය ගාව…. ටික වෙලාවක් යනකන් මට කරන්න දෙයක් හිතා ගන්න බැරි උන මම අල්මාරිය දිහාම බලන් හිටියා ගොඩක් වෙලා......... ඇදට එහා පැත්තේ තියෙන බිත්තියේ ඇනයකින් එල්ලිලා ඉන්න ඔරලෝසුවේ කටු වල සද්දේ කන ලග ඇහෙනවා වගේ….. වෙලාව බලන්න මතක් උනෙත් එතකොට….. හරියටම පාන්දර 03:06!

    මීට අඋරුදු කීපයකට කලින් පුදුම ආසාවකින් කිහිප පාරක්ම බලපු හොල්මන් film එකකත් පාන්දර 3 ට හොල්මන් කරන්න පටන් ගන්නවා මතක් උනා වෙලාවටම... ටිකක් කල්පනා කල සිද්දිය මුල ඉදන්ම.... දොර ඇරෙන්න පුළුවන් ද ඉබේටම.... ඊටත් අර තරම් වේගෙන් වැහෙන්න පුලුවන්ද හේතුවක් නැතිව.... හ්ම්ම්ම් දැන් නම් sure හොමනක් තමඊ අවේ කියල....

    කොච්ච‍ර බය උනත් හිත හදාගෙන ගිහින් දොර ටිකක් ඇරලා බැලුව....පල්ලෙහාට ගිහින් බලනවද නැද්ද කියල හිතල නිකන් නුල් දාගන්න ඕනේ නැහැනේ කියල හිතල දොර lock කරගෙන ඇදට අවා ...නින්ද යනකන්ම එක එක විකාර හිතල හිතල…… අන්තිමට ඉතිපිසෝ ගාථාව ඇස් පියවෙනකන්ම හිතෙන් කියා කියා ඉදල… නින්ද ගිහින් මට...!

    උදේ නැගිට්ට ගමන් මතක් උනේ ඕක ...මම දොර ඉබේ වැහෙන්න ඇරෙන්න පුලුවන්ද කියල ටිකක් ටෙස්ට් කරලා බැලුව.... ම්හ්ම් එහෙම වෙන්න කිසිම ක්‍රමයක් නැහැ...ඉතින් වෙන්න ඇත්තේ හොල්මනක් ආපු එක තමඊ කියල ප්‍රත්‍යක්ෂ කරගෙන…. හොල්මන් වලක් වන්න කරන්න තියෙන දේවල් මොනාද කියල මතක් කරගෙන….( කියවපු පොත් පත් වල තිබුන දේවල් තමඊ... වැඩි දෙයක් නැහැ… එත් ඒවා ඉතාම නිවැරදි.....ඒ දේවල් නිතර දෙවේලේ නොකරන නිසා ගෙවල් වල ක්‍රියා විරහිත වෙලා තියෙන අත්භූත බලවේග ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා කියන එක මේ සිද්දියෙන් මම ඉගෙන ගත්ත හොදම පාඩමඊ යාලුවනේ....!) මම දන්නා දේවල් ඇරුනම අනිත් අය දන්න දේවල් අහල දැනගෙන….ඒ පිළියම් ටික කරලා දැම්ම අනිත් වැඩ ඔක්කොම නවත්තල එදා දවසෙම මහන්සි වෙලා…..!

    ඔන්න එදින් පස්සේ නම් පෙරේදා (11/21) වෙනකන් හොල්මන් කරදර අවේ නැහැ මට (මම බලෙන් බය උන ඒවා ඇරෙන්න)..... නිදා ගන්න, බාත්රූම් එකට යන්න වගේම current යන හැම වාරයක්ම හිත ගැස්සෙන එක නම් මාව ඇත ඇරියේ මෙ සිද්දිය වෙලත් මාසයක් විතර ගියාට පස්සේ....!
     
    • Like
    Reactions: MiyuB

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ මේ සෑරේ නම් ඔක්කොම ටයිෆ් කරගෙන. කලින් සෑරෙ හොල්මන් කතාවක් දාන ගියාම පලවෙනි වාක්‍ය විතරයිනෙ පොස්ට් වෙලා තිබුනෙ
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උදේ ඉදන් විවේකයක් නැතිව වැස්ස වැටුන දවසක්.... බහුතරයක් අපි වැඩ පටන් ගන්නේ 'සදුදා කියන්නේ මහා එපා කරපු දවසක්' ගානට දාල නේ…. වැස්සත් නිසා මටත් තවත් එපාම උන දවසක් උනා... ඇග හිරිවැටෙන සීතල…. ගෙදර වැඩ ටික ඉවර කරලා.. උදේට කාල …. හිත සැනසෙන්නත් එක්ක හොද රස්නෙට ලොකු කොපි කෝප්පයක් හදාගෙන උඩට ඇවිත් ,වේග රිද්ද්ම සින්දු ටිකක් තෝරලා දාගත්ත…. ඇහෙන නැහෙන ගානට… වදෙන් පොරෙන් වටා පිටාව ලෑස්ති කරගෙන පටන් ගත්තා වැඩ ටික කරන්න…..

    8:15 ඉ වෙලාව.... ආපු call එකත් answer කරලා...මම අයෙත් වැඩ....තවත් පැයක් වගේ කාලයක් ගත වෙන්න ඇති........ මට ඇහැ කොනෙන් පේනවා බාත්රූම් එකේ දොර ඇරෙනවා වගේ….. තිබුන සිතල double වෙලා ගිහින් මාව හිරිවැටිලා ගියා එක දැකල......උඩට ගත්ත හුස්මත් අල්ලගෙනම බෙල්ල කරකවල බැලුව මොකද්ද උනේ කියලා....දැකපු දේ හරි…. බලන් ඉදිද්දිම බාත්රූම් එකේ දොර ඇරෙනවා.... Lock කරලා තිබ්බ දොරෙන් බාගයක්ම කිසිම සද්දයක් නැතිව ඇරුන!
    එකත් කලින් දා රැකදී උනා වගේ ඉබේ ඇරිලා ඉබේ වැහෙනකන්ද මන්ද මම බලන් හිටියා ඒ දිහා ....මුකුත් උනේ නැහැ......ටිකක් බලන් ඉදලා මම නැගිට්ට දොර වහල එන්න ... දොරට අඩි 4 ක් විතර තියෙද්දී ....
    දඩාස්!!!
    කන ළග බෝම්බයක් පිපුරුව වගේ මහා සද්දෙන් දොර වැහුන... දොර වැහුන සද්දේ කන ඇතුලේන් දෝන් කාර දෙද්දී මාව විසි වෙලා වගේ ගිහින් බිම ඉන්ද උනා...... මගේ හර්දය වස්තුව කටින් එන්න තරම් වේගෙන් ගැහෙන්න ගත්තා එවෙලේ.... දොර ගලවල මට ගැහුවා වගේ බිම වැටිලා දොර දිහාම බලන් හිටියා මම.....

    එහෙම විනාඩි කීපයක් ඉන්න ඇති…. හොද සිහිය එනකොට මොළේත් පැදුන වගේ….. මට හිතුන මම බලෙන් බය උනාද මන්ද කියලා...කොහොමත් මේදවස් වල බය වෙන්න ticket අරන් වගේ නේ ඉන්නේ..... මහා වැස්සක් වැටෙන වෙලේ ලාවට හුළං එන්න විදියක් නැහැනේ..... මට හිතුන මේක හුළගට තමඊ ඇරෙන්න වගේම වැහෙන්නත් අත්තේ කියලා... හ්ම්ම්ම් ඇති යාන්තන් වෙන මංගල්ලයක් නොවී එකත් හුළගක් උන එක හොදඊ කියලා හිතාගෙන බිත්තියක් අල්ලන් නැගිටලා.... බාත්රූම් දොර ඇරලා බලල දොර lock කරලා දැම්ම ...අයෙත් සුළි සුළගක් ආවත් ඇරෙන්න බැරි වෙන්න..... ! හිතත් නිදහස් කරගෙන ආඉත් වැඩ පටන් ගන්න ඉදගත්තා….

    තවත් පැයක් හමාරක් ගත වෙලා… 10:32 වෙලාව…. තව කොපි උගුරක් බොන්න හදනකොට දැක්කේ එකත් අඩියටම ඉවර වෙලා.... පහලට බැස්ස කොපි කෝප්පයක් හදාගෙන එන්න ... කේතලේ plug කරලා වතුර උණු වෙනකන්, මහ දොර ඇරන් ආලින්දයට ගිහින් ඉදගෙන එලිය බලාගෙන හිටියා....
    සැරට වැහි වැටෙනවා ...වැස්ස අතරින් ලාවට පේනවා යෝධ උණ පදුරේ අතු බිමටම නැවිලා වතුර කැට වල බරට...... ලා අළුපාට පරිසරය දිහා බලන් හිටියත් නිදි මතඉ වගේ…. එකපාරටම හිරිකඩත් එකතු කරන් වේගෙන් ආපු හුළගක් නිසා උන්නු තැනින් නැගිට්ටුනා මාව…. නිකන් ice වතුර එකකින් ගැහුවා වගේ…. බාගෙට තෙමුනා ඒ ටිකට.... සුළු මොහොතකින් 2 වෙනි පාරටත් මාවම එල්ල කරගෙන වගේ ආපු සීතල හුළග ඇගේ වැදිලා මාව වෙවුලලා ගියා….... මෙච්චර වෙලා උණුසුමට ඇදන් හිටපු ඇදුම් හිල් වෙලා ගිහින් වගේ….…. තවත් හිරිකඩ වලට අහු නොවී ඇගට වැටුන වැහිබිඳුත් ගසල දාලා… ice වෙච්ච අත් දෙකට පිබ පිබ දොරත් වහ ගෙන මම ගෙට අවා.... දොර වහන ගමන් මට හිතුනේ හුළගේ වේගේ වැඩි උනාද කියලා එක පාරටම! දොර වහල හැරෙන කොටම.... මේ මොකද්ද! …..

    ලණු කැල්ලක් ??

    අලුත් කොහු ලණු කැල්ලක් අඩියක් විතර දිග... ...... සලේට කොහෙන්ද ලණු කැල්ලක් අවේ?...... උදේ අතු ගාලා කරලා තිබුන ගේ…. දොර ඇරගෙන එලියට යද්දී මේක මග ඇරුනේ කොහොමද?...... ….. දැන් දොර ඇරපු වෙලේ හුළගත් එක්ක ගෙට වැදුන වත්ද? ….
    හ්ම්ම්ම්ම්….. මම ලණු කැල්ල අතට අරන් බැලුවා....තෙමිලත් නැහැ.... එළියෙන් අවෙත් නැත්තන් මේක අවේ කොහෙන්ද?

    ටිකක් වෙලා බලන් හිටියා... මොකද්ද මීලගට මම කරන්නේ ....කරන්න දෙයක් නැහැ..... Address එක ලණු කෑල්ලෙන් අහන්න කියලද.... ලණු කැල්ල අදාළ තැනට ගෙනිහින් දානකන්, කුස්සියේ කබඩ් එකක් ඇතුලට දාල වහලා කොපි එකත් හදාගෙන උඩට අවා....
    උඩට ඇවිල්ලත් මම කල්පනා කලේ.. කොහොමද ලණු කැල්ලක් ගේ මැද වැටුනේ කියල... දැන් ඉතින් ඕක ඔලුව කණපිට හැරෙඋවත් මතක් නොවෙන දෙයක් නේ කියල මතක් වෙලා මගේ වැඩේ කරන්න ගත්ත....

    තවත් පැයක් හමාරක් ගතවෙද්දී .... වට පිටේ ඔක්කොම අමතක වෙලා ගිහින්…. කරන වැඩේ ඔලුව පුරා දුවද්දී..... හදිස්සියේම මේ ලෝකෙට පහත් වෙච්ච මගේ සිහිය නිසා ලාවට වගේ මම යමක් දැක්ක….
    මම දැක්ක දේ එකපාරටම මොකද්ද කියලා තෝර බේර ගන්න මට බැරි උනා……මම බලන් ඉන්නේ මොකක් දිහාද? දෙඉයනේ මේ මොකද්ද මේ .....!!

    ලණු කැල්ල!!!

    පුටුවේ ඉදගෙනම ඇස් එළියට පනින්න වගේ පුදුමෙන් මම බලන් උන්නේ කාමරේ ඇතුලේ දොරේ එල්ලලා තියෙන තියෙන ලණු කැල්ල දිහා....! මොන ලෝකෙන්ද මේ කෙහෙල් මල මෙතනට අවේ? මට ඇති උනේ හිතලා ඉවර කරන්න බැරි ප්‍රශ්නයක්….එත් එක්කම අමුතුම බයක්...! කවුරු හරි මන් දිහා පිටිපස්සෙන් එබිලා ඉදන් බලන් ඉන්නවා වගේ හැගීමක් මගේ හිතට කාන්ඳු වෙන්න ගත්තා…. හිත ගැහෙන වේගේ ටික ටික වැඩි වෙනවා දැනුන මට…..!

    මම පුටුවෙන් නැගිට්ටේ සිහියෙන්ද කියලවත් මට මතක නැහැ ....ඉක්මනට ගිහින් ලණු කැල්ල ඇදල ගත්ත මම ඒක අතට ගුලි කර ගන්න ගමන් කෙලින්ම ගියේ balcony එකට ඇරෙන දොර ගාවට...දොර ඇරගෙන එලියට දුවලා ලණු කැල්ල විසි කලේ සර්පයෙක් අල්ලන් හිටිය වගේ වේගෙන්.... කොහාටද වැටුනේ කියලවත් බලන්න ඉන්නේ නැතිව ගියපු වේගෙන්ම දොරත් වහගෙන කාමරේට ආවා...

    ඇවිත් පුටුවට වැටුනේ මහා බරක් ඔලුවෙන් අඉන් කලා වගේ හැගීමකින්.... මොකද්ද දැන් මම කරන්නේ කියලා දස අතේ කල්පනා කලා ....හිතලා හිතලාම මගේ ඔලුවපොඩි උන් ඇදපු බලියක් වගේ වෙලා අන්තිමට....මම com table එකට ඔලුව තියාගෙන ටිකක් හිටියා.... මොකද්ද මේ වෙන්නේ කියලා අමුතුවෙන් මට මතක් කරලා දෙන්න කෙනෙක් අවශ්‍ය නැති එකේ…. මේ වෙන දේවල් එක්ක මට ඇති උනේ පුදුම කේන්තියක්... පුදුම බයක්….!

    බයට වඩා කේන්තිය ඉස්සර කරගෙන හිතට ආපු අදහසක් ක්‍රියාත්මක කරන්න මම පුටුව තල්ලු කරලා නැගිටලා පහළට ගියා....Rack එකෙන් කුඩයක් අරගෙන එලියට ගිහින් ලණු කැල්ල විසිකරපු තැන බිම වටේම හෙවුවා....... ලණු කැල්ල මල් ගහක් මුල වැටිලා තිබුනා… ඒක අහුලගෙන එළියෙන්ම අයුධ කාමරේ පැත්තට ගියා…. කුණු ගිනි තියන්න එළියෙන් අරන් තියලා තියෙන භූමිතෙල් ලිටරෙන් බාගයක්ම හැලුව ලණු කෑල්ලට...ගිහිකුරු 20 ක් විතර ගහල එකක් පත්තු කරගෙන ගිනි තියලා දැම්ම...හරියට පන තියෙන දෙයක් ගිනි තිබ්බ වගේ හැගීමකින්...වේගෙකින්.... කළු දුමාරයකුත් එක්ක ලණු කැල්ල පිච්ච්චුනේ මගේ බයත් එකතු කරගෙන වගේ..... ඒක අලුවෙලා යනකන්ම එතන ඉදලා ගෙට අවේ යුද්ධයක් දින්නා වගේ හැගීමක් එක්ක මම...

    ගෙට ඇවිත් වාඩි වෙලා ටිකක් වෙලා හිටියා හිතට ඉබාගාතේ යන්න ඇරලා..... හිත ඇතුලෙන් ඒක දිගටම මට ඇහෙන ගත්ත "බය නැති කරගන්න නම් බයට මුණ දෙන්න " මම කොහෙන් හරි අහල තිබුන දෙයක් ඒක .... එදා මම පුටුවෙන් නැගිට්ටේ අයෙත් මේ ගෙදර මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා හැගීමත් එක්ක....!

    පෙර විදියටම කරන්න තියෙන දේවල් කරලා ගේම cleanse කලා....තාමත් මුකුත් වෙනසක් උනේ නැහැ .... අයෙත් ඒ බලවේග අහබු ලෙස එළියට එන්නත් ඉඩ තියෙනවා....නැත්තන් යටපත් වෙලා බලන් ඉන්නවා එළියට එන්න අවස්ථාවක් එනකන්....!!!

    මුලින්ම මේ හොල්මන් අවතාර ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න හේතුව දැන ගන්න මගේම මතකයන් ඇසුරෙන් මම research එකක් කලා, ..... මම දැන් මුණ දීල තියෙන තත්වේ ප්‍රසාරණය වෙන්න කෙසේවෙතත් ආරම්භ වෙන්න මුලික වෙන්න ඇති කියලා මට හිතෙන සිද්දි කීපයක් තියෙනවා... මේ ඔක්කොම සිද්දි වලට මුලික උන තැන.... අපි ‘දුන්හිද ඇල්ල බලන්න ගිය ගමන’ කියල මම දන්නවා ....



    මතු සම්භන්දයි.... :shocked:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    avatar462665_1.gif


    budu ammooooooooooo :D